IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


වැස්සට වගෙ සවන් දෙන්න මට

විදෙස් කවිය - 14

    

සවන් දෙන්න මට, සවන් දෙන ලෙස කෙනකු වැස්සට
අවධානය ඇත්තේත් නැතිව, නැත්තේත් නැතිව
සැහැල්ලු පා තැබුම්, සිහින් සිරිපොද
වතුර නම් වාතයයි, වාතය නම් කාලයයි
දහවල, තවමත් නික්ම යමිනි
රැය, එළඹෙන්නට කල් බලමිනි.
කෙළවරේ හැරෙන තැන මීදුමේ හැඩ රුව
සිතින් මවාගැන්ම,
මේ තාවකාලික නැවතුමේ නැම්මේ කාලයේ හැඩ රුව සිතින් මවාගැන්ම.
සවන් දෙන්න මට, සවන් දෙන ලෙස කෙනකු වැස්සට
මා කියන්නක් අසන්න, සවන් නොදෙමින
ඇතුළට විවර නෙතින් යුතුව, නිදිගතව
ඇතිව පසිඳුරන් සැමම අවදිව.
වැසි වසියි, සැහැල්ලු පා තැබුම්, හඬ කැටිවල කෙඳිරිල්ලක්
වාතය හා ජලය බරක් නොමඇති වචන
අප කවුද? එසේම මොනවාද?-
දින,  වසර , මේ මොහොත
බරින් තොර කාලය, බරැති සංතාප
සවන් දෙන්න මට, සවන් දෙන ලෙස කෙනකු වැස්සට
තෙත තාර දිලිසෙයි
හුමාලය ඉහළ  නැඟ ඈත යයි
රාත්‍රිය දිගෑරෙමින් මදෙස බලයි
ඔබ ඔබයි, හුමාලයේ ඔබ සිරුරයි
ඔබ සහ රාත්‍රියේ ඔබ මුහුණයි
ඔබ සහ ඔබේ කෙස්, හදිසි නැති විදුලි කෙටීම්
ඔබ වීදිය හරහා එමින් මගේ නළලට ඇතුළු වෙයි
වතුරේ  පිය තැබුම්, මගේ ඇස් හරහට
සවන් දෙන්න මට, සවන් දෙන ලෙස කෙනෙකු  වැස්සට.

මෙක්සිකානු කිවි, ඔක්ටාවියෝ  පාස් ලියූ As one listens to the rain පද්‍යයේ  පරිවර්තනය .
ඔක්ටාවියෝ  පාස් ලොසානෝ මෙක්සිකානු  ජාතික කවියෙකි. 1977දී ජෙරුසලම් ත්‍යාගය, 1981දී මිගෙල් ඩි සර්වන්තෙස් ත්‍යාගය, 1982දී සාහිත්‍ය  සඳහා  වන නියුස්ටැට් අන්තර්ජාතික ත්‍යාගය  දිනා සිටි කවියා ලේඛකයකු මෙන්ම තානාපතිවරයෙක්ද විය. තානාපති ලෙස ඉන්දියාවේ සිටි සමයේ කෘති දෙකක් පළ කළ ඔක්ටාවියෝ  පාස් , 1957 සිට 1987 දක්වා තමන් ලියූ කවිවල එකතුවක් 1990දී මුද්‍රණයෙන්  පළ කළේය . ඔහුට එම වසරේ , සාහිත්‍ය  සඳහා  වන නොබෙල් ත්‍යාගය  අත් විය.

ඔක්ටාවියෝ  පාස්, 1914 මාර්තු 31වැනි දින මෙක්සිකෝවේ  Mexico  City හි ඉපිද, 1998 අප්‍රේල්  19දා එහිදීම මිය ගියේ  පිළිකා රෝගියකු ලෙසිනි.



අදහස් (0)

වැස්සට වගෙ සවන් දෙන්න මට

ඔබේ අදහස් එවන්න

විදෙස් කවිය

මළවුන් සැමරුම් සටහන
2024 සැප්තැම්බර් මස 10 115 0

1964දී කාබුල් නගරයේ ඉපදී ඇති ශකිලා මධ්‍යම පාසල් සමයේ හා විශ්වවිද්‍යාල සමයේ සිට කෙටිකතා, කවි ලිවීම අභ්‍යාස කර ඇත්තීය. ඇගේ මව්බස වන Dari බසින් ලියන අන් කිවිඳිය


තණ්හාවෙි සැඩපහර
2024 සැප්තැම්බර් මස 03 227 0

දවසක් මම ගෙයක් දුටිමි එය ගින්නට හසුව තිබිණි රත්පැහැගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි


ඔබ එතරම් ලස්සනට දුටුවේ මොනවාද?
2024 අගෝස්තු මස 27 136 0

අරඹා නොතිබිණි පිය නැඟුම, මා දෙපා මුව කතා කෙරුම සිනහවීමේදී කොහෙත්ම අගයක් නොවිණි. එසේ තිබියදී පවා....


සිරුර හා ආත්මය
2024 අගෝස්තු මස 20 62 0

බැහැර කළ හැකි සියල්ල බැහැර කළ පසු මගේ ශුද්ධ බර කිලෝ හැත්තෑවයි ඒ හුදෙක් මා සිරුරයි


ආදර සුසංයෝගය
2024 අගෝස්තු මස 13 228 0

බංග්ලාදේශ කිවි, මාහ්තාබ් බංගලී ( Mahtab Bangalee ) ලියූ Love Merges as One කවියේ පරිවර්තනය


අප්‍රිකා මාතා
2024 අගෝස්තු මස 06 109 0

මනුවගේ තොටිල්ල ආත්මයේ ’’ බයෝබැබය ’’* ඔබේ තණබිම්වල හා ශුද්ධ වනාන්තරවල මරණයේ නර්තන


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 24 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2162 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site