IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


අනාගත සිහින කාරය

අනාගත ලෝකයට නිපදවූ මෝටර් රථ ප්‍රදර්ශනයක් ජෝර්ජියාවේ ඇට්ලන්ටාහි උසස් කලා කෘති කෞතුකාගාරයේ මේ දිනවල පැවැත්වේ. සැප්තැම්බර් මස 07 වැනිදා දක්වා මහජන ප්‍රදර්ශනයට තබා ඇති මේ මෝටර් රථ නිපදවූ දින පටන් ධාවනය නොකරන ලද රථ වීම ද විශේෂත්වයකි. ‍

මෝටර් රථ නිෂ්පාදන සමාගම් වෙනුවෙන් නව සැළසුම් ලෙස මේවා සකස් කැර තිබිණි. එසේ වුව ද එම සැළසුම් නිෂ්පාදනය කර නොමැත.

1930 වර්ෂයෙ සිට 2010 වර්ෂය දක්වා වරින් වර අනාගතය සඳහා සැළසුම් කරන ලද කාර් 19 ක් මෙලෙස ප්‍රදර්ශනයට තබා ඇතැයි කෞතුකාගාරයේ අධ්‍යක්ෂ මයිකල් ෂැපිරෝ කියයි. මෙලෙස ප්‍රදර්ශනයට තබා ඇත්තේ යුරෝපීය හා ඇමෙරිකා වෙළෙඳ පොළට සුදුසු පරිදි සැලසුම් කරන ලද කාර් සමූහයකි.

‘‘ මේ සියළු කාර් සිහිනයක් ම පමණයි. අපි සදාකාලිකව ම මේවා ප්‍රදර්ශන භාණ්ඩ බවට පත්කරලා තිබෙන්නේ. මේ වාහන සැළසුම් නිෂ්පාදනය වූයේ නැහැ. ඉදිරියේ දී නිෂ්පාදනය වන්නේත් නැහැ. ඒ නිසා එය සිහින රථයක් ම පමණයි. “

1406112706044_wps_8_MANDATORY_BYLINE_PIC_BY_H

1936 දී සැළසුම් කරන ලද්දකි

1406112892653_wps_11_MANDATORY_BYLINE_PIC_BY_H

1947 දී කරන ලද සැළසුමකි

1406113081131_wps_15_MANDATORY_BYLINE_PIC_BY_H

මෙය බී.එම්.ඩබ්ලිව්. ආයතනය විසින් සැළසුම් කරන ලද්දකි

1406113226717_wps_18_MANDATORY_BYLINE_PIC_BY_H

1932 දී කරන ලද සැළසුමකි.

1406114209588_wps_21_MANDATORY_BYLINE_PIC_BY_H

1948 සැළසුම් කළ ද නිෂ්පාදනය කැර නැත.

1406116221554_wps_28_MANDATORY_BYLINE_PIC_BY_H

1937 සැළසුමකි

1406116592229_wps_31_MANDATORY_BYLINE_PIC_BY_H

මෙම සැළසුම 1951 ඉදිරිපත් කරන ලද්දකි.

1406116785873_wps_34_MANDATORY_BYLINE_PIC_BY_H

1970 දී මේ සැළසුම සකස් කැර ඇත.

1406117039364_wps_37_MANDATORY_BYLINE_PIC_BY_H

ගුවන් යානයක් සේ පෙනෙන මේ කාරය 1954 නිෂ්පාදනයකි

1406117121215_wps_40_MANDATORY_BYLINE_PIC_BY_H

1934 සැළසුමකි

1406117375940_wps_43_MANDATORY_BYLINE_PIC_BY_H

1970 දී ඉදිරිපත් කරන ලද සැළසුමකි.

1406117569805_wps_47_MANDATORY_BYLINE_PIC_BY_H

1956 ඉදිරිපත් කළ සැළසුමකි.

1406117742215_wps_50_MANDATORY_BYLINE_PIC_BY_H

1955 සැළස්ම සකස්කැර ඇතත් නිපදවා නැත.

1406118077226_wps_53_MANDATORY_BYLINE_PIC_BY_H 500

1942 දී ඉදිරිපත් කරන ලද්දකි.

1406118330824_wps_56_MANDATORY_BYLINE_PIC_BY_H

2010 දී සැළසුම් කරන ලද මේ රථය ද නිෂ්පාදනය කළේ නැත.

1406118649421_wps_59_MANDATORY_BYLINE_PIC_BY_H

1959 සැළසුමකි.

1406114362288_wps_24_MANDATORY_BYLINE_PIC_BY_H

1941 සැළසුම ඉදිරිපත් කළ ද මෙය නිෂ්පාදනය කැර නැත.

 



අදහස් (0)

අනාගත සිහින කාරය

කරුණාරත්න Friday, 25 July 2014 12:41 PM

ලංකාදීපයට ස්තුතියි, මේවගේ වටිනා දේවල් ඉදිරිපත් කිරීම වෙනුවෙන්. (නි)

:       0       0

ලක්මාල් Thursday, 24 July 2014 06:50 AM

ලංකාදීපයට ස්තුතියි. ඉතා වටිනා වාර්තාවක්. (නි)

:       0       0

කසුන් ධර්මවංශ Thursday, 24 July 2014 03:29 PM

මමත් පිටරටක ඉන්නේ. මගේ ලොකු හීනයක් තියෙනවා කවදම හරි මැරෙන්න කලින් අපේ රටේ අපිම හදපු වාහනයක යන්න. මොකද ඉන්දියානුවන් ,ජර්මානුවන් ජපනුන් අද ලෝකේ කොතන ගියත් ඔවුන්ගේ රටවල හදන වාහන වල නැගල යන්නේ තමන්ගේ රටේ දේ ගොඩක් අගය කරමින්. ශ්‍රී ලාංකිකයෙක් විදියට මමත් කැමති කවද හෝ මටත් එහෙම යන්න ලැබෙනවානම්.(අ)

:       0       0

දුම්මලසූරිය Friday, 25 July 2014 08:48 AM

කසුන් ඔබේ ප්‍රාර්ථනාව මගෙත් ප්‍රාර්ථනාවයි !!!!! අපේ රටේ දක්ෂයෝ ඉන්නවා..මේ වගේ ව්‍යාපාර පටන්ගන්න කැමති අයත් ඉන්නවා........නමුත් පවතින කොමිස් ගැහිලිවලට හුරු වූ දේශපාලනය මේවට ඉඩදෙන්නේ නැති එකයි ප්‍රශ්නය........එහෙම නොවන්න ඔබේත් මගෙත් ප්‍රාර්ථනාව මේ වෙද්දීත් ඉටුවෙලා මම හිතන හැටියට.....(ස)

:       0       0

ඉන්දික Thursday, 24 July 2014 09:02 AM

අපේ ලංකාවේ දැන් චීන සහ ඉන්දියන් සෙල්ලන් කාර් වැහි වැහලා. වැඩිම අවුරුදු 5න් කාර් එක වටිනාකම ගිහින්. රෙපයාර් වලට පඩිය දෙන්න වෙනවා. අනේ රට ඉන්න අපිටත් හොඳ වාහනයක් ගන්න ඉතුරු කරපු ඔක්කම දෙන්න වෙනවා. ඔන්න ඕක තමා ලංකාවේ තත්වය. මේ ගැන බලධාරීන්ගේ ඇස් යොමු වේවා කියල ප්‍රර්ථනා කරනවා. අපිටත් ලංකාවට වාහනයක් ගේන්න ලැබේවා. (නදී)

:       0       0

සමන් Wednesday, 23 July 2014 08:23 PM

කාර්යක් ගැනීම සැමදා අපිට සිහිනයක් පමණි (නි)

:       0       0

ගාමිණී - සිරි Wednesday, 23 July 2014 08:23 PM

ජෝර්ජියාවේ නිෂ්පාදනය කර ඇති සිහින කාර් නිෂ්පාදනය නොකළ සැලසුම් පමණි. අපිත් සැලසුම් කරගෙන ඉන්නේ කවදා වාහනයක් මිලදී ගන්න ලැබෙයිද කියලා, මේ ගහන බදු අස්සේ ... ඒකත් සිහින කාරයක් වගේ. (නි)

:       0       0

දැරණියගල Wednesday, 23 July 2014 09:13 PM

හරිම වටිනා වාර්තාවක්. ලංකාදීපයට බොහොම ස්තුතියි. (නි)

:       0       0

එරංග Wednesday, 23 July 2014 09:23 PM

ලස්සන කාර් ටික (නි)

:       0       0

කරුණාරත්න Thursday, 24 July 2014 12:41 AM

සුන්දර නිර්මාණ පෙළක් (නි)

:       0       0

අජන්ත Friday, 25 July 2014 10:08 AM

ලංකාවට අඩු ඕවා තමයි. ලංකාවේ මිනිසුන්ට ජීවත් වෙන්න වතුර නැතුව දුක් විඳිනවා. පුළුවන් නම් වතුර ලබාත හැකි නව නිපැයුම් ලංකාව සෙවිය යුතුයි. (නි)

:       0       0

ජයත් Friday, 25 July 2014 10:20 AM

කසුන් / දුම්මලසූරිය ඔයාලගේ ප්‍රාර්ථනා හරිම වටිනවා නමුත් අපේ රටේ කවදාවත් ඕක වෙන්නේ නැහැ .උපාලි fiat රකට මොකද උනේ ? ඒ කලේ සින්දුත් කිව්වා මතකද ( එයාල තාමත් ඉන්න්නවා} කසුන් / දුම්මලසූරිය ඔයාලගේ ප්‍රාර්ථනාවන් හොඳ උනාට කවදාවත් අපේ රටේ ඉෂ්ට වෙන්නෙ නෑ . (අ)

:       0       0

ශෂී Thursday, 24 July 2014 04:14 AM

නියම කාර් ටික. ඕවා ඇත්තට හදලා තිබුනද දන්නේ නැහැ නේද? (නදී)

:       0       0

ලක්ෂපාන Thursday, 24 July 2014 05:00 AM

ලස්සන වාහන දිහා බලන් උහුලනවා ඇරෙන්න පිටරට ඉඳන් හම්බකරන එකෙන් අපි කොහොමද වාහන ගන්නේ. (නදී)

:       0       0

දර්ශණ Friday, 25 July 2014 03:32 AM

කසුන් යන්න නම් ලැබෙයි. ඒත් 200% ක් බදු ගෙවන්න වෙයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 275 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 225 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 623 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 83 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 88 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 517 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 770 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2157 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site