මනුවගේ තොටිල්ල
ආත්මයේ " බයෝබැබය "*
ඔබේ තණබිම්වල හා
ශුද්ධ වනාන්තරවල
මරණයේ නර්තන
ඔබට ඇසෙයි
මාතාවගේ වලප, එහි දෝංකාරය
දියමන්ති බෙදාහැර
යුදටැංකි ලබන මාතාව
දශක කල් පුරා
වෘද්ධයන් මුණගැසුණු
ඕ! මියැදෙන භූමිය
පරම්පරාගත නිදන්
තබාගෙන සිටිනා වෘද්ධයන්
ත්‍යාගශීලි අප්‍රිකානු මාතාවට
අරුණලු උදා වන්නේ කවර කල?
*බයෝබැබ් (biobab) - දිගුකල් පවතින අප්‍රිකානු ගසක්.
එරිත්‍රියානු කිවිඳි රිබ්කා සිබාටු ( Ribka Sibhatu ) ලියූ Mother Africa පද්‍යයේ පරිවර්තනය .
ටිග්රිනියා හා ඉතාලි යන භාෂාවලින් ලියන රිබ්කා සිබාටු , එරිත්‍රියානු ලේඛිකාවක හා කිවිඳියක වෙයි. එරිත්‍රියාවේ Asmara නගරයේදී 1962 සැප්: 18වැනි දින ඉපදුණු රිබ්කා , ඉතියෝපියානු නිලධාරියෙකු සමඟ විවාහවීම ප්‍රතික්ෂේප කිරීම නිසා 1979දී වසරක සිරදඬුවමක් විඳ ඇත . 1980දී රටින් පලා යන රිබ්කා පළමුව ඉතියෝපියාවටත් , එතැනින් ප්‍රංශයටත් යන්නීය. 1985දී ප්‍රංශ ජාතිකයකු හා විවාහ වන නමුත් , ඒ විවාහය බිඳ වැටීමෙන් ඇය ඉතාලියට ගොස් රෝමයේ පදිංචි වූවාය. එහිදී ආචාර්ය උපාධියක් ලබාගන්නා රිබ්කා , රෝම නගර කවුන්සිලයේ හා ඉතාලි අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කර ඇත. භාෂා 5ක් කතා කිරීමේ හැකියාව ඇති මේ කිවිඳිය වර්තමානයේ පුහුණුකාරිනියක , උපදේශිකාවක හා භාෂා පරිවර්තිකාවක ලෙස සේවය කරන්නිය. කෘති කීපයක් මුද්‍රණයෙන් පළ කොට ඇත .
1964දී කාබුල් නගරයේ ඉපදී ඇති ශකිලා මධ්‍යම පාසල් සමයේ හා විශ්වවිද්‍යාල සමයේ සිට කෙටිකතා, කවි ලිවීම අභ්‍යාස කර ඇත්තීය. ඇගේ මව්බස වන Dari බසින් ලියන අන් කිවිඳිය
දවසක් මම ගෙයක් දුටිමි එය ගින්නට හසුව තිබිණි රත්පැහැගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි
අරඹා නොතිබිණි පිය නැඟුම, මා දෙපා මුව කතා කෙරුම සිනහවීමේදී කොහෙත්ම අගයක් නොවිණි. එසේ තිබියදී පවා....
බැහැර කළ හැකි සියල්ල බැහැර කළ පසු මගේ ශුද්ධ බර කිලෝ හැත්තෑවයි ඒ හුදෙක් මා සිරුරයි
බංග්ලාදේශ කිවි, මාහ්තාබ් බංගලී ( Mahtab Bangalee ) ලියූ Love Merges as One කවියේ පරිවර්තනය
මනුවගේ තොටිල්ල ආත්මයේ ’’ බයෝබැබය ’’* ඔබේ තණබිම්වල හා ශුද්ධ වනාන්තරවල මරණයේ නර්තන
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අප්‍රිකා මාතා