IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සංහිඳියාවට අලුත් අරුතක් - මාලිගාවත්තේ සමීර් සුවෙර් මයුරපාදයේදී පැවිදි දිවියට

(සමන් විජය බංඩාර)

අරණායක විහාරස්ථානයකට පැමිණ පිරිවෙන් අධ්‍යාපනයට යොමු වූ වයස අවුරුදු 10 ක් වයසැති කොළඹ මාලිගාවත්ත ප‍්‍රදේශයේ ඉස්ලාම් දරුවකු ගිහි ජීවිතය අත හැර සසුන් ගතවීමේ පුවත පසුගියදා අරණායකින් වාර්තා විය.

ගිහි ජිවිතය අත හරින ලද මෙම ඉස්ලාම් දරුවා දැනට පැවිද ලබා වැඩ සිටින්නේ පූජාවලිය ග‍්‍රන්ථයේ නිර්මාතෘ මයුරපාද හිමියන් වැඩ වාසය කර ඇති ලංකාවේ තිබෙන එකම ටැම්පිට සංඝාවාසය ඇති මොරාගම්මන ශ‍්‍රි මයුරපාද රජමහ විහාරස්ථානයේ ය.

උපතින් ඉස්ලාම් ජාතිකයකු වන මෙම දරුවා සසුන්ගත වීමට ප‍්‍රථම ඔහුගේ නම වන්නේ මොහොමඩ් ඉසඩ් සමීර් සුවෙර් යනුවෙනි. මව චිත‍්‍රා ශ‍්‍රිමති චලිවර් වන අතර වයස අවුරුදු 36 කි. පියා මොහොමඩ් ඉසඩ් සුවෙර් ය. ඔහු වයස අවුරුදු 33 ක ඉස්ලාම් ජාතිකයෙකි.

මොරාගම්මන විහාරස්ථානයේ පසුගිය දිනක පැවිදි දිවියට පිවිසෙන මෙම ඉස්ලාම් දරුවා දැන් හඳුන්වන්නේ මාලිගාවත්ත චන්දකිත්ති යන නාමයෙනි.

මොරාගම්මන ශ‍්‍රී මයුරපාද රජමහ විහාරයේ විහාරාධිපති පුවක්මොටේ ධම්මරතන නා හිමියෝ ඒ පිළිබඳව මෙසේ පවසා සිටියහ.

මෙම හිමිනම ලැබුණේ මාගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් වන ජඹුරේවල චන්ද්‍රරතන හිමියන්ගෙන්. උන්වහන්සේ තමයි මට කීවේ මේ වාගේ අසරණ දරුවෙක් ඉන්නවා අපේ හාමුදුරුවන්ට පුළුවන්ද මම ගෙනත් දුන්නොත් අධ්‍යාපනය ලබා දෙන්න කියලා. ඒ අනුව මාගේ කැමැත්ත ලැබුණාට පස්සේ පොල්ගහවෙලට කොළඹ ඉඳන් මේ දරුවා උන්වහන්සේ විසින් එක්කරගෙන විත් මට බාර කළා. ඊට පස්සේ එක් කරගෙන ඇවිත් දරුවා පිරිවෙන් අධ්‍යාපනයට යොමු කළේ අරණායක පොල්අඹේගොඩ පිරිවෙනට. ගිහි කාලයේදිම තමයි යැවුවේ. මට මතක හැටියට ඒ 2017 ජුනි මාසයේ.

දරුවා පිරිවෙන් ගිහින් ආපු මුල් දවස්වල පටන්ම බොහෝ දිනයන්හිදි මා සමග සහ අපේ පන්සලේ පිරිවෙන් යන අනිකතුත් හිමිවරුන් දෙනමක් ඉන්නවා ඒ අයටත් කියලා තිබුණේ ගිහිකම අත්හැර මහණ වෙන්න කැමැතියි කියලා. ඉස්ලාම් දරුවකු නිසාත් මේ සඳහා දෙමාපියන්ගේ අවසරයක් ලැබෙන්නේ නැති නිසාත් මහණවීමට අවශ්‍ය නැති බව අපි මේ පුතණුවන්ට කුඩා කාලයේ කිවත් මේ පුතා නිතරම කිවේ මහණවීමට කැමැති බවයි. ‘

‘‘මට ලොකු හාමුදුරුවෝ වාගේ සිවුරු පොරවාගෙන මහණ වෙන්න ඕනෑ. පිරිවෙනේ පොඩි හාමුදුරුවෝ දැක්කාමත් මට මහණ වෙන්න හිතෙනවා. ඒ නිසා මා පැවිදි කරවන්න. මට පිරිත් කියන්න ඕනෑ“ කියමින් නිරන්තරයෙන්ම මේ දරුවා පිරිවෙන් ගොස් තමන්වහන්සේට පැවසු බව විහාරාධිපති හිමියෝ පැවසූහ.

‘‘මට මහණ වේලා බණ කියන්න ඕනෑ කියනවා. දානේ පන්සලට ගෙනත් දෙන අයට පින් වාක්‍යය කියන්න දෙන්න කියලා කියනවා. මේ කැමැත්ත නිසාම අවසානයේ දරුවා පැවිදි කරන්නට අවශ්‍ය කටයුතු සකස් කෙරුණේ දෙමාපියන්ගේ අවසරයෙන්. මේ මහණකම සිදු කිරීමට මත්තෙන් දෙමාපියන්ටත් අපි කීවා දරුවා පැවිදි කරනවාද නැද්ද කියලා තීරණය ගන්න කියලා. නමුත් ඒ දෙමාපියොත් දරුවාට මහණ වෙන්න එපා කීවත් ඒකට දරුවාගෙන් කැමැත්ත ගන්න බැරි වුණා. පස්සේ කරගන්නම දෙයක් නැති තැන සියලු දෙනාගේම කැමැත්තෙන් මේ දරුවා මහණ වෙනවා. ඒ මහණ වුණේ මාලිගාවත්ත චන්දකිත්ති නමින්. අපේ විහාරස්ථානයේ ඔක්තොම්බර් 27 වැනිදා උදේ 6.24 ට මහණ දම් පිරූ මේ දරුවා අද හොඳ ආදර්ශමත් භික්ෂුවක්.“

‘‘කෑගලූ දිසාවේ ප‍්‍රධාන සංඝනායක වරාපිටියේ රතනසාර හිමිපාණන් ඇතුළු පුවක්මොටේ ධම්මාරාම උපාධ්‍යයන්වහන්සේගේ අනුශාසකත්වයෙන් ප‍්‍රාදේශීය මහා සංඝරත්නය දායක සභාවේ සියලූ දෙනාගේ සහභාගිත්වයෙන් අප විහාරස්ථානයේදි මහණ වනවා. එහිදි මේ මහණකම සිද්ධ වෙන්නේ මාගේ තනි තීරණයකින් නොවෙයි. මේ සියලූ දෙනාගේ ආශිර්වාදයෙන්‘‘

‘‘මට හිතෙනවා මේ පොඩි නම හොඳට ඉගෙන ගනීවි කියලා. මොකද හරි උනන්දුවක් තියෙනවා අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මා ඇතුළු අපේ පන්සලේ අනික් සාමණේර හිමිවරුන්ද පිරිවෙනෙහි ආචාර්ය මණ්ඩලයත් හිමියන්ගේ දක්ෂතාව නිසා ඒ ගමන යන්න උන්වහන්සේට විශාල පිටුවහලක් සපයනවා. පන්සලට ගිහියෙක් ලෙස එනකොට අකුරු ලියන්න බැහැ, කියවන්න බැහැ නමුත් හිමියන්ට දැන් හොඳට ඒ සියල්ල කරන්න පුළුවන්. වේලාව බලාගෙන කියන්න බැරිව හිටියත් දැන් ඒ කටයුතුද ඉතා හොඳින් සිදු කරනවා. පිරිත් කියන්න පුදුම විදිහේ කැමැත්තක් තියෙනවා. අපි ජය පිරිත කියනවා අහගෙනම ඉඳලා දැන් පොඩි හාමුදුරුවෝ ජය පිරිත කට පාඩමෙන් කියනවා. මේ දවස්වල වැඩිපුරම මට පොඩි හාමුදුරුවන්ගෙන් තියෙන කරදරය තමයි පින් වාක්‍යය කියලා උපාසක උපාසිකාවන්ට පින් දෙන්න ඕනෑ කියන එක. ඉතින් මම අනික් ගාථා ආදිය හරියට කට පාඩම් කර ගන්නකම් ඒ කටයුතු උන්වහන්සේට කියලා දුන්නේ නැහැ‘‘

මාලිගාවත්තේ චන්දකිත්ති පොඩි හාමුදුරුවෝ මෙසේ පැවසූහ.

‘‘මම ගොඩාක් කැමැතියි පන්සලේ ඉන්න. පිරිවෙන් යන්න. මම කොළඹට වඩා මේ පන්සලේ ඉන්න කැමැතියි. ඒ දවස්වල මාගේ යාළුවෝ තමයි චමිදු, මල්දු, ටිකිරි, සුරේෂ්, කවිත ඒ අය ඒ අය එක්ක මම හවසට සෙල්ලම් කරනවා. අපේ ගෙවල් ගාව සිංහල අය තමයි වැඩිපුරම හිටියේ. මම මහණ වෙන්න ගොඩාක් කැමැතියි සිවුරු දාගෙන ඉන්න හාමුදුරුවරු දැක්කා

ට පස්සේ මටත් මහණ වෙන්න හිතුනා. මම පිරිත් කියන්න බණ කියන්න වාගේම පිරිවෙනේ උගන්වන්නත් කැමැතියි. මම පුංචි දවස්වල ඉඳන් හාමුදුරුවරුන්ට කැමැතියි මෙ පන්සලේ ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවරුන් වාගේම පිරිවෙනේ හාමුදුරුවරුත් මට ගොඩාක් කැමැතියි‘‘

පොඩි හාමුදුරුවෝ පවසන පරිදි මව සහ පියා යන දෙදෙනා දෛනිකව සිය කටයුතු කරමින් වියදමට මුදල් සොයා ගන්නා අතර මව නිවාසවල කුලී වැඩ කරන බවද කියයි. පියාද ව්‍යාපාරිකයකු වුවත් අග හිඟකම්වලින් දැඩිව පිඩනයට පත් වී සිටි නිසාම දරුවා පාසල් අධ්‍යාපනයකටවත් යොමු කර නැති මුත් දෙමාපියන් ඉස්ලාම් ආගම ඇදහිම සිදු කළත් බෞද්ධ 

දර්ශනය කෙරෙහි සිත පැහැදි සිටි බවද දැන ගැනිමට ලැබුණි. ගිහි කාලයේ එක් ඉරිදා දිනක දහම් පාසල් අධ්‍යාපනය ලබාදෙන ඒ අවට විහාරස්ථානයකට ගිය මේ ගිහි දරුවාට එතනදිද අධ්‍යාපනය ලබන්නට ආශාවක් ඇතිවී ඇත.

සිංහල සමාජ වටපිටාවක වැඩිපුරම ගැවසුණු දරුවාට සිංහල භාෂාව හැසිරවිමට හැකි වුවත් ඔහුන්ගේ භාෂාව හැසිරවිම එතරම් හුරු නැත. නිවසේ වැඩිපුරම කථා කර ඇත්තේද සිංහල භාෂාවයි.

විහාරස්ථානයේ නායක හිමියෝ මෙසේද කීහ.

‘‘දැන් පොඩි හාමුදුරුවෝ අවදි වෙන්නේ පාන්දර 5.30 ට ඒ කරලා ටික වේලාවකින් පොත පතේ වැඩ කරනවා. විහාරස්ථානයේ දායක දායිකාවන් සමගත් හොඳින් ඇසුරක් පවත්වාගෙන යන අතර ඉතා දක්ෂ ලෙස තම කටයුතු කරනවා. සෑම දෙයක්ම හොඳින් මතකයි. කට පාඩමින් බොහෝ දේවල් කියනවා. ගාථා කිහිප වතාවක් සජ්ඤායනා කරපුවාම පොඩි හාමුදුරුවෝ ඒවා කට පාඩමින් කියනවා. වැඩිපුරම බණ කියන්න කැමැතියි.

ඉස්ලාම් දරුවකු පැවිදිවීම සම්බන්ධයෙන් නායක හිමියෝ මෙසේද පැවසූහ.

‘‘ප‍්‍රශ්න ඒ අයගේ පවුලේ උදවියට ඇතිවෙලා තියෙනවා. මේක දරුවාගේ කැමැත්ත අනුව සිද්ධ වුණු පැවිද්දක්. දරුවකුට බලපෑම් කරලා මහණ දම් පුරන්න බැහැ. මේ පොඩි හාමුදුරුවෝ අකමැත්තෙන් මහණ වුනා නම් දැන් වුණත් ඕනෑ කෙනෙක් ඉදිරිපිට උන්වහන්සේ ඇත්ත කියාවි. බුදුන්ගේ දවස දඹදිවත් විවිධ ආගම්වලට අයත් විවිධ කුලවලට අයත් පිරිස ධර්මය ගැන පැහැදිලා මහණ දම් පිරුවා. සෑම මිනිසකුටම නිදහසේ තමන් කැමැති ආගමක් සහ තමන් කැමැති ඇදහිල්ලක් සිදු කරන්න අවස්ථාව තිබිය යුතුයි. මේ පොඩි හාමුදුරුවෝ අද බෞද්ධ ධර්මය වැළඳ ගත් නමුත් මේ අයගේ පවුලේ අම්මා තාත්තා ඇතුළු හැම කෙනෙක්ම ඉස්ලාම් ධර්මය තමයි අදහන්නේ. අන්න ඒ නිසා අපි අදහන ආගම කුමක් වුවත් මේ ගැන අවබෝධයකින් කටයුතු කිරිම මගින් ප‍්‍රශ්න ගැටලූ ඇති වෙන්නේ නැහැ. පසුගිය කාලයේදි අපි මාධ්‍ය හරහා දැක්කා දිඹුලාගල විහාරස්ථානයකත් ඉස්ලාම් දරුවකු මහණ වුවා. ඊට පස්සේ මෑත කාලයේ මේ වාගේ සිද්ධියක් වුණේ අපේ පන්සලේ වෙන්න ඇති. මේ රජයේ පරමාර්ථයත් සහජීවනය සාමය ඇති කරන්න. එහෙම නම් මේක රටට හොඳ ආදර්ශයක්.

මේ අවස්ථාවේ විහාරස්ථානයට පැමිණ සිටි උපාසිකා මාතාවන් දෙදෙනකු ද මුණ ගැසුණු අතර එහි සිටි වයස අවුරුදු 77ක් වන කේ.වී.සීලවතී මහත්මිය මෙසේ පැවසුවාය.

‘‘අපිට හරි සතුටුයි මේ වාගේ පොඩි හාමුදුරුනමක් අපේ පන්සලේ මහණ කිරිම ගැන. අපි කවුරුත් ඉන්නේ ඉතා සතුටෙන්. අපිට ජාති, ආගම්, කුලභේද වැඩක් නැහැ. අපි මිනිස්සු. අපි හැම කෙනකුම ටික කාලයක් ජිවත්වෙලා පොළවට පස්වෙලා යනවා. ඒ වෙනකම් පිනක් දහමක් කරගෙන ජිවත් වෙන්න ඕනෑ‘‘

අතීතයේ පටන්ම බුදු දහම සහ බෞද්ධ සමාජය ලෝක සාමයට විශාල පිටුවහලක් සපයනු ලැබු අතර ඉස්ලාම් ජාතිකයකු වු මොහිදින් බෙග් ගැයු ගී බොහෝමයක් බෞද්ධාගමිකයන් අතර ඉතා ජනප‍්‍රිය නිසාම බොහෝ දෙනෙක් එම කලාකරුවාට ආදරය කරමින් ඔහු මිය ගියත් ඒ ගී හඩට තවමත් ඇළුම් කරති. ඉන්දියාවේ අගමැති මෝදි මහතා හින්දු බැතිමතෙකි. නමුත් ඔහු පසුගියදා බුද්ධගයාවේදි පවසා සිටියේ බුද්ධගයාව ලෝක බෞද්ධයන්ගේ අගනුවර බවට පත් කරන කරන බවයි. එවැනි සාමයක් ආගම් අතර ජාති අතර නිර්මාණය වෙමින් සහජීවනයක් ඇති වෙන අතීත කථා සහ වර්තමාන ආදර්ශයන් බොහෝ දෙනෙක් අතින් ඉටු වී ඇති කාල වකවානුවන මෙම සිදු වීමද අපේ රටේ සහජීවනයට මිනිස්කමට දුන් හොඳ ආදර්ශයකි.



අදහස් (15)

සංහිඳියාවට අලුත් අරුතක් - මාලිගාවත්තේ සමීර් සුවෙර් මයුරපාදයේදී පැවිදි දිවියට

Marikkar Sunday, 12 November 2017 08:15 AM

වැරදි පූර්වාදර්ශයක්.. මේ ළමයා පැවිදිවීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ අන්ත දුගී භාවයයි.. ඔය පාරවල්වල අසරණවෙලා හිගාකමින් සිටින දුවාලා දරුවන්වත් මේ ආකාරයට පැවිදි කරන්න පියවරක් ගන්න බැරිද? අබෞද්ධ අය පැවිදිවන අවස්ථාවන්වල පමණක් මේ ආකාරයට මාධ්‍යයන් අවධානය යොමුකරන්නේ මක් නිසාද? විශේෂයෙන් කුඩා දරුවන් පැවිදිකිරීම සම්බන්ධ මීටත් වඩා උසස් ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍යයි...බුදුරජානන් වහන්සේ කරලියට ආවේ ඉතා ප්‍රබල පවුල් පසුබිමකින්.. නමුත් අද ?

:       3167       696

indikaSunday, 12 November 2017 10:10 AM

මරික්කාර් මහතා වෙත. බුද්ධ දේශනාවේ හෝ බුද්ධ දර්ශනයේ කිසිම තැනක සඳහන් වෙලා නෑ දරුවන් මහණ කරන්න එපා කියලා. හැබැයි රාහුල තෙරණුවන්ගේ සිදුවීමෙන් පසුව බුදුන් වහන්සේ නීතියක් පැනවූවා... කුඩා දරුවන් සසුන් ගත කිරීමේදී දෙමාපිය හෝ භාරකාරිත්වයේ අවසරය ගත යුතුයි කියලා. ඒ වගේම බුද්ධ දේශනාවේ කිසිම තැනක සඳහනක් නෑ බුදු දහම අදහන අයට වෙනත් ආගමකට හෝ දර්ශනයක් ඇදහීමට අවසර නැත හෝ නොගිය යුතුයි කියලා. කැමති නම් අනුගමනය කිරීම පමණයි බුද්ධ දර්ශනයේ මුලික හරය. එදා බුදුන් දවසත් අද වගේම හෝ ඊටත් වඩා මිත්‍යා දෘෂ්ටිකයින් ඉතා විශාල පිරිසක් උන්නා විතරක් නෙමේ හින්දු ආකල්ප හා වෙනත් බලපෑම් හින්දා කුලවාදය දරුණුවට තිබුන අවධියක්. බුදුන් වහන්සේට සාමාන්‍ය පවුලක දරුවෙකු ලෙස උපත ලබා බුද්ධත්වයට පත්වෙන්න හැකියාවක් නොතිබුණා නෙමෙයි. හැබැයි එදා එහෙම වුණා නම් ඒ තිබුණු බමුණු සමාජය උන්වහන්සේට කිසිම කෙනෙක් ඇහුම්කන් දෙන්නේ නෑ. එයින් වෙන්නේ සත්‍ය අවබෝධය තවත් දීර්ඝ වීමයි. ඒ නිසා තමයි කිසිම කෙනෙකුට කිසිඳු වැරැද්දක් කිව නොහැකි ලෙස එදා සමාජයේ ඉහළම කුලය වෙච්ච ශාක්‍ය වංශයේ කුමාරයෙක් ලෙසට උපත ලබා ජීවත් වුනේ.

:       139       1280

marikkar Sunday, 12 November 2017 11:08 AM

ඉන්දික සහෝදරයාට බොහොම ස්තුතියි විග්‍රහයක් ලබාදීම සම්බන්ධයෙන්.. මගේ තර්කය වුනේ අද කාලේ සියයට සියයක්ම වගේ පැවිදිවෙන්නේ අන්ත දුගී දුප්පතුන්. තමන්ට තේරන වයසේදී පැවිදි වන්නන් ඉතාමත්ම අල්පයි.. යමක් නිසියාකාරව අවබෝධ කරගන්න පුළුවන් වයසේදී යම් මාර්ගයක් තෝරාගැනීම ධර්මානුකූලයි කියලයි මම නම් හිතන්නේ...

:       522       42

කුමාර් (ගල්ෆ්) Sunday, 12 November 2017 11:04 AM

මරික්කාර් මහත්තයෝ නොදන්නා දේවල් තමාට විෂය නොවන දේවල් කතාකරන්න ගිහින් නිකන් අනාගන්නේ නැතිව ඉන්න.

:       3       416

marikkarSunday, 12 November 2017 11:46 AM

කුමාර් මහත්තයෝ... කව්ද අනාගත්තේ කියලා හොඳ බුද්ධියක් තියන හැමෝටම නිසි ලෙස තේරිලා ඇති..

:       244       23

MarikkarSunday, 12 November 2017 12:36 PM

අපේ මිනිස්සුන්ට වැරදුනේ අනුන්ගේ වැරදි හොයහොයා හිටියා මිසක් තමන්ගේ වැරදි හදා ගත්තේ නැති එකයි. දැන්වත් හැදුණොත් නේද හොඳ?

:       315       3

sanjeevaSunday, 12 November 2017 04:04 PM

මරික්කාර් මහතාණෙනි.. ඔබ ගැන මට පැහැදීමක් ඇති වුණා. ඇත්ත ඇත්ත ලෙස දකින එක. අනිත් පැත්තට සිංහල ළමයෙක් මුස්ලිම් ආගමට ගියා නම් කොහොමද තත්වේ.. මේ කොමෙන්ට් එකට ඩිස්ලයික්ස් 100,000,000 විතර වැටෙයි.. කමක් නැහැ.. ඇත්ත තිත්තයි..

:       2       151

Saman Vijaya Bandara Sunday, 12 November 2017 12:01 PM

මෙ කථාව ලියන මම සමන් විජය බංඩාර වෙමි. මේ දරුවා සමග මා හොඳින් කථා කලා. මෙ පුවතේ තවත් සවිස්තරාත්මක කථා මගේ ගාව තියෙනවා. දරුවෙකු බලහත්කාරයෙන් මහණ කිරිමට හැකියාවක් නැහැ. මේ දරුවා මහණ වෙලා තියෙන්නේ එයාගේ කැමැත්ත අනුව නමුත් මෙය පදනම් කොට විවිධ තර්ක ගොඩ නැගෙනවා. මං හිතන්නේ ඒ වාගේ දේවල් වලට වඩා මෙහි සත්‍ය තේරුම් ගැනීම වැදගත් වෙනවා. කෙසේ වෙතත් මේක මෙ රටේ සංහිඳියාවට හොඳ අරුතක් කියලා තමයි කියන්න වෙන්නේ.. මෙහි තවත් විස්තර සමගින් අපි ඉදිරියේදි හමුවෙමු.

:       0       333

nisar Sunday, 12 November 2017 01:10 PM

කුමන දර්ශනය අනුගමනය කරත් මරණින් මතු කිසිදා අවසන් නොවන ලෝකොත්‍තර ජීවිතය ජය ගැනීමේ මගට පැමිණෙන මෙන් සියලු සත්වයන්ගෙන් ඉල්ලා සිටිමි.

:       1       148

AselaMonday, 13 November 2017 05:00 AM

"ලෝකොත්‍තර ජීවිතය" පැහැදිලි කරන්න පුලුවන්ද..

:       3       0

indra Sunday, 12 November 2017 06:57 PM

වාද විවාද ඕනේ නෑ මේ දරුවා ගෙනා කුසල් අනුව මහණ දම් පිරුවා අයාලේ නොගිහින් බුදු මගට පිවිසීම මොන තරම් දෙයක්ද ? මරික්කාර් මහත්මයෝ ඔබේ දහම අනුවත් අපේ දහම අනුවත් බලාපොරොතු වෙන එකම දෙය නිවැරදි මාර්ගයයි මේ දරුවා අද එතනට ඇවිල්ල මොකක්ද ඔබ දකින වෙනස

:       0       0

Ranjith Monday, 13 November 2017 03:24 AM

මරික්කාර් මහත්තයෝ ඔයාට ගොඩක් වැරදිලා. කාගෙවත් දුගීකමකට කවුරුත් මහණ කරන්නේ නැ. අපේ ආගමේ අනාගතය කියන්නේ හාමුදුරුවරු. ඉතින් එකට හාමුදුරුවරු ඉන්න ඕනි. ඒක නිසා තමා මහණ කරන්නේ. මහණ වෙන කෙනා ලොකුද පොඩිද කියල ප්‍රශ්නයක් නැ. එයාගේ කැමැත්තයි වැදගත්. තවත් දැනගන්න තියෙනවනම් අහන්න. මොකද ඔයා අපේ ආගමේ තියෙන දේවල් දන්නේ නැතිවයි කෑගහන්නේ.

:       0       0

MarrikkarMonday, 13 November 2017 05:17 AM

රන්ජිත් සහෝදරයා.. ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය තියනවා. අද මම මුස්ලිම්වීමටත් ඔබතුමා බෞද්ධ වීමටත් ප්‍රධාන වශයෙන් හේතුවුනේ අපේ දෙමව්පියන් අදහපු ආගම්. මුස්ලිම්වරයෙන් වශයෙන් මම විශ්වාස කරනවා එය අල්ලාහ්ගේ කැමැත්තක් කියලා. මට කියන්න අවශ්‍ය වුනේ කුඩා දරුවන් සම්බන්ධව ගන්නා තීරණයන් අනාගතේදී ඔවුන්ට කලකිරීමක් නොවන ආකාරයට සිදුවිය යුතුයි යන්නයි. ආගමික අරමුණු සඳහා කැප වූ ළමුන් ඔවුන්ගේ අනාගත ජීවිතය ගැන බොහෝ සෙයින් සතුටට පත් නොවන බව ඉතා පැහැදිලියි. මෙය ඉස්ලාම්, ක්‍රිස්තියානි, හින්දු සහ බුද්ධාගම සම්බන්ධයෙන් ද අදාළ වේ. මට නිදසුන් සිය ගණනක් ලබා දිය හැකි නමුත් එසේ කිරීම හොඳ පියවරක් නොවේ. මට තියනවා ඍජු ප්‍රශ්නයක්; ඔබතුමා වගේ මත දරන, සියලු දෙනාම මහණ වෙන්න සුදානම්ද? මම දන්නා තරමින් ලොකුවෙලා මහණවුණු හිමිවරුන් අතලොස්සක් පමණයි.

:       0       1

Abey Ruwan Monday, 13 November 2017 03:55 AM

උප්පැන්න සහතිකයේ ඇති සිංහල දෙමල මුස්ලිම් යන වචන ඉවත්කර ශ්‍රී ලාංකික යන වචනය උපදේශ කිරීමට කාලය උදාවි තිබේ. අපි ජීවත් වෙන්නේ 21 වෙනි ශතවර්ශයේය මේ ගැන විද්වතුන්ගේ සහ දේශපාලකයින්ගේ අවධානය යොමුවේවා !

:       0       2

Marikkar Monday, 13 November 2017 05:23 AM

"අපේ මිනිස්සුන්ට වැරදුනේ අනුන්ගේ වැරදි හොයහොයා හිටියා මිසක් තමන්ගේ වැරදි හදා ගත්තේ නැති එකයි. දැන්වත් හැදුණොත් නේද හොඳ?" (මේක ප්‍රවීණ හාමුදුරුනමකගේ අදහසක්.. නමුත් මේකට ඩිස්ලයික් පමණයි වැටුනේ.... මක්නිසාදයත් එය මුස්ලිම්වරයකු විසින් ප්‍රතිනිෂ්පාදනය කරන ලදී ...

:       4       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 139 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1144 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 539 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1724 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1289 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38786 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 999 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site