දකුණු කොරියාවේ ගුවන් අනතුරෙන් මියගිය පිරිස අතුරින් 141 දෙනෙකුගේ ඩී එන් ඒ විශ්ලේෂණය මගින් ඔවුන්ගේ අනන්‍යතාව හඳුනාගෙන ඇත. ඒ, ඩීඑන්ඒ වාර්තා සසදා බලමිනි.
ඒ අනුව මියගිය පස් දෙනෙකු අවුරුදු 10ට අඩු කුඩා දරුවන් වන අතර, ළාබාලම මගියා තුන් හැවිරිදි පිරිමි දරුවෙක්. වැඩිමහල්ම පුද්ගලයා 78 හැවිරිදි වියේ පසුවන බවයි විදෙස් මාධ්‍ය පවසයි.
මෙම අනතුරට හේතු පැහැදිලි කරමින් විචාරකයින් ප්‍රකාශ කර ඇත්තේ, ගුවන් පථය අවසානයේ තාප්පයක් තිබීම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුල නොවන බවය. මෙම අනතුරත් සමග මගීන් 68,000 ක් ජේජු ගුවන් සමාගමේ ගුවන් ගමන් අවලංගු කර ඇති බව ද පැවැසෙයි.
අනතුරින් මියගිය අය හදුනා ගැනෙයි