මේ ගෙවෙමින් තිබෙන 21 වැනි ශතවර්ෂයේ පවා මිනිසුන්ගේ ම්ලේච්ඡ ගතිගුණ තවමත් මැකී ගොස් නොමැති බව ලෝකයාටම පසක් කර දෙමින් අයිඑස් අන්තවාදීහු ඔවුන්ගේ අත්අඩංගුවේ සිටි ජොර්දාන ජාතික ප්‍රහාරක ගුවන්යානා නියමුවෙකු පණ පිටින් පුළුස්සා මරා දැමූහ.
මොසාහ් අල් කසාඛෙහ් නම් මෙම ගුවන්නියමුවා අන්තවාදීන්ගේ ග්‍රහණයට හසුව ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ය. ඇමරිකාව සමග එක්ව අන්තවාදීන්ට එරෙහිව ගුවන් ප්‍රහාරයක් එල්ල කරමින් සිටියදී මිසයිලයක් වැදීමෙන් ඔහුගේ යානය විනාශව ඇති බව පැවසේ. දිවි ගලවාගැනීමට සමත්ව ඇති නියමුවා තම අත්අඩංගුවේ පසුවන බව අයිඑස් සංවිධානය එකල නිවේදනය කළේය.
නියමුවා නිදහස් කිරීමට නම් ජොර්දානයේ අත්අඩංගුවේ පසුවන තම සංවිධානයට අයත් මරාගෙන මැරෙන බෝම්බකාරිනියක වන සිජිඩා අල් රිසාවි නිදහස් කළ යුතු බව අන්තවාදීහු පැවසූහ. පුද්ගලයින් 60 දෙනෙකුට මරු කැදවූ බෝම්බ ප්‍රහාරයකට හවුල්වීයැයි චෝදනා ලැබ සිටින ඇයට මරණ දඩුවම නියමවී තිබුණි.
ජොර්දාන නායකයෝ ඇය නිදහස් කිරීමට කැමැත්ත පළ කළහ. නමුත් මොසාහ් ජීවත්වන බව සහතික කෙරෙන සාක්ෂි තමන්ට අවශ්‍ය යැයි අයිඑස් සංවිධානය හා සබඳතා තිඛෙන අරාබි ගෝත්‍ර මාර්ගයෙන් ඔවුහු දැනුම්දුන්හ.
නමුත් අයිඑස් අන්තවාදීහු එසේ සාක්ෂි ලබාදීමක් සිදුනොකළහ. කරුණු මෙසේ වුණු හෙයින් ජොර්දාන රජය විශAවාස කළේ නියමුවා දැනටමත් මරා දමා ඇති බවය.
නමුත් පසුගියදා ජපාන ජාතික මාධ්‍යවේදී කෙන්ජි ගොටෝගේ ගෙල ජිහාඩි ජෝන් අළුගෝසුවා අතින් කැපෙද්දී අයිඑස් සංවිධානය මීළගට මරණයට මුහුණදීමට සිටින්නේ ජොර්දාන නියමුවා බව සඳහන් කිරීමත් සමග ජොර්දාන රජය නැවත වරක් අන්තවාදීහු හා සාකච්ඡා කිරීමට උත්සාහ කළහ.
නමුත් ඉන් ඵලක් නොවිනි. ජොර්දාන රජයේ ඉල්ලීම බීරි අලින්ට වීණා වාදනය කළාක් වැනි විය.
අත්අඩංගුවට ගැනීමේ සිට ඝාතනය කිරීම දක්වා ගුවන් නියමුවා ගෙවූ කාලය දැක්වෙන විනාඩි 20 ක් පමණ දිගු වීඩියෝවක්ද නිකුත් කිරීමට අන්තවාදීහු කටයුතු කළහ. වීඩියෝවේ අවසාන කොටසේ මොසාහ් ගේ අවසාන මිනිත්තු කිහිපය සටහන්ව ඇත.
හමුදා ඇදුම්වලට සමාන ඇදුමින් සැරසුණු අයිඑස් අන්තවාදීහු කණ්ඩායමක් ඔහු වටකොට සිටිති. ඔහු ඉදිරියේ තිබෙන්නේ යකඩ කූඩුවකි.
සිහිනෙන් මෙන් ඇවිදින ඔහු එයට ඇතුල්වේ.අනතුරුව එහි දොර වසන එක් අයිඑස් සාමාජිකයෙකු ඔහු පෙට්‍රල් වලින් තෙමයි.
අනතුරුව කූඩුවට ඈතින් සිටගන්නා ඔහු එයට ගිණි දල්වයි.
ගිනි දැල් නියමුවා වෙළා ගනී. සිටගෙන සිටින ඔහු දණින් වැටේ.තවත් තත්පර 30 කින් පමණ ඔහු මුනින්තලාව වැටේ.
ඔහු මියගොස් ඇත්දැයි පරීක්ෂා කිරීමට පවා කටයුතු නොකරන අන්තවාදියෝ කූඩුව වසා බදාම කැබලි,ගල් කැට ආදිය ගොඩගසයි.
දැන් එහි එන්නේ බුල්ඩෝසරයකි. එය කූඩුව බිමට සමතලා කරදමාගෙන යයි.
ගුවන්ප්රහාර වලින් මියයමින් සිටින දරුවන් පිරිසක් දැක්වෙන දසුන් කිහිපයක් ඉන් අනතුරුව වීඩියෝවේ සටහන්ව තිබේ.මෙම ගුවන්ප්රහාර ඇමරිකාව එල්ල කරන ඒවා බව කියැවේ.
එතැනින් වීඩියෝව නිමාවේ.
මෙම වීඩියෝව අව්‍යාජ එකක්දැයි තහවුරු කරගැනීමට පරීක්ෂණ දැනටමත් ආරම්භ කර තිබේ. එයට ඇමරිකා, බ්‍රිතාන්‍යය හා ඊශ්රායෙල විශේෂඥයින් සහභාගීව සිටින බව සඳහන්ය.
ජොර්දාන රජය නියමුවා මියගොස් ඇති බව ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම්දීමට මේ වන විට කටයුතු කර ඇත. නියමුවා මියගිය පුවත සැළවීමත් සමග ජොර්දාන වැසියෝ දහස් ගණනක් වීදි බැස ලෙයට ලෙය ඉල්ලා සිටියහ.
තම අත්අඩංගුවේ සිටින අයිඑස් සාමාජිකයින් සියලූදෙනා එල්ලා මරා දැමීමට ජොර්දාන රජය මේ අනුව තීරණය කර තිබේ. නුදුරේදීම ඔවුන්ට මරණ දඩුවම ලබාදෙනු ඇත. අයිඑස් සාමාජිකයෝ හය දෙනෙක් ජොර්දාන අත්අඩංගුවේ සිටිති.
ජොර්දානයේ දෙවන අබ්දුල්ලා රජතුමා වහාම ඇමරිකාවට පියාසර කර ජනපති බැරක් ඔබාමා හමුවිය. දෙදෙන අතර පැවති සාකච්ඡාවේදී ත්‍රස්තවාදය ලෝකයෙන් අතුගා දැමිය යුතුවීමේ අවශ්‍යතාවය ගැන සදහන් විය. මේ දුෂ්කර අවස්ථාවේදී ඇමරිකාව ජොර්දානයේ සහයට සිටිනා බව ජනපති බැරක් ඔබාමා සහතික කළේය.
ආරක්ෂක විශේෂඥයින් පවසන්නේ මෙම ඝාතනයත් සමග අයිඑස් අන්තවාදීන් ඔවුන්ගේ බිහිසුණු බව තවත් මානයකට ගෙන ගොස් ඇති බව පෙනෙන බවයි. අන්තවාදීන් නිකුත් කර තිබෙන වීඩියෝව බටහිර ලෝකය තැති ගැන්වෙන අයුරින්, මනා ලෙස සංස්කරණය කර, ඉහළ විභේදනයකින් යුතු දසුන් ඇතිව නිර්මානය කර තිබීමද ඔවුන්ගේ අවධානයට යොමුව ඇත.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයිඑස් ත්රස්තයෝ ජෝර්දාන නියමුවා පණපිටින් පුළුස්සති
බන්දුල Wednesday, 04 February 2015 11:40 AM
මේ ත්රස්තයන් ලොවෙන්ම තුරන් කළ යුතුයි.(හේ)
දසුන් Wednesday, 04 February 2015 11:49 AM
මේ අන්තවාදියෝ විනාශ කළ යුතුයි.(හේ)
ඉන්ද්‍රා Wednesday, 04 February 2015 12:09 PM
ආගම් ජාති බේද ගැන නොසිතා මුළු ලෝකයම අත්වැල් බැඳගෙන මේ අන්තවාදීන් විනාශ කරමු (නි)
දුමින්ද Thursday, 05 February 2015 03:50 AM
මේ ත්රස්තයන්ට කිරි පෙව්වේ කව්ද. අවි ගත්තෝ අවියෙන්ම නැසෙති (නදී)
කවිෂ්කා Wednesday, 04 February 2015 06:04 AM
මේ අන්තවාදී ප්රශ්නය මුළු ලොවටම හිරිහැරයක් මේ සහාසික ක්‍රියාව දැඩිව හෙළා දැකිය යුතුයි.(දිල්)
ටිරෝන් Wednesday, 04 February 2015 06:05 AM
අපේ හමුදාවට පුළුවන් අවශ්‍ය නම් ඇමෙරිකාවට උදව්වට එන්න. ත්‍රස්තවාදය ලෝකයෙන් අතුගාදමන්න (දිල්)
නදීෂා Thursday, 05 February 2015 04:11 AM
පොඩි කාලේ ඉඳලා ලේ දුටු තිරිසන් මිනිසුන්ට මේ වගේ වැඩ හරිම පහසුයි. (නි)
නිෂාන් Wednesday, 04 February 2015 01:45 PM
අනුකම්පා විරහිතව පහරදී අවසාන කළ යුතුවේ තමන්ගේ වාසි හිතන් නැතුව ත්රස්තවාදීන් අවි ගනිත්නම් සැනින් විනාශ කලයුතුයි.(හේ)
වසන්ත Wednesday, 04 February 2015 06:42 AM
ලෝකයේ සාමකාමි අවිහිංසාව පතුරවන මේවාට උත්තර දෙන්න (දිල්)
මොහාන් Wednesday, 04 February 2015 06:47 AM
මෙවැනි ක්‍රියා නම් කිසිදු රටක සිදු නොවිය යුතුයි (දිල්)
සිසිර කරුණාරත්න Thursday, 05 February 2015 03:01 PM
අපි කාටද මේවා කියන්නේ අපි අපිටම නේද?(හේ)
නිශාන්ත Friday, 06 February 2015 05:02 AM
මේවා අහනකොටත් බය හිතෙනවා (නි)
ඉෂාන් Wednesday, 04 February 2015 07:28 AM
මුස්ලිම් කෙනෙක් විදිහට මෙය මන් කවදාවත් අනුමත කරන්නේ නැහැ. මේ වගේ කට්ටියව හැමෝම එකතු වෙලා ලෝකෙන් අතුගා දමන්න ඕනේ (නදී)
රුවන් Wednesday, 04 February 2015 07:30 AM
ලංකාවෙත් මේ සංවිධාන වලට උදව් කරන අන්තවාදියෝ ඕනෑ තරම් ඇති. දැන්මම පිලියමක් නොකලොත් තත්වය භයානක වෙන්න පුළුවන් (නදී)
දුනිමල් තෙන්නකෝන් Wednesday, 04 February 2015 03:14 PM
මේ අයව මේ ලෝකයෙන් සදහටම තුරන් කරලා දන්නා ඕන.(හේ)
තුසිත Thursday, 05 February 2015 03:29 PM
ඇත්තටම මෙය මුස්ලිම් වීමේ වරදක් නොව මනුෂයත්වයේ වරකි මන්ද යත් මුස්ලිම් සියල්ලෝම එසේනොවන බැවිණි.(හේ)
සුනිල් Thursday, 05 February 2015 05:04 AM
නදීෂා, 100%ක් ඔයා කියපු දේ හරි. (නි)
රංග Wednesday, 04 February 2015 08:27 AM
මේ මොන අපරාධයක්ද ? මෙහෙමත් මිනිස්සු මේ ලෝකේට ඉපදෙනවා නේ. (දිල්)
මධූ Wednesday, 04 February 2015 04:41 PM
මුළු ලෝකයම දන්නවා මේ අය ත්රස්තවාදීන් කියා. ඇයි විනාශ කරන්න බැරි (නදී)
චාන්දනී කළුපෙරුම Wednesday, 04 February 2015 08:38 AM
ත්රස්තවාදීන් ලෝකේ කොහෙත් කරන්නේ ඔය වගේ දේවල් ; කාලයක් ලංකාවේ කුඩා ළමයින් ,කාන්තාවන් ,සාමනේරවරුන් කපා කොටා ගිනිතියා මරල තිබ්බේ , මුස්ලිම් වේවා දෙමළ වේවා සිංහල වේවා , ත්රස්තවාදීන් කවුරුත් එකයි (දිල්)
සමන් Wednesday, 04 February 2015 08:42 AM
ලංකාවත් මේ තත්වයට පත් කරන්න අරාබියෙන් අාපු අය මග බලාගෙන ඉන්නේ (නදී)
සශිමාල් Thursday, 05 February 2015 05:47 AM
කොටි සංවිධානය සිංහල අහිංසකයන්ටත් කලේ මේ දේවල් තමා (දිල්)
ටනියා Wednesday, 04 February 2015 08:51 AM
රැවුල් වවාගත් මුහුණු වසාගත් අය ඉස්සර හිටියේ නෑ ලංකාවේ. සිංහලයන් සමග සුහදව හිටපු මුස්ලිම් අය තමා හිටියේ. නමුත් මෑතක ඉඳන් බොහොම සිනා නොවන බයංකාර පෙනුමක් මවාගත්තු සාහසික පෙනීම තිබෙන අය රටපුරාම ඉන්නවා. සමහරු ලංකාවේ නොවන බව පේනවා. නව රජය මේ ගැන අවදානය යොමු කිරීම වැදගත්. මොකද මොවුන් රටේ අන්තවාදය පැතිරුවහොත් අනික් මිනිස්සුත් ඉබේටම අන්තවාදයට යොමු වෙනවා. ජාතික සමගිය ඇතිකිරීමට මේ අන්තවාදීන් ගැන අවදානයෙන් ඉන්න (නදී)
චමල් Thursday, 05 February 2015 06:13 AM
මොකුත් නොකියා බලාගෙන ඉඳිමු. ඒ අය එයාලවම මරාගන්නවා. (නි)
දහම් Wednesday, 04 February 2015 09:36 AM
ලංකාවේ කොටි යාපනේදී රූපවාහිනී මාධ්‍යවේදීන් ඝාතනය කලේ මේ වගේම පන පිටින් ගිනි තියලා. බෙල්ලට ටයර් දාලා. එහෙව් කොටියන්ව විනාශ කරන්න කොන්දක් තිබුනේ මහින්දට විතරයි. (නදී)
චූල Wednesday, 04 February 2015 07:35 PM
මට 89 මතක් උන. පාලනයක් නැතිව ආයුද අතට ගත්තම මෙහෙම වෙනවා. 89 ලංකාවේ ඕවා කලේ ත්‍රස්තවාදියෝද. නැහැනේ. (නදී)
සංජය Thursday, 05 February 2015 07:54 AM
ත්රස්තවාදීන් විනාශ කරන්න ගිහින් ඔබාමාටත් යුධ අපරාධ චෝදනා එයි ද ? ඇමෙරිකාවට ත්රස්තවාදීන් දෙකොටාක් ඉන්නවා ,, එකක් හොඳ ත්රස්තවාදීන් අනික නරක ත්රස්තවාදීන්.(හේ)
නිලන්ති Wednesday, 04 February 2015 09:52 AM
ස්ලාම් ආගමේ කියලා නෑ මෙහෙම කවදාවත් (දිල්)
අමාලි Thursday, 05 February 2015 10:23 PM
ඕක නිසා තමයි මහින්ද ජනාධිපති ත්‍රස්තවාදය මුලිනුපුටා දැම්මේ. මගේ රටට විපතක් වෙයිදෝ කියා බයක් මට දැනෙනවා. (නි)
ප්‍රනාන්දු Wednesday, 04 February 2015 08:32 PM
මේ වගේ අන්තවාදීන්ව පෝෂණය කරන්නේ මොන රටවල්ද කියලා අපි දන්නවා (නි)
මොහමඩ් සෆ්රින් Wednesday, 04 February 2015 09:58 AM
ටානියා - ටිකක් ඉතිහාසය අරන් බලන්න රැවුල් වවාගත් මුහුණු වසාගත් අය ඉස්සර ඉදන් ලංකාවේ හිටියා. ඒ වගේම ඔබ කිව්වා වගේ සිනා නොවන බයංකාර පෙනුමක් මවාගත්තු සාහසික පෙනීම තිබෙන අය කවුරුත් අප සමාජයේ නැහැ, (දිල්)
බණ්ඩාර Wednesday, 04 February 2015 09:08 PM
ජෝර්දානයේ මිනිසුන් ගුණයහපත් මිනිසුන් බව මෙහි වැඩකරන අපි හොඳින් දනිමු. ත්‍රස්තයින් විසින් මරාදමන ලද ජෝර්දාන් ගුවන් නියමුවා ගැන අපි හදපත්ලෙන් කණගාටු වෙන්නෙමු. ඔහුගේ පවුලේ අය සහ ජෝර්දාන වැසියන් සමඟ මේ මොහොතේ දුකබෙදාගන්නට අපි පෙළගැසෙන්නෙමු (නි)
යු කේ සමීර Thursday, 05 February 2015 08:49 AM
ලංකාවෙත් තව නොබෝ කලකින් මෙවැනි දේවල් දකින්නට ලැබෙනවා සිකුරුයි ,(හේ)
සුමිත් Thursday, 05 February 2015 08:50 AM
මේ වගේ පවු වැඩ කරලා මොන අපායටද යන්නේ.(හේ)
ප්‍රසන්න Thursday, 05 February 2015 08:51 AM
මේ ත්රස්තයන් ලොව පුරා ව්‍යාප්ත වෙන්න දෙන්නේ නැතුව ඉක්මනින් ලොවෙන් තුරන් කරන්න.(හේ)
ප්‍රීති - ඇල්පිටිය Wednesday, 04 February 2015 10:56 PM
තවත් මේවා දිහා බලා ඉක්කේ කුමටද. ඉතා ඉක්මනින්ම මෙම සංවිධානය අරාබිකරයෙන් අතුගා දමන්න කටයුතු නොකරන්නේ ඇයි ? (නදී)
සුනිල් ගිකියන්ගේ Thursday, 05 February 2015 09:23 AM
එක්සත් ජාතීන්ගේ සංවිධානය මොකද කරන්නේ. මේ වගේ බරපතල අපරාධ කරද්දි ඒ අය ප්‍රකාශ නිකුත් කර කර ඉන්නවා. එනෙක මිනිස්සු දහස් ගානක් මැරෙනකම් ඉන්නවා ඒ අය පරීක්ෂණ කරන්න. එතකොට වෙේන ඕන දේ වෙලා ඉවරයි. මට පේන හැටියට එක්සත් ජාතීන්ගේ සංවිධානය මොකවත්ම කරගන්න බැරි සංවිධානයක්.(හේ)
චතුර Wednesday, 04 February 2015 10:37 AM
මේ වගේ අසරණයින් මරා දමන එක හරිද?(හේ)
ධනුෂ්ක Wednesday, 04 February 2015 10:37 AM
මෙහෙමත් අපරාධ.(හේ)
රංජි Wednesday, 04 February 2015 10:37 AM
මේ අයට පමණයි මේ වගේ නින්දිත වැඩ කරන්න පුලුවන්.උන් මේ ලෝකෙන් සදහටම චුත කරලා දාන්න ඕනි.(හේ)
අවන්ති Thursday, 05 February 2015 01:33 AM
මේ රුදුරු අන්තවාදීන්ට මේ අත් භාවයේදීම මේ පවට වන්දි ගෙවන්නට ලැබේවා යන්න මගේ පැතුමයි. (නදී)
කැළුම් Friday, 06 February 2015 10:12 AM
ජොර්දානයේ මන්දෝත්සාහය මේ කතාවෙන් හොඳින් පැහැදිලි වෙනවා. ඔවුන්ට ඕන නෑ සොල්දාදුවාව බේරගන්න එච්චරයි මටනම් කියන්න තියෙන්නේ.තමනගේ මනුස්සයව මොනම දේටත් වඩා වටින්නේ නැද්ද ජොර්දානයට.ලංකාව කවදාවත් මෙහෙම කරේ නැ අපේ සොල්දාදුවන්ට.(හේ)