IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


අයිස් යුගයේ ලෝක සිතියමක්

අවසන් වරට එළැඹි අයිස් යුගයේදී   රටවල් පැවතුණේ නම් ඒවා කෙසේ තිඛෙනු ඇත්දැයි දැක්වෙන ලෝක සිතියමක් නිර්මානය කිරීමට පරිගණක ග්‍රාපික නිර්මාණ ශිල්පියකු ප්‍රමුඛ භූවිද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.

අවසන් අයිස් යුගය පෘථීවිය මත පැවතියේ ක්‍රිස්තු පූර්ව 14000 දී බව ගණන් බලා තිබේ.

වෙනත් සිතියම් මෙන් නොව මෙම සිතියම ඉතා නිරවද්‍ය ලෙස සකස් කර ඇති බව එය නිර්මානය කිරීමට එක්වූ කණ්ඩායම කියති.

එදවස සාගර ජල මට්ටම අද තිඛෙනවාට වඩා මීටර 110 කින් පමණ පහළ මට්ටමක තිබී ඇති බව සදහන්ය.මෙනිසා එදවස ඉහළට මතුව තිඛෙන්නට ඇති ගොඩබිම් කොටස්ද මෙම සිතියමේ දැක්වේ.

එම ගොඩබිම් කොටස් නිසා මෙම සිතියමේ රට රටවල් පිහිටි මහාද්වීප අතර අද පවතින්නාක් මෙන් දුරස්ථ භාවයක් දැකගත නොහැකිය.

විශාල පරිමාණයෙන් විහිද තිඛෙන්නට ඇතැයි සැළකෙන අයිස් තට්ටුද සිතියමේ දැක්වේ.



අදහස් (0)

අයිස් යුගයේ ලෝක සිතියමක්

ලකී Monday, 19 May 2014 09:48 AM

වික්ටර් හරි. අනිත් එක කෝ සිතියම? දානකොට ඔක්කොම දාන්නකෝ. (ස)

:       0       0

රූපවතී Sunday, 18 May 2014 05:18 PM

රුක්ෂාන් ඇයි අනේ ඔයාට පෙනෙන්නේ නැත්තේ. මටත් වඩා ඔයා නාකිවෙලා වගේ.(නදී)

:       0       0

සුරේන් Monday, 19 May 2014 10:59 AM

මේවා ගැන නම් අහනකොටත් පුදුම හිතෙනවා (නි)

:       0       0

රුක්ෂාන් Tuesday, 27 May 2014 09:28 PM

මම මේ කතාව බැලුව දිගටම, මම හිතන්නේ පොස්ට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. "ගූග්ලේ ක්රෝම් " වල මට සිතියම පෙන්නේ නෑ. ඉන්ටෙර්නෙට් එක්ස්ප්ලොරර් වලින් බැලුවත් පෙන්නේ නෑ. ලංකාදීප අය මේගැන බලන්න. (ස)

:       0       0

මැක්ෂිමස් Monday, 19 May 2014 12:44 PM

ක්‍රිස්තු පූර්ව 14000 කියන්නේ ක්‍රිස්තුන් උපදින්න වසර 14000 කට පෙර කියන එක නේද? (නදී)

:       0       0

තරංග සංජීව Tuesday, 20 May 2014 09:24 AM

සිතියම පෙන්වන්න පුලුවන්ද අපිට බලන්න (නි)

:       0       0

ඉන්දික Tuesday, 20 May 2014 03:53 PM

තරංග සංජීව, ඔය තියෙන්නේ සිතියම. ඔයාට පේන්නේ නැත්ද?(දිල්)

:       0       0

රුක්ෂාන් Sunday, 18 May 2014 01:03 PM

කෝ සිතියම ? (නදී)

:       0       0

දයා අළහකෝන් Monday, 19 May 2014 01:47 PM

කට්ටිය මේකට කලබල කරගන්න ඕනෑ නැහැනේ. ඉදිරියේදී මේක බලන්න පුළුවන් වෙයි (නි)

:       0       0

වික්ටර් Monday, 19 May 2014 01:03 AM

ක්‍රිස්තු පූර්ව සහ බුද්ධ වර්ෂ පටලවාගෙන වගෙයි. බුද්ධ වර්ෂ 14000 කියන්නේ තව අවුරුදු 11500 කට විතර පස්සේ එන්න තියන කාලයක්. (ස)

:       0       0

මහි Monday, 19 May 2014 03:45 PM

කාටද සිතියම පේන්නේ නැත්තේ?  (නදී)

:       0       0

අබ්දුල් Monday, 19 May 2014 04:06 PM

හිම නිසා ඒ සිතියම වැහිලා ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 250 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 208 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 588 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 76 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 84 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 509 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site