IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සමගිය කොයිබටද?

 

මාගේ ලිපියේ පරමාර්ථය දේශපාලන කල්ලි කණ්ඩායම්වලට සුදු හුණු ගෑම නොව සාධාරණ ස්වයං විවේචනයක් මේ රටේ දශක 7කට වඩා ස්වදේශීන්ගේ පාලනය යටතේ රට පත්ව ඇති තත්ත්වය මේ රටේ ජනතාවට සැබෑ ලෙස තේරුම් ගැනීමට සැලැස්වීමත්, මේ රටේ දේශපාලන බලය තවම අතට නොගත් ප්‍රධාන විපක්ෂය සමගි ජන බලවේගයේ ගමන් මඟ ගැන මාගේ විචාරයක් ඉදිරිපත් කිරීමත්ය. 

ලිපියේ මාතෘකාවට ප්‍රවිෂ්ඨ වීමේ මූලික අඩිතාලම වන්නේ සමගි ජන බලවේගය මේ රටේ නව දේශපාලන පක්ෂයක් වශයෙන් අතීතයේ දශක 7ක පමණ කාලය තුළ පාලනය කළ දේශපාලන පක්ෂ හා නායකත්වයෙන් පාඩම් උගත යුතු බවයි. එම පාඩම් මොනවා ද යන්න මෙම ලිපිය කියවන පාඨකයාට තේරුම්ගත හැකිවනු ඇත. මේ රටේ මෙතෙක් බිහි වූ නායකයන් කළේ පොළව මත පය ගසා සමාජයේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම නොවේ. එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය පමණක් නොව මෛත්‍රී-රනිල් හවුල් පාලනය ද එක සේ කර ඇත. වර්තමානය වනවිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ පාලනය කරන්නේ ද එකම දේය.

මෙයින් සමගි ජන බලවේගය පාඩම් ඉගෙන ගත යුතුය. ඒ අනුව දේශපාලන ගමන් මඟ තීරණය කළ යුත්තේ ලිබරල්වාදී ප්‍රතිපත්ති මත නොව රට හා ජනතාව ගොඩනඟන, ගොඩගන්නා ආර්ථික න්‍යායක් අනුවය. එයට ධනවාදී ද සමාජවාදී ද යන තර්කය අවශ්‍ය නැත. ලෝකයේ සතුටින්ම ජීවත්වන මිනිසුන් සිටින්නේ නෝර්වේ, ස්වීඩන්, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්ක් වැනි කාර්මික රටවලයි. මේවා ධනවාදී ද සමාජවාදී ද යන්න කතා කිරීම මගේ අදහස නොවේ. එහෙත් මේ රටවල් මානව හිතවාදී, ජනතාවාදී රාජ්‍ය බව පමණක් ප්‍රකාශ කිරීමට මා සූදානම්ය.

මේ රටේ දේශපාලනය ගැන කතා කරන විට ජනතා විමුක්ති පෙරමුණ ගැන ද කතා කළ යුත්තේ සමගි ජන බලවේගය ඔවුන්ගෙන් ද පාඩම් ඉගෙන ගත යුතු නිසාය. ජනතා විමුක්ති පෙරමුණේ දශක 5කට වඩා ඉතිහාසය ගැන හදාරණ විට ඔවුන් මේ රටේ විප්ලව 2ක් දියත් කළ අතර ඒවා අසාර්ථක විය. එයින් ගම්‍ය වන්නේ සන්නද්ධ අරගල ලංකාවට නොගැළපෙන බවය. ඔවුන් හිටපු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය සමඟ හවුල් ආණ්ඩුවක් පිහිටුවා ගත් අතර අතර මන්ත්‍රීවරු 40කට ආසන්න ගණනක් එදා පාර්ලිමේන්තුවේදී ඔවුනට හිමිව තිබුණි. අද වනවිට ඔවුන් මන්ත්‍රීවරු 3 දෙනකු දක්වා පහළ බැස ඇත. එයට විවිධ හේතු ඇතත් ඒවා ගැන සම්පූර්ණ විශ්ලේෂණය කිරීමට අදහස් නොකරන අතර විශේෂ කාරණයක් අවධාරණය කරමි. එනම් ඔවුනට ලැබුණු ජනතා ප්‍රසාදය රැක ගැනීමට ක්‍රමවේදයක් ඔවුනට නොතිබූ බව පැහැදිලිය. ඒ අතර පක්ෂයේ බලය හින වීමට බලපෑ ප්‍රධාන කාරණය වන්නේ ඔවුන්ගේ නායකත්වයට තිබූ බල අරගලයයි. එය දඩමීමා කරගත් 2005 බලයට පැමිණි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වඩා උපක්‍රමශීලීව ජනතා විමුක්ති පෙරමුණ කඩා බිඳ දෙදරවා දැමීය.

සමගි ජන බලවේගයට කිව යුත්තේ එයයි. සමගි ජන බලවේගය නායකත්වය තුළින් බිහි වූ පක්ෂයකි. එම නිසා එම නායකත්වය ආරක්ෂා කරගත යුතු අතර ගෝඨාභය, බැසිල්, මහින්ද රාජපක්ෂ පාලනයේ උගුල්වලට හසු නොවීමට අභ්‍යන්තර සමගිය මෙන්ම කළමනාකරණය සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතුය. සමගි ජන බලවේගයේ නායකත්ව පොරය තව දශකයකට නොකළ යුතුය. හොඳ පාලනයක් තුළින් නව නායකත්වයක් බිහි වීම අනිවාර්යයෙන්ම සිදු වේ. එතෙක් වර්තමාන නායකයන් පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යා යුතුය. 

1977 බලයට පත් එක්සත් ජාතික පක්ෂය 1994 දක්වා අවුරුදු 17ක් රට පාලනය කළ අතර ඒ ගැන ද සාකච්ජා කළ යුතුය. මන්ද එම අවුරුදු 17ක යුගය තුළ සිදු වූ සියලු සිදුවීම් සාකච්ජා කිරීම අවශ්‍ය නොවන අතර සමගි ජන බලවේගයේ ඉදිරි ගමනට එම පාලන කාලය ආදර්ශයට ගත යුතුය.

1977ට පෙර තිබූ අාවෘත ආර්ථිකය නැත්නම් යම් යම් සීමාවලින් වැසූ ආර්ථිකය ගැන ද යම් ආකාරයක අවධානයක් යොමු කළ යුතුය. මන්ද එම දේශපාලනික හා ආර්ථික රටාව නිසාම 1977න් පසුව රට තුළ විශාල පෙරැළියක් වීමට අවශ්‍ය සාධක නිර්මාණය විය. එවකට පැවැති ලෝක තත්ත්වය ද (1977න් පසුව) ලෝකයේ බලවතුන් තම දේශපාලනික හා ආර්ථික බලය තවදුරටත් පවත්වා ගැනීම සඳහා රොනල්ඩ් රේගන්, මාග්‍රට් තැචර් න්‍යාය නැත්නම් විවෘත ආර්ථික න්‍යාය ලෝකයට හඳුන්වා දුන් අතර ඒ අනුව ලෝකය තුළ දේශපාලනික ව්‍යුහය ද විවෘත ආර්ථික න්‍යායට අනුව පරිවර්තනය විය. ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාව අග්නිදිග ආසියාවේ රටවල් විවෘත ආර්ථික රටාව වැළඳගත් අතර ඒ අනුව සමහර රටවල් ඉතා වේගවත් ආර්ථික වර්ධනයක් ඇති කරගත්තේය එම රටවල් අද වනවිට සංවර්ධිත රටවල් ලෙස හැඳින්වේ. 

ඒ අතර සිංගප්පූරුව, දකුණු කොරියාව ප්‍රමුඛ වන අතර, 1950 ගණන් වනවිට එම රටවල් සිටියේ ශ්‍රී ලංකාවට පහළින්ය. අප සිටියේ ආසියාවේ දෙවැනි ස්ථානයේය. අග්නිදිග ආසියාවේ මැලේසියාව, තායිලන්තය, සමාජවාදී වියට්නාමය, තායිවානය අපට වඩා විශාල ආර්ථික හා සමාජ සංවර්ධනයක් ඇති කරගෙන ඇත. අපට සිදු වූයේ කුමක් ද 1977-1994 දක්වා යුගයේ ඇති කළ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා යම් කිසි ආර්ථික ප්‍රගතියක් ඇති වුව ද ඇති වූ දේශපාලන ප්‍රතිසංස්කරණ නිසා එම ආර්ථික වර්ධනය අඛණ්ඩව ගෙන යාමට නොහැකි වූ අතර සිදු වූ ආර්ථික සංවර්ධනයේ ප්‍රතිඵල රටේ සමස්ත ජනතාව වෙත සාධාරණව ගලා ගියේ නැත.

සමානුපාතික නියෝජන ඡන්ද ක්‍රමය ඉතාමත් ප්‍රජාන්ත්‍රවාදී ඡන්ද ක්‍රමයක් වුව ද ඒ හරහා බිහි වූ පාලකයන් අන්ත දූෂිතයන්, වංචාකාරයන්, හොරුන් බවට පත් වී රටේ ජාතික ධනය ඔවුන්ගේ බූදලයක් බවට පත් කරගෙන සංවර්ධනය මුවාවෙන් මහජන ධනය කොල්ලකා ධන කුවේරයෝ බවට පත් වූහ. එදා ආරම්භ වූ වංචාව, හොරකම, දූෂණය අද ද පවතී. රටේ සැබෑ සංවර්ධනයක් නොවීමටත් එම සංවර්ධනය රටේ ජනතාව වෙතට හා පහළ අදායම් ලබන ස්ථරය වෙත ගලා ගියේ නැත. වර්තමානයේ ද එය සිදුවන්නේ නැත. මෙම කාරණය මූලික වශයෙන්ම ආසියාවේ අනිකුත් රටවල් මෙන් අප රට සංවර්ධනය නොවීමට බලපා ඇත. 

අපගේ රටේ පවතින පරිපාලන ක්‍රමය ද දුර්වලය. රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් පාඩු සහිතව පවත්වාගෙන යන අතර ඒවා ලාභදායකව පවත්වාගත හැකි ඒවාය. ඒ අතරින් ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රමුඛය. මෙම ආයතන ත්‍රිත්වයේ සිදුවන පාඩුව, දූෂණය, වංචාව ශ්‍රී ලංකාව වැනි රටකට දරාගත නොහැකි අතර මෙවැනි ආයතන දේශපාලකයන් හා නිලධාරීන් පවත්වාගෙන යන්නේ රටේ දියුණුවට නොව මහජන ධනය කොල්ලකෑමට බව අද වනතෙක් සිදුවන සිදුවීම්වලින් ප්‍රත්‍යක්ෂ බුද්ධියක් තිබෙන අයකුට අවබෝධ වේ. එමෙන්ම වර්තමාන රජය අනුගමනය කරන සමහර ආර්ථික ප්‍රතිපත්ති රටේ සංවර්ධනයට හා ජනතාවගේ ජීවන තත්ත්වයේ වර්ධනයට කිසිසේත් සුදුසු ඒවා නොවේ.

වර්තමාන රජය අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි ද මීට වඩා අවධානයෙන් කටයුතු කළ යුතුය. විදේශ ප්‍රතිපත්තිය හැසිරවිය යුත්තේ රටේ හා ජනතාවගේ සුබසිද්ධිය උදෙසා මිස ලෝකයේ බලවතුන්ගේ අවශ්‍යතා ඉටුවන අන්දමින් නොවේ. කොරෝනා රෝගය නිසා මුළු ලෝකයේම ආර්ථිකය කඩා වැටී ඇති මොහොතක අපේ රටේ ප්‍රධාන විදේශ විනිමය මාර්ග ඇනහිට ඇත. එහෙත් අද වනවිට අප මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදය, විදේශ ණය අර්බුදය කොරෝනා වසංගතය නිසා පමණක් ඇති වූ දෙයක් නොවන අතර එසේ කියා ඇඟ බේරා ගැනීමට මේ රට මෙතෙක් පාලනය කළ කිසිම නායකයෙකුටම නොහැකිය. එම නිසා සමගි ජන බලවේගයේ ඉදිරි ගමන් මග සකස් විය යුත්තේ මේ සියලු කාරණා අවබෝධ කරගැනීමෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණය කරා ගමන් කරමිනි. එසේ නොමැති නම් සමගි ජන බලවේගය ද තවත් එක් දේශපාලන පක්ෂයක් පමණකි.

යහපාලන රජය බලයට පත්වූයේ 2005-2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනයේ පැවැති දුර්වලතා හා දූෂණය, වංචාව, හොරකම වගේම අපගේ බෞද්ධ සංස්කෘතියට නොගැළපෙන කැසිනෝ, වැනි ලිබරල්වාදයේ අන්තයට යන ආර්ථික ප්‍රතිපත්ති නිසාය. මහින්ද රාජපක්ෂ පාලනය මේ රටේ අවුරුදු 30ක් පැවැති සිවිල් යුද්ධය අවසන් කිරීම පැසසිය යතු කාරණයකි. එහෙත් යුද ජයග්‍රහණයෙන් පසුව ඔවුන් ආර්ථිකය හැසිර වූයේ තමන්ගේ පරපුර හා තමන් වටේ සිටින අනුගාමිකයන් හා හිතමිතුරන් පින වීමට දේශපාලනඥයන් ඇතුළු තම පන්තියේ පැවැත්ම හා ධනය රැස් කිරීම වෙනුවෙනි. මේවා කර පිටින් බලයට පැමිණි යහපාලන රජය උත්සාහ ගත්තේ මේ රටේ බහුතර ජනතාවගේ අවශ්‍යතාව සැපිරීම සඳහා නොව මධ්‍යම පන්ති ජනතාවගේ මනදොල සංසිඳු වීම සඳහාය. ඔවුන් කළ යුතුව තිබුණේ රටේ ආයෝජන වැඩි කිරීම, ණය ගැනීම සීමා කිරීම, ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම සඳහා ක්‍රමවේද සකස් කිරීමයි. රටේ ව්‍යවසායකත්වය ශ්‍රම බළකායට සාපේක්ෂව දියුණු කළ අග්නි දිග ආසියාවේ රටවල් දියුණු වී ඇත. එය තායිලන්තයේ 27.5%කි. වියට්නාමයේ 19.6%කි. බංග්ලාදේශයේ 11.6%කි. විශාලම ජනගහණය සිටින චීනයේ 7.5%කි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පසුගිය මැතිවරණවලදී ජයග්‍රහණ ලබාගත්තේ සිංහල ඡන්ද පදනම වැඩි කරගැනීමට අවශ්‍ය උපායමාර්ග හා ප්‍රචාරණ ක්‍රම භාවිත කිරීමෙනි. එම නිසා සමගි ජන බලවේගය ද ඉදිරි මැතිවරණවලදී බහුතර සිංහල ජනතාවගේ ඡන්ද ලබාගැනීමට උපායමාර්ග යෙදිය යුතු අතර ඒවා ජනතාව මුළා කරන බොරු පොරොන්දු නොවිය යුතුය. 

ශ්‍රී ලංකාවේ නිදහසින් පසු අවුරුදු 73ක් ගත වුව ද 2.8%කි. එසේ නම් ශ්‍රී ලංකාව සිටින්නේ කොතැන ද යන්න බුද්ධිමත් මිනිසුන්ට තේරුම්ගත හැකිවනු ඇත. අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් රට තුළ ඇති කළ යුතුය. සාම්ප්‍රදායික අපනයනයෙන් මිදුණු නව නිෂ්පාදන ආර්ථිකයක් කරා ගමන් කළ යුතුය. තවදුරටත් ජනතාව රවටන ජනසවිය, සමෘද්ධි වැනි සහනාධාර ක්‍රම වෙනුවට අපනයනය මත පදනම් වූ ග්‍රාමීය කර්මාන්ත ගම තුළ ඇති කළ යුතුය. සහනාධාර ලබන ජනතාව රටේ නිෂ්පාදන කටයුතු සඳහා සහභාගි කරවා ගැනීම නිවෙසේ සිට කළ යුතුය. රටේ අධ්‍යාපන ක්‍රමය මේ සඳහා සූදානම් කළ යුතුය. උපාධිධාරීන් වැඩකට නැති පුටු රත් කරන රැකියා සොයන මානසිකත්වයෙන් මුදාගෙන ඔවුන්ගේ දැනුම කුසලතා රටේ කෘෂිකාර්මික/ කාර්මික විප්ලවයක් සඳහා යොදාගත යුතුය. 

සමගි ජන බලවේගයේ සිටින්නේ ආධුනික දේශපාලනඥයන් නොවේ. අනෙකුත් ප්‍රධාන පක්ෂවල සිට පැමිණි අයයි. මේ අයට හෝඩියේ සිට යා යුතු ගමනක් නැත. මේ රටට වැරැදුණ තැන් සාදා ගෙන රටේ සමස්ත ජනතාවගේ අභිවෘද්ධිය සඳහා යොදාගත හැකි ආර්ථික මාවතක් ඒ සඳහා සුදුසු දේශපාලන වටපිටාවක් මෙන්ම මේ රටේ වැඩකට නැති පරිපාලන රටාව ගමේ සිටම රටේ සංවර්ධනය සඳහා යොදාගන්නා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. ඒ සඳහා ගමේ සිටින දේශපාලන නායකත්වයට ද වගකීමක් මෙන්ම වටිනාකමක් ලබාදීමට කටයුතු කළ යුතුය. සමස්තයක් ලෙස රටේ ආර්ථික සංවර්ධනය සඳහා රටේ සමස්ත මිනිසුන් යොදා ගන්නා වැඩපිළිවෙළකට යා යුතුය.

විදේශ වෙළෙඳපොළ පුළුල් කර ලෝකයේ සෑම මහද්වීපයකම තිබෙන හිතවත් රටවල් සමග විදේශ සම්බන්ධතා මෙන්ම වෙළෙඳ ගිවිසුම් සඳහා එළැඹිය යුතුය. රටේ දේශීය හා විදේශීය නිෂ්පාදන ඉලක්ක අවුරුදු 10ක සැලැස්මක් අනුව යා යුතුය. විශේෂඥයන්ගේ දැනුම අවශ්‍ය විටෙක පමණක් ලබාගත යුතු අතර මේ රටේ නිදා සිටින සිංහයන් අවදි කරගෙන ඔවුන්ගේ වැඩ ගැනීම රටේ ප්‍රමුඛ කාර්යභාරය විය යුතුය. මහා පරාක්‍රමබාහු රජතුමා මේ රට ආසියාවේ ධාන්‍යාගාරය කළේ එලෙසය. සමගි ජන බලවේගයට වෙන ඇලඩින්ගේ පුදුම පහනක් නැත. මේ රටේ තිබෙන පහන්; තෙල්, ගිතෙල් දමා ඒකාලෝක කළ යුතුය. 

මේ රටේ විදේශ ණය අර්බුදය ගැන නැවත කතා කළ යුතුය. 2005 වනවිට මේ රටේ විදේශ ණය ප්‍රමාණය ට්‍රිලියන දෙකකි. එනම් කෝටි ලක්ෂ දෙකකි. ඒ මහවැලි සංවර්ධන ව්‍යාපාරය වැනි ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් ද නිමකර දශක ගණනාවකට පසුවය. මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වූ සංවර්ධන ඉලක්ක වෙත මේ රට ළඟා වී නැත. 2005–2021 වනවිට තව ට්‍රිලියන කීයක් ණය වී තිබෙනවා ද? හරි සංඛ්‍යාලේඛන දන්නේ කවුද? ඒ ණයවලින් රට ඉදිරියට ගොස් තිබෙනවා ද? ජනතාවගේ ආදායම් තත්ත්වය, ජීවන තත්ත්වය කොපමණ ඉහළට එසවී තිබෙනවා ද? ජාතික ආදායම, ඒක පුද්ගල ආදායමේ වැඩි වීම, ආර්ථික වර්ධනය ප්‍රමාණවත් ද? නැත. අද වනවිට රටේ තත්ත්වය වන්නේ මේ රටේ විදේශ විනිමය සංචිත ණය ගෙවීමට ද ප්‍රමාණවත් නොවන තැනකට රට පත්වීමයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පසුගිය මැතිවරණවලදී ජයග්‍රහණ ලබාගත්තේ සිංහල ඡන්ද පදනම වැඩි කරගැනීමට අවශ්‍ය උපායමාර්ග හා ප්‍රචාරණ ක්‍රම භාවිත කිරීමෙනි. එම නිසා සමගි ජන බලවේගය ද ඉදිරි මැතිවරණවලදී බහුතර සිංහල ජනතාවගේ ඡන්ද ලබාගැනීමට උපායමාර්ග යෙදිය යුතු අතර ඒවා ජනතාව මුළා කරන බොරු පොරොන්දු නොවිය යුතුය. විශේෂයෙන්ම දමිළ පක්ෂවල හා මුස්ලිම් පක්ෂවල ඡන්ද ලබාගැනීමට යෑමේදී පරෙස්සම් විය යුතුය. මන්ද රටේ ඒකීයභාවයට හානි වන කිසිම ක්‍රියාමාර්ගයක් නොගත යුතු අතර ඔවුනට සමගි ජන බලවේගය සමග කේවල් කිරීමට ඇති හැකියාව අඩු කළ යුතුය. දමිළ, මුස්ලිම් ජනතාව ද ශ්‍රී ලාංකිකයන් ලෙස සලකා සමාන අයිතිවාසිකම් ලබා දිය යුතු අතර ඒවා රට බෙදන වෙන් කරන ස්වාධීන පාලන ලබාදෙන ඒවා නොවිය යුතුය. 

විදේශීය ණය ලබාගෙන කරන සංවර්ධන කටයුතුවලදී එම ණයවලින් කරන ආයෝජනවලදී රටට හා ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ඒවා විය යුතු අතර එම ආදායම්වලින් ණය ගෙවීමේ හැකියාව තිබිය යුතුය. දේශපාලන වුවමනා මත ව්‍යාපෘති ආරම්භ නොකළ යුතුය. රටේ නිෂ්පාදනය කළ හැකි සියලුම භාණ්ඩ රට තුළම නිෂ්පාදනය කරන වැඩපිළිවෙළකට යා යුතුය. විදේශ ආයෝජනය මුවාවෙන් එන රටේ ස්වාධීනතත්වයට හානි කරන කිසිම ගිවිසුමක් සමග එකඟ නොවිය යුතු අතර කිසිම විදේශීය බලවතකුගේ අවශ්‍යතා සපුරාලන ද්විපාර්ශ්වික ගිවිසුම්වලට නොයා යුතුය.

සෑම බලවතකු සමගම හිතවත්කම තහවුරු වන ආකාරයෙන් රටේ විදේශ ප්‍රතිපත්තිය සකස් කරගත යුතුය. දේශීය ව්‍යාපාර බලවතුන් සමග කරන ගනුදෙනුවලදී රටට හා ජනතාවට හානිකර නොවන රට හා ජනතාවගේ ප්‍රතිලාභවලට මූලිකත්වය ලැබෙන ආකාරයට ඔවුන් සමග කරන ගනුදෙනු කළමනාකරණය කළ යුතුය. 

ධර්මසේන ඔරුතොට



අදහස් (5)

සමගිය කොයිබටද?

Mangala Thursday, 21 October 2021 03:32 PM

ආණ්ඩුව කරන ඕනමදේක වලිගෙන් අල්ලගන්න තමා දක්ෂ. මේ කාබනික පොහොර සිද්ධිය ගත්තම ගොවියෝ වස ඉල්ලනවා, විපක්ෂේ කියනවා ඒගොල්ලෝ ආවම රසායන පොහොර දෙනවලු. මැදහත් සිතින් කිසිම දෙයක් බලන්නේ නැහැ වගේම කිසිම ජාතිකවාදයක් නම් නැහැ සජබේ.

:       11       9

nimal Thursday, 21 October 2021 03:42 PM

සර් කියන දේ හරියටම හරි. නමුත් කණගාටුව අපේ රටේ දේශපාලකයන්ට තේරුම් නැති එක.

:       2       7

asanka Thursday, 21 October 2021 06:44 PM

අද බොහෝ දෙනෙක් දරන මතයක් නම් අප '48 දී නිදහස ලබන විට ආසියාවේ ඉහලින්ම සිටි ජාතියක් බව. නමුත් සත්‍ය නම් එදා ජනගහනයෙන් 90% වඩා පිරිසක් ජීවත් වුයේ ගම්බදව, පහසුකම් ඉතා අඩු, ඉතාමත් කටුක පරිසරයකයි. එදා මිනිසෙකුගේ සාමාන්‍ය ආයු කාලය වුයේ වසර 50 ක් පමණයි. වර්තමානයේ මිනිසෙකුගේ සාමාන්‍ය ආයු කාලය වසර 77 දක්වා වැඩි වී ඇත. අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවයේ ඇතිවූ ප්‍රගතිය මීට හේතු වුවා විය හැක. අද රටේ බොහෝ ප්‍රදේශ වලට විදුලිය, ජලය සහ මාර්ග පද්ධති වැනි පහසුකම් ලැබී ඇත. රට විනාශ වූ යුද්ධ සහ කැරලි නොතිබුණා නම්, මීට වඩා ප්‍රගතියක් ඇති වීමට ඉඩ තිබුණා. රටේ ණය බර එදාට වඩා වැඩිවී ඇති බව ඇත්ත. එයට හේතුව විය හැක්කේ අප ලැබෙන ආදායමට වඩා වියදම් කරන ජාතියක් වීමයි. ඊට වග කිව යුත්තේ අපිමයි.

:       2       8

Ruwan, Canada Friday, 22 October 2021 01:52 AM

හොඳ ලිපියක්. ගාමිණී, ලලිත්, සර් ජෝන් වගේ නායකයෝ හිටිය පාර්ශවයකට අද වෙච්ච වින්නැහිය. රටට නිවැරදි තීරණ ගන්න එඩිතර විශ්වසනීය නායකයොයි අවශ්‍ය.

:       1       5

Nimal Tuesday, 26 October 2021 01:21 PM

මේ සේරම සංදර්ශන, දේශපාලනය කරන්නන් ගැන ගොඩක් කළකිරීමෙන් ඉන්නේ... අපේ රට මේ තත්වයට ඇද දැමුවේ රටේ පාලකයෝ මිසක් මහජනයා නොවෙයි. ඒ අය වැජඹෙනවා.. මහජනය දුක්ගින්දර උහුලනවා. සියලු පාලකයෝ ලැජ්ජා විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38162 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site