IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සාක්ෂිවලින් හෙළිවන කතාව

ඩිකී ද සොයිසා බුද්ධරක්ඛිත සමීපව ඇසුරු කළ අයකු වූ අතර දිවංගත අගමැතිවරයාගේ දීර්ඝ කාලයක පටන් මිත්‍රයකු වූයේය. ඔහු එවකට මුදල් අමාත්‍ය ස්ටැන්ලි ද සොයිසාගේ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි ද සොයිසා යන දෙදෙනාගේම වැඩිමල් සොයුරා වූයේය. ඔහු බුද්ධරක්ඛිතගේ සොයුරාගේ අසාර්ථකත්වයට පත් නැව් සමාගමට හවුල්වී 1958 එය අගමැතිවරයා විසින් ප්‍රතික්ෂේප කළ විට ඔහු හා උරණ වූ බව පෙනි ගියේය. 

එහෙත් ඔහුට එරෙහිව පිළිගත හැකි සාක්ෂි නොතිබිණි. විනිසුරු අලස්ගේ පොතේ ඔහු අත්අඩංගුවට ගැනීමේ සැඟවුණු අරුත කියවෙන පහත ජේදය ඇතුළත් කොට තිබිණි. 

‘‘ඝාතන සිද්ධිය නිසා ඇඟවෙන දේශපාලන මතවාද අනුව විශේෂයෙන් දේශපාලකයන් ඇතුළු ඒ සම්බන්ධව උනන්දුව දක්වන පාර්ශ්ව පොලිස් විමර්ශනවලට මැදිහත්වීම වැළැක්විය නොහැක්කකි. ඩිකී ද සොයිසා අත්අඩංගුවට ගැනීමට පොලිසියට බල කෙරුණු අතර එය නියත වශයෙන්ම ඔහුගේ සොයුරු මුදල් අමාත්‍යවරයාගේ සිත් තැවුලට හේතු වූවා විය හැකිය.

කෙසේ වුව ද පොලිසියේ මතය වූයේ ඔහුට විරුද්ධව ඇති පිළිගත හැකි සාක්ෂි ප්‍රමාණවත් නොවන බවත් ඒ මත ඔහු අත්අඩංගුවට ගැනීමට බලය ලබා ගැනීම අසීරු බවත්ය. එහෙත්  විශේෂයෙන් ඇතැම් ඇමතිවරුන්ගේ බලපෑම මත පොලිස්පතිවරයා සහකාර පොලිස් අධිකාරි අයියර් හටද ඩිකී ද සොයිසා අත්අඩංගුවට ගැනීම උදෙසා ලිඛිත නියෝගයක් නිකුත් කළේය. 1954 නොවැම්බර් මාසයේ අයියර් ඩිකී ද සොයිසා අත්අඩංගුවට ගත්තේ පැමිණිල්ල ගොනු කිරීමටත් පෙරාතුවයි. කිසිම විටෙක ඔහුට එරෙහිව චෝදනා ගොනුකොට නොතිබුණු බැවින් ඔහු උසාවි ගෙන ගොස් නිදහස් කරනු ලැබීය.

අලස් - 158 පිටුව 
නඩුවට ඩිකී ද සොයිසාගේ සම්බන්ධය වූයේ සෝමාරාම විසින් 1959 නොවැ. 14 වැනිදා කරන ලද පාපොච්චාරණයේ දී ඔහුගේ නම සඳහන් කිරීම යන එකම හේතුව නිසාය. ඊට දින 5 කට පසුව නොවැ. 19 වැනිදා ඔහුව අත්අඩංගුවට ගැනුණි. වැදගත් නොවන සුළු චරිතයක් ලෙස එයට නම ඇදුන ද සොයිසා ඊට හවුල් වී ඇත්තේ මැන්දැයි අයකුට අනුමාන කළ හැකිවේ. ඔහු මෙයට හවුල් බවට​ චෝදනා එල්ලවීම හේතු කොටගෙන ඇතිවූ දේශපාලන බලපෑම් හේතුවෙන් මුදල් අමාත්‍යවරයාට කල්තියා ඉල්ලා අස්වන්නට සිදු වූයේය. සෝමාරාමගේ පාපොච්චාරණය අදාල වූයේ ඉන් පසුවය. 

ඝාතනයෙන් අනතුරුව මහජන එක්සත් පෙරමුණ රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විමලා විජේවර්ධනට විශ්‍රාම ගන්නට සිදු වූයේය. ඇය බුද්ධරක්ඛිත සමග කුළුපග ඇසුරක් පවත්වාගෙන ගිය බව ප්‍රසිද්ධියට පත්ව තිබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති නඩු විභාගයට ඉදිරිපත් වුණු සාක්ෂි බොහෝවකින් ඔහු කොළඹ දී පැවැත්වූ ඔහුගේ පෞද්ගලික හා දේශපාලන සාකච්ඡා ඇයගේ නිවෙසේ දී කළ බව පැහැදිලි වූයේය. එය ඔහුගේ කොළඹ කාර්යාලය ලෙස භාවිතයට ගැනුණි. ද සොයිසා අත්අඩංගුවට ගත් දිනයේම ඇයව අත්අඩංගුවට ගත් නමුත් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතු කොටගෙන ඇයව මහේස්ත්‍රාත්වරයා විසින් නිදහස් කරන ලදී. 

කරෝලිස් අමරසිංහ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ පැමිණිලි පක්ෂයේ වඩාත් වැදගත් පළමු සාක්ෂිකරුවා බවට පත්වූයේය. ආයුර්වේද වෛද්‍යවරයකු වූ ඔහු සත්දරු පියකු වූ අතර ජයවර්ධනගේ පවුලේ වෛද්‍යවරයා ද වූයේය. කොළොන්නාව නගර සභාවේ සභාපතිවරයා ද වූ ඔහු අගමැතිවරයාගේ ප්‍රධාන පෙළේ ආධාරකරුවකු වූයේය. දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය හරහා ඔහු බුද්ධරක්ඛිත සමග සමීප ඇසුරක් පවත්වා ගත්තේය. 

1959 ඔක්තෝබර් 15 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ අමරසිංහ කුමන්ත්‍රණයේ හවුල්කරුවකු ලෙස දිගින් දිගටම සැලකුණේය. අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු පොලිසියට කටඋත්තර 3ක් දී තිබුණ ද කුමන්ත්‍රණ කළේ යැයි චෝදනා ලැබුවන් පිළිබඳව කිසිවක් කියා තිබුණේ නැත.

එහෙත් ඔහු අත්අඩංගුවට ගෙන සතියක් ගත වූ පසු ඔක්තෝබර් 21 වැනිදා චූදිතයන් විසින් ඔහුගේ නිවසේ සැලසුම් කරමින් පැවැත්වූ රහස් සාකච්ඡා කිහිපයක් පිළිබඳව වැදගත් විස්තරයක් හෙළිදරව් කළේය. ඊට පසුදිනම ඔහු සාක්ෂි නීතිය යටතේ වැදගත් වන සාක්ෂියක් ලෙස මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් කළේය. පැමිණිල්ලේ වාසිය වෙනුවෙන් ඔහුට පැමිණිල්ල විසින් කොන්දේසි සහිත සමාවක් පිරිනැමුණේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දෙන පොරොන්දුව පිටය. මහේස්ත්‍රාත් පරීක්ෂණය අතර මැද දී 1960 ජනවාරි 12 වැනිදා ඔහු නිල වශයෙන් රජයේ සාක්කිකරුවකු බවට පත් කෙරිණි.

ඔහුට දෙන සමාව ඔහු දෙන සාක්ෂිමත තීරණය වන නිසා 1961 ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව පැවැත්වෙන කාලය තුළ පවා ඔහුව තබා ගන්නා ලද්දේ රිමාන්ඩ් භාරයේය. ඔහුව උසාවි ගෙන ගියේ බණ්ධනාගාර නියාමකයන් භාරයේය. එවකට සිටි මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරී ආර්.ජේ.එන්. ​ජෝර්දාන් මහතා 2008 ලියූ ලිපියක අමරසිංහ සිය ප්‍රකාශය දීමට පෙර ඔහු සිටි මානසිකත්වය විස්තර කෙරෙන වැදගත් කරුණු කිහිපයක් සඳහන් වේ. 

‘‘ටික දිනක් රිමාන්ඩ් භාරයේ ගතකළ සැකකාර වෛද්‍ය අමරසිංහ තමාට පාලනය කර ගත නොහැකි අයුරින් පාචනය සිදුවන බව ඔහු සිටි ස්ථානයේ (සිරකුටියේ) දෛනික පරීක්ෂාවට ගිය මා හට දන්වා සිටියේය. ඔහුට ප්‍රතිකාර කළ බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි වෛද්‍ය බී.ටී. ජයසේකර මට කියා සිටියේ එය භීතියට පත්වූ තත්ත්වය යටතේ සිදුවන්නක් බවත් ඖෂධ වලින් පමණක් එය නවතාලිය නොහැකි බවත්ය.’’ 

එම ප්‍රකාශයෙන් හදිසියේ එළියට පැමිණි තොරතුරු බලයෙන් ලබා ගත්තේ ද යන ප්‍රශ්නය මෙහි දී මතුවේ. 
සැකකරුවන් වාසිය තකා රජයේ සාක්ෂිකරුවන් බවට පත්කොට දඬුවමෙන් මුදවා ලීම එකල සුළභ උපක්‍රමයක් බවට පත්ව තිබිණි. 1949 ටර්ෆ් ක්ලබ් මංකොල්ලය, 1951 සතාසිවම් මිනී මැරුම් ආදී සංවේ දී නඩුවල දී එම උපක්‍රමය යොදා ගැනුණේය. නිව්ටන් පෙරේරා වෙනුවෙන් පෙනී සිට නීතිඥවරයා අමරසිංහහ ගෙන් ප්‍රශ්න අසන අවස්ථාවේ සමාව පිරිනැමීමේ කොන්දේසි සම්බන්ධයෙන් අමරසිංහ හා නිව්ටන් පෙරේරා අතර සාකච්ඡාවක් පැවැත්වුණු බව තහවුරු වූයේය. එසේ සිදුව ඇත්තේ අමරසිංහට නිල වශයෙන් කොන්දේසි මත සමාව පිරිනැමීමට සති තුනකට පෙරාතුවයි. ඒ දෙදෙනා මැගසින් බන්ධනාගාරයේ රඳවා තිබූ අවස්ථාවේය. ඔක්. 22 අත්අඩංගුවට පත් වූ ​පෙරේරා ද රජයේ සාක්ෂිකරුවකු ලෙස සැළකෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබුණ මුත්, නොදන්නා හේතුවක් නිසා එසේ සිදු නොවූයේය. 

පුළුල් පරාසයක පැතිරුණු අමරසිංහගේ ප්‍රකාශයේ දී ඝාතනයට සති හයකට පෙර ඔහුගේ නිවසේ පැවැත්වූ රැස්වීම් කිහිපයක් පිළිබඳ කරුණු විස්තර කර තිබුණි. ඒ සෝමාරාම සම්බන්ධයෙනි. එහිදී වෙඩි තැබීම පුහුණුවීම ගැන බුද්ධරක්ඛිත කතා කළ බව කියමිනි. පෙරේරා පුහුණුකරු ලෙස ක්‍රියාකරන අතරතුර සෝමාරාම ඊට හවුල් වේ යැයි අනුමත කෙරිණි. බුද්ධරක්ඛිතගේ සියලුම රැස්වීම් පාහේ ඔහුගේ විශ්වාසවන්ත හවුල්කාරය වූ විමලා වජේවර්ධන ගේ නිවසේ පැවැත්වීම හා එය තම ජීවිතයේ වඩාත් බැරෑරුම් තීරණයක් බවට පත් වූ විට ඔහු අමරසිංහගේ නිවස ඊට තෝරා ගැනීමත් වඩාත් අසාමාන්‍ය වූවකි. විශේෂයෙන් අමරසිංහ කී පරිදි ඔහු කුමන්ත්‍රණයේ හවුල්කරුවකු නොවූයේ නම් එය වඩාත් අසාමාන්‍ය තත්ත්වයකි.

බුද්ධරක්ඛිත, ජයවර්ධන හා සෝමාරාම ඔහුගේ නිවසට පළමු වරට (නිව්ටන් පෙරේරා කී පරිදි අගෝ. 14 වැනිදා) පැමිණියේය. පෙරේරා ගෙන් සති කිහිපයකට පෙර බුද්ධරක්ඛිතගේ පෞද්ගලික ආරක්ෂාව උදෙසා රිවෝල්වරයක් හා උණ්ඩ කිහිපයක් ලබා ගත් බව කියමිණි. එම උණ්ඩ පත්තු නොවන බව බුද්ධරක්ඛිත පසුව කියා සිටියේය. වඩා හොඳ උණ්ඩ සපයන ලෙස කියමින් පෙරේරා හට යම් මුදලක් දුන් බුද්ධරක්ඛිත කාර් රථය ලබා දෙන ලෙස අමරසිංහට කීවේය. විනාඩි කිහිපයකට පසුව පෙරේරා පිටත්ව ගියේය. බුද්ධරක්ඛිත හා සම්බන්ධ වන ලෙස පෙරේරා හට පණිවිඩයක් තැබූ අනෙක් අයද නික්ම ගියේය. පසුව පෙරේරා නොමැතිව කාර් රථය ආපසු එවනු ලැබුවේය. 

දින දෙකක් ඉකුත්ව ගිය පසු සවස් වරුවක එම සිව් දෙනාම වෙන වෙනම පැමිණියහ. පොලිස් නිළ ඇඳුමෙන් සැරසී සිටි පෙරේරා පොලිස් නිල රථයකින් පැමිණ නිවසින් බැස්සේය. බුද්ධරක්ඛිත නැවත වරක් පෙරේරාට කාර් රථය ලබා දෙන ලෙස අමරසිංහට කීවේය.

එයින් නික්ම ගිය පෙරේරා නැවත ජාතික ඇඳුමෙන් සැරසී පැමිණියේය. එම අමුත්තන් ඉක්මනින් පිටත්ව යාමට සැරසෙන විට ඔහුන් යන්නේ කොහේදැයි අමරසිංහ ඇසුවේය. ඔවුන් මුතුරාජවෙල දිහා වෙඩි තැබීම් පුහුණුවක් උදෙසා යන බව කියා තිබේ. 1959 කාලයේ මුතුරාජවෙල කිසිවකු පදිංචි නොවු වගුරු ප්‍රදේශයකි. එය පිහිටියේ කොළඹට සැතපුම් කිහිපයක් උතුරෙනි. අමරසිංහට ඔවුන් සමග එන ලෙස ඇරයුම් කළත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබේ. 

ඉන් පසු තවත් දින දෙකක් උදයේ සෝමාරාම තනිවම පැමිණියේය. ඔහු සමීප මිත්‍රයකු නොවු අතර ඉන් පෙර තනිවම පැමිණ තිබුණේ නැත. වෙඩි තැබීමේ පුහුණුව පිළිබඳව විමසූ විට එසේ කරනුයේ අගමැතිවරයා මරා දැමීම සඳහා බව සෝමාරාම ඍජුවම කීවේය. එවැනි භයානක කර්තව්‍යයක් තම නිවසේ සාකච්ඡා කිරීම ගැන බියපත් වූ අමරසිංහ තව දුරටත් ඔවුන් තම නිවසට නොආ යුතු බව සෝමාරාමට කීවේය. එවිටම වාගේ පැමිණි ජයවර්ධන හා බුද්ධ රක්ඛිත සෝමාරාමව ඉවත ගෙන ගියේය. සියල්ල මෙසේ සිදු වූ බව කීව ද මේ ගැන කෙළින්ම පොලීසියට පවසා තමා අතිශයන්ම අගය කළ අගමැතිවරයාගේ ජීවිතය බේරා නොගන්නේ ඇයි ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට අමරසිංහට නොහැකි විය. 

නිව්ටන් පෙරේරා සිය සාක්ෂියේ දී අගෝස්තු 14 වැනිදා අමරසිංහගේ නිවසට ගිය බවත් වෙන කිසිම දවසක එහි නොගිය බවත් කියා සිටියේය. එහෙත් ඊළඟ දිනයේ අගෝස්තු 15 වැනිදා ද බුද්ධරක්ඛිත ඔහුට ඇමතුමක් දී තවමත් රිවෝල්වරය පත්තු නොවන බවට මැසිවිලි කී බව ඔහු කීවේය. ඉන් පසු ජයවර්ධන ඔහු වෙත පැමිණ සෝමාරාම ද වාහනයට නංවාගෙන බුද්ධ රක්ඛිතගේ පන්සලට ගියේය. පෙරේරා රි​වෝල්වරය සුද්ධ කළ පසු එය පරීක්ෂා කිරීමට මුතුරාජවෙලට යා යුතු යැයි බුද්ධ රක්ඛිත යෝජනා කළේය. එහි දී බුද්ධරක්ඛිත රිවෝල්වරය පරීක්ෂාවට ලක්කළ බව හෝ එය වැඩ නොකරන බව හෝ දැන ගත්තේ ද යන්න දැන ගන්නට නැත. 

හුදෙකලා තැනකට ඔවුන් ගිය විට පෙරේරා අහසට වෙඩි කිහිපයක් තබා රිවෝල්වරය නැවත බුද්ධරක්ඛිතට දුන්නේය. පෙරේරා කාර් රථයට ගොඩ වැදුණු විට සෝමාරාම පිටතට දිවගොස් තවත් වෙඩි කිහිපයක් අහසට තබනු ඔහු දුටුවේය. එක වෙඩිල්ලක් තබා රිවෝල්වරය පරීක්ෂා කළ හැකිව තිබිය දී සොයා ගැනීමට අසීරු අගනා පතරොම් සෝමාරාම නාස්ති කරන බව ඔහුට පෙනී ගියේය. කෙසේ වුවද පවතින ඉලක්කයකට වෙඩි තැබීමක් හෝ ඉලක්කයට වෙඩි තැබීමට පුහුණු කිරීමක් එහිදී සිදු නොවීය. ඝාතනය සිදුවීමෙන් පසුව මෙම චූදිතයන් හමුවන තුරු ඉන් පසු ඔහුට චූදිතයන් හමු වූයේ නැත.

පෙරේරා සහ අමරසිංහ දෙදෙනා කුමන්ත්‍රණයට හවුල් වූවන් සේ නොසැලකිනි. එම නිසා එකිනෙකාගේ සාක්ෂිය නීතිමය වශයෙන් සනාථ කරගත හැකිවූයේ නැත. එසේ ගළපා ගැනීම සිදුවිය යුතු වූයේ ස්වාධීන මූලාශ්‍රයකිනි. එම නිසා අමරසිංහගේ නිවසට යෑම සහ මුතුරාජවෙලට යාම සම්බන්ධයෙන් ඔවුන් කී විස්තර වෙනත් ස්වාධීන සාක්ෂියකින් තහවුරු නොවී හුදෙකලාව තිබිණි. 

මේ කරුණ සම්බන්ධයෙන් උනන්දුව දල්වන්නා වූ විවාදයට තුඩු දෙන අර්ථනිරූපණයක්  අපරාධ අභියාචනායාධිකරණයේ තීන්දුවේ සඳහන් වූයේය. 

‘‘අගමැතිවරයාට රිවෝල්වරයකින් වෙඩි තැබීමට ඔහු පුහුණු කළේය, යන අමරසිංහගේ සාක්ෂියෙන්  ඔහු මිය ගිය තැනැත්තාට බලසම්පන්න රිවෝල්වරයකින් වෙඩි තැබුවේය, යන කාරණය සනාථ වේ. ඔහුගේ ක්‍රියාවෙන් වඩාත් ප්‍රමාණාත්මක අයුරින් එය තහවුරු වන නිසා තවත් එය තහවුරු කිරීමක් සෙවීමට අවශ්‍ය නැත. එම නිසා හතරවැනි චූදිතට එරෙහිව ඇති කුමන්ත්‍රණ චෝදනාව ගැන තවත් සාකච්ඡා කිරීම අවශ්‍ය නොවේ. ’’

මීට අදාල වෙබ් අඩවියෙන් පාඨකයාට මේ ගැන වැඩි දුරටත් තොරතුරු කියවා ගත හැකිවේ.

 

(තව කොටසක් මීළගට)
පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ

සංජීව සේනානායක විසිනි
[email protected]



අදහස් (0)

සාක්ෂිවලින් හෙළිවන කතාව

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site