IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


අතරමංවූ කත දින 17ට පසු කැලයෙන් එළියට එයි

ඕස්ට්‍රේලියාවේ උතුරුදිග ක්වීන්ස්ලන්තයේ කැලයේ නිරාහාරව දින 17 ක සිට  අතරමන් ව සිටි  ලීහ් ෆෙෂර්ස් නම් කාන්තාවක් සොයාගැනීමට හැකිවි ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

තිස්වියැති ඇය තම සැමියා සහ තවත් පුද්ගලයෙක් සමග ගෝල්ඩන් හෝල් නැමැති නාන තටාකය වෙත සැප්තැම්බර් 21 දින ගොස් ඇති අතර එහිදී මෙම අතුරුදන් වීම සිදුවී තිබේ. දැන් ඇය රෝහලේ ප්‍රතිකාර ලබමින් ප්‍රකෘති තත්වයට පැමිඅණෙමින්  සිටින අතර ඇගේ ශරීරයේ ආසාදිත තුවාල සහ හිරු රෂ්මියෙන් වු තදබල කැලැල් පවතින බව වාර්තාවේ.

ෆෙෂර්ස් මහත්මිය දක්නට නොලැබිමත් සමග ඇගේ සැමියා හා ඔහුගේ මිතුරා අනතුරු ඇඟවීමේ සංඥා ලබා දුන් නමුත් ඇය වාහනයට පැමිණීමට අපොහොසත් වී තිබේ.

දරුවන් තිදෙනෙකුගේ මව වු ෆෙෂර් සෙවීම සඳහා පොලිස් නිලධාරින් සහ රාජ්‍ය හදිසි සේවා නිලධාරින් 25 දෙනෙක් එක්වි සිටියහ. කිමිදුම් කරුවන් පොකුණ ගැන සොයා බලද්දී අනෙක් නිලධාරින් අවට පරිසරයේ විපරම් කැර ඇත. හෙලිකොප්ටර් යානා ද පිරික්සුම්වලට යොදා තිබිණි. පිරික්ෂක කංඩායම් විවිධ වර්ණයෙන් යුත් සලකුණු බිමට දමා තිබේ.

ෆෙෂර්ස් ගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ ඇය විසින් මෙම සළකුණු අතරමංව සිටි කැලයෙන් එළියට පැමිණීම සඳහා මං සලකුණු ලෙස යොදා ගෙන තිබු බවයි.

ඇය එළියට පැමිණී පසු පළමුව දැක ඇත්තේ අන්නාසි වෙළෙන්දෙකි. පසුව ඔහු විසින් මෙම කාන්තාව වහාම ලඟම පිහිටි රෝහල වෙත යවා ඇත.

පවුලේ සාමාජිකයන් මාධ්‍යයට පවසා ඇත්තේ ඇය සුරක්ෂිත වි ඇත්තේ කුඩා කලපුව, කුඩා මාළුන් සහ කෘමින් බවයි. තම සිරුරේ තිබූ තුවාල කලපුවේ ජලයේ දමා ගෙන දින තුනක් ඉඳගෙන සිට ඇත.

ඔවුන් තවදුරටත් පැවසුවේ ඇයට කිඹුලන්ගෙන් ද ආරක්ෂා වීමට ද සිදුවූ බවයි.

ෆෙෂර්ස් ගේ කිලෝ ග්රෑම් 90 ක් වු බර ඇය අතුරුදන්ව සිටි කාලයේ දී කිලෝ 16 කින් අඩුවූ බව වෛද්‍යවරු කියති.

ෆෙෂර්ස්ගේ සැමියා වන හේත් කැසඩි පැවසුවේ ඇයගේ ශරීරය පුරාම සීරිම් සහ කැලැල් අධිකව තිබෙන බවයි. කැසඩ් පවසන්නේ ඇය ජීවත්ව සිටීම පුදුම උපදවන කරුණක් බවයි.

ඇගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලීසිය තවමත් පරික්ෂණ පවත්වමින් සිටින අතර එහි ප්‍රකාශකයෙක් වාර්තාවකරුවන්ට පවසා ඇත්තේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සැකසහිත තත්වයක් නොමැති බව පෙනෙන්නට ඇති බවයි.Australian 2 - Copy Australian 1



අදහස් (0)

අතරමංවූ කත දින 17ට පසු කැලයෙන් එළියට එයි

ගාමිණී සිරිවර්දන Sunday, 12 October 2014 07:48 AM

මාව... හංගා.... වනේ ..ගීතය ගයමින් වන මෝහිනිගේ චරිතය රඟපාන්නට ගොස් වනයේ අතරමංවූ පිස්සු නංගී කෙනෙක් ! ඔසී කැන්ගරු කාන්තාවෝ හපා කන්නේ නැතිව ඇති ! (නදී)

:       0       0

සෑම් Sunday, 12 October 2014 09:39 AM

මේ කාන්තාවගේ අතුරුදහන් වීම සැක සහිත බව මිසක් සැක නැති බවක් කියවුනේ නැහැ. මැය මේ කතාව මාධ්‍ය ආයතන වලට ඉහල මුදලකට(ලංකාවේ මුදලින් නම් කෝටි ගානකට) විකිණීම සඳහා සිතාමතා කල රඟපෑමක් යැයි සැකයක් පවතින බවත් ඒ ගැන පරීක්ෂණ කරන බවත් කියවුනා. ඒ හැරත් මැය සොයාගනු ලැබුවේ අතුරුදහන් වූ ස්ථානයේ සිට මීටර් සීයක පමණ දුරකින් වීමත් සැක සහිත බව කියවුනා. (නදී)

:       0       0

ප්‍රියන්ත Monday, 13 October 2014 01:40 AM

ඕස්ට්‍රේලියාවේ මිනිස් ජීවිතයකට ඉහළ රැකවරණයක් තියනවා. (නි)

:       0       0

අසාම් Monday, 13 October 2014 02:10 AM

කොහොමහරි ජීවිතයට අනතුරක් නැතිව බේරුන එක ලොකුදෙයක්. සහන සේවකයන්ට ස්තුති වේවා! (නි)

:       0       0

චමින්ද Sunday, 12 October 2014 11:12 AM

සෑම්ගේ කතාව හරි. මෙවැනි පුවත් මවන්නන් සිටිනවා. පස්සේ කතාව මාද්‍යට ඩොලර් ලක්ෂ ගානකට විකුනනවා. පසුගිය කාලෙක එංගලන්තයේ ඉදන් ආපු තරුණයෙක් මේ වගේ කැලෑවක අතුරුදහන් වෙලා, ඩොලර් දහස් ගානක් ප්‍රාන්ත ආණ්ඩුව වියදම් කරලා [හෙලිකොප්ටර් ඇතුළුව] දවස් ගානකට පස්සේ හොයා ගත්තා. පස්සේ මිනිහා ඩොලර් පනස් දාහකට කතාව මාද්‍යට විකුණලා එංගලන්තයට මාරු වුනා. වෙන එකක් තියා හොයා ගන්න සහභාගී වූ අයට ස්තුතියක්වත් පල කරන්නේ නැතුව. ඔන්න මිනිස්සුන්ගේ කෘතගුණ සැලකීම. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 46 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 58 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 20 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 24 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 311 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 245 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 574 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 778 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2174 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site