විදෙස් සිල්ලර වෙළෙඳ යෝධයන් ලෙස සැලකෙන වෝල්මාට් සහ ටෙස්කෝ යන වෙළෙඳ සමාගම්වලට ඉන්දියාවේ ආයෝජන අවස්ථා ලබාදීමට අගමැති මන්මෝහන් සිං සූදානම්වන මොහොතක ඊට විරෝධය පෑම පිණිස ඉන්දීය වෙළෙසල් හිමියෝ, සුළු වෙළෙන්දෝ සහ කම්කරුවෝ දැවැන්ත වැඩ වර්ජනයක් ඊයේ(20) ආරම්භ කළහ. ඉකුත් සතියේදී අගමැති සිං නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එරට විපක්ෂ කි‍්‍රයාකාරීන් සහ වෘත්තීය සමිති සාමාජිකයන් මෙම පියවර ගෙන තිබේ. ඒ අනුව සිය වෙළෙඳසැල් වසාදමා දුම්රිය ගමනාගමන කටයුතු අඩාල කරනු පිණිස එම මාර්ග අවහිර කරමින් දහස් ගණන් ඉන්දියානුවෝ ඊයේ දිනයේ දැවැන්ත වැඩවර්ජනයක් දියත් කළ බව වාර්තා වේ. මෙම වැඩවර්ජනය හේතුවෙන් කල්කටා, බැංගලෝර් සහ චෙන්නායි යන නගරවල දෛනික කටයුතුවලට බාධා එල්ල විය. බෙංගාල ප‍්‍රාන්තයේ පැය 24ක වැඩවර්ජනයක් ප‍්‍රකාශයට පත් කළ විරෝධතාකරුවන් පාලනය කිරීමට එම නගරයට දහසකින් යුතු පොලිස් බලඇණියක් යෙදවූ බව ඉන්දීය පොලිස් ප‍්‍රකාශකයෙක් පැවැසීය. මේ අතර විරෝධතාවල නිරත ඇතැම් පිරිස් අධිවේගී මාර්ග කිහිපයක් අවහිර කර ඇතැයි වාර්තා වේ. කල්කටා නුවරින් ඇරඹි මෙම දැවැන්ත විරෝධතාව අනෙකුත් ප‍්‍රාන්තවලද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇතැයි වැඩවර්ජනයේ නිරත වෘත්තී සංගම් කි‍්‍රයාකාරීහු පවසති. මෙම විරෝධතාවල මූලිකත්වය ගෙන කි‍්‍රයා කරන එරට ප‍්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ ආධාරකරුවන් ඇතුළු පිරිස් බිහාර් ප‍්‍රාන්තයේ දුම්රිය ස්ථානවලට රැස්වී දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා එල්ල කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. විරෝධතාකරුවන්ගේ මූලික අරමුණ දුම්රිය සහ බස් රථ ගමනාගමන කටයුතු අඩාල කිරීම බව පැට්නාහි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කීය. වැඩවර්ජනය හේතුවෙන් මේ වනවිට බිහාර් ප‍්‍රාන්තයේ පෞද්ගලික පාසල් වසා දමා ඇති අතර රජයේ පාසල්වල වැඩකටයුතු සුපුරුදු පරිදි සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මෙම විරෝධතාවලට ඉන්දියානුවන් මිලියන 50ක් සහභාගී කරවා ගැනීම සිය අරමුණ බව සමස්ත ඉන්දීය වෙළෙඳ සංගමය පවසයි. අගමැති සිංගේ නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ හේතුවෙන් සිල්ලර වෙළෙඳුන්ට ‘මරු පහරක්‘ එල්ල වනු ඇති බවත් ඒ හේතුවෙන් විශාල පිරිසකට රැකියා අහිමිවීමේ අවදානමක් මතුවිය හැකි බවත් විරෝධතාකරුවෝ අවධාරණය කරති.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අගමැති සිංගේ ප‍්‍රතිසංස්කරණවලට එරෙහිව දැවැන්ත වැඩවර්ජනයක්
වරුණ Monday, 24 September 2012 08:30 AM
සිංට මොකද මේ වෙලා තියෙන්නේ? (නි)
සිල්වා Sunday, 23 September 2012 08:45 AM
ඉන්දියන් සමාගම් වලට පිටරට ආයෝජනය කරන්න පුලුවන් නම්, ඇයි පිටරට සමාගම් වලට බැරි ඉන්දියාවේ ආයෝජනය කරන්න? (නි)
කපිල Friday, 21 September 2012 01:04 PM
පළමු ඡායාරූපය තව ටිකක් ලොකු කරලා දාන්න බැරිද? (නි)
රූපා Monday, 24 September 2012 12:12 AM
වැඩක් නැහැ අනේ
කල්ප Monday, 24 September 2012 01:13 AM
අයියෝ සල්ලි