IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සමාජ අපේක්ෂාව විනිශ්චයද? යුක්තියද?

මහා පරිමාණ දූෂණ ගැන කරන අනාවරණ සෑහෙන විමතියක් ඇති කරයි. ස්වල්ප කාලයකට පසු නිදොස් කොට නිදහස් කෙරේ. එය ද මහත් විමතියක් ඇති කරන්නකි. සොරකම, වංචාව හෝ දූෂණය පිළිකුල් කළ යුතුය. රටට විනිශ්චයක් අවශ්‍ය නැත. අධිකරණයෙහි ප්‍රමාදය ගැන ජනාධිපතිවරයාට ද මතයක් තිබේ. නඩු කටයුතු ඉක්මන් කළ යුතු බව ප්‍රකාශ කළේ නොබෝදාය. සාමාන්‍ය ජනතාව වශයෙන් අපට බැගෑපත්ව ඉල්ලන්නට යමක් තිබේ. යුක්තිය පසිඳලිය යුතුය. සත්‍ය අනාවරණය කරගැනීම වැදගත්ය. වැරදිවලට ඉඩ නොදිය යුතුමය.

තොරතුරු දැනගැනීමේ අයිතිය මහජනතාවට ඇත. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනු සඳහා ලැබුණ ඉතාම වැදගත් පනතක් වශයෙන් හඳුන්වනු ලැබීය. තොරතුරු දැනගැනීමේ පනත රටට ඇති කරන වාසිදායක වාතාවරණය ගැන තක්සේරුව කුමක්ද? අධිකරණ තීරණ හා තොරතුරු දැනගැනීමේ පනතින් ජනතාවට ලැබී ඇති වරම එක හා යා කළ නොහැකි පරස්පර පැති දෙකකි. අපට පෙනෙන ආකාරයට දූෂණ හෝ වංචා ආර්ථිකයෙහි සෑහෙන පදාසයකි. රාජ්‍ය අංශයේ පමණක් නොව පෞද්ගලික අංශයේ ද ඇති දූෂණවලට වන්දි ගෙවන්නේ පොදු මහජනතාවය. එක පැත්තකින් අධික බදු ගෙවන ජනී ජනයා අනෙක් පැත්තෙන් දූෂණවලින් සිදුවන බරපතළ අවාසියක ද ගොදුරු බවට පත්ව සිටී.

තුන්වැනි සියවසේ අග භාගයේ භාරතයේ විසූ කෞටිල්‍ය මහජන මුදල් කොල්ලකන ක්‍රම හතළිහක් ගැන ලියා තිබේ. සියවස් හතකට පෙර ඉතාලියේ විසූ දාන්තේ සිය නිර්මාණවල අල්ලස යනු අපායෙහි එක ආගාධයක් සේ හඳුන්වන්නේය. රාජ්‍යයේ දූෂණය ශේක්ෂ්පියර් ගේ නිර්මාණවල දැකගත හැකි අංශයකි. දූෂිතයන්ට දුන් දඬුවම් ගැන ලංකා ඉතිහාසයේ ඇත. රොබට් නොක්ස් එය ලියා තබයි. උපදේශයෙන්, හාස්‍යයෙන් සහ සමාජයෙන් කොන්කිරීමෙන් දූෂිතයන් පාඩමක් ඉගෙන ගෙන නැත. නීති පැනැවීමෙන් ද ලැබී ඇති ආවරණය කුමක්ද?

ලෝක ආර්ථික සංසදය පෙන්වා දී ඇති පරිදි දූෂණ, අල්ලස්, සොරකම් හා බදු වංචා හෙයින් ලෝකයේ වසරකට සිදුවන ධන හානිය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.6 කි. එය කොපමණ විශාල මුදලක් ද යත් අතිශය දිළිඳු බිලියන 1.4 ක ජන කොටසක් වසර හයක කාලයක් හොඳින් ජීවත් කරවන්නට ප්‍රමාණවත්ය. යුරෝපා, මැද පෙරදිග සහ ඉන්දියාවේ වැඩකරන ජනතාව අතරින් හරි අඩක් ආර්ථික දුෂ්කරතා මෙම වැරදිවලට හේතුව වශයෙන් විශ්වාස කරති.

ට්‍රාන්ස්පේරන්සි ආයතනය වසරක් පාසා ලෝකයේ පිරිසුදු හා අන්ත දූෂිත රටවල් නම් කරන ක්‍රමයක් ඇත. මෙහිදී සලකා බලන රටවල් 178ක් අතරින් තුනෙන් එකක් අඩුම ලකුණු ගන්නා රටවල් බව සඳහන්ය. මෙවැනි විනාශයක් තිබිය දී ලෝකය මෙතරම් යහපත් තැනක් වශයෙන් තිබීම තවත් පුදුමයකි.

තවත් පැත්තක් මෙහි දී පෙන්වා දිය යුතුය. ලෝක බැංකුව සඳහන් කරන පරිදි චංචා, දූෂණ හා අක්‍රමිකතා නොයෙක් වේශයෙන් පැමිණෙයි. පසුගිය වසර දෙක තුළ තත්ත්වය තවත් භයානක වී ඇත. කොවිඩ් වසංගත තත්ත්වය හුවා දක්වන පාලකයෝ පිළිගත් ක්‍රමවේද, ටෙන්ඩර් පටිපාටි හා විනිවිද පෙනෙන ක්‍රම පැත්තකට දමා ඇත්තාහ. ජන ජීවිත බේරාගන්නා බවට මහා ප්‍රචාරයක් දෙන අතරතුර දැවැන්ත මුදල් කොල්ලයක් සමහර රටවල සිදුවෙමින් පවතී. මුල්‍ය අර්බුද තුළ සම්පත් උපරිමව කළමනාකරණය කළ යුතුය. මේවා ගැන නොසලකා හැරීම ක්‍රමය හා ප්‍රාමාණිකයන්ගේ දුබලතාවකි.

වරදකට ඉහළම දඬුවම ලැබිය යුතු බව

අති විශාල ධනස්කන්ධයක් මහජන නියෝජිතයන්ගේ අණට එහා මෙහා වෙයි. එය හසුරුවන ක්‍රියාවලිය වෙනුවන් ලැබෙන වැටුප හෝ පහසුකම් ගැන ප්‍රශ්නයක් තිබේ. රටකජු විසි කළහොත් වඳුරන් දිනාගත හැකි බව සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ කියා ඇත. හෙතෙම මැති ඇමැතිවරුන්ට වැඩිම වැටුප් ගෙවා ඇත. දූෂණය තදින් පාලනය කර තිබේ. ඔහුගේ ඇමැති මණ්ඩලයේ කිහිප දෙනකුට දූෂණ චෝදනා එල්ල වූ අතර ජාතික සංවර්ධන ඇමැති චෙන් වැන් පරීක්ෂණවලට මුහුණ නොදී දිවිනසාගත්තේය.

ඔහු ලී ක්වාන් යූ ගේ ඉතාම සමීප ඇමැතිවරයෙක් විය. සම්මුතියක් තිබුණා නම් එය අනෙකක් නොව ක්‍රමය වෙනස්කරන වෑයමක් පමණක් බව පසු කාලයක ලී ක්වාන් යූ ඔහු ගේ මිතුරා ගැන ලියා තැබීය. අපට අපේ නායකයන්ගෙන් එවැනි වචනයක් අපේක්ෂා කළ හැකිද? නායකයකු ගැන තක්සේරු කරන්නට කලින් ඔහු වටා සිටින මිතුරන් ගැන බලන්නැයි බටහිර කියමනක් තිබේ. ශ්‍රී ලංකාව ඉතාම අවාසනාවන්ත නායකයන් සිටින රටකි. අපට තක්සේරු කරන්නට තරම් නායකයෝ ද නොවෙති.

මියන්මාරයේ හිටපු නායිකා අවුසාන් සුකී වෝකි ටෝකි යන්ත්‍ර ප්‍රමාණයක් ගෙන්වන ලද වරදකට වසර හතරක සිර දඬුවම් නියම වූයේ නොබෝදාය. ඇය ගේ දේශපාලන ගමන විනාශ කරන ප්‍රයත්නයක් බව ද ප්‍රකාශ වී තිබේ. එහෙත් එතුමියට එරෙහිව තවත් නඩු දොළහක් විභාග වෙමින් ඇත. දකුණු කොරියාවේ අගමැතිනිය වූ පාක් ජුන් හේ වසර විසි හතරක දඬුවමකට යටත්විය.

දකුණු අප්‍රිකාවේ ජනාධිපති ජැකෝබ් සූමාට බිලියන ගණනක මුදල් වංචාවකි. බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුලා ඩි සිල්වා අවුරුදු දොළහකට සිර ගත කළේ අයුතු දේපොල පරිහරණයක් ගැනය. පේරු රාජ්‍යයේ හිටපු ජානාධිපතිවරුන් තිදෙනකු ගැන පරීක්ෂණ අරඹන්නේ වසර තුනකට කලින්ය. අප්‍රිකා, ලතින් ඇමරිකා සහ ඇතැම් ආසියානු රටවල දේශපාලනඥයන් ගේ දූෂණ ඉතාම පිළිකුල් සහගතය. දකුණු කොරියාවේ පාක් ජුන් පසුගිය වසරේ අග එරට ජනාධිපති සමාව ලැබුවාය. තමන්ගේ සගයන්, දේශපාලන පක්ෂය යළි බලයට පැමිණි පසු දඬුවම් ඉවත්වෙයි.

යුක්තිය අනාවරණය හා මහජන මතය

මහා පරිමාණ දූෂණ හෝ වංචා අධිකරණයේ දී සාක්ෂි සහිතව චෝදනා ඔප්පු කරන්නට අසමත්වීම බරපතළ කාරණයක් වී තිබේ. අනාවරණය කරන දැවැන්ත සිද්ධි අවසානයේ පෙණ පිඬු බිඳෙන සේ විසිරී මැකී යයි. මහජන මතය ද බලපවත්වන්නේ ඉතාම කෙටි කාලයකි.  දඬුවම් නියම වන නමුත් අවසානයේ දී සමාව ලැබෙන බව පෙනේ. මෙරට දේශපාලනය තුළ හෙළිදරව් කරන ලද කරුණු දිග ලැයිස්තුවක් ඉදිරිපත් කළ හැක.

අපට පාඩමක් වන ගැඹුරු අදහසක් කොස්ටාරිකාවේ හිටපු උපජනාධිපතිවරයකු පසුගිය දා කියා සිටියේය. මහජනතාව, මාධ්‍ය හා අධිකරණය සතු දැවැන්ත කාර්යභාරයක් ඇති බව ඔහු ප්‍රකාශ කළේය. ඔහු අනියමින් දක්වන අදහස අප ඉගෙන ගත යුතුය. දැනට සිදුවන සිදුවීම් ගැඹුරින් අධ්‍යයනය කර ජගත් ප්‍රජාවට පෙන්වා දී ඇත.

නිතිපතා නිකුත්වන වාර්තා මුළු ලෝකයම ධනය කොල්ලකන විලාසය මැනැවින් අනාවරණය කර තිබේ. ජාත්‍යන්තර සංවිධාන මෙම නිර්ලජ්ජිත දේශපාලනයේ නොයෙක් පැති දක්වා ඇත. බිලියන ගණන් ජනී ජනයා දුප්පත් වන අතර ඔවුන්ගේ අතට ලැබිය යුතු සම්පත් කොල්ලකන ව්‍යුහය මැනැවින් පෙන්වා දී තිබේ. මහජන මුදල් කොල්ලකන ආකාරය සුළු හෝ මහා පරිමාණයේ යන දෙවර්ගයක් වශයෙන් වෙන් කළ යුතු නැත. රටට අවශ්‍ය මෙම චරිත ප්‍රතික්ෂේප කරන ප්‍රබල ව්‍යායාමයක් පමණකි.

මහජන දේපොල කොල්ලකන ලද අවස්ථා ගැන නඩු මෙහෙයවන ආයතන ගැන ප්‍රශ්න ඇත. ඒවායේ පෙනීසිටින රජයේ නීතිවේදීහු පෙනීසිටින්නේ රජය වෙනුවෙනි. නඩු පැවැරෙන සියලුම දෙනා තමන්ගේ ආණ්ඩුවක් එන තෙක් බලා සිටිති. ඉවසති. නඩුවලට දීර්ඝකාලීන දින ලබා ගනිති. නීතිඥයෝ එයට හවුල් වන බව සඳහන් කළ යුතුය. අවසානයේ දී තමන්ගේ ඇමැතිවරයාට එරෙහිව නඩු කියන්නට රජයේ ආයතනයකට පුළුවන්කමක් නැත.

මුදල් වැය කරන පිළිවෙළ විමර්ශනයකට

ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය දූෂිතය. දුප්පත්, සාමාන්‍ය පුරවැසියකුට ඡන්දයක් දිනන්නට නොහැක. ධනය විසිකරන, විශාලතම ප්‍රචාරයක් කරන පුද්ගලයන් ඉහළින් ඔසවා තබන්නට පාක්ෂිකයෝ කැමැතිය. මෙය ගෝත්‍රික දේශපාලනයකි. තමන්ගේ රැහේ අයකු පත්කර යවා ඔහුගෙන් තමන්ගේ වැඩ කරගැනීමකි. දේශපාලනයෙහි නිරත එක කොටසකි. එම ජන කොටස පක්ෂවලට බෙදී වෙන් වී සිටී. පක්ෂයෙහි අනුගාමිකයෝය.

බලය අයුතු ලෙස භාවිතා කර උපරිමව ධනය කොල්ලකන දේශපාලනඥයාට ඔවුහු අකැමැති නැත්තාහ. එම ධනයෙන් කොටසක් අවට සිටින එම සමාජයට ද ලැබේ. මැතිවරණයක වියදම බෙදාගන්නා අතර ඡන්දය කරන්නට දූෂිත ධනය අවශ්‍යය. මැතිවරණයක දී එක දිස්ත්‍රික්කයක් මෙහෙයවන්නට අපේක්ෂකයන්ට හැකියාවක් නැත. මන්ත්‍රීවරයකු හෝ ඇමැතිවරයකු හෝ වශයෙන් ලබන වැටුප හෝ දීමනාව වසර පහකට වතාවක් ඡන්ද කරන්නට කිසිසේත් නොසෑහේ. ජනතාව කල්පනා නොකරන, මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ කුරිරු පැතිකඩකි.

ධනය උපයන මාර්ග පමණක් නොව ධනය වැය කරන පිළිවෙළ පවා ප්‍රශ්න කරන විකල්ප චින්තනයක් රටට අවශ්‍යය. දේශපාලනඥයන්ගෙන් යැපෙන පටු පිළිවෙළ හෙළාදැකිය යුතුය. සාමාන්‍ය ජනතාව මුදල් වැය කරන ආකාරය ගැන ආදායම් බදු නිලධාරීහු බලා සිටිති. ඉඩමක් මිල දී ගැනීම, වාහනයක් ගැනීම යනාදියේ දී මුදල් ලැබුණ ක්‍රම සොයා බදු පනවන බව රහසක් නොවේ. සාමාන්‍ය වත්කමක් ඇති පුද්ගලයකු ගේ ක්‍රෙඩිඩ් කාඩ් පතෙහි වියදම් පවා ප්‍රශ්න කරන අවස්ථා ඇත.

අහිංසක මිනිසුන්ට වද දෙන මෙම නිලධාරීහු පහසු ඉලක්ක මග හරිති. වාහනයක් තබා ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කරගන්නට පවා මුදල් නැතිව සිටි දේශපාලනඥයෝ වසර හත අටකින් හැසිරෙන ආකාරය ගැන නොසොයා නොබලා සිටිති. හුදෙක් අධිකරණයේ පමණක් වරදක් නොවේ. අපගේ ගතානුගතික අලස ක්‍රියාකාරීත්වය බව සඳහන් කළ යුතුය. විනිශ්චය ගැන ප්‍රශ්න කිරීම පලක් නැත. යුක්තිය වෙනුවෙන් සටන්කරන සමාජ ක්‍රමයක් ගොඩනගන්නට අවශ්‍යය.

සාරා කන්දෙගොඩ



අදහස් (0)

සමාජ අපේක්ෂාව විනිශ්චයද? යුක්තියද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site