ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට, සාගර පතුළට යද්දී, අතුරුදන් වූ කුඩා සබ්මැරීනයේ (කුමුඳුවේ) සිරවුණු පස් දෙනා සොයමින් සෝදිසි මෙහෙයුම් දිගටම සිදුවෙමින් පවතී. ඇමෙරිකන් වෙරළාරක්ෂක නිලධාරීන් පැවැසුවේ, සිරවුණු පස්දෙනාට ඔක්සිජන් ඇත්තේ තව පැය 30 කට පමණක් බවය.
සබ්මැරීනය සොයා ගත්තත්, ඊට ළං වී සිරවුණු පිරිස බේරා ගැනීම ගැටලුවක් බව වෙරළාරක්ෂකයෝ පෙන්වා දෙති. පසුගිය ඉරිදා (18) රාත්‍රියේ, පිරිස අතුරුදන් වූයේ ‘ටයිටන්’ නමැති සබ්මැරීනයෙන්, අඩි 3,800 ක් පහළින් ඇති ටයිටැනික් නැවේ සුන්බුන් ඇති ස්ථානය බලා යමින් සිටිද්දීය.
ඇමෙරිකා වෙරළාරක්ෂකයන් සබ්මැරීනය සෙවීමේ මෙහෙයුමට නායකත්වය දෙන අතර, ප්‍රංශ වෙරළාරක්ෂකයන්, නාවික සහ ගුවන් හමුදාව මෙහෙයුම් සඳහා එක් වී සිටී. ඊට අමතරව, ප්‍රංශ රජය ද ඔවුන්ගේ නාවික යාත්‍රාවක් සෝදිසි මෙහෙයුමට එක් කර තිබේ.
මුහුදේ වර්ග කිලෝ මීටර් 20,000 ක ප්‍රදේශයක සෝදිසි මෙහෙයුම් ක්‍රියාම්තක වන බව ද වාර්තා වේ. රේඩාර්වලින් සමන්විත විශේෂ ගුවන් යානා සහ මුහුදු පතුල ගවේෂණය කරන නාවික යාත්‍රා මෙහෙයුමට එක් වී සිටින බව වාර්තා වේ.
සබ්මැරීනයේ සිරවුණු පිරිස සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කනස්සල්ල පළ කර තිබේ. පිරිස බේරා ගැනීමට හැකි සෑම දෙයක්ම ඇමෙරිකා රජය සිදු කරන බව බයිඩන් මාධ්‍ය හමුවේ පවසා තිබේ.
1912 වසරේ අප්‍රේල් 14 වැනිදා ගිලුණු ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරැඹීමට සංචාරකයන් රැගෙන යෑම සිදුකරන්නේ ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමය.
‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගම ටයිටැනික් නැව ගිලුණු ස්ථානයට ගොස් සුන්බුන් නැරැඹීමට සලස්වා ආපසු එම දින 8 කින් සිදු කරයි. ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීම වෙනුවෙන් එක් අයකුගෙන් ඇමෙරිකන් ඩොලර් 250,000 ක මුදලක් අය කෙරේ. ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ ඔවුන්ගේ මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ 2021 වසරේ සිටය.
අතුරුදන් වුණු කුමුඳුවේ නියමුවා පෝල් හෙන්රි නාර්ජියෝලේ ය. අවස්ථා ගණනාවකදී ටයිටැනික් නැවේ සුන්බුන් ගවේෂණයට ගිය මොහු ප්‍රංශ ජාතික විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකි.
සංචාරකයන් ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට කටයුතු සංවිධානය කරන ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමේ උපසභාපති ස්ටොකොන් රෂ් ද අතුරුදන් සබ්මැරීනයේ සිටී.
සංචාරකයන් ලෙස ගමනට එක්වූයේ බ්‍රිතාන්‍ය ජාතික බිලියනපති හාමීෂ් හාඩින්ය. මොහු ‘ඇක්ෂන් ඒවියේෂන්’ නමැති ගුවන් සමාගමේ ප්‍රධානියාය. අනෙක් දෙදෙනා ‘එන්ග්‍රෝ’ සමාගමේ උප සභාපති බ්‍රිතාන්‍ය පාකිස්තාන ජාතික ෂෙහ්සාද් දාවුද් සහ ඔහුගේ 19 හැවිරිදි පුතු සුලෙයිමාන් ය. පාකිස්තානයේ ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙකු ලෙස ෂෙහ්සාද් දාවුද් සැලකෙයි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන්, මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත්
ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ මියගොස් ඇතැයි පැවැසෙයි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අතුරුදන් සබ්මැරීනය සොයා මෙහෙයුම් දිගටම
රෂීඩ් Thursday, 22 June 2023 08:50 AM
අල්ලාහු අක්බර්!