IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


හැටෙන් විශ්‍රාම යාමෙන් ජනතා සේවය අඩපණ කරනු එපා

රාජ්‍ය සේවකයෝ 30,000 කට අධික පිරිසක් පසුගිය වසරේ අවසානයත් සමඟ විශ්‍රාම ගියහ. වයස අවුරුදු 60 ඉක්මවා සේවකයන් මෙලෙස විශ්‍රාම ලැබුවේ රජයේ නව විශ්‍රාමික ප්‍රතිපත්තියට අනුවය. විශේෂඥ වෛද්‍ය සේවයේ නිරත වෛද්‍යවරුන්ට පමණක් මෙම වයස අවුරුදු 60 සීමාව මෙවර ක්‍රියාත්මක නොකෙරිණි. එහෙත් ශ්‍රී ලංකා පරිපාලන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු හා විදුහල්පති සේවා, රාජ්‍ය සේවකයෝ මේ වනවිට විශ්‍රාම ලබා සිටිති.

රාජ්‍ය සේවකයන්ගේ වයස 60 විශ්‍රාම ගැන්වීමේ සීමාවට කාලයක් තිස්සේ නිශ්චිත තීන්දුවක් නොතිබිණි. අතීතයේ වයස 60 සීමාව පසුකාලීනව අවුරුදු 55 දක්වා වරක් ඉදිරියට ගනු ලැබීය. එයට එරෙහිව ඒ කාලයේ විශාල විරෝධයක් පැවතුණත් වයස 55 න් පසුව කොන්ත්‍රාත් පදනම යටතේ හෝ සේවා දීර්ඝ ලබාදීමේ විවිධ ක්‍රම යටතේ හෝ වයස අවුරුදු 60 දක්වා රාජකාරීයේ නිරතවීමට පසුව අවසර ලැබිණි. ඇතැම් විට 60 න් පසුවද සේවා දීර්ඝ ලැබූවෝ සිටියහ.

එසේ සේවා දීර්ඝ ලැබීමට එකම හේතුව සේවය අත්‍යාවශ්‍ය වීම පමණක් නොවීය. බොහෝ දුරට දේශපාලන හේතු මත යම් පිරිසක් සේවා දීර්ඝ ලැබූහ. බැලු බැල්මට මෙය අසාධාරණයක් වශයෙන් පෙනී ගියත් බලයේ සිටි කිසිම ආණ්ඩුවක් එය නැවැත්වීමට ක්‍රියාකළේ නැත.

ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රාජ්‍ය සංස්ථාවල ද විශ්‍රාමගැන්වීමේ සීමාව අවුරුදු  55 ක්ව තිබුණත් එම තීන්දු ද මඩේ සිටවූ ඉනි මෙන් එහාට මෙහාට වැනිණි. අවශ්‍ය පුද්ගලයාට වසර කිහිපයක් සේවා දීර්ඝ ලැබීමත්, අනවශ්‍ය බවට හඳුනාගත් ඇතැමුන්ට 55 න්ම විශ්‍රාම යාමට සිදුවීමත් එහි ප්‍රතිඵලය විය.

පසුකලෙක යළිත් විශ්‍රාම ලැබීමේ සීමාව වයස අවුරුදු 60 ක් දක්වා ඉහළ දමනු ලැබීය. ඇතැම් රාජ්‍ය සංස්ථා සහ මණ්ඩලවල එම සීමාව අවුරුදු 63 තරම් දීර්ඝ විය. මෙය බලයේ සිටි ආණ්ඩුවේ දේශපාලන තීන්දුවක් මිස අවශ්‍යතා සලකා කළ දීර්ඝ කිරීමක් නොවීම නිසා ඒ ගැන විවේචන බොහෝ තිබිණි.

අවසානයේ  පසුගිය කාල සීමාවේ පැවැති දේශපාලන අර්බුද හේතුවෙන් සිදු වූ දේශපාලන පෙරැළියත් සමග ජනාධිපති ධුරයට පත් රනිල් වික්‍රමසිංහ මහතා වයස අවුරුදු 60 න් සියලු රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගතයුතු බවට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තේය. පසුගිය දෙසැම්බර් 31 වැනිදාට එකවර 30,000 කට අධික රාජ්‍ය සේවකයන් පිරිසකට ගෙදර යාමට සිදුවූයේ එම තීරණය හේතුවෙනි.

කෙසේ වුවද දීර්ඝ කාලයක් එහෙ මෙහෙ පාවෙමින් තිබූ රාජ්‍ය සේවකයන් විශ්‍රාම ලැබීමේ වයස සීමාව එකවරම අවුරුදු 60 න් අවසන් කිරීමටත් ඒ සඳහා එක් එක් සේවකයා වයස 60 එළඹීම නොසලකා එකම දිනයක දහස් ගණනක් විශ්‍රාම යැවීමත් හේතුවෙන් රාජ්‍ය සේවයේ ප්‍රයෝගික දුෂ්කරතා මතුව තිබේ.

එය එසේ වන බව අපේක්‍ෂා කළ යුතු වුවද ඒ හේතුවෙන් සාමාන්‍ය මහජනතාවටද විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව තිබෙන බවද පෙනී යයි. පසුගිය දිනවල දුම්රිය ගමන්වාර එක දිනකට 60 කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීම එයට ආසන්නම උදාහරණය වෙයි. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පෙන්වා දෙන පරිදි පසුගිය 31 වැනිදා සේවකයන් 500 කට අධික පිරිසක් දුම්රිය සේවයෙන් විශ්‍රාම ලබා සිටිති. දුම්රිය සේවය අඩාලවූයේ ඒ හේතුවෙන් බව ඔවුන්ගේ අදහසයි.

දහස් ගණනක් සේවය කරන දුම්රිය දෙපාර්තමේන්තුවට සේවකයන් 500 ක් අහිමිවීමෙන් සේවයේ කාර්යක්‍ෂමබව පවත්වාගෙන යා නොහැකි බවට කරන ප්‍රකාශය ඒ ලෙසින්ම අපි නොපිළිගන්නෙමු දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරීය එවැනි තත්ත්වයකට මුහුණ දීමට කල්තබා සූදානම් විය යුතුව තිබිණි. රාජ්‍ය සේවයේ වෙනත් ආයතන සහ දෙපාර්තමේන්තුවලද රාජකාරී ඉටුවීම මේ ආකාරයට ප්‍රමාද වන්නේදැයි තවම දැන ගන්නට නැත.

රජය මේ ප්‍රතිපත්තිමය තීන්දුව ගැනීමේදී එසේ රාජකාරීයට බාධා සිදු විය හැකි ආයතන සහ දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් ප්‍රමාණවත් සොයා බැලීමක් කළානම් වඩාත් යහපත් බව අපගේ වැටහීමය. මින් ඉදිරියට හෝ එක දිනයකදී දහස් ගණනක් විශ්‍රාම යාම වළක්වා එක් එක් සේවකයා වයස අවුරුදු 60 සපිරෙන දිනයට විශ්‍රාම යාමට ඉඩදීමෙන් මේ අඩුපාඩුව වළක්වා ගත හැකිවනු ඇතැයි අපි හිතමු.

ඒ සමග කිව යුත්තේ රාජ්‍ය සේවයේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සොයා බැලීමට පත් කිරීමට නියමිත ජනාධිපති කොමිසම ඉක්මනින් ස්වාධීන කිරීමද යෝග්‍ය බවය. මේ අදහස පසුගිය අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් යෝජනා කෙරිණි. එය යුගයේ අවශ්‍යතාවක් බව පැවසිය යුතුය.

මේ වන විට රාජ්‍ය සේවයේ මිලියන 1.5 කට අධික සේවක සංඛ්‍යාවක් වෙති. ඔවුන්ගේ වැටුප් සහ දීමනා වෙනුවෙන් රජය අතිවිශාල වියදමක් දරයි. 2023 අයවැයට අනුව එම මුදල රුපියල් ට්‍රිලියනයකි. විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා තවත් බිලියන 375 කි. රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවට වෙනත් කාරණා අවශ්‍ය නැත.

(***)



අදහස් (1)

හැටෙන් විශ්‍රාම යාමෙන් ජනතා සේවය අඩපණ කරනු එපා

විෂ්‍රා්මික කෂල ෂෝධකයා Sunday, 08 January 2023 12:33 PM

පළමුවත් පතෝල, දෙවනුවත් පතෝල, තෙවනුවත් ඉතින් පතෝල තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site