IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


අමුතු‘ අළුගෝසුවෙක්’ යුරෝපයේ

තමන් සතුවන සෑම දෙයක්ම ගිනිතබා අනතුරුව ඉතිරිවන අළු මත නිදාගැනීමට පුරුදුව සිටින පුද්ගලයෙකු ගැන වාර්තා වන්නේ චෙක් ජනරජයෙනි.

මාස ගණනක් තිස්සේ නොකැපූ රැවුල,හැඩපලූ ගෙතුණු කොණ්ඩය,සියල්ලටම ඉහළින් අළු වලින් වැසී කළු පැහැ ගැන්වී සිටීම යන මේ සියල්ල සළකා ලූඞ්වින් ඩොලේසාල් නම් වන මේ පුද්ගලයාට ‘‘යුරෝපයේ අපිරිසිදුම මිනිසා‘‘ යැයි නමක්ද පබැදී ඇත.

ලූඞ්වික් තමන් සතුවන  ඕනෑම දෙයක් ගිනබත් කිරීමට පුරුදුව සිටී.සෑම දිනකම අවසානයේ මෙසේ එක් එක් දෑ ගිනිබත් කිරීමෙන් ඉතිරිවන අලූ තොගය ඔහුගේ සයනය වේ.එහි වැතිර ගන්නා ඔහු අළු වලින් මුළු සිරුරම වසාගෙන සැපට නිදයි.

වරක් නිදාගැනීම සදහා හිමිවුනු මෙට්ටයක්ද ඔහු ගිනිතබා අලූ කර ඒ අලූ මත නිදාගෙන තිබේ.

දැන් හිසට හරිහමන් සෙවනක්ද නොමැතිව අත්හැරදමා ඇති නටඹුන් වූ නිවසක ජීවත් වන ඔහු මේ තත්ත්වයට පත්වීමට ප‍්‍රථමයෙන් හොද දිවි පෙවෙතක් ගත කළ,වැදගත් රැකියාවක නියුතුව සිටියෙකු යැයි සදහන්ය.

මානසික ව්‍යාධියක ප‍්‍රතිඵලයක් ලෙස ඔහු මේ තත්ත්වයට පත්ව ඇතැයි සැළකේ.

කෙසේ මුත් මනා ලෙස කතාබහ කිරීමේ හා අදහස් හුවමාරුවේ යෙදීමට ඔහුට හැකිය.ඔහුගේ හා සාමාන්‍ය කෙනෙකුගේ එකම වෙනස ඇත්තේ පෙනුමේ පමණකි.

අළු වලින් වැසී තමන් ලබන උණුසුම වෙන කිසිතැනකින්වත් තමන්ට නොළැබුණු දෙයක් යැයි ඔහු කියයි.

ඔහු අඩු ආදායම්ලාභියෙකු යැයි වර්ග කෙරී තිබෙන හෙයින් මාස් පතා පිරිනැමෙන පාරිතෝශිකයක්ද ඔහුට හිමිය.නමුත් චෙක් බළධරයින් එම මුළු මුදලම ඔහු අතට කිරීම වළකා ඇත්තේ ඔහු ඒ මුදල්ද ගිනිබත් කරනු ඇතැයි බියෙනි.

ඒ වෙනුවට ප‍්‍රදේශයේ වෙළදසැලක් වෙත එම මුදල මාස්පතා ලැබීමට කටයුතු සකස් කිරීමට ඔවුන් පියවර ගෙන තිබේ.එනිසා කෑම බීම අවශ්‍ය වූ විටෙකදී ලූඞ්වික් මේ වෙළදසැළ වෙත පැමිණ ඒවා ලබාගනී.

ඇදුම පමණක් ගිනි බත් කර ගැනීමෙන් වැළකී සිටින හේ මේ දිවි පෙවෙත අත්හැරීමේ කිසිදු වුවමනාවක් තමන්ට නැතැයි කියයි.



අදහස් (0)

අමුතු‘ අළුගෝසුවෙක්’ යුරෝපයේ

හිරා Wednesday, 30 April 2014 08:28 AM

කුමාර් , යන්න නිකන් යන්න (දී)

:       0       0

හේමන්ත Tuesday, 29 April 2014 06:30 PM

මෙයාට පිස්සු වෙන්න බැහැ. මේක ජීවත් වෙන්න කරන උප්පරවැට්ටියක් විතරයි වගේ. සැබවින්ම පිස්සු නම් මොකද එයාගේ ඇදුම් පුච්චන්නේ නැත්තේ? ඒකට විතරක් කල්පනාවක් ආවේ කොහොමද? (නි)

:       0       0

ඉන්දික Wednesday, 30 April 2014 09:47 AM

මම හිතන්නේ කුමර් ගියානම් හොඳයි වගේ! (දී)

:       0       0

රසික ඩුබායි Tuesday, 29 April 2014 08:35 PM

එසුරන්දිගේ අදහසට මමත් එකඟයි (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 April 2014 12:56 PM

මේවා මේ ආත්මයේදීම පඩිසන්දෙන කරුම. (ස)

:       0       0

නලින් යහම්පත් Tuesday, 29 April 2014 01:24 PM

මේක සිනමා පටයක කොටසක් වගේ. (ස)

:       0       0

පිටිගල Tuesday, 29 April 2014 09:41 PM

නරක, තිරිසන්, ප්‍රේත, අසුර කියන සතර අපාය මිහිපිටම අපිට දකින්න තියෙනවා. මේ එකක්. (දී)

:       0       0

කුමාර් Wednesday, 30 April 2014 12:51 AM

මෙවැනි චරිත බයිබලයේ දක්නට ලැබෙනවා, ජේසු සමිදාණන් ඔවුන්ගේ යක්ෂ ආත්ම පළවාහැර ඔවුන්ව සුව කළා. අදත් ජීවමාන ජේසු සමිඳුගේ බලයෙන් මෙවැන්නන් උන්වහන්සේ විසින් සුවකළ හැකියි. (නි)

:       0       0

මනෝජ් Wednesday, 30 April 2014 02:58 PM

මෙවන් දෙයක් වෙන්න මොකද්ද බලපාන හේතුව (දී)

:       0       0

ඉන්දික Tuesday, 29 April 2014 04:42 PM

මිහිපිට අපාය. (ස)

:       0       0

අශෝක Wednesday, 30 April 2014 04:17 PM

මේවා සංසාරික අකුසල් කර්ම. යම් කෙනෙකුට දෙන දානයක් වැළකුවොත් මේ වගේ කර්ම ආත්ම ගණනක් ගෙවන්න වෙනවා. (ස)

:       0       0

රුපවති Wednesday, 30 April 2014 04:45 PM

පව් මේ මිනිසාට ඒ රටේ රජය ඔහුගේ කෑම වේල වෙනුවෙන් වෙහෙසේනවානම් ඇයි ඒ අසරනයව වෛද්‍ය වරයෙකු වෙත යොමුකර ඔහුට මේ තත්වෙන් මිදෙන්න උදව් වෙන්න ..බැරි ..? ඒ අසරණයට ඉක්මනින් නිරෝගී ජීවිතයක් ලැබෙන්න ඒ රටේ වගකිවයුත්තනේ සහය ලැබේවා ...!ඔහු නිරෝගිවෙවා ..!! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 249 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 202 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 582 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 76 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 84 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 509 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site