(ජනාධිපති නිතිඥ ආචාර්ය - ජයතිස්ස ද කොස්තා)
අලූත් ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් මේ වනවිට කතිකාවක් නිර්මාණය වී තිබේ. අලූත් ව්‍යවස්ථාවක් සඳහා යෝජනා ඇතුළත් කෙටුම්පතක් ද මේ වනවිට ඉදිරිපත් වී තිබේ.
කල්පවතින, ස්ථාවර, කාර්යක්‍ෂමයෙන් යහපත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සෑදීමට මෙම කෙටුම්පත පාදක කරගත හැකිද යන්න සලකා බැලිය යුතුය. යෝජිත නව ව්‍යවස්ථාව යම් ලෙසකින් සකසා එය ජනතාව විසින් පිළිගෙන මේ රටේ ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට ඉඩ තිබේ. ඒ වගේම එය එසේ නොවන්නට ද පුළුවන.
කෙසේ වෙතත් දැනට ඉදිරිපත්ව ඇති යෝජනා පාදක කරගෙන සාර්ථක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකසාගත හැකිද නැද්ද යන්න සලකා බැලීම අවශ්‍යය.
එය කිසි ලෙසකින්වත් සාර්ථක වන්නක් නොවන බව දැනට ඉදිරිපත්ව ඇති කරුණු අධ්‍යයනයේදී තහවුරු වනු ඇත. එය මුලින්ම පැවසිය යුත්තකි. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂවල නියෝජිතයන්ගෙන් පමණක් සැදුම්ලත් කමිටුවකට ඉදිරිපත් කර සහ අනෙක් ජන කොට්ඨාස, සමිති සමාගම්, පක්‍ෂ යනාදියෙන් කරුණු විමසා ව්‍යවස්ථාව සකසන බව කියා තිබේ.
මේ වැඩ ඇරැඹෙන්නේ පාර්ලිමේන්තුව ඇතුළේය. එසේවූවත් අලූත් ව්‍යවස්ථාවක් හැදීමට ජනතාව වරමක් ලබාදී නැත. වත්මන් පාර්ලිමේන්තුවේ කිසිදු පක්‍ෂයකට තනි බහුතර ජනවරමක් නැත.
පසුගිය මහ මැතිවරණයට තරග වැදුණේ එජාප කණ්ඩායමක් සහ මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ කණ්ඩායමකි. මේ මැතිවරණයේදී ආසන 113ක් එජාපයට හෝ වෙනත් තනි පක්‍ෂයකට ලැබුණේ නැත. එජාපය ලබාගත් මන්ත‍්‍රී 106 තුළ සිටින එජාප මන්ත‍්‍රීවරු සංඛ්‍යාව 82කි. විවිධ මත දරන දේශපාලන පක්‍ෂ කීපයකට හිමි මන්ත‍්‍රීධුර ද මෙහි ඇති බව අමතක නොකළ යුතුය. හෙළ උරුමය, රිෂාඞ් බදියුදීන් මහතාගේ පක්‍ෂය, මුස්ලිම් කොංග‍්‍රසය යනාදී වශයෙන් පක්‍ෂ ගණනාවක මන්ත‍්‍රී ධුර ද එකතුව එජාප මන්ත‍්‍රී 106 සංඛ්‍යාව සකස් වී තිබුණි.
අලූත් ව්‍යවස්ථාවක් ගෙනෙන බව කියා එජාපය ඡුන්දය ඉල්ලූවා නම් ඒ සඳහා ජනවරමක් ලැබී නැති බව මෙයින් පැහැදිලිය. එහෙත් ප‍්‍රථමවරට රැස්වන විට ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රීලනිප කණ්ඩායමක් සහ එජාපෙ එකතු වී සභාග ආණ්ඩුවක් බිහි කළේය. යහපාලන ආණ්ඩුවක් නිර්මාණය කළේය.
මේ යහපාලනය ජනතාවට දුන් පොරොන්දු කීපයකි. මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම ඉන් ප‍්‍රධානය. පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණ දක්වා මැතිවරණ ක‍්‍රමය තවම වෙනස් කර නැත. දිනේෂ් ගුණවර්ධන කමිටු වාර්තාවේ පටන් දිගින් දිගටම පැමිණි පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය නම් මිශ‍්‍ර ක‍්‍රමයක් බවට පරිවර්තනය කර තිබේ. මේ අනුව මනාප ක‍්‍රමය ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. එය සතුටු විය හැකි කරුණකි.
ඒ වගේම විධායකයේ බලතල අඩු කිරීමට ජනවරමක් ඉල්ලූවේය. ඒ අනුව එහි අසීමිත බලතල ඉවත් කර තිබේ. පාර්ලිමේන්තුව රැස් වී වසරක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දැන් ජනාධිපතිවරයාට බලයක් නැත. එසේ විසිරවීමේ බලය තිබුණා නම් අද තත්ත්වය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි. ඒ අනුව විධායකයේ තිබූ විසම බලතල කීපයක් ඉවත් කර තිබේ.
මේ පසුබිම යටතේ අද සිදුව ඇත්තේ කුමක්ද?
රට අරාජිත තත්ත්වයකට ගමන් කරන ලක්‍ෂණ පහළ වෙමින් තිබේ. බැලූ බැල්මට පෙනෙන දෙයට වඩා හාත්පසින්ම වෙනස් දේ පාර්ලිමේන්තුව තුළ සිදුවෙමින් තිබේ. පළාත් සභා මැතිවරණය කල් දමන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් සහ ජනමත විචාරණයකට යායුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ දන්වා සිටි අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිදු වූ ක‍්‍රියාවලිය මෙයට ආසන්නම උදාහරණය වශයෙන් පෙන්නා දීමට පුළුවන.
එහිදී ආණ්ඩුව සූක්‍ෂමව කාරක සභා අවස්ථාවේදී යම් යම් සංශෝධන කළේය. ජනතාවට මේවා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට අවකාශය ලබා දුන්නේ නැත. එබඳු තත්ත්වයක් යටතේ අලූත් ව්‍යවස්ථාව කෙසේවේද යන සැකය සමාජයේ ජනිත වී තිබේ.
පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් එකම පක්‍ෂයකටවත් නැත. එබඳු පාර්ලිමේන්තුවකින් සැදුම්ලත් නියෝජිතයන්ගෙන් පමණක් පටන්ගෙන රටටම බලපාන දිගටම අනාගතයට පවතින ආණ්ඩු ක‍්‍රමයක් සකස් කිරීමට යාම බෙහෙවින්ම භයානකය. එය කිසිසේත්ම කළ යුත්තක් නොවේ. සාර්ථක ආණ්ඩු ක‍්‍රමයක තිබිය යුතු අත්‍යවශ්‍ය ලක්‍ෂණය හැදීමට යන නව ව්‍යවස්ථාවේ නැත. එය සුළුකොට සැලකිය යුතු කරුණක් නොවේ.
ඉදිරිපත්ව ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් නොවූවත් මේ යෝජනා ඉදිරිපත් කළේ කා විසින් කා සඳහා ද යන්න සලකා බැලිය යුතුය. මේ යෝජනා ඉදිරිපත් කර තිබෙන්නේ පසුගිය ඡුන්දයේදී ලැබුණු ඡුන්ද අනුව තමන්ට මෙවැන්නක් කිරීමට හැකිය යන පිරිසකි. යම් යම් කණ්ඩායම්, පක්‍ෂ සහ බලපෑම් කළ හැකි කණ්ඩායම් වශයෙන් එකතු කරගෙන එයට රාජ්‍ය නොවන සංවිධානවලින් ද උදව් ලබාගෙන ජනතාවගෙන් ද අදහස් විමසූ බව පෙන්වීමට සමාජයට විදහා දක්වා තිබේ. එහෙත් මූලික වශයෙන් ජන සහභාගිත්වයක් මෙයට ලැබී නැත.
ශ්‍රී ලංකාව තුළ විශ්වවිද්‍යාල 15ක් පමණ තිබේ. එහි ආචාර්යවරු සංඛ්‍යාව දහස් ගණනකි. මෙයින් අති බහුතරය මෙයට සම්බන්ධ වී නැත. ඒ වගේම තවත් උසස් අධ්‍යාපන ආයතන රාශියකි. ඒවායේ අධ්‍යයන අංශවල අදහස් ද ලබාගෙන නැත. ලංකාව පුරා සිටින නීතිඥ සංඛ්‍යාව විසි දහසක් පමණය. වෛද්‍යවරු විශාල පිරිසකි. ඒ වගේම වෙනත් වෘත්තිවල නියැළි පිරිස අතිමහත්ය. දැනට ඉදිරිපත්ව ඇති යෝජනා සම්බන්ධයෙන් සැලකිය යුතු දායකත්වයක් මේ අංශවලින් ලැබී නැත. ජනතාවගේ අවශ්‍යතා ජනතාව උදෙසා ජනතාව විසින් ඇති කරගනු ලබන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මේ යෝජනා හරහා බිහි නොවන බව මෙයින් තහවුරු වනු ඇත.
මේ රටේ ප‍්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙකකි. එජාපය ප‍්‍රමුඛ කණ්ඩායම ඉන් එකකි. එජාපයට විරුද්ධ කණ්ඩායම දෙවැන්නය. මේ කණ්ඩායම් දෙකම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා දෙකක් ඉදිරිපත් කළේය. කෙසේ වුවත් මේ බලවේග දෙක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවලදී එක හෙළා පිළිගන්නා ප‍්‍රධාන කරුණු දෙකකි.
බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානයදීම ඉන් එකකි. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවෙත් 1978 දී පැන වූ වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙත් එම කාරණය එලෙසම තිබේ. බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දීම ඓතිහාසික කරුණකි. උඩරට පෙදෙස් බි‍්‍රතාන්‍යයන්ට බාරදීමේදී බුද්ධාගම ආරක්‍ෂා කර පෝෂණය කරන බවට බි‍්‍රතාන්‍යයන් පොරොන්දු කර ගත්තේය.
බුද්ධාගම අනුල්ලංඝනීය යනුවෙන් සඳහන් කෙරුණි. ඩඞ්ලි සේනානායක සහ ජේ.ආර්. ජයවර්ධන ගෙනා යෝජනාව වූයේ එයයි. බුද්ධාගමේ ප‍්‍රතිපත්ති උල්ලංඝනය නොකළ යුතු බව එදා එජාපය ඉල්ලා සිටියේය. එහෙත් බුද්ධාගමට ප‍්‍රමුඛත්වය දෙන පවසා ඒ යෝජනාව එදා පිළිගත්තේ නැත.
බටහිර ජාතීන් පවා මෙවැනි කාරණා ඒ ඒ රටවල සංස්කෘතික හා ඓතිහාසික ලක්‍ෂණ අනුව මෙන්ම ඒ ජන සමාජයේ හඳුනා ගැනීමේ ලක්‍ෂණ අනුව පිළිගනු ඇත. මැලේසියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උදාහරණයකි. ඒ ව්‍යවස්ථාව අනුව එරට සිටින මුස්ලිම් ජාතික ප‍්‍රතිශතය සියයට 56ක් පමණය. එහෙත් මැලේ ජාතිකයන් එරට භූමි පුත‍්‍රයන් හැටියට නිජ භූමියේ අයිතිකරුවන් හැටියට ඒ අයට දී තිබෙන විශේෂිත තත්ත්වය එරට පාර්ලිමේන්තුවේ පවා ප‍්‍රශ්න කළ නොහැකි බව එරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබේ. මේ තත්ත්වය ඇමෙරිකාව හා අනෙකුත් බටහිර රටවල් පවා පිළිගෙන තිබේ.
මෝල්ටාව ඉතා කුඩා රටකි. එරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව රෝමානු කතෝලික ආගම රාජ්‍ය ආගමය. ඒ ගැන කිසිවකුත් ප‍්‍රශ්න කරන්නේ නැත. බටහිර අනෙක් රටවල් හෝ රාජ්‍ය නොවන සංවිධානවත් මේවා ප‍්‍රශ්න කරන්නේ නැත. තවත් රටවල් අවශ්‍ය නම් උදාහරණ වශයෙන් සඳහන් කළ හැකිය. ඇමෙරිකා ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ බයිබලය අතේ තබාගෙනය. ‘ඉන් ගෝඞ් මී ට‍්‍රස්ට්’ යනුවෙන් ඇමෙරිකන් ඩොලර් නෝට්ටුවල සඳහන් කර තිබේ. එංගලන්ත සභාවට අයිති කතෝලිකයකුට මිස වෙනත් අයකුට එරට රජකමේ සිටිය නොහැක. එරට ලිඛිත ව්‍යවස්ථාවක නැති නිසා මෙය කොතැනකවත් සඳහන්ව නැත. එහෙත් එරට චිරාගත සම්ප‍්‍රදාය එයයි.
බුද්ධාගමට ප‍්‍රමුඛත්වය දීම මෙන්ම ඒකීය රාජ්‍ය සංකල්පය ප‍්‍රධාන පක්‍ෂ දෙකම එදා පිළිගත් කාරණාය. 1972 සහ 1978 ව්‍යවස්ථාවල මේ කරුණ පැහැදිලිව සඳහන්ය. රටේ ඒකීය ස්වභාවය කිසිවකුටත් ප‍්‍රශ්න කළ නොහැකි තරමට පිළිගෙන අවසන්ය. එහෙත් දැන් දැන් විදේශ බලපෑම් නිසා ලංකාවට සන්ධීය ක‍්‍රමයක් ඒකීය නම යටතේ ෆෙඩරල් ක‍්‍රමයක් යනාදී වශයෙන් වැරැදි චිත‍්‍රයක් මවමින් තිබේ. විදේශ දේශපාලනඥයන් මෙන්ම ඒවා අනුගමනය කරන මෙරට ඇතැම් දේශපාලනඥයන් ද මෙවන් ක‍්‍රමයක් ලංකාවට ගැළපෙන බව පෙන්වීමට උත්සාහ ගන්නා බව පෙනේ.
එවැන්නක් කිසිසේත්ම ලංකාවට ගැළපෙන්නේ නැත. සන්ධීය යනු ඒකීය යන වචනයට අහසට පොළව මෙන් වෙනස් වූවකි. අලූතෙන් හදාගෙන යන දෙමළ වචන අවශ්‍ය නැත. වෙනත් වෙනත් භාෂා ගෙනැවිත් නොයෙක් කතා කීමේ වුවමනාවක් නැත. ‘‘ඒකීය’’ යන වචනය හොඳටම ප‍්‍රමාණවත්ය.
එකට තිබූ උතුරු නැගෙනහිර වෙන් කළේය. යළි එය එකතු කිරීමේ වුවමනාවක් නැත. මේ රටේ ජනතාව එවැන්නකට ඉඩදේවි යැයි සිතිය නොහැක. කෙසේ වෙතත් අලූත් ව්‍යවස්ථාවක් හදනවිට හෝ තිබෙන ව්‍යවස්ථාව සංශෝධනය කරන විට කළ හැකි වැඩ සහ කළ නොහැකි වැඩ තිබේ.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික ස්වභාවය සියයට සියයක වැඩි ඡුන්ද ලබාගෙනවත් වෙනස් කළ නොහැක. පැහැදිලි ලෙසම ඉන්දියානු ශ්‍රෙෂ්ඨාධිකරණය 1973 දී තීරණය කළ ඉතා ප‍්‍රකට නඩුවක් වන කේසවනන්ද භාරතී එදිරිව කේරල ප‍්‍රාන්ත රජය නඩුවේ තීන්දුව වැදගත්ය. එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය සම්බන්ධ කාරණයකි.
විනිශ්චකාරවරුන් 13 දෙනකු එක් වී මේ තීන්දුව ලබාදී තිබේ. ඉන්දියානු ජනරජයේ මූලික ලක්‍ෂණ වන ජනරජ ස්වභාවය වෙනස් කළ නොහැකි බව බහුතර මතය ලෙස එහිදී ප‍්‍රකාශ වී තිබේ. පාර්ලිමේන්තුවේ සියයට සියයක් ඡුන්ද ගත්ත ද නැවත රාජාණ්ඩුවක් කළ නොහැකි බව කියා තිබේ.
මේ රටේ ස්වභාවයත් එයයි. ඒ ආකාරයට මේ රටේ ව්‍යවස්ථාවේ මූලික ලක්‍ෂණ දෙකකි. එයින් එකක් ඒකීයභාවයයි. අනෙක බුද්ධාගමට මුල්තැන දීමය. තවත් කාරණා ද තිබේ. සියයට සියයක් ඡුන්ද ගත්තත් ශ්‍රී ලංකා ජනරජය ඒකාධිපති රජයක් විය යුතු යැයි කීමට කිසිවකුටවත් නොහැක. ඒ වගේම රාජාණ්ඩුවක් කිරීමට ද නොහැක. ඒනිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේදී මෙවන් මූලික ලක්‍ෂණවලට අත නොතැබිය යුතුය.
දැනට ඉදිරිපත්ව ඇති යෝජනා අනුව ඒකීය යන වචනයට ඔරුමිත්ත නාඩු නමින් වෙනත් අර්ථයක් දීමට සමහරු උත්සාහ කළහ. බුද්ධාගමට ප‍්‍රමුඛත්වයදීම ද යටපත් වන ආකාරයට එහි ප‍්‍රබල බව අඩුවන ආකාරයට වෙනත් වෙනත් වගන්ති ගෙන ඒමේ උත්සාහයක් ද තිබුණි. එවැනි කටයුතුවලට කිසි ලෙසකින්වත් ඉඩ නොතැබිය යුතුය. දැනට ව්‍යවස්ථාවේ මේ කාරණාවලට දී තිබෙන තැන අබමල් රේණුවකින්වත් වෙනස් නොකළ යුතුය. මේ කාරණා දෙස බලන විට දැනට ඉදිරිපත්ව ඇති යෝජනා පාදක කරගෙන සාර්ථක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ නොහැකි බව පැහැදිලි කරුණකි.
මතුපිටින් ඒකීය යන වචනය තිබීම පමණක් ප‍්‍රමාණවත් නැත. උතුරු පළාතට පිටින් ඇතුළු වන වාහනවලට බදු අය කිරීමට උතුරු පළාත් සභාවට හැකි වූවොත් එය බරපතළය. එවන් තත්ත්වයක් ඇති නොවීමට ද වගබලා ගත යුතුය. කරන්නට යන්නේ මතුපිටින් පෙනෙන්නට ඇති දෙය නොවේ. ජනතාවට එකක් පෙන්නා වක‍්‍රාකාරයෙන් ෆෙඩරල් ක‍්‍රමය ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළක් පෙනෙන්නට තිබේ.
ඍජුව කිරීමට බැරි වූ දේ වක‍්‍රාකාරයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හරහා ස්ථාපිත කිරීමට යනවාද යන සැකය තිබේ. මේවාට උඩ ගෙඩි දෙන ශ්‍රී ලාංකිකයන් කීප දෙනකු ද සිටින බව පැහැදිලිය. එය කනගාටුවට කරුණකි. හැට දෙලක්‍ෂයක් ජනයා ඡන්දය දී තිබෙන්නේ රටේ ඒකීයභාවය නැති කිරීමට නොවේ. බුද්ධාගමට දී තිබෙන ප‍්‍රමුඛස්ථානය නැති කිරීමට නොවේ. වෙනත් කාරණා උදෙසාය.
අද මහානායක හිමිවරු පවා අලූත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බව ප‍්‍රකාශ කර තිබේ. ජනතාවට ද මෙවැන්නක් අවශ්‍ය නැත. බහුතරයට අවශ්‍ය මැතිවරණ ක‍්‍රමයේ වෙනසකි. විධායක බලතල ඉවත් කිරීමය. විධායක බලතල අගමැතිට දුනහොත් බහුතර බලයක් පක්‍ෂයකට නැති පාර්ලිමේන්තුවක් තුළ දී රට අස්ථාවර විය හැකිය. එවිට නොයෙක් බලවේගවලට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට අවකාශ ලැබෙනු ඇත. අසාර්ථක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට පාදක වන යෝජනා ඉදිරිපත් වී ඇති බව අවසාන වශයෙන් ප‍්‍රකාශ කළ හැකිය.
(සටහන - චමින්ද මුණසිංහ)
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හැට දෙලක්ෂයේ කැමැත්තද මේ
bamunu Tuesday, 24 October 2017 08:29 AM
මේක හැට දෙලක්ෂයේ කැමැත්ත නොවෙයි මේක NGO සහ දෙමල ඩයස්පෝරාවේ කැමැත්ත.
Perakum Tuesday, 24 October 2017 09:00 AM
මේ වනවිට අපි මේ පිලිබඳ අපේ අදහස් පැහැදිලිවම එක එල්ලේම නොයෙක් වතාවල නොයෙක් තැන්වල දක්වා ඇත. එහෙත් ඒ සඳහා බලධාරීන් විසින් කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නැත. තත්වය එසේ හෙයින් තවදුරටත් ප්‍රතිචාර දැක්වීමෙන් පලක් නැත. නිසි අවස්ථාව පැමිණිවිට අදාල ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කරමින් නිහඬ වෙමි.
ලුම්බිණි Wednesday, 25 October 2017 03:46 AM
ව්‍යවස්ථාවේ මූලික ලක්‍ෂණ අතර බුද්ධාගමට දී තිබෙන ප‍්‍රමුඛස්ථානය නැති කිරීමක් කොතනද තියෙන්නේ?
PRABATHWednesday, 25 October 2017 08:43 AM
ප්‍රමුඛස්ථානය නැති කිරීම නොව අනෙක් ආගම්වලට සමස්ථානය දිය යුතු බව සඳහන්කර වක්‍රාකාරව බුද්ධාගම දියකර හැරීමට උත්සාහයක් පවතී.
Deepal Nirosh Wednesday, 25 October 2017 08:14 AM
ලක්ෂ 62ක ජනතාව මනාපය දුන්නේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දීර්ඝ කාලීනව ඉල්ලා සිටි සංශෝධන ලබා ගැනීමේ පොරොන්දුව මතයි. දැන් ඉතිරි වී ඇත්තේ පූර්ණ සමානුපාතික මැතිවරණ ක්‍රමය සමානුපාතික-කේවල මිශ්‍ර ක්‍රමයකට පරිවර්තනය කර ගැනීමයි. නව ව්‍යවස්ථාවක් කිසිසේත් ඉල්ලුවේ නැහැ.
dhamneth Wednesday, 25 October 2017 12:37 PM
තුනෙන් දෙකේ ඡන්දයෙන් බොහෝ පනත් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්තත් පාර්ලිමේන්තුවේ තනි පක්ෂයකට තුනෙන් දෙකේ බලය ලැබුනේ 1977 දී ජේ.ආර්.ජයවර්ධන මහතාට පමණයි. මේ ආණ්ඩුව යන ගමන් වේගය බැලුවහම නම් නව ව්‍යවස්ථාව සකස්කර අවසන් කරන කොට 2020 ම වෙයි. එ්නිසා ඊළඟ මැතිවරණයේදී නව ව්‍යවස්ථාවත් ඉදිරිපත් කිරීම 2/3 බලය ලබාගන්න පුළුවන් ජනතාව කැමති නම්...