IMG-LOGO

2025 මාර්තු මස 23 වන ඉරිදා


අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමට නියෝග

ඇමෙරිකන් අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමේ විධායක නියෝගයකට, එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළේය. 

ඇමෙරිකා ජනාධිපතිවරයා එම විධායක නියෝගයට අත්සන් කළේ ධවල මන්දිරයේදී, පාසල් දරු දැරියන් පිරිසක් ද පිරිවරා ගනිමිනි. ට්‍රම්ප්ගේ අධ්‍යාපන ලේකම්වරිය (ඇමැති) ලින්ඩා මැක්මැහොන් ප්‍රමුඛ ට්‍රම්ප් පරිපාලනයට සම්බන්ධ බොහෝ දෙනෙක්, අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් සහ මාධ්‍යවේදීහු එම අවස්ථාවට එක්  වී සිටියහ.

අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමිය යුතුයි යන්න කොන්සවර්ටිව් මතධාරීන්ගේ දිගු කාලීන සිහිනයක් විය. තමන් යළි බලයට පත්වුවහොත් වහාම එසේ කරන බවට ට්‍රම්ප් මැතිවරණ පොරොන්දුවක් ද දී තිබුණි.

ජනාධිපති ට්‍රම්ප්, ‘රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව’ (ඩොජ්) නමින් විශේෂ දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කර තිබේ. එය බාර දී ඇත්තේ ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක්ටය.

‘රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව’ ද අධ්‍යාපන අමත්‍යාංශයේ අනව්‍ය වියදම් ගැන ට්‍රම්ප් දැනුවත් කර ඇත. එය ද අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමට එක් හේතුවකි.

ට්‍රම්ප් මෙම විධායක නියෝගයට අත්සන් කළේ, ඇමෙරිකානු අධ්‍යාපන අමත්‍යාංශය ඇමෙරිකන් දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කිසිම අවස්ථාවක ක්‍රියා කර නොමැති බවත්, අධ්‍යාපන අමත්‍යාංශය ඇමෙරිකන් වැසියන්ගේ බදු මුදල් කොල්ල කෑ බවටත් ට්‍රම්ප් චෝදනා නගමිනි.

ඇමෙරිකාවේ අධ්‍යාපනය, යුරෝපයේත් චීනයේත් අධ්‍යාපනයට වඩා පසුගාමී බව පෙන්වා දෙමින් ට්‍රම්ප් අවධාරණය කළේ ඇමෙරිකාවේ අධ්‍යාපන කටයුතු දියුණු කිරීමට තමන් පියවර ගන්නා බවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (6)

අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමට නියෝග

Nandalal DE SILVA - France Friday, 21 March 2025 05:37 AM

ට්‍රම්ප්ගේ මෙම තීරණය, මීලඟට ලෝකයේ බොහෝ රටවල් පිළිගන්නවා ඇත. ඔවුන්ත් ට්‍රම්ප් ගිය අඩි පාරේ යමින්, ඒ රටවලත් අධ්‍යාපන අමාත්‍යාංශ වසා දමනු ඇත!!! ඇමරිකාවේ පාසල් වලට කනකොකා හඬා ඇත

:       2       2

සමිත හිමි Friday, 21 March 2025 06:09 AM

ඔන්න කරනව නං වැඩක් අපේ රටෙත්. සත පහකට වැඩක් නෑ. තව පිරිවෙන් ශාඛාව කියලත් එකක් තියෙනවා. හොර ගුහාවක්.

:       0       8

Sameera Friday, 21 March 2025 06:43 AM

මෙය ලංකාවටත් අදාල වේ! ලංකාවේ ඇති අකාර්යක්ෂම ආයතනය පාසැල වේ! අවුරුදු 13 වැඩකට නැති විශය නිර්දේශයක් හා මොට ඉගැන්වීම් ක්‍රමයක් ක්‍රියාත්මක වේ!

:       2       9

රුවන් Friday, 21 March 2025 06:55 AM

නිදසුන් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය නැති එකම බටහිර දියුණු රට. ජර්මනියේ හිටපු සෞඛ්‍ය ඇමති පුදුම වුනාලු ගිලන් රථයට ඩොලර් 8,000ක බිලක් ආවම. ජර්මනියේ ගිලන්රථ සේවා වගේම සෞඛ්‍ය නොමිලේ.

:       2       3

ගුණරත්න Friday, 21 March 2025 07:38 AM

අපේ රාජ්‍යසේවයට නම් අවුරුදු 100ක් ගියත් හෙනයක් නැතිව තියෙයි. ඒ වෙනකොට මුළු ජනගහනයම රජයේ සේවකයෝ වෙන්නත් බැරි නැහැ.

:       1       7

ඇමෙරිකන් වැසියා Friday, 21 March 2025 10:30 AM

අනේ මන්ද ඇමරිකාවේ අධ්‍යාපනය ඉතාමත් පසුගාමීයිලු . හැබැයි අපේ එවුන් PhD වලට පැනගෙන මෙහෙ එනවා

:       1       5

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

හීත්‍රෝ යථා තත්ත්වයට
2025 මාර්තු මස 22 34 0

විදුලි උප පොළක හටගත් ගින්නක් හේතුවෙන්, විදුලිය සැපයීම අඩාල වී, පැය 24 කට වසා දැමුණු ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන්තොටුපොළේ කටයුතු මේ වනවිට සෙමින් සෙමින් යථා


සටන් විරමයේ ඉන්න හමාස් කැමැතියි
2025 මාර්තු මස 22 49 0

ඊශ්‍රායල ප්‍රහාර හමමුවේ වුවත්, පැවැති සටන් විරාමයට යළි අවතීර්ණ වීමට හමාස් සංවිධානය උත්සාහ ගනිමින් සිටී.


සුඩාන හමුදාව ජනපති මන්දිරය අල්ලයි
2025 මාර්තු මස 22 51 0

සුඩාන හමුදාව, යළිත් වරක් එරට ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


ටෙස්ලා සයිබර් ට්‍රක් ආපසු කැඳවයි
2025 මාර්තු මස 22 44 0

ටෙස්ලා සමාගම ඔවුන්ගේ සයිබර්ට්‍රක් වාහන 46,000කට ආසන්න සංඛ්‍යාවක් ආපසු කැදවීමට තීරණය කර තිබේ.


ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කාන්තාවකට
2025 මාර්තු මස 22 11 0

සිම්බාබ්බේ ක්‍රීඩා අමාත්‍ය ක්‍රිස්ටි කොවෙන්ට්‍රි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නව සභාපති ලෙස තේරී පත් වී ඇත.


ඉස්තාන්බුල් පුරපති අත්අඩංගුවට
2025 මාර්තු මස 22 74 0

තුර්කියේ ඉස්තාන්බුල් නුවර නගරාධිපති ඉක්රිම් ඉමාම්ග්ලූ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට එරෙහිව එල්ල වී ඇති ද


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 107 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 513 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1114 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site