ලොව උසම මිනිසා හැටියට සැළැකුනු යුක්රේන ජාතික ලියොනිඩ් ස්ටැඩ්නියැක් පසුගියදා මිය ගියේය.
මිය යන විට ඔහු 44 වැනි වියේ පසුවිය.
මරණයට හේතුව ලෙස වෛද්‍යවරුන් පැවසූයේ ලියොනිඩ්ගේ මොළය අභ්‍යන්තරයේ සිදුව ඇති රුධිර වහනයකි.
අඩි 8 යි අගල් 5 ක උසකින් යුතුවූ ඔහු වාර්තා පොත් වලට අනුව ලොව උසම මිනිසා වුවද තම නම වාර්තා අතරට එක්කරගන්නට ඔහු කිසිවිටෙකත් කැමැති වූයේ නැත.
ලියොනිඩ්ගේ මේ අසාමාන්‍ය උසට හේතුව ලෙස සැළකෙන්නේ ඔහු 12 වැනි වියේදී මොළයට සිදුකරන ලද සැත්කමකදී වූ වරදකි.
ගිනස් බළධාරීන් පවසන ආකාරයට ඔවුන් කිහිපවරක්ම ලියොනිඩ් හමුවී ඔහුගේ උස මැන ඔහුව වාර්තා අතරට එක්කරන්ට උත්සාහ කළත් අනවශ්‍ය ප්‍රසිද්ධියක් තමන්ට අවශ්‍ය නැතැයි කියමින් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබේ.
මෙනිසා තමන්ට අවසානයේ ලියොනිඩ්ට වඩා අඟල් කිහිපයකින් මිටි වන චීනයේ බාඕ ෂිසුන්ග් ලොව උසම මිනිසා යැයි නම් කරන්නට සිදුවූ බව ඔවුන් කියයි.
ලියොනිඩ්ගේ අසල්වාසීන් පවසන්නේ ඔහු ඉතාම කරුණාවන්ත හා පරිත්‍යාගශීලී පුද්ගලයෙකු වූ බවයි.වෙනත් පුද්ගලයෙකු මෙසේ උස් වී නම් ඔහු ප්‍රසිද්ධිය පස්සේ දුවනු ඇති වුවද ලියොනිඩ් නම් කළේ ඔහුට ලැබුණු අවස්ථා සියල්ල ප්‍රතික්ෂේප කිරීම යැයි ඔවුන් සිහිපත් කරයි.
තම උස ශාපයක් ලෙස ලියොනිඩ් සැළකූ බව ඔවුන් පවසයි.
ලියොනිඩ් මිය යන විට තනිකඩයෙකි. විවාහ යෝජනා පැමිණියද තමන්ගේ දුක අනෙක් කෙනෙකු දැරිය යුතු නැතැයි යන මතයේ සිටි ඔහු ඒ සියල්ල ප්‍රතික්ෂේප කර ඇතැයි පැවසේ.
ලියොනිඩ්ගේ මෘත ශරීරය තැබීමට වෙනම මිනී පෙට්ටියක් සෑදීමට සිදුවූ අතර එය සාමාන්‍ය මෝටර් රථයකින් ගෙන ආ නොහැකි තරමේ නිසා ඔහුගේ හිතමිතුරන්ට සිදුවූයේ ලොරියක පිහිට පැතීමටය.
වාර්තා පොතේ නම සඳහන් නොවූවද හදවත් බොහෝමයක නොමැකෙන ලෙස නම සදහන් කිරීමට සමත්වූ ලියොනිඩ් අවසානයේ තම අල්වාසීන්ගේ හා හිතමිතුරන්ගේ සුසුම් මැද ඔහුගේ ගම් ප්‍රදේශයේ සුසාන භූමියේ මිහිදන් කැරිණි.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අඩි අටහමරේ මිනිසා මැරේ
කුමාරි Thursday, 28 August 2014 11:01 AM
උස උනත් කොට උනත් උපන් අප හැමෝම මැරෙනවා.ඔබ යන්තම් හෝ ජිවිතයේ අස්ථිර බව වටහා ගෙන සිටියා විය යුතුයි.ඔබට නිවන් සුව! (අ)
හසන්ත Friday, 29 August 2014 07:15 AM
අනේ හරිම දුකයි (නි)
දිල්ෂාන් මනෝජ් Saturday, 30 August 2014 06:03 AM
මට මෙයාව දුබි වලදී එක පාරක් හමුවෙලා තියෙනවා, එදා ඔහු සුහදව ඔහුව වට කරගෙන සිටි හැමෝටම අතට ඇත දුන්න. ජීවිතය තනිකඩව ගත කල ඔබට නිවන් සුව. (අ)
රජීව් Friday, 29 August 2014 09:03 AM
නිවන් සුව ලැබේවා ! (නදී)
කමල් Friday, 29 August 2014 01:53 PM
මොක්සුව ලැබේවා! (නි)