ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් ජාතික බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගැබාඩ් අතරේ හමුවක් නවදිල්ලි අගනුවරදී පැවැත්විණි.
තුල්සි ගැබාඩ් ඉන්දීය සම්භවයක් ඇති ඇමෙරිකානු කාන්තාවකි. මාස දෙකක් ඇතුළත තුල්සි ගැබාඩ් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අතරේ හමුවක් පැවැත්වුණු දෙවැනි අවස්ථාව වන්නේ මෙයයි.
මීට පෙර, තුල්සි ගැබාඩ් සහ මෝදි අතරේ හමුවක් පැවැත්වූයේ පසුගිය පෙබරවාරියේ මෝදි ඇමෙරිකාවට ගොස් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවුණු අවස්ථාවේදීය.
එකිනෙකා හමුවුණු අවස්ථාවේදී, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, මහා කුම්භ පූජා උත්සවය පැවැත්වෙන ප්‍රයාග්රාජ් නුවර, ගංගා නදියේ ජලය පිරවූ බදුනක් තෑගි කිරීමට ද අමතක නොකළේය.
ත්‍රස්තවාදය සහ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන්, ඉන්දියාවත් ඇමෙරිකාවත් අතරේ සහයෝගීතා වර්ධනය කර ගැනීම, මෙහිදී සිදුවිය.
ශීක්වරුන් වෙනුවෙන් පෙනී සිටින ‘කලිස්තාන්’ සංවිධානය ඉන්දියාව විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස සලකනු ලබයි.
එම සංවිධානයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ, ගුර්පත්වාන්ත් පානුන්ය. ‘කලිස්තාන්’ සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට සහාය දක්වන්නැයි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් ද ඇමෙරිකන් ජාතික බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගැබාඩ් හමුවී සාකච්ඡා කළ බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
ඇමෙරිකන් අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමේ විධායක නියෝගයකට, එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළේය. ඇමෙරිකා ජනාධිපතිවරයා එම විධායක නියෝගයට අත්සන් ක
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැති දුරකතන කතාබහෙන් පසු, රුසියනු යුක්රේන යුද්ධය නතර කිරීමේ අරමුණින් ට්‍රම්ප් පරිපාලනය යෝජනා කර ඇති දින 30 ක ස
දින 8 ක මෙහෙයුමක් සඳහා පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස්, ආපසු පෘථිවියට පැමිණීමට නොහැකිව, මාස 9 ක් අභ්‍යවකාශ නැවතුම්පොළේ රැ
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් ජාතික බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගැබාඩ් අතරේ හමුවක් නවදිල්ලි අගනුවරදී පැවැත්විණි.
ඉන්දීය සංචාරයකට පැමිණ සිටින නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන් සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් නවදිල්ලියේදී පැවැත්විණි.
බුද්ධගයාවේ පාලනය, සම්පූර්ණයෙන්ම බෞද්ධ මණ්ඩලයකට භාරදෙන මෙන් ඉල්ලා, මහාබෝධි විහාරය අසල ආරම්භ කර ඇති උපවාසය දිගටම පැවැත්වෙන බවත්, ඉන්දියාවේ බෞද්ධ භික්ෂ
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
අගමැති මෝදි ඇමෙරිකන් බුද්ධි අංශ ප්‍රධානියා හමුවෙයි