IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


මළවුන් සැමරුම් සටහන

විදෙස් කවිය


      
ඔබේ නොපැහැදිලි ඇස් තුළ
නිදන්නේ කාගේ මරණීය සුසුම්ද?

ඔබේ ගිනිඅවියේ කොකා ඉදිරියේ හිස්වන්නේ
කුමන කුඩා ළමයාගේ බැල්මද?

ඇගේ හද ඔබ අත්ල මත ඇති
ලෙයින් වැකි දෙපා යුතු
කවර යුවතිය වෙනුවෙන්ද
ඔබේ හද ගැහෙන්නේ?

කඳුකරයේ මිනිස,
ඔබේ පා යට ඇති ගිරිහිස්
ඉරා දමන්නේ කවර ඉරණමද?

කැරලි ගැසුණු ඔබෙ කෙස්වලින්, දූවිල්ලේ
සිය තනපුඩු දැවෙනු හඟින්නේ
කවර ගැහැනියද?
සිය පුතු වෙනුවෙන් කවර මවද?

කියන්න මට,
ඔබේ මියැදෙන හුස්ම 
සාමය ලබන්නේ 
කාගේ නෙත්වල ගැඹුරේද?

ඇෆ්ගනිස්තාන කිවිඳි Shakila Azizzada  ලියූ  Epitaph පද්‍යයේ පරිවර්තනය 

1964දී කාබුල් නගරයේ ඉපදී ඇති ශකිලා මධ්‍යම පාසල් සමයේ හා විශ්වවිද්‍යාල සමයේ සිට කෙටිකතා, කවි ලිවීම අභ්‍යාස කර ඇත්තීය. ඇගේ මව්බස වන Dari බසින් ලියන අන් කිවිඳියන්ගේ අවධානයට ලක් නොවන, කාන්තා අභිලාෂ  බඳු තේමාවන් ගැන ශකිලා ලියන කවි, අවංකබව ,සමීපතාව නිසා අසාමාන්‍ය ගුණයෙන් යුතු බව විචාරකයන්ගේ මතයයි.

කාබුල් විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය ලැබ, පසුව නෙදර්ලන්තයේ Utrecht  විශ්වවිද්‍යාලයෙන් පෙරදිග භාෂා හා සංස්කෘතින් පිළිබඳ උපාධියක් ලද ශකිලා දැන් ජීවත් වන්නේද  නෙදර්ලන්තයේය. කතන්දර , කෙටිකතා , කවි, නාට්‍ය බහුලව පළ කරන කිවිඳියගේ පළමු කාව්‍ය එකතුව Dari  හා Dutch යන දෙබසින්ම පළ වී ඇත. 2012දී දෙවැනි කවි එකතුවක්ද නිකුත්ව ඇත.

නෙදර්ලන්තයේ මෙන්ම වෙනත් රටවලත් රසික පර්ෂද ඉදිරියේ සිය කවිගැයුම් ඉදිරිපත් කිරීම මේ කිවිඳිය නිතර සිදු කරන්නීය.



අදහස් (0)

මළවුන් සැමරුම් සටහන

ඔබේ අදහස් එවන්න

විදෙස් කවිය

මළවුන් සැමරුම් සටහන
2024 සැප්තැම්බර් මස 10 115 0

1964දී කාබුල් නගරයේ ඉපදී ඇති ශකිලා මධ්‍යම පාසල් සමයේ හා විශ්වවිද්‍යාල සමයේ සිට කෙටිකතා, කවි ලිවීම අභ්‍යාස කර ඇත්තීය. ඇගේ මව්බස වන Dari බසින් ලියන අන් කිවිඳිය


තණ්හාවෙි සැඩපහර
2024 සැප්තැම්බර් මස 03 227 0

දවසක් මම ගෙයක් දුටිමි එය ගින්නට හසුව තිබිණි රත්පැහැගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි


ඔබ එතරම් ලස්සනට දුටුවේ මොනවාද?
2024 අගෝස්තු මස 27 136 0

අරඹා නොතිබිණි පිය නැඟුම, මා දෙපා මුව කතා කෙරුම සිනහවීමේදී කොහෙත්ම අගයක් නොවිණි. එසේ තිබියදී පවා....


සිරුර හා ආත්මය
2024 අගෝස්තු මස 20 62 0

බැහැර කළ හැකි සියල්ල බැහැර කළ පසු මගේ ශුද්ධ බර කිලෝ හැත්තෑවයි ඒ හුදෙක් මා සිරුරයි


ආදර සුසංයෝගය
2024 අගෝස්තු මස 13 228 0

බංග්ලාදේශ කිවි, මාහ්තාබ් බංගලී ( Mahtab Bangalee ) ලියූ Love Merges as One කවියේ පරිවර්තනය


අප්‍රිකා මාතා
2024 අගෝස්තු මස 06 109 0

මනුවගේ තොටිල්ල ආත්මයේ ’’ බයෝබැබය ’’* ඔබේ තණබිම්වල හා ශුද්ධ වනාන්තරවල මරණයේ නර්තන


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 24 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2163 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site