IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


අනේ මුසිල නොදිටි මොක්පුර

තම 24 හැවිරිදි ගණිත ගුරුවරිය මැරීමේ චෝදනාව යටතේ ඇමෙරිකාව් 14හැවිරිදි පාසල් දරුවෙක්  චෝදනා ලබයි.

මෙම ගුරුවරිය ගෙදර නොපැමිණීම හා දුරකථනයට පිළිතුරු නොදීම හේතුවෙන් පවුලේ අය පොලිසියට පැමිණිලි කර තිබේ. පසුව පාසලට ගොස් පරීක්‍ෂා කිරීමේදී පාසලේ වැසිකිලියක ලේ තිබෙනු දැක තිබේ.

ඒ අනුව සොයා බැලීමේදී ඇගේ සිරුර අසල ඇති කැලෑවක තිබී සොයා ගෙන ඇත. චිත‍්‍ර කාමරයෙහි තිබූ පිහියකින් කපා කොටා ඔහු මෙම ඝාතනය කර ඇති බව පැවසේ. ගුරුවරිය මැරීමට හේතුව කුමක්දැයි තවම අනාවරණය වී නැත.

එමෙන්ම එදා රාති‍්‍රය වන තෙක් ගෙදර නොපැමිණි සිසුවාද රාති‍්‍ර 12.30ට පමණ පාසල අසල තනියම ඇවිදමින් සිටියදී සොයා ගෙන ඇත. එදින රාති‍්‍රයෙහි පාසලේ පාපන්දු සගමයේ භොජන සංග‍්‍රහයක් පවත්වා ඇති නමුත් ඔහු ඊට ද සහභාගි වී නොමැත. ඝාතනය කිරීමට පෙරදින රාති‍්‍රයෙහි ඔහු බ්ලූ ජස්මින් නැමැති චිත‍්‍රපටියක්ද නරඹා ඇති බව පොලිසිය කළ පරීක්‍ෂණ වලින් හෙළි වී ඇත.

 



අදහස් (0)

අනේ මුසිල නොදිටි මොක්පුර

සුදේශ් Sunday, 27 October 2013 12:28 PM

මට නම් සුද්දෝ මොනවා කලත් සුද්ද හොදයි අනේ මන්ද නිල්මිණි(දිල්)

:       0       0

සුදේශ් Sunday, 27 October 2013 12:30 PM

මේ වගේ සුද්දෝ කොහොමද වැදගත් වෙන්නේ (දිල්)

:       0       0

ඉන්දික Friday, 25 October 2013 12:35 PM

හරිම නිදහස් රටක් ! (ස)

:       0       0

ලාල් කැන්ඩි Sunday, 27 October 2013 12:40 PM

ඇමෙරිකාවේ ගුරුවරුන්ට කරදර බාල වයස් කාරයන්ගෙන් ලංකාවෙ නම් සමහර දෙනා පියන්ගෙන්,සහ බල පුළුවන් කාර සමහර නරුමයන්ගෙන්. (දිල්)

:       0       0

කුමාරි Friday, 25 October 2013 06:03 PM

අද ළමයෙක් කොම්පියුටර් එක ළඟ ඉදගත්තම බලන්නේ මොනවද? ලෝකේ දියුණු වෙලාලු......... මිනිසුන් තිරිසන් වෙලාලු..(අ)

:       0       0

දාන් Friday, 25 October 2013 01:07 PM

ලංකාවේ උනානම් බලන්න තිබුණා අපේ අයියලා රටට බැනලා දාන ප්‍රතිචාර ටික....(නදී)

:       0       0

අමිල Friday, 25 October 2013 06:25 PM

ඇමෙරිකාවේ නීති ලංකාවේ දාලා හරියන්නේ නැති බව දැන් හොඳට පේනවා.මානව හිමිකම් වලින් වලින් ගුරුවරුන්ගේ කකුල් බැඳලා, හිරකාරයෝ බවට පත් කරලා තියෙන්නේ.මෙවැනි ළමුන් තව දුරටත් ළමුන්ද? (අ)

:       0       0

ලක්මිණි වෙදමුල්ල මිලානෝ -ඉතාලිය Saturday, 26 October 2013 08:35 PM

මම ඉන්නේත් ඉතාලියේ. අපේ වගේ රටක ස්ත්‍රී දූෂණවලට සම්බන්ධ වෙන්නේ ලංකාවේ වගේ ගමේ ගොඩේ අයියලා නෙමෙයි හොඳ වැදගත් සුද්දෝ. මට නම් සුද්දෝ මොනවා කළත් සුද්දා හොඳයි. (නි)

:       0       0

කෝලිත Friday, 25 October 2013 01:49 PM

ඇමරිකන් ගැති ලංකාවේ අයට හොඳ ආදර්ශයක් . (ස)

:       0       0

ගජබා Friday, 25 October 2013 02:07 PM

මම දන්නා කපල් එකක් ග්‍රීන් කාර්ඩ් එකට ඇමෙරිකාවේ ගියා. ගිහින් පලවෙනි සතියෙම හස්බන්ඩ් වැඩට ගිහින් එද්දී කෙනෙක් වෙඩි තියල මැරුවා. මිනිය ලංකාවට ගෙනත් අවසන් කටයුතු කලා. ඉසුරු සොයා ඇමෙරිකාවේ යන යට වෙන දේවල් ගැන ඕනේ තරම් උදාහරණ තියෙනවා. මට කේන්ති ඒවා ගැන නෙමෙයි. අපේ රටට කරන කෙනෙහිලි කම් ගැන. මොකද මෙහෙ ඉන්න අය එහෙට එන්න ග්‍රීන් කාර්ඩ් ඉල්ලලා නැහැනේ. අපේ පාඩුවේ ඉන්න දීල ඕනේ කෙනෙක් මාරා ගත්තට කමක් නැහැ..(නදී)

:       0       0

අසා Friday, 25 October 2013 08:34 PM

බොහොම හොඳයි.මානව හිමිකම් උපරිමයෙන්ම තිබෙනවා. ප්‍රජතන්ත්‍රවාදය අකුරටම පිළිපැදලා තිබෙනවා. (නි)

:       0       0

චන්දිම Saturday, 26 October 2013 11:04 PM

මිහිරට හරි දුකයි වගේ. හරි. ලංකාවේ ළමා දුෂණ තිබෙනවා කියමුකෝ. ඇමෙරිකාවේ ළමයි අවුරුදු 10 වෙද්දී අයාලේ යන එක ලංකාවේ වෙනවද? ඔයාගේ දුව හරි නංගි හරි එහෙම යනවා නම් ඔයාට සතුට හිතෙයි නේද? (නි)

:       0       0

මිහිර Tuesday, 29 October 2013 03:01 AM

මට චන්දිම ගැන හරිම දුක හිතෙනවා. ඔයා දන්නවද ඇමෙරිකාවේ ළමයි අවුරුදු 14 වෙනතුරු ගෙදර තනියම තියලා යන්නවත් නීතියෙන් ඉඩක් නැහැ. අවුරුදු 10 නෙමෙයි අවුරුදු 2, 3 ඉඳලාම අයාලේ යන්නේ කොහෙද කියලා කව්රුත් දන්නවා. (නි)

:       0       0

බන්චි Sunday, 27 October 2013 02:08 AM

මොන රටක වුණත් නොඇසිය යුතු... නොදිටිය යුතු.... අසාමාන්‍ය දුක හිතෙන පුවතක්.අහිංසක ගුරුතුමියට නිවන් සුව! (නි)

:       0       0

ජානී-යූ.එස්. Monday, 28 October 2013 03:00 AM

ලක්මිණි වෙදමුල්ල,"සුද්දා මොනවා කළත් සුද්දා හොඳයි" කියලා කියන්න එපා හැමවිටම.අපිත් ඉස්සර හිතාගෙන හිටියේ,සුද්දෝ කියන්නේ හරි පිළිවෙලට ඉන්න වැදගත් ජාතියක් කියලා.සමහර සුද්දෝ කරන වැඩ දැක්කම ලංකාවේ අයගෙයි සුද්දන්ගෙයි වැඩි වෙනසක් නැහැ.වෙනස ඔවුන්ගේ හම සුදු එකයි.අපේ අය සුදු රෙදි ඇඳගෙන කරන දේ ටයි කෝට් ඇඳගෙන කරන එකයි විතරයි. (නි)

:       0       0

ජානී-යූ.එස්. Monday, 28 October 2013 03:26 AM

ඇමෙරිකානුවන් වැඩි දෙනෙක් විවිධ මානසික පීඩනයන් තුල ඉන්නේ.අපි හිතුවට ඔය රටවල මිනිස්සු හරි සමාජශීලියි කියලා,එහෙම නැති අය ඉන්නවා.කඳුකර ප්‍රදේශවල,ගොවිපලවල් ආශ්‍රිතව වගේ හැදෙන ළමයි,හරිම අමුතුයි.අනෙක් අය සමග එකතු වෙනවා හරි අඩුයි.සිතීමේ ශක්තියත් අඩුයි.පරිගණකයක් පාවිච්චි කරන්න දැනුමක් නැති ඇමෙරිකානු සරසවි සිසුන් ගැන මම අසා තිබෙනවා.දෙමාපිය දරු සම්බන්ධතා ඉතාමත්ම අඩුයි.ආදරයක් ඒ ළමයින්ට නොලැබෙන තරම්.පොඩි කාලයේ ඉඳලම ස්වාධීනයි.ඉතින් ඔය වැනි තත්වයන් තුල මෙවැනි දේවල් සිදුවන එක අරුමයක් නෙමෙයි. (නි)

:       0       0

මාධවි Tuesday, 29 October 2013 06:47 AM

අනේ ලක්මිණි, ඉතාලියේ කොහෙද වැදගත් සුද්දෝ? (නි)

:       0       0

පැංචි Tuesday, 29 October 2013 06:52 AM

"මට නම් සුද්දෝ මොනවා කළත් සුද්ද හොදයි අනේ"? නැතුව නැතුව අපේ ආච්චිත් ඔය ටිකමයි කිව්වේ... (නි)

:       0       0

මාධවී Tuesday, 29 October 2013 06:52 AM

පුදුමයි වෙඩි තිබ්බේ නැති එක, හැම කෙනාගේම අතේ තුවක්කුනේ. (නි)

:       0       0

විරාජ් කාලිංග Friday, 25 October 2013 03:20 PM

ළමා මනස දැන් විකෘති වෙලා දැන්,මෙහෙත් ඔයිට වඩා දරුණු වෙයි මට පෙන්නේ ඉදිරියේදී,(දිල්)

:       0       0

ඩෑම් Sunday, 27 October 2013 05:07 AM

ඔය අැමරිකාව ගැන නොබලා වැදගත් ඉතිහාසයක්/ශිෂ්ටාචාරයක් තිබෙන ලංකාව ගැන බලන්නකෝ (නි)

:       0       0

නිලුපුලී Tuesday, 29 October 2013 06:59 AM

කුමාරි, බොහොමයක් රටවල පරිගණක මගින් ළමයින්ට අදාල නැති ඒවා බලන්න බැහැ.ඒවා බ්ලොක් කරලා තිබෙන්නේ.එහෙම නැත්නම් දෙමව්පියන්ට උපදෙස් දෙනවා බ්ලොක් කරන්න කියලා.ලංකාවේ වගේ ගෙඩි පිටින් චාරයක් නැතුව බලන්න බැහැ. (නි)

:       0       0

පැංචි Tuesday, 29 October 2013 07:59 AM

"පුදුමයි වෙඩි තිබ්බේ නැති එක:"? මැරෙන්නද? උපදින්නද? තුවක්කු වර්ග දෙකක් තියෙනවලු ...(නදී)

:       0       0

පැන්චි Sunday, 27 October 2013 07:09 AM

"මට නම් සුද්දෝ මොනවා කළත් සුද්දා හොඳයි." අපේ අයටත් එහෙමමයි අක්කේ.කොහොමහරි සුද්දා වුණොත් එච්චරයි... (නි)

:       0       0

නිමල් Tuesday, 29 October 2013 08:52 AM

ආගම දහමට ඇමෙරිකාවේ පාසල් වල, ආණ්ඩුවේ ආයතනවල, උසාවි වල ඉඩක් නැහැ. මේ තැන් වලින් ආගම පිටමං කරලා තියෙන්නේ. (නි)

:       0       0

චමත් [ලංකාව] Saturday, 26 October 2013 03:34 AM

ඇමෙරිකාවේ ගොඩක් ඉන්නේ මානසික ලෙඩ්ඩු, අසහනකාරයෝ. මාධ්‍ය මගින් අපට සියළුම දේවල් දැනගන්න නොලැබුණාට , දිනපතා සියයකට කිට්ටු ජීවිත සංඛ්‍යාවක් වෙඩි තැබීම් වලින් නැති වන බව එහි සිටින මගේ හිතවතෙකු මා සමග කියා සිටියා. (නි)

:       0       0

ශලිනි Monday, 28 October 2013 09:25 AM

ඒ ළමයා තාම සැකකරුවෙක්.ලිපිය හරි හැටි කියවන්න. (ස)

:       0       0

මිහිර Saturday, 26 October 2013 04:04 AM

මතක තියාගන්න ඇමෙරිකාවේ කෝටි 30 ක් ඉන්නවා ජනතාව. මේ හැම දෙයක්ම මාධ්‍ය මගින් ප්‍රචාරය වෙනවා. ලංකාවේ හැමදාම ළමා දුෂණ. පළාත් පාලන මන්ත්‍රීලම මාසෙකට කරන ඒවා මුළු ඇමෙරිකාවේම අවුරුද්දකටවත් වෙන්නේ නැහැ. (නි)

:       0       0

කුමාර් Saturday, 26 October 2013 04:22 PM

ඇමෙරිකාව, බයිබලයත් යාඥාවත් පාසලෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කළා. පාසලක ආගම දහම කතා කිරීම තහනම්. මේ ඒවායේ ප්‍රතිපල තමා ඇමෙරිකාව නෙලාගන්නේ. (නි)

:       0       0

නිහාල් Saturday, 26 October 2013 05:49 AM

මුදල් උපයන්න බලය තහවුරු කරගන්න (නි)

:       0       0

සමන්ති Saturday, 26 October 2013 05:51 AM

ඇමෙරිකාවේ පොලිසිය අපරාධ කරුවන් අල්ලනවා බේරෙන්න අමාරුයි. දේශපාලන ඇගිලිගැසීම් නොමැත. මාධ්‍ය ප්‍රකාශක උදේ එකක්,දවල් එකක්, රෑට එකක් ප්‍රකාශ නොකරයි "සිහිනෙන් දෝත් බෙහෙත් දෙයි.(නදී)

:       0       0

නිහාල් Saturday, 26 October 2013 06:12 AM

මුදල බලය තාන්හාව යටි අරමුණ කරගන අපිට සේවය කරන්න දගලන්නේ අපේ උතුම් අයයි කියාගන්නා ජන නායකයෝ. හෙට දිනයේ අපේ මනස කෙතරම් අවුල් කරාවිද?  එදාට මේ වගේ මානසිකත්වයක් ඇති අය බිහි නොකරාවිද? (නදී)

:       0       0

අමිල කටුනායක Friday, 25 October 2013 05:09 PM

ලෝකය සංවර්ධනය අතින් ඉදිරියට ගියත් චර්යා අතින් ආපස්සට යනවා (නි)

:       0       0

ෂෙහාහිර් ඩේවුඩ් Saturday, 26 October 2013 06:20 AM

අර කොල්ලා නම් කළු එකෙක් වගේ.(නදී)

:       0       0

නිමාලි Monday, 28 October 2013 09:55 PM

ඇමරිකාවේ ලොකු අය අනෙක් රටවල මිනිස්සු මරනවා, පොඩි අය ඒවා බලලා පුරුදුවෙනවා මිනිස්සු මරන්න. ඔහොම යමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 151 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 123 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 288 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 55 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 68 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 479 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2108 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site