IMG-LOGO

2025 ජනවාරි මස 31 වන සිකුරාදා


මනස් සිහිනයක්

විදෙස් කවිය - 10

 

පවසමි යමක් ඔබට මම
මියැදෙත් මිනිස්සු  දිනපතා
එය ඇරඹුමම පමණක් ය.
අලුත් වැන්දඹුවෝ හෙවත් අලුත් අනාථයෝ
උපදිත් අවමඟුල් ගෙවල දිනපතා.
වාඩි වී සිටිත් උහු යුතුව ඇකිලුණු දෑතින්
අලුත් දිවිය ගැන සිතන්නට වැර දරමින්.

 

ඉක්බිති ඔවුන් දිසෙනුයේ සොහොන් පිටියේය
ඇතැමකු ඒ එහි ආ පළමු ගමනය.
බියෙනි හැඬීමටත්, නොහැඬීමටත් යන දෙකටම
යමෙක් නැඹුරුව උන් වෙතට 
කියත් කළ යුත්ත මීළඟට
වදන් අල්පයකි එය , ඇතැම් විට
වළට පස් මිටක් දමමින් කියන.

 

ඉන්පසු සැම යත් ආපසු එනිවෙසටම
ඒ පිරේ අමුත්තන්ගෙන් එකවර
වැන්දඹුව හිඳින්නී ගරු ලෙස කවිච්චිය මත
පිරිස පෙළ ගැසෙත්  ළං වෙන්නට ඇයට
අයකු ඇය අත ගනිමිනි, අයකු ඇය වැළඳගනිමිනි
සොයමින් වදන් , කියන්නට සැමෙකෙකුට
තුති පුදයි, තුති පුදයි ඇය ඔවුන්ට , පැමිණියාට.

 

ඈ හදවතෙහි පැතුම, ඔවුන් නික්ම යාමය
යළි සොහොනෙහි, ලෙඩ  කුටියෙහි, රෝහලෙහි
සිටිනු අවැසිය.
නොහැකි  බව දනිතත්  එය,
ඇගෙ එකම සිතැඟිය දිවියෙ  ආපස්සට යාමය.
විවාහය තෙක් තරම් දුර දිගට නොව,
ඇබින්දක්- පළමු හාදුව තෙක් පමණක්

ඇමෙරිකානු  කිවිඳි  ලුයිස් ග්ලක් ( Louise Gluck)  ලියූ  A Fantasy  පද්‍යයේ පරිවර්තනය 

ලුයිස් ග්ලක් කිවිඳිය ඉපදී ඇත්තේ 1943දී නිව්යෝර්ක්  නගරයේය. කොලොම්බියා විශ්වවිද්‍යාලයේ  උපාධිධාරිනියකි. කාව්‍ය  සංග්‍රහයන් 12ක් පළ කර ඇති  කිවිඳිය  Pulitzer,  PEN , Bolingen  ආදී  ත්‍යාග, සම්මාන රැසක් දිනා සිට, 2000 වසරේදී  ලොව අග්‍රතම ත්‍යාගය  වන නොබෙල් ත්‍යාගය සාහිත්‍ය  වෙනුවෙන්  හිමි කරගත්තාය.  ඇය දැන් ජීවත් වනුයේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ, කේම්බ්‍රිජ්  පෙදෙසේය.



අදහස් (0)

මනස් සිහිනයක්

ඔබේ අදහස් එවන්න

 

 

විදෙස් කවිය

මළවුන් සැමරුම් සටහන
2024 සැප්තැම්බර් මස 10 126 0

1964දී කාබුල් නගරයේ ඉපදී ඇති ශකිලා මධ්‍යම පාසල් සමයේ හා විශ්වවිද්‍යාල සමයේ සිට කෙටිකතා, කවි ලිවීම අභ්‍යාස කර ඇත්තීය. ඇගේ මව්බස වන Dari බසින් ලියන අන් කිවිඳිය


තණ්හාවෙි සැඩපහර
2024 සැප්තැම්බර් මස 03 396 0

දවසක් මම ගෙයක් දුටිමි එය ගින්නට හසුව තිබිණි රත්පැහැගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි


ඔබ එතරම් ලස්සනට දුටුවේ මොනවාද?
2024 අගෝස්තු මස 27 147 0

අරඹා නොතිබිණි පිය නැඟුම, මා දෙපා මුව කතා කෙරුම සිනහවීමේදී කොහෙත්ම අගයක් නොවිණි. එසේ තිබියදී පවා....


සිරුර හා ආත්මය
2024 අගෝස්තු මස 20 70 0

බැහැර කළ හැකි සියල්ල බැහැර කළ පසු මගේ ශුද්ධ බර කිලෝ හැත්තෑවයි ඒ හුදෙක් මා සිරුරයි


ආදර සුසංයෝගය
2024 අගෝස්තු මස 13 235 0

බංග්ලාදේශ කිවි, මාහ්තාබ් බංගලී ( Mahtab Bangalee ) ලියූ Love Merges as One කවියේ පරිවර්තනය


අප්‍රිකා මාතා
2024 අගෝස්තු මස 06 117 0

මනුවගේ තොටිල්ල ආත්මයේ ’’ බයෝබැබය ’’* ඔබේ තණබිම්වල හා ශුද්ධ වනාන්තරවල මරණයේ නර්තන


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 63 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 685 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 713 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site