IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


හිටිඅඩියේ වර්ජනවලින් බැටකන ජනතාව

ඕනෑම වෘත්තියක ගරුත්වය ආරක්ෂා වීමට වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂිත විය යුතුය. වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීම සඳහා ඒ ඒ වෘත්තිකයන් විසින් ගනු ලබන විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සමාජයට ද හොඳ අත්දැකීම් තිබේ. එහෙත් වෘත්තීය අයිතීන් රැක ගැනීම සඳහා යොදාගනු ලබන අවන් තුරුම්පුව ලෙස සැලකෙන වැඩවර්ජන ආදිය ක්‍රියාත්මක කළ යුතු පිළිගත් සම්මත ක්‍රමවේදයක් ඇත. එම ක්‍රම​වේදය අනුගමනය නොකර ක්ෂණික ආප්ප බාන්නා සේ සිදු කරන වැඩවර්ජනවලින් රටේ පොදු මහජනතාව විශාල පීඩාවකට පත්වන බව පසුගියදා සිදු කළ හදිසි දුම්රිය වැඩවර්ජනයේදී නැවත වරක් සනාථ විය.

එම දුම්රිය වර්ජනය පැය හතරකට සීමා වූ අතර ගිය බදාදා දහවල් දුම්රිය ගමන් වාර 30ක් පමණ අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. සාමාන්‍ය මගීන් දහස් ගණනක් පාසල් දරුවන් මෙන්ම මෙරට සංචාරය සඳහා පැමිණි විදේශීය සංචාරකයෝද හදිසි දුම්රිය වර්ජනය නිසා අතරමං වූ පිරිස අතර වූහ. එයින් වඩාත් අපේක්ෂා භංගත්වයට පත් විදේශීය සංචාරක පිරිසක් සිය කෝපය පළ කරමින් සඳහන් කළේ ලංකාවේ සංචාරයකට එන අය දුම්රිය ගමන් කෙරේ විශ්වාසය නොතබා වාහනයක් කුලියට ගෙන සංචාරය කිරීමට සූදානමින් පැමිණිය යුතු බවය.

තමන් දිනපතා දුම්රියෙන් ගමන් කරන්නේ සීසන් ටිකට් පත් උපයෝගී කර ගනිමින් බැවින් බසයක යන්නට අතේ මුදලක් නැති බව අපහසුතාවට පත් පාසල් දරුවෝ ප්‍රකාශ කළහ. අනතුරුව ඒ ගැන කම්පාවට පත් මගීන් හා පොලිස් නිල දරුවෝ ඒ දරුවන්ගේ නිවෙස්වලට දුරකථන පණිවුඩ දී ඔවුන් අස්වැසූහ. ඒ දරුවන් සිටින මවුපියන් කවුරුත් සංවේගයට පත් කළ සිදුවීමකි.

මේ ක්ෂණික දුම්රිය වර්ජනය නිසා පීඩාවට පත්ව කෝප වූ මගීන් වර්ජකයන්ට සුද්ද සිංහලෙන් මේවා කළ යුතු ආකාරය කියා දෙන අන්දම ද අපි දුටිමු. විශේෂයෙන්ම මෙරට මහජනතාව මෙන්ම දුම්රියෙන් ගොස් රට තොට නරඹන්නට ආ යුරෝපා සහ රුසියානු සංචාරක කණ්ඩායම් මෙලෙස දුරු රටක දී අසරණ තත්ත්වයට පත් කිරීම  රටේ යහපත් ප්‍රතිරූපය අකා මකා දමන සිද්ධියකි.

සුන්දර ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම සංචාරක ආකර්ෂණයක් බවට ‘ලෝංග්ලි ප්ලෑන්ට්’ වැනි සඟරාවලින් සහතික දෙද්දී සංචාරකයන්ට මෙවන් අත්දැකීම් ලබන්නට සැලැස්වීම කොරෝනා වසංගතයෙන් කඩා වැටුණු සංචාරක කර්මාන්තය යළි පණ ගසන අවධියේ සිදු වූ නොහොබිනා වැඩක් බව කීම යුක්ති සහගතය. සංචාරක ව්‍යාපාරය යහපත් ලෙස ක්‍රියාත්මක වූ අවධියේ වසරකට සාමාන්‍යයෙන් අමෙරිකානු ඩොලර් කෝටි පන්සීයත්, හයසීයත් අතර ආදායමක් රටට හිමි විය. එහෙත් 2020 සිට කොරෝනා වසංගතය ලෝ පුරා ව්‍යාප්ත වීමත් සමඟ ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම සීමා විය.

2018 වසරේ ශ්‍රී ලංකාවට සංචාරකයන් විසිතුන් ලක්ෂයක් පැමිණි අතර ඒ අයගෙන් රටට ලැබුණු ආදායම අමෙරිකන් ඩොලර් කෝටි හාරසිය තිස්අටක් පමණ විය. 2020 දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව පන් ලක්ෂයක් පමණ විය. ඒ අයගෙන් ලද ආදායම අමෙරිකානු ඩොලර් කෝටි හැට අටකට සීමා වූ බව නවතම මහ බැංකු වාර්තා පෙන්වා වෙයි.

එසේ පැවති සංචාරක ව්‍යාපාරය නැවත ප්‍රවර්ධනය වීම ආරම්භ වූයේ ශ්‍රී ලංකාව කොරෝනා වසංගතයට මුහුණ දීම සඳහා දියත් කළ සාර්ථක දීප ව්‍යාප්ත එන්නත්කරණ වැඩසටහනට ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි වූ බැවිනි. ඒ සමඟ කොරෝනාව මධ්‍යයේ සංචාරයට සුදුසු රටක් ලෙසත් ශ්‍රී ලංකාව නම් කෙරුණි.

එම නිර්දේශය නිසා 2021 අවසන් භාගය වනවිට ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම සෑහෙන තරම් වර්ධනය විය. ලොව පුරා ගුවන් සේවා ගණනාවක් කටුනායක ගුවන් තොටුපොළ සිය ගමනාන්තය ලෙස තෝරා ගත්තේය. මෙම පසුබිමේ මෙරටට පැමිණෙන සංචාරකයන් ශ්‍රී ලංකාවේ දී අපේක්ෂා කරන්නේ පීඩාවකින් සහ බාධාවකින් තොරව මේ සුන්දර දේශය නරඹා ආශ්වාදයක් විඳ ගැනීමටය.

එහෙත් ඔවුන් අපේක්ෂා කළ සුන්දර දේශයේ අනපේක්ෂිත අසුන්දර දේ සිදුවන විට කැළැල් වන්නේ අප රටේ හොඳ නම හා කීර්තියයි. එදා දුම්රිය වර්ජනය පැවති අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ සංචාරකයන් සිය ආවේග පිට කළ ආකාරයෙන්ම ඔවුන්ගේ අපේක්ෂා භංගත්වය කදීමට නිරූපණය විය.

අප මුලින් සඳහන් කළ ආකාරයට වැඩවර්ජන යනු වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමේ අවසන් තුරුම්පුවයි. ඒ සඳහා ඕනෑම වෘත්තියක නියුතු වෘත්තිකයකුට නීතිමය හිමිකමක් තිබේ. එහෙත් වර්ජනය සඳහා ප්‍රවේශ වීමේ දී අනුගමනය කළ යුතු පූර්ව පියවර ගණනාවකි. තමන්ට බලපාන වෘත්තීය ප්‍රශ්න ගැන පාලකයන් සමග මූලික සංවාදයක් පැවැත්වීම, ඉල්ලීම් ඉදිරිපත් කිරීම, එම ඉල්ලීම්වලට ලැබෙන විසඳුම් සම්බන්ධව අතෘප්තියට පත්වන්නේ නම් පමණක් වෘත්තීය සටන්වලට පිවිසීම පිළිගත් ක්‍රම​වේදයයි.

වර්ජනයක් පැවැත්වීමේදී පාලක පන්තිය මුලින් දැනුවත් කර වර්ජනයට කල් දිය යුතුය. එසේ නොකොට ක්ෂණිකව සිදු කරන වර්ජන ජාතික ආර්ථිකයට මරු පහරක් එල්ල කරන්නා සේම සංචාරක ක්ෂේත්‍රය වැනි වෙනත් ආදායම් මාර්ගවලට  දැඩි බලපෑමක් එල්ල කරනු ලැබේ. එසේම සංචාරකයන් විසින් කටින් කට ගෙන යනු ලබන අහිතකර ප්‍රචාරද රටේ හොඳ නම කැළැල් කරයි.

සංචාරකයන්ට අමතරව මෙවන් වර්ජන නිසා දුර පළාත්වල සිට පැමිණෙන රෝගීන්, පාසල් දරු දැරුයන්, එදිනෙදා දුම්රියේ රැකියාවලට පැමිණෙන දහස් ගණන් ජනතාවට සිදුවන පීඩාව අපමණය. ඒ නිසා වර්ජනයක් දියත් කිරීමට පෙර සම්මත ක්‍රමවේදයට අනුගතව ක්‍රියා කිරීමත් දැනටත් කොරෝනාවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව තවත් අගාධයට තල්ලු නොවන තැනට වගබලා ගැනීමත් වර්ජන සංවිධායකයන්ගේ යුතුකම සහ වගකීම් වන බව අපි අවධාරණය කරමු.



අදහස් (0)

හිටිඅඩියේ වර්ජනවලින් බැටකන ජනතාව

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38101 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25081 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site