IMG-LOGO

2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා


ප්‍රතිබිම්බය

විදෙස් කවිය - 9

 

පහත් කරමි මා හිස 
ගොරෝසු රිදී කෙහෙ රැලි
සැලෙයි  හිර බැස්මේ

 

දකිමි එකට එක්වෙනු
තණබිමත්, සයුරත්
එකම දෙසකට  හැරී තරු කඩි මුඩියේ
යළි යයි උපන් තැන්වලටම

 

සිය සැරිසැරුම් තුළ
නැවියෝ නොතබති පියසටහන්
ඇරඹුම් ලක්ෂ්‍යයක් හා ගමනාන්තයක් පමණි

 

වළ දැමී තිබේ සියලු වර්ෂයන්
නොවේ සොහොන්බිම්, නොවේ සොහොන්ගල්
ඒවා කොහි ගියෙද යනු
දන්නේ ඔබම පමණි

 

පිරමිඩ හා මහාප්‍රාකාරය
දැවැන්ත  ප්‍රපංචයන්ය
එසේ නොවෙමි මම
ඒවා අඳියි අහසේ සමමිතික රේඛා
මම අක්‍රමවත්  වෙමි.

 

මගේ නිරන්තර  දිගෑදිල්ලට වෙනස්ව
ඉතා කුඩාය මා සෙවණැල්ල 
වියැකෙමිනි පැහැය පවා

 

අවකාශයේ  බලෙන් පදිංචි වන
මා සෙවණැල්ල 
හිස්බවක් විහිදුවයි

 

ඇසේ මට නැවුම් ඇමතුමක්
දනිමි මම
මා අයත් වන්නේ තරුණ වියකට වග

 

මුළු පපුවක් පුරා වැතිර ඇති
මගේ ගොරෝසු රිදී කෙහෙ සමඟ
හැඟේ එය අලුත් ඇරඹුමක් ලෙස
කිසිදු හේතුවක් නැතිව මේ මුඩුබිම මත
මම හඬන්නට පටන්ගනිමි

 

චීනයේ Ya Mo කවියා ලියූ Image පද්‍යයේ පරිවර්තනය

Ya Mo  යනු කවියාගේ ආරූඪ නාමයයි. 1942 ඉපැදුණු ඔහුගේ සැබෑ නම Wu Lixiang වේ. Huang Xiang  සමඟ එක් වූ  Ya Mo  '60 - '70 දශකවල  Guishou පළාතේ රහසිගත කවියන් අතර ප්‍රමුඛයෙකි. ඔවුහු  එකල Enlightenment  නමින් රහස් සඟරාවක් පළ කළහ. ‪1966- 1976‬ චීන සංස්කෘතික  විප්ලව සමයේ හා ඊට පෙර සිටමත් Ya Mo ට අධ්‍යාපනය  ඇතුළු  සියල්ල අහිමිව ගොස් ඇත. 

බීජිංහි සඟරාවක මොහුගේ නිර්මාණයක් 1987දී පළව ඇත්තේ, ලිවීම අරඹා අවු: 30ක් ගත වූ පසුවය. Ya Mo කවිපොත් 6ක් පළ කොට ඇතත් ඒ රෝනියෝ පිටපත්  අතින් බඳිමිනි. ලිපිරචනා එකතුවක් 1999දී පළ කළ ද එය ඉක්මනින් තහනමට ලක්ව ඇත.

ඇමෙරිකානු කිවිවර ටී. එස් . එලියට්ගේගේ The Waste Land 1937දී චීන බසින් පළ වී ඇති අතර Ya Moගේ මෙම නිර්මාණයට එය ආභාසයක් වී ඇතැයි  කියැවේ.



අදහස් (0)

ප්‍රතිබිම්බය

ඔබේ අදහස් එවන්න

 

 

විදෙස් කවිය

මළවුන් සැමරුම් සටහන
2024 සැප්තැම්බර් මස 10 126 0

1964දී කාබුල් නගරයේ ඉපදී ඇති ශකිලා මධ්‍යම පාසල් සමයේ හා විශ්වවිද්‍යාල සමයේ සිට කෙටිකතා, කවි ලිවීම අභ්‍යාස කර ඇත්තීය. ඇගේ මව්බස වන Dari බසින් ලියන අන් කිවිඳිය


තණ්හාවෙි සැඩපහර
2024 සැප්තැම්බර් මස 03 404 0

දවසක් මම ගෙයක් දුටිමි එය ගින්නට හසුව තිබිණි රත්පැහැගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි


ඔබ එතරම් ලස්සනට දුටුවේ මොනවාද?
2024 අගෝස්තු මස 27 147 0

අරඹා නොතිබිණි පිය නැඟුම, මා දෙපා මුව කතා කෙරුම සිනහවීමේදී කොහෙත්ම අගයක් නොවිණි. එසේ තිබියදී පවා....


සිරුර හා ආත්මය
2024 අගෝස්තු මස 20 70 0

බැහැර කළ හැකි සියල්ල බැහැර කළ පසු මගේ ශුද්ධ බර කිලෝ හැත්තෑවයි ඒ හුදෙක් මා සිරුරයි


ආදර සුසංයෝගය
2024 අගෝස්තු මස 13 236 0

බංග්ලාදේශ කිවි, මාහ්තාබ් බංගලී ( Mahtab Bangalee ) ලියූ Love Merges as One කවියේ පරිවර්තනය


අප්‍රිකා මාතා
2024 අගෝස්තු මස 06 117 0

මනුවගේ තොටිල්ල ආත්මයේ ’’ බයෝබැබය ’’* ඔබේ තණබිම්වල හා ශුද්ධ වනාන්තරවල මරණයේ නර්තන


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 204 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 421 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 180 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site