IMG-LOGO

2025 ජනවාරි මස 31 වන සිකුරාදා


ඔබ එතරම් ලස්සනට දුටුවේ මොනවාද?

විදෙස් කවිය 21

 

( නිමිත්ත- එක්වස් වියැති දැරියක දූෂණය කර මරා දැමීම )

අරඹා නොතිබිණි පිය නැඟුම, මා දෙපා
මුව කතා කෙරුම
සිනහවීමේදී කොහෙත්ම අගයක් නොවිණි.
එසේ තිබියදී පවා....

පැහැදිලි නොවිණි මා දෙනෙතට,ඒවා දුටු දේ
සියුමැලි වැඩි විය මා දෑත්, තවම සටනට
එසේ  තිබියදී පවා.....

බඩගාන්නෙකු වීමි මම,
තවමත් බිම මත
ප්‍රාණියෙකු වීමි මම
අල්ලාගත් වදන් පමණක් කියනු තතනන
ඉතින්, ඔබ දිනුවේ කෙසේද, මා සැපීමෙන්?
මගේ පැරදුම , ඔබේ ජය වූයේ  කෙසේද?
මගේ දැරිය, ඔබේ පිරිමියා?

ඔබ එඩිතර කළේ, මගේ බිලිඳුකමද?
මට කියන්න, ඔබ පෙලඹවුණේ කුමකින්ද?
අවසන, මගේ කුඩා යහනට එන්නට
ඔබ එතරම් ලස්සනට දුටුවේ මොනවාද?
මගේ උකුළ, මගේ ළැම, 
දිගුකෙස් හෝ  මා දෙපාද?
මගේ සුළුදියෙහි හෝ දහදියෙහි සුවඳද?
මා පොළොවට කරකාර බැන්ද වූ ඔබට 
ඝාතකයා , දූෂකයා යැයි කිය හැකිය මට
එහෙත් කියන්න කරුණාවෙන්
මගේ ජීවිතය නාමෙන්
ඔබ එතරම් ලස්සනට දුටුවේ මොනවාද?

ඉතියෝපියා කිවිඳිය  Misrak Terefe ලියූ What did you find so beautiful ? පද්‍යයේ පරිවර්තනය 

Misrak Terefe  අඩිස් අබාබාහි ජීවත් වන ප්‍රකට, තරුණ කිවිඳියක හා රංගන ශිල්පිනියක් වෙයි. ඇය Tobiya Poetic Jazz කණ්ඩායමේ ප්‍රාරම්භක සාමාජිකාවක වන අතර, එම කණ්ඩායම  හෝටල්වල ඉදිරිපත් කරන ප්‍රසංග ජනප්‍රියය. භාවාත්මක කැලඹීම්. අවපාතයන්, ලිංගික සැහැසිකම් ආදි විෂයයන් ගැන බියෙන් තොරව හා විශිෂ්ට ලෙස ලියන ඈ , Salt Market  නමින් පද්‍ය සංග්‍රහයක් පළ කර ඇත.



අදහස් (0)

ඔබ එතරම් ලස්සනට දුටුවේ මොනවාද?

ඔබේ අදහස් එවන්න

 

 

විදෙස් කවිය

මළවුන් සැමරුම් සටහන
2024 සැප්තැම්බර් මස 10 126 0

1964දී කාබුල් නගරයේ ඉපදී ඇති ශකිලා මධ්‍යම පාසල් සමයේ හා විශ්වවිද්‍යාල සමයේ සිට කෙටිකතා, කවි ලිවීම අභ්‍යාස කර ඇත්තීය. ඇගේ මව්බස වන Dari බසින් ලියන අන් කිවිඳිය


තණ්හාවෙි සැඩපහර
2024 සැප්තැම්බර් මස 03 396 0

දවසක් මම ගෙයක් දුටිමි එය ගින්නට හසුව තිබිණි රත්පැහැගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි


ඔබ එතරම් ලස්සනට දුටුවේ මොනවාද?
2024 අගෝස්තු මස 27 147 0

අරඹා නොතිබිණි පිය නැඟුම, මා දෙපා මුව කතා කෙරුම සිනහවීමේදී කොහෙත්ම අගයක් නොවිණි. එසේ තිබියදී පවා....


සිරුර හා ආත්මය
2024 අගෝස්තු මස 20 70 0

බැහැර කළ හැකි සියල්ල බැහැර කළ පසු මගේ ශුද්ධ බර කිලෝ හැත්තෑවයි ඒ හුදෙක් මා සිරුරයි


ආදර සුසංයෝගය
2024 අගෝස්තු මස 13 235 0

බංග්ලාදේශ කිවි, මාහ්තාබ් බංගලී ( Mahtab Bangalee ) ලියූ Love Merges as One කවියේ පරිවර්තනය


අප්‍රිකා මාතා
2024 අගෝස්තු මස 06 117 0

මනුවගේ තොටිල්ල ආත්මයේ ’’ බයෝබැබය ’’* ඔබේ තණබිම්වල හා ශුද්ධ වනාන්තරවල මරණයේ නර්තන


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 63 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 685 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 713 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site