IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සිමෙන්ති යකඩ හිඟයෙන් බැටකන ඉදිකිරීම් සේවකයෝ

තමන්ගේම වූ ගෙයක් දොරක් හදා ගැනීම ඕනෑම පුරවැසියකුගේ සිහිනයකි. එහෙත් එකී සිහිනය ජීවමාන යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා යම් උත්සාහයක නිරත විය හැකි පරිසරයක් රටේ තිබිණි. එහෙත් දැන් එම සිහිනය සිහිනයක්ම බවට පත් වෙමින් බොඳවී යමින් තිබේ. රටක පුරවැසියාගේ දෑතට මෙසේ විලංගු ලෑම කිසි ලෙසකින් හෝ අනුමත කළ හැකි හා සාධාරණීකරණය කළ නොහැකිය.

අප පුවත්පත ඉකුත් දා වාර්තා කළ පුවතකින් කියැවුණේ රටපුරා ඉදිකිරීම් කටයුතුවලින් සීයයට අනූවක්ම සිමෙන්ති යකඩ ඇතුළු අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ අධික මිල ගණන් හේතුවෙන් මේ වනවිට සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවය. එමෙන්ම රට තුළ ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයන්ගෙන් සියයට 75කගේ පමණ රැකියා අහිමිවීමේ අවදානමක් ද පවතින බවය.

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය උපුටා දක්වමින් පළකර තිබූ එම ප්‍රවෘත්තියට අනුව ඉදිකිරීම් කටයුතු නතරවීම නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලක්ෂ 6කට වැඩි පිරිසකගේ ජීවනෝපාය සම්පූර්ණයෙන්ම නතර වී තිබේ. රැකියා අහිමි මෙම පිරිසෙන් වැඩි දෙනකු පහළ ආදායම් ලැබූ පිරිස් බව ද සඳහන්ය. සමාජයේ පහළ ආදායම් ලබන පවුල්වල ලක්ෂ 12 කට වැඩි පිරිසක් ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවල නියුක්ත වන බව ද එම සංගමය පෙන්වා දෙයි.

අපේ රටේ ප්‍රධාන වශයෙන් පංති දෙකක් තිබිණි. ඒ ධනපති පංතිය හා නිර්ධන පංතිය ලෙසය. ඒ අතරමැද මධ්‍යම පංතියක් තිබුණ ද පවතින ආර්ථික අර්බුදය හමුවේ එම පංතිය වාෂ්ප වී ගොස් තිබේ. පහළ ආදායම් ලබන නිර්ධන පංතියට අයත් ලක්ෂ 12ක් පමණ පිරිසක් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවල නිරතව සිටිති.

ස්ථිර නොවූ ආදායම් මාර්ගයක් වුවද ඔවුහු බලවත් උද් යෝගයෙන් වැඩ කරමින් රටේ සංවර්ධනයටත් හවුල් වෙමින් එමගින් උපයා ගන්නා මුදලින් දරු පවුල් රක්ෂා කළහ. එහෙත් පවතින ආර්ථික අර්බුදය හමුවේ එම රැකියා මාර්ගවලට කණකොකා හඬමින් තිබේ. පැදුරේ නොව බිමම නිදා ගත් එම මිනිසුන්ට වැටෙන්නට තැනක් නැත.

එය එසේ වුවද අපට මගහැර යා නොහැකි ප්‍රශ්න ගණනාවක් තිබේ. එනම් තිබූ එකම ආදායම් මාර්ගයත් අහිමි වූ කල ඒ ජනයා කන්නේ බොන්නේ කෙසේද යන්නය. ඔවුන්ගේ දරු පැටවුන් ඉගෙන ගන්නේ කෙසේද යන්නය. ලෙඩක් දුකක් හැදුණ කල්හි බෙහෙතක් හේතක් සපයා ගන්නේ කෙසේද? යන්නය. විළි වසා ගැනීමට ඇඳුමක්, පැළඳුමක් ගන්නේ කෙසේද? යන්නය.

පීඩිත ජන කැළකගේ කඳුළෙන් සුසුමෙන් ලියැවෙන මෙම ජීවන ඉරණම නොදුටුව දෙනෙතින් සිටීමට කිසිවකුට අයිතියක් නැත. ආර්ථික අර්බුදය හමුවේ මධ්‍යම පංතිය ද වාෂ්ප වී ඇති පසු බිමක පහළ ආදායම් ලැබූ මෙම පීඩිතයන් කුමන තරමේ පීඩනයකට ලක්ව තිබෙන්නේ ද යන්න වටහා ගැනීමට අමුතු නුවණක් පහළ කර ගත යුතු ද නැත. 

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසන ආකාරයට ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයූ ආයතන 1000කට වැඩි ගණනක් ද ඉදිකිරීම් කටයුතු අඩාලවීම හේතුවෙන් මුළුමනින්ම වැසී ගොස් තිබේ. එමෙන්ම ඉදිරියේ දී තවත් ආයතන වැසී යාමේ අවදානමක් තිබෙන බවද එම සංගමය පෙන්වා දෙයි. එමෙන්ම ඇතැම් ආයතන වාහන ඇතුළු විවිධ දේපළ නඩත්තු කිරීමේ නොහැකියාව මත විකුණා දැමීමට පෙළඹී ඇති බව ද එම සංගමය කියයි.

මෙම තත්ත්වය කිසි ලෙසකින් සුළුකොට තැකිය නොහැකිය. මේ වනවිට රට තුළ අපරාධ බහුල වෙමින් තිබේ. සොරකම් ද එසේමය. ඇත්තටම යාචකයන් යැයි හැඳින්විය හැකි පිරිස් බොහෝ සෙයින් මංමාවත්වල මෙන්ම බස් රියේ හා දුම්රියේ දැකිය හැකිය. කුස්සියට පැන බත් මුට්ටිය සොරාගෙන යන පුවත් ද එසේමය.

ඕනෑම සමාජයක ආර්ථික පීඩනයක් මතු වූ විට එය ඉතා අයහපත් ලෙස විවිධාකාරයෙන් ප්‍රකාශයට පත්වීම නියතයකි. මෙම ආර්ථික අර්බුදය සමාජයේ සියලු ගැටුම්වල මූලික පදනමය. සෞභාග්‍යවත් රටක් මිනී කන්නන්ගේ දේශයක් බවට වේගයෙන් පරිවර්තනය වන්නේ ආර්ථික අර්බුදයේ බලපෑමෙනි.

පරණ පුරුදු ආකාරයෙන්ම එම යාන්ත්‍රණයෙන්ම මෙම අලුත් තත්ත්වයට මුහුණ දිය නොහැක. මේ වූ කලී වසන් කළ නොහැකි මානව ආපදා තත්ත්වයකි. මෙම මානව ආපදාවට මුහුණ දිය යුත්තේ ආපදාවේ ගැඹුර එයට හිමි නිසි බරින් හඳුනා ගනිමින් අර්බුදය විසඳිය හැකි නව ප්‍රවේශයකිනි. ඒ සඳහා ඇත්ත වුවමනාවක් තිබිය යුතුය. නව අදහස් සහ නිර්මාණාත්මක යෝජනා පෙරට ගත යුතුය.

පෙර කළ නාස්තියට දූෂණයට තිත තැබිය යුතුය. නිෂ්ඵල මෙන්ම හදිසි නැති ව්‍යාපෘති නතර කළ යුතුය. රටේ ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කළ යුතුය. ඒ සඳහා වන දියුණු ආරම්භයක් ගත යුතුය. එසේ නොමැතිව පාර්ලිමේන්තුව නිතිපතා රැස්වුව ද රට ගිනි කන්දක් බවට පත්වීම වැළැක්විය නොහැක. එමෙන්ම එම ගිනි දේශපාලන පුරාජේරුවලට සටන් පාඨවලට නිවා දැමිය නොහැකි බව ද ඒකාන්තය.

(***)



අදහස් (1)

සිමෙන්ති යකඩ හිඟයෙන් බැටකන ඉදිකිරීම් සේවකයෝ

Ruwan R Wednesday, 21 September 2022 11:25 AM

දේශපාලකයින් යැයි කියාගන්නා අම්බරුවන් හට දැනුමක් තිබුනේ නම් අප රටට මෙසේ නොවන්නේය...

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37992 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site