IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සන්ධානයේ අර්බුදය කරළියට


ඉන්ධන මිල ඉහළ දැමීම සදහා ජනපතිවරයාගේ මෙන්ම අගමැතිවරයාගේත් අනුමැතිය ලැබී තිබෙන තත්ත්වයක වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැහැදිලි බෙදීමක් හඳුනාගන්නට තිබේ. පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අවස්ථාවේ දී මෙම බෙදීම වඩා පැහැදිලිව හදුනාගන්නට හැකිවනු ඇත. 

උපායමාර්ගික අතින් ගත්විට වටිනාකමක් ලබාදිය නොහැකි වුවත්, ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පළමු විරෝධතාවය මතුකළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාය. දුරකතන ඇමතුම් සහ පණිවිඩ මාර්ගයෙන් ඔහු සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් ලෙස ඔහුට නාමයෝජනා ලබා දී තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා වේ. ඉන්ධන මිල ඉහළ යෑමට අමාත්‍ය ගම්මන්පිල වගකිව යුතු බවත් එම නිසා අමාත්‍යවරයා සිය තනතුරින් ඉල්ලා අස්විය යුතු බවත් කාරියවසම් මහතා පවසා සිටියේය. 

කාරියවසම් මහතා මෙම ප්‍රකාශය සිදුකළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් කළ පැමිණිලි සැළකිල්ලට ගෙනය. එයත් සමග ඔහු, අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සමග මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කළ ද අවසන් මොහොතේ දී එය අවලංගු කෙරිණ. කෙසේවුවත් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සම්බන්ධ වෘත්තිය සමිතියේ වාර්ෂික රැස්වීමට සහභාගීවීම සදහා අගමැති මහින්ද රාජපක්ෂ පැමිණ සිටියේ කාරියවසම් මහතාද කැටුවය. 

පීඩනයක් එල්ල වෙමින් පැවැතියත්, බහුතරයක් සාමාජිකයන්ගේ සහාය ඔහු වෙත හෙයින්, කාරියවසම් මහතා ආරක්ෂිතය. පක්ෂයේ අර්බුදයක් ගොඩනැගෙමින් පවතින අවස්ථාවක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති තැන්පත් මහාචාර්ය ජී.ඇල්.පීරිස් මහතා නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් සිටීම, ඇතැම් ජේ්‍යෂ්ඨ පක්ෂ සාමාජිකයන්ගේ විමතියට හේතුවී තිබේ.

අමාත්‍ය ගම්මන්පිල මහතාද සිය මාධ්‍ය හමුවේ දී සැළකිය යුතු කරුණු දැක්වීමක් කළේ ය.

“අපි කොටි ගරිල්ලා සාමාජිකයන්ටත් වඩා දරුණු තර්ජනයකට මුහුණ දෙමින් සිටිනවා. ඒ නිසාම, පහත වැටෙමින් තිබෙන අපගේ විදේශ සංචිතයන් ආරක්ෂා කරගැනීම සදහා ඉතාම අරපරිස්සමින් අප ඉන්ධන භාවිතා කළ යුතු වෙනවා”

අමාත්‍යවරයා මෙවැනි අදහස් පලකළේ, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීම සදහා, රජය පැවැත්වූ ආයෝජන ප්‍රවර්ධන සම්මන්ත්‍රණයෙන් සති දෙකකට පසුවය. මෙම සම්මන්ත්‍රණයට රටවල් 65 ක් සහභාගීවූ බව රජය පවසයි. එවැනි තත්ත්වයක, අමාත්‍යවරයාගේ මෙම උපදෙස් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂාවෙන් සිටින ආයෝජකයින්ටත් එළෙසම ලබාදිය හැකි ද?, එසේ නම් ඔවුන්ට, සිය යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීම සදහා වන විදුලියට වැඩි මුදලක් වියදම් කිරීමට සිදුවනු ඇත්තේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් දැරිය යුතු ඉන්ධන වියදමට අමතරවය.

“ඉන්ධන මිල ඉහළ දැමීම සදහා පක්ෂයේ මහලේකම්වරයාගෙන් අදහස් විමසිය යුතු බවක් මා දැන සිටියේ නැහැ. එසේ දැන සිටියා නම් මා ඔහුගෙන් මේ ගැන අහනවා” යයි ද අමාත්‍ය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසුවේය. 
ආර්ථිකය නඟාසිටුවීම සදහා වන ජනපති කාර්යසාධන බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා, ඔහුට බලපෑම් කරමින් සිටින්නේද යැයි විමසූ විට නැහැ යැයි අමාත්‍යවරයා පිළිතුරු දුන්නේය. 

දැනට එක්සත් ජනපදයේ සිටින බැසිල් රාජපක්ෂ මහතා, ලබන 23 වැනිදා යළි කොළඹට පැමිණීමට නියමිතය. අගමැති මහින්ද රාජපක්ෂ මහතාත්, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාත්, ඉන්ධන මිල ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කළ අවස්ථාවේ එතැන සිටි බව ගම්මන්පිල මහතා කීවේ ය.

ජනප්‍රිය නොවන තීරණ

ඉන්ධන මිල ඉහළ යෑම මුල්කරගෙන, අමාත්‍ය ගම්මන්පිල මහතාට සහාය දක්වන කණ්ඩායම සහ බැසිල් රාජපක්ෂ මහතාට සහාය දක්වන කණ්ඩායම අතර පවතින විරසකය දැන් කරළියට පැමිණ තිබේ. 

අමාත්‍ය ගම්මන්පිල මහතාට සහාය දක්වන කණ්ඩායම, පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, අමාත්‍ය විමල් වීරවංශ (ජාතික නිදහස් පෙරමුණ), අමාත්‍ය වාසුදේව නානායක්කාර (ප්‍රජාතාන්ත්‍රික වාමාංෂික පෙරමුණ), තිස්ස විතාරණ (ලංකා සමසමාජ පක්ෂය), ඒ.එල්.එම්.අතාවුල්ලා (ජාතික කොංග්‍රසය), ජී.වීරසිංහ (ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය), ටිරාන් අලස් (එක්සත් ජනතා පක්ෂය) සහ අසංක නවරත්න (ශ්‍රී ලංකා ජනතා පක්ෂය) යන සාමාජිකයන්ගෙන් සමන්විතය.

ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළ ඔවුහු ඒ හරහා අමාත්‍ය උදය ගම්මන්පිල මහතාව ආරක්ෂා කරගනිමින් අදහස් දක්වා තිබුණහ. ඉහත නම් සදහන් කළ 8 දෙනාම ඊට අත්සන් තබා තිබුණු අතර, ඉන්ධන මිල ඉහළ යෑමෙන් පහර ලබන අඩු ආදායම්ලාභීන්ට සහන ලබාදිය යුතු යැයි ඉන් අවධාරණය කර තිබිණ.

පහත දැක්වෙන්නේ එම නිවේදනයේ උපුටනයකි.

වර්තමානයේ දී, සෙසු රටවල් සේම අප රටටද මුහුණ පා ඇති කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ පොදුවේ මහජනතාව තම ආදායම් මාර්ග අහිමි වූ හෝ අවම වූ ඉරණමකට ඇද වැටී සිටිති. එමෙන්ම, රජයේ ආදායම් මාර්ගද බොහෝ සේ බිඳ වැටී තිබේ. ජනතාව සහ ආණ්ඩුව යන අංශ දෙකම එබඳු අභියෝගාත්මක ඉරණමකට මුහුණ පා සිටින මෙබඳු අවස්ථාවක ඇතැම් ජනප්‍රිය නොවන තීරණ ගැනීමට කවර ආණ්ඩුවකට වුවද සිදුවිය හැක. මේ අවස්ථාවේදී තෙල් මිල වැඩි කිරීමේ තීරණයද එවැනි ජනප්‍රිය නොවන තීරණයක් බව අපගේ නිගමනයයි. එබදු තීරණයකින් පීඩාවට පත්වන අඩු ආදායම්ලාභීන්ට සහන සැපයීම අත්‍යාවශ්‍ය යැයිද අපි අවධාරණය කරමු.

ඒ සදහා සුදුසු ක්‍රමවේද ඇතුලත් යෝජනාවලියක් අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරියේදී ලබාදීමට අපි බලාපොරොත්තු වෙමු.
මෙම ඉන්ධන මිල ඉහළ නැංවීමේ ජනප්‍රිය නොවන තීරණයේ වගකීම බලශක්ති අමාත්‍යවරයාගේ කරමත පැටවීමට දරණ වෑයම අපි ප්‍රතික්ෂේප කරමු. ඊට හේතු වන්නේ ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීරණය අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් රැස්වුණු ජීවන වියදම් පිළිබද අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් ගනු ලැබූ තීරණයක් වීමයි. 

පසුගියදා ජනාධිපති මාධ්‍ය අංශය විසින් ද මේ බව තහවුරු කර තිබුණි. එවැනි පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා ජනප්‍රිය නොවන තීරණයේ වගකීම උදය ගම්මන්පිල ඇමතිතුමා මත පටවා එමගින් ආණ්ඩුව ජනතාව ඉදිරියේ අනවශ්‍ය අර්බුදයකට ඇද දමා තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් විසින් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ගත් තීරණය අභියෝගයට ලක් කිරීමෙන් ආණ්ඩුව තුළ කල්ලිවාදයක් ඇතැයි යන කුකුස ජනතාව ඉදිරියේ තබා ඇත.

මෙවැනි කට්ටිවාදී සහ අපරිනත ක්‍රියාවන් විසින් අවසානයේ දී ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාස බිද වැටීමට හේතුවන බව පෙන්වාදීමට කැමැත්තෙමු.එබැවින් මෙම කට්ටිවාදී ප්‍රවණතාව වහාම පරාජය කිරීම අතිගරු ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමන්ගේ වගකීම බව ද, අවධාරණය කරමු.

ඉන්ධන මිල ඉහළ යාම කාරියවසම් මහතා හරහා බැසිල් රාජපක්ෂ මහතාට ප්‍රහාරයක් එල්ල කිරීමේ අවස්ථාවක් ලෙස මෙම කණ්ඩායම යොදාගෙන ඇතැයි යන්න පැහැදිලිය. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බැසිල් රාජපක්ෂ මහතා නැවත පැමිණෙන තෙක් සිටින බව ඔහුට දැඩිව පක්ෂපාතී පිරිස් සදහන් කරති. 

මෙම ගැටුමේ පවතින මනා විනිවිදභාවයම ගැටලු සහගතය. 
මීට ටික කලකට ඉහත මෙම කණ්ඩායමේ සිටින කැබිනට් අමාත්‍යවරු නැගෙනහිර වරාය පර්යන්තය චීනයට පවරා දීමේ යෝජනාවකට කැමැත්ත පලකළහ. ඒ එම යෝජනාව කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු කැරුණු අවස්ථාවකදීය. කෙසේවුවත්, ඉන්දියාවට එම අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් විරෝධය දැක්වූයේ ඇයිදැයි විමසා සිටි විට ඔවුන් කියා සිටියේ, එසේ කළේ තම තමන්ගේ පක්ෂවල ස්ථාවරය අනුව බවය.

“මේ නිසා තමයි ඔවුන් කැබිනට් මණ්ඩලයේ දී පක්ෂයේ තීරණයෙන් පිට ඉන්නේ. ඒ ගැන දැන් අනෙක් අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විමසන්න ගන්නකොට ඔවුන් කල්ලි ගැහෙනවා. ඔවුන්ගේ ඉලක්කය කාරියවසම් නොවෙයි. බැසිල්.” යයි නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත අදහස් දැක්වූ මුල් පෙල අමාත්‍යවරයෙක් පැවසුවේය. 

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතවූවායින් පසුව වුවද බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ හෝ කැබිනට් මණ්ඩලයේ හෝ සිටිනු දැකීමට අකමැති වූයේද මෙම කණ්ඩායම බව ඔහු කීවේ ය.

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය කෝවිද ගුණසේකර

 

 



අදහස් (1)

සන්ධානයේ අර්බුදය කරළියට

nimal Tuesday, 22 June 2021 07:09 PM

සැලැස්මක් නොමැතිව පාලනය කරන රටක්

:       0       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1721 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site