රජයට එරෙහි විරෝධතා පෙළපාළි පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බංග්ලාදේශ විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීන් 33 දෙනකුට ඇප ලබා දීම අධිකරණයක් විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීමත් සමඟ ඊට එරෙහිව ඊයේ (17) එරට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්විණි.
අධිකරණයේ එම තීන්දුව දේශපාලනික හේතූ මත දෙන ලද්දක් යැයි බංග්ලාදේශ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘බංග්ලාදේශ ජනතා පක්ෂය’ චෝදනා කරයි. වැඩ වර්ජනය සංවිධානය කළේ ද එම පක්ෂයයි.
වැඩ වර්ජනයට අමතරව නඩු තීන්දුව ප‍්‍රකාශ කිරීමත් සමඟ ඩකා අගනුවර විරෝධතා පෙළපාළි ද පැවැත්විණි. විපක්ෂ ආධාරකරුවෝ පිරිසක් අධිකරණ ශාලව අසලදී වාහන කිහිපයකටත් බස් රථයකටත් පහර දී ගිනි තැබූහ.
මීට අමතරව තවත් විපක්ෂ කි‍්‍රයාකාරීහු පිරිසක් මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලට ද පහර දෙන්නට වූහ. කලහකාරීව හැසිරුණු එම පිරිස විසුරුවා හැරීමට පොලිසිය යෙදවුණු අතර දෙපිරිස අතර දරුණු ගැටුමක් ඇති වූ බව ද වාර්තා වේ.
බංග්ලාදේශයේ විරෝධතා පැවැත්වීම සහ රජය පෙරළා දැමීමට කුමන්ත‍්‍රණය කිරීම ආදී චෝදනා මත පොලිස් අත්අඩංගුවේ පසුවන විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීන් අතරේ බංග්ලාදේශ ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයන් සහ පක්ෂ මහ ලේකම්වරයා ද සිටියි.
තවත් පක්ෂ නායකයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානමින් සිටින නමුත් එම පිරිස පොලිසියෙන් බේරී කට්ටි පනිමින් සිටින බව ද වාර්තා වේ.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අධිකරණ තීන්දුවකට එරෙහිව බංග්ලාදේශයේ වැඩ වර්ජනයක්
සදමාලි Saturday, 19 May 2012 02:50 PM
අප වාසය කරන්නේ බංග්ලාදේශ් වල ,මේ විදිහේ වර්ජන සාමාන්‍ය දෙයක් වෙලා ,රටේ සියලුම වැඩ කටයුතු නවත්වන්නට විපක්ෂයට පුලුවන් එක නිවේදනයකින් ,සාමාන්‍ය ජනතාව පුදුම විදියට පීඩනයට පත් වෙනවා මේ ''හර්තාල් ''වලින්. පාසල් වසනව,විභාග කල් යනවා ,වාහන ධාවනය තහනම් නිසා ගොඩක් අපහසුතා ඇති වෙනවා ,නමුත් දැනට ඉන්න ආණ්ඩුව විපක්ෂට ආ දාටත් මේ දේ මේ ලෙසම සිදුවෙනවා