IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


අයි එස් ත්‍රස්තයෝ මළවුන්ටත් නිගරු කරති

සිරකරුවෙකුගේ සිඳිනු ලැබූ හිසකට පා පහර එල්ල කරන්නට කුඩා දරුවෙකු උනන්දු කරවනා පියෙකු දැක්වෙන ඡායාරූප පෙළක් අයිඑස් අන්තවාදීන්ගේ බළකොටුව ලෙස සැළකෙන සිරියාවේ රකා නගරයේ රහසිගතව කි‍්‍රයාත්මක වන අයිඑස් විරෝධී සංවිධානයක් අන්තර්ජාලයට එක් කර ඇත.

හද කම්පා කරවනසුලූ මෙම ඡයාරූපයන්ගේ හිසට පාපහර දෙන කුඩා දරුවාට අමතරව හිස් ගසා දැමුණු තවත් පුද්ගලයෙකුගේ කවන්ධය අසළ බලා සිටිනා වයස අවුරුදු 10 ක් පමණ යැයි සිතිය හැකි කුඩා දරුවන් පිරිසකගේද ඡායාරූපයන් වේ.

අයිඑස් අන්තවාදීන් කුඩා දරුවන්ටත් අන්තවාදය උගන්වන බව අනාවරණය වූ අවස්ථා ගණනාවක් පසුගිය සමයේ දැකගත හැකිවූ අතර කුඩා දරුවන්ට ගිනි අවි පුහුණුව පවා දීමට අන්තවාදීන් කටයුතු කරන බව හෙළි විය.

සිරියාවේ රකා නගරය මේ සියලූ නරුම කි‍්‍රයා වල මූලස්ථානය වී තිබෙන අතර අන්තවාදීන් සැප විදිද්දී නගරයේ වැසියන්ට දරුණු නීති රීති වලට යටත්ව දිවි ගෙවීමට සිදුව ඇත.යන්තමින් හෝ නීතියකට එපිටින් ගියහොත් ලැබෙනුයේ දැඩි දඬුවම්ය.

අන්තවාදීන්ට එරෙහි සටනට මේ වන විට ඇමරිකාව,බි‍්‍රතාන්‍යය වැනි ලෝක බලවතුන් එක්ව සිටියද අයිඑස් සංවිධානය දුර්වල වන බවක් පෙනෙන්නට නැත.ඔවුහු නොනවත්වාම ප‍්‍රහාර එල්ල කරමින් සිටිති.ඉරාකයේ තෙල් නිධි බොහෝමයක් අත්පත් කරගෙන සිටින ඔවුහු ඒවායින් තමන්ට අවැසි අවි මිලදී ගැනීමට මුදල් උපයා ගනිති.

අයිඑස් අන්තවාදීන්ට ගුවන් බළ ඇණියක්ද තිබෙන බවටද තොරතුරු පසුගිය සමයේ ඔවුන්ට අයත් යැයි සැළකෙන පුහුණු ගුවන්යානයක් බිම හෙළීමෙන් පසුව හෙළි විය.

1414838184916_wps_21_Twitter_grabs_from_the_pa 1414838919790_wps_27_Toddler_learns_how_to_kic

 

 

 



අදහස් (0)

අයි එස් ත්‍රස්තයෝ මළවුන්ටත් නිගරු කරති

සිතුම් Wednesday, 05 November 2014 08:38 AM

ෆස්රුල් ගෆූර්,පලස්තීනයේ හමාස් ත්‍රස්තයන්ව ඊශ්‍රයාල් හමුදාව මරනකොට පාරට බැහැලා අඩනවා. අයි.එස්.අයි.එස්. ත්‍රස්තයෝ අහිංසකයන්ව මරනකොට නොදැක්කා වගේ ඉන්නවා. ඕක පෙන්වා දෙන එකට ජාතිවාදය කියලා කියන්න බැහැනේ! (නි)

:       0       0

නුවන් Monday, 03 November 2014 03:53 PM

මොහමඩ් ෆාරුක්, ගුවන්තනාමෝ මේ වගේ වැඩ වෙනවා ඇති.නමුත් අයිඑස් කට්ටිය අනුගමනය කරන්නේ කාගේ ධර්මයද කියල ඔයා දන්නවා ඇතිනේ! (බ)

:       0       0

රුචිර Monday, 03 November 2014 03:54 PM

මොහමඩ් ෆාරුක්,ඔයගොල්ලන්ට බඩේ අමාරුවක් හැදුනත් ඉතින් ඉස්රායල් ,ඇමරිකා පලිනේ නේද? (බ)

:       0       0

ජනක Thursday, 06 November 2014 09:08 AM

ෆස්රුල් ගෆූර්, කූරගල, දෙවනගල, මුහුදුමහා විහාරය වගේ වසර 2500 පැරණි බෞද්ධ පුද බිම් අන්ආගමිකයෝ අල්ලාගෙන ඉන්න එක ජාතිවාදය නෙමේද? (ර)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 08 November 2014 09:13 AM

අපේ රටෙත් ත්‍රස්තවාදයක් තිබුනනේ ලාංකික අපි හැමෝම එයට විරුද්ධව ක්‍රියා කළා නමුත් අපි කිසිවිටක ඔවුන්ගේ ආගම ගාව ගත්තේ නැහැනේ.? ත්‍රස්තවාදීන්ට ආගමක් නැහැ මොකද ආගමක් අදහනවානම් ඔවුන් ත්‍රස්ත ක්‍රියාවල නිරත වන්නේ නැහැ. යම්කිසිස් ආගමක් ගැන හැටිහැටි නොදැන අපි ඔවුන්ව අපහාස කිරීම වැරදිය්. මගේ ආගම පිලිබඳ කිසිම විවාදයක් කරන්න මට අවශ්‍ය නැහැ. ජනක - කූරගල, දෙවනගල, මුහුදුමහා විහාරය වගේ වසර 2500 පැරණි බෞද්ධ පුද බිම් ඊයේ පෙරේදාද ලංකා සිතියමෙන් මතු වුනේ? මීට පෙර එහි ජනාවාස තිබුනේ නැද්ද? ඒවා යමෙකු විසින් අත්පත් කරගෙන තිබෙනවානම් රජය ඊට මැදිහත්වෙලා ඔවුන්ට විකල්පයක් වශයෙන් වෙනත් ස්ථානයක ඉඩමක් ලබාදීල අවශ්‍ය කටයුතු කරාවි. වෙනත් රටකින් ලංකාවට නැහැල මේක කළා නම් තමා වැරදි.සමහරු එම ඉඩම් මිලට ගන්නත් ඇති. ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ජාති ආගම් භේදයකින් තොරව හැමෝම අත්පත් කරගෙන ඉන්නවා ලංකාව වටේම. ඒ යටත් එවැනි විසඳුමත් තමා රජය ලබාදෙන්නේ. හැම ප්‍රශ්නයකට විසඳුම් තිබෙනවා නමුත් ප්‍රශ්නය විසඳුම් සෙවීමේ ක්‍රමය ගැන අවධානය යොමුකිරීම. (හේ)

:       0       0

කුමාර් Monday, 03 November 2014 04:30 PM

හා.. හා... මේවට කෑගහන්න එපා. (ර)

:       0       0

ජගත් Monday, 03 November 2014 04:30 PM

මොහමඩ් ෆාරුක්, ඔයගොල්ලෝ ඉතින් බබාලානේ! (ර)

:       0       0

කුමාර් Monday, 03 November 2014 04:40 PM

එතකොට අර 71 කේ හා 80 වේ දසකයේ අග කාලේ අපේ ධර්මද්වීපයේ වෙච්ච එව්වා මතක නැද්ද ? "අනේ කාලේ වනේ වාසේ කියල අපේ සීයා කියනවා ඇහිලා තිබෙනවා". (ර)

:       0       0

බටු ගෙදර Monday, 03 November 2014 08:24 AM

ඇමෙරිකාවේ ආශීර්වාදය තමා ඉතින්. පටන් ගත්තු කට්ටිය කෝ දැන් ?(බ)

:       0       0

නෙරන්ජ තිරාණගම Wednesday, 05 November 2014 02:32 PM

දේශපාලන වාසි තකා එල්ටීටීය එක තුරුළු කොරගෙන හිටපු ඇමෙරිකාවට, කැනඩාවට, එංගලන්තයට දැන් ඔලුව ගිනි අරගෙන ඇති. (හේ)

:       0       0

සුපුන් Tuesday, 04 November 2014 07:17 AM

රිෂාර්ඩ්,ඔයගොල්ලෝ ඉතින් රටකට (ගෙදරකට) ගියොත් ඉතින් එතන විනාසේ තමා! (අ)

:       0       0

ඉසුරන්දි Monday, 03 November 2014 08:29 AM

ත්‍රස්තවාදය වපුරපු එවුන් දැන් ත්‍රස්තවාදයෙන්ම බැට කනවා. (නදී)

:       0       0

උපුල් Tuesday, 04 November 2014 07:20 AM

රිෂාර්ඩ්,මොහොමඩ් ෆාරුක් ඔයගොල්ලෝ පලස්තිනේ හමාස් ත්‍රස්තයන්ව මරනකොට පාරේ දිගේ අඩ අඩ යනවා.isis ඉස්ලාම් ත්‍රස්තයෝ මුස්ලිම් නොවන ළමා,ගැහැණු හේතුවක් නැතුව බෙලි කපනකොට නොදැක්ක වගේ ඉන්නවා! (අ)

:       0       0

කුමාරි Tuesday, 04 November 2014 07:20 AM

රුචිර ....ඔයානම් නියෙමෙට ඇමෙරිකාවට කඩේ යන කෙනෙක් වගේ (අ).....

:       0       0

ලංකා Tuesday, 04 November 2014 07:22 AM

මොහොමඩ් ෆාරුක්,රිෂාර්ඩ් ඔයගොල්ලන්ගේ පොතේ තියෙන දේ ඔයගොල්ලෝ කරන හැටි මේ රටේ බහුතරය වුණ දාක අපිට බලාගන්න පුළුවන් වේවි! (අ)

:       0       0

කුමාරන් Wednesday, 05 November 2014 09:46 AM

මේක බටහිර මාද්‍යවල හදපු බොරු පුවතක් !! පින්තුර බොරු පරිගණකය පාවිචි කර හදපු එකක් ..මොකද පළවැනි පින්තුරේ ඉන්න ළමය බලන්ඉන්න දිශාව බලද්දී පෙන්නේ ඔවුන් ඉතා සැහැල්ලුවෙන් වෙන කොහේදෝ බලන් ඉන්න බව !! අඩුම තරමේ එක්කෙනෙක් වත් මල සිරුර දිහා බලන්නේ නැහැ !!. අනිත් එක ළමයෙක් මල සිරුරේ අතට හේත්තුවෙලා ඉන්නවා ..මේක පරිගණකය පාවිචච්චි කරලා හදපු එකක්..දෙවෙනි පින්තුරේ ත්‍රස්තවාදියා සෙරෙප්පු දාගන ඉන්නවා.. සටන්කාමීන් දන්නේ බූට්ස් මිසක් සෙරෙප්පු නෙවෙයි ..මේ දවස්වල ඇමෙරිකාව බෝම්බ හලනවා ඔවුන් මරන්න ..බෝම්බ හලන අවස්ථාවක මේවගේ දේවල් කර කර ඉන්න පුලුවන්ද ? (අ)

:       0       0

සිරී Tuesday, 04 November 2014 02:29 PM

පළවැනි පින්තුරේ ඉන්න ළමයි බලන්ඉන්න දිශාව බලද්දී පෙන්නේ මෙය බොරු පින්ත්රක් වගේ. අනිත් එක ළමයෙක් මල සිරුරේ අතට හේත්තුවෙලා ඉන්නවා පරිගණකය පාවිචච්චි කරලා හදපු එකක්. (ර)

:       0       0

මනුක Tuesday, 04 November 2014 07:29 AM

රිෂාර්ඩ්,මොහොමඩ් ෆාරුක් කිසිම ආගමක සාස්තෘ වරයෙක් කියල නැහැ අන්යගමිකයන්ව තම ආගමේ නාමයෙන් මරන්න කියල එක්කෙනෙක් හැරෙන්න! ඒක ඔයගොල්ලෝ දන්නේ නැහැ වගේ ඉන්නවා! අපි දන්නේ නැහැ කියලත් ඔයගොල්ලෝ හිතනවා! (අ)

:       0       0

ලක්ෂිත Monday, 03 November 2014 07:23 PM

ජානක, .කවුද ඔය දේ කළේ? (නි)

:       0       0

නුවන් Wednesday, 05 November 2014 04:15 AM

මීට වැඩ දේවල් මෙහෙ වෙන්න ඇති.බුද්ධ දර්ශනය නොපිළිපදින කට්ටිය නිසා තම ඒක!(අ)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 06 November 2014 07:28 PM

මම කිසිම පිළිතුරක් දෙන්නේ නැහැ (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 04 November 2014 07:34 AM

ඇමෙරිකාවට කොච්චර බැන්නත් ඇමෙරිකාව මේ අන්තවාදයට වගකිව යුතු වුනත් මුස්ලිම් අන්තවාදය අද යම් කිසි පාලනයකට ලක් වෙලා තියෙන්නේ ඇමෙරිකාව නිසා බව අපිට අකමැත්තෙන් වුණත් පිළි ගන්න සිද්ධ වෙනවා.ඔවුන් නැත්නම් කට්ටිය මෙලහකට අපෙත් අර මොකක්ද එක කපල අහවරයි.(අ)

:       0       0

බණ්ඩා Monday, 03 November 2014 09:22 AM

ඔවුන්ගේ අඩිපාරේ යන සමහර රටවල් මොවුන්ගේ මේ වැඩ වලට උදව් කරනවා ...(දිල්)

:       0       0

අරුෂියා Monday, 03 November 2014 08:04 PM

කුමාර, ඔයාගේ අදහසට මම එකඟයි (නි)

:       0       0

මොහමඩ් ෆාරුක් Monday, 03 November 2014 08:15 PM

මාගේ ප්‍රතිචාරයට සමහරු ඔවුන්ගේ වලිග පාගාගෙන. අයි එස් එස් ත්‍රස්තයන් සහ බින්ලාඩන් බිහිකළේ කවුද කියලා කඩේ යනකොට මල්ල ඔලුවේ දාගෙන යන නිසා පෙනෙන්නේ නැහැ සමහරුන්ට (නි)

:       0       0

සේරම් පැරිස් Monday, 03 November 2014 08:21 PM

අපි අනුන්ට ඇඟිල්ල දිගුකළාට,මෙවැනිම සිද්ධීන් වෙනවා අපේ මේ රටෙත්. 71 සහ 80 දශකයේ ලංකාවේ මම දුටුවා මීට වඩා භයානක සිදුවීම් (නි)

:       0       0

අරවින්ද Thursday, 06 November 2014 08:28 PM

කාලෙකට පස්සේ බන්දුල පෙරේරා කියූ දේට මමත් එකඟයි. (නි)

:       0       0

සමන්ප්‍රිය දිසානායක Monday, 03 November 2014 09:40 AM

ඇමරිකාව ත්‍රස්තවාදය දකින්නේ කෝන දෙකකින්. කොටි හොඳ ත්‍රස්තවාදීන්, මුස්ලිම් ත්‍රස්තවාදය නරක ත්‍රස්තවාදය ලෙසයි. (නදී)

:       0       0

දිල්ෂාන් Monday, 03 November 2014 09:42 AM

දැන් ලෝකේ වෙන දවල් බලපුවම කලකිරීමක් මිසක් වෙන දෙයක් නෑ. ත්‍රස්තවාදය සම්පුර්ණයෙන්ම ඉවර නොකර වෙන විසඳුමක් නැහැ. (නදී)

:       0       0

අනුර Tuesday, 04 November 2014 08:01 AM

ඇත්තටම මේ මිනිස්සු කිසිම දෙයක් නොතේරෙන පොඩි ළමයින්ටත් කියලා දෙන දේවල්.(හේ)

:       0       0

රෂාන් Tuesday, 04 November 2014 08:09 AM

තව ටික කාලෙකින් අපිටත් වෙන්නේ ඕකම තමයි. (හේ)

:       0       0

චමින්ද Monday, 03 November 2014 09:49 AM

ඒ අයට මනුස්ස කමක් නැති එකේ.ඕක මොකක්ද?(හේ)

:       0       0

ජගත් Monday, 03 November 2014 09:49 AM

ඒ අය කොහොමත් ඒ වගේ තමයි.(හේ)

:       0       0

චමින්ද Monday, 03 November 2014 09:49 AM

මේක පරණ කතාවක්නේ.(හේ)

:       0       0

චමින්ද Monday, 03 November 2014 09:49 AM

කිව්වට තරහා වෙන්න එපා සමහර විදේශීය පුවත් එසනෙහි පල වෙන්නේ බොහෝ පරක්කු වෙලා. මේකත් සතියක් විතර පැරණි පුවතක්. (බ)

:       0       0

සමීර Tuesday, 04 November 2014 08:21 AM

පොඩි ළමයින්ට මේ වගේ දේවල් කියලා දෙන්න එපා.(හේ)

:       0       0

ශිරෝමි Wednesday, 05 November 2014 05:03 AM

තුච්ඡ, නිහීන, තිරිසන් ක්‍රියාවක්. නොදරුවන්ටත් අමනුස්සකම උගන්වනවා. අර මොනවද බෝර්ඩ් එකේ ලියලා තියෙන්නේ කියලා නම් දන්නේ නැහැ. මනුස්සකමට නොගැළපෙන වැඩ මේවා. මිනිසුන් යක්ෂයන් වී ඇති සැටි! අහෝ! ලෝක විනාශයේ ආරම්භයද? (නි)

:       0       0

අකිල Tuesday, 04 November 2014 08:22 AM

මේ කතාව කියවන කොටත් දුකයි.අපි මෙහෙමත් ලෝකයකනේ ජීවත් වෙන්නේ කියලා.(හේ)

:       0       0

සිතුම් Thursday, 06 November 2014 04:32 AM

දැන් දැන් පොහොයට යන බණත් දේසපලනිකරණය වෙලා බොහොම නින්දිතයි!! (අ)

:       0       0

බේබි Wednesday, 05 November 2014 10:43 AM

පොඩි ළමයි ඉස්සරහා මෙහෙම දේවල් කරන අය මහා මෝඩයෝ දරුවෙ‍ා පවු නියමවිදියට සමාජානුයෝජනය වෙනවා මේ වගේ හරක් ජාතියක්. (අ)

:       0       0

කසුන් ධර්මවංශ Friday, 07 November 2014 11:29 AM

ෆස්රුල් ගෆූර් - කටාර්, පිළිතුරු දෙන්නේ නැහැ නෙමෙයි, දෙන්න පිළිතුරක් නැහැ. ජනක කියන තර්කයට විරුද්ධව ඔයාට කියන්න කිසිම දෙයක් නැහැ.මේක සංවාදයක්. පුලුවන් නම් උත්තර දෙන්න. (නි)

:       0       0

සුගත් Monday, 03 November 2014 11:14 PM

මොහොමඩ් ෆාරුක්, අරයා කරනවා මෙය කරනවා කියලා ඔය වගේ තිරිසන් වැඩ සාධාරණීකරණය කරන්න එපා. ඒ වැඩ වලට විරුද්ධ වෙන්න (නි)

:       0       0

නුවන් Wednesday, 05 November 2014 10:56 AM

කුමාරන්,ඔයා අහල තියෙනවද කම්මලේ ඉන්න සුනඛයාගේ කතාව? අන්න ඒක තමා ඔතන ළමයි කරන්නේ.මේක බොරු පින්තුරයක් නොවේ මමත් පරිගණක ග්‍රැපික් ගැන හොදට දන්නවා! (අ)

:       0       0

සමන් Wednesday, 05 November 2014 10:57 AM

කුමාරන්,අපේ කොටි ඔක්කොම බූට්ස් දැම්මද? මොලේ කොහෙද තියෙන්නේ??(අ)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 05 November 2014 05:46 AM

ගරු කර්තෘතුමනි ජාතිවාදේ අදහස් කිහිපයක් පලවී තිබෙනවා. නමු සාධාරණ හා මධ්‍යස්ත අදහස් ලියන මාගේ අදහස් පලනොවීම විශ්මයට කරුණක්. මමත් ලංකාදීප එසැන පාඨකයෙක්. (බ)

:       0       0

කලීල් Thursday, 06 November 2014 05:33 AM

කවුරු කළත් මේවා තිරිසන් වැඩ (නි)

:       0       0

සමන්ති Tuesday, 04 November 2014 01:09 AM

සමහරු අර පොතේ තියන විදියට තමයි වැඩ. බුද්ධියෙන් සිතන්නේ නැහැ. සමහර රටවල අන්‍ය ආගමිකයෙක් බැන්දොත් එලොවම යවනවා. (නදී)

:       0       0

අනුර Tuesday, 04 November 2014 01:21 AM

කුමාර, නොදන්නා දේ කතා නොකර ඉන්න. බහුශ්‍රත වගේ කතා කලාට දන්නා දෙයක් නැහැ. (නදී)

:       0       0

නුවන් Monday, 03 November 2014 12:57 PM

ඇමරිකාවට කව්රු බැන්නත් අර ලෝකෙටම හිසරදයක් වෙලා තියෙන පොතේ මේවා ඔක්කොම ලියවිලා තියෙනවා (නදී)

:       0       0

විජිත් Wednesday, 05 November 2014 06:58 AM

ඇමරිකාව බිහිකළ මේ ත්‍රස්තවාදී සංවිධාන අද ලෝකයටම හිසරදයක් වෙලා (නි)

:       0       0

බාලසුරිය කොලොන්නාව Tuesday, 04 November 2014 07:21 PM

අපේ ධර්මද්වීපයේ මීටවඩා දේවල් සිදුවුණා. තවමත් සිදුවෙනවා. (නි)

:       0       0

රිෂාර්ඩ් Tuesday, 04 November 2014 02:26 AM

මොකක් පොතේ තියෙනවා. මාර වැඩකාරයෝ අද ලංකාවේ ඉන්නේ. තමාගේ ගෙදර වෙන්නේ මොනවද කියා දන්නේ නැහැ අනුන්ගේ පොතේ වැරදි හොයනවා (නදී)

:       0       0

අසෝකා Monday, 03 November 2014 01:09 PM

ලෝකය කරකැවෙයි උඩු යටිකුරු වී යසට....මිනිසුන් පෙළ ගැසෙයි යන්නන්ට යමලොවට.......හිස්වෙයි සුරලොවත් ගියොතින් මේ ලෙසට. ..සිහියෙන් වැඩකරව් මිනිසුනි දිනයේ හෙට.................! (නදී)

:       0       0

ටෙක්ලා Wednesday, 05 November 2014 07:00 AM

පොඩි ළමයින්ගේ සිත් වලට මෙවන් දේ ඇතුලු කිරීම වැරදියි නේද? (නි)

:       0       0

කරුණාතිලක දේවගේ Tuesday, 04 November 2014 02:48 AM

මේ අය අදහන්නේ මොන ආගමක්ද ? (නදී)

:       0       0

කරුණාතිලක දේවගේ Tuesday, 04 November 2014 02:50 AM

දෙවියන් වහන්සේ මේවා කරන්න කියලා නැහැනේ (නදී)

:       0       0

ජානක Monday, 03 November 2014 01:16 PM

ඇමෙරිකාවට ජය වේවා. මේ අය මුළු ලෝකයෙන්ම තුරන් වේවා. (නදී)

:       0       0

ජයාත් Thursday, 06 November 2014 06:55 AM

මේ කුමාරන් කියන කෙනාගේ අදහස ගැන මම මොනවත් වැඩිය ලියන්නේ නැහැ. අර කතාවක් තියනවානේ "තම තම නැණ පමණින් දත යුතු " කියලා (නි)

:       0       0

කරුණිතිලක දේවගේ Tuesday, 04 November 2014 02:52 AM

එල්.ටී.ටී එකයි මේ අයයි දෙකම එකයි (නදී)

:       0       0

සෆීන් Tuesday, 04 November 2014 03:01 AM

කවුරු කලත් ත්‍රස්තවාදය හෙලා දැකිය යුතුමය. කෙනෙකුගේ ජීවිතය නැති කිරීමට තවත් කෙනෙකුට අයිතියක් නැත. නමුත් ධනය පසු පස දුවන සුද්දන් විසින් ඇති කල මේ කූට උපක්‍රමය පරදවා ලෝක සාමය ඇති කිරීමට ඉදිරිපත් වීම පසෙක තබා එකිනෙකාට ඇඟිල්ල දික් කිරීම මහා මෝඩකමකි. රටවල් ආක්‍රමණය කර ඒ රටේ සියලු ධනය කොල්ලකා පසුව එය නිවැරදි කිරීමට ඒ රටේ පුරවැසියන්වම ත්‍රස්තවාදී කරන බටහිර රටවල් පසුපස යන ජාතින් සිහියේ තබා ගත යුත්තේ ඉදිරියේදී තමන්ගේ රටවලටත් සිදු වන්නේ ඔය ටිකම බවයි. (නදී)

:       0       0

නාලි Tuesday, 04 November 2014 03:04 AM

ඇමෙරිකාව හෝ රුසියාව හෝ මොකා බිහිකලත් ආගමික අන්තවාදයෙන් මෙවන් මිලේච්ඡ ක්‍රියා කරන අය තිරිසන්නු. සදාම් හුසේන් කියන මහා මිනීමරුවා තමන්ගේම ආගමික නිකාය වල එවුන් කී ලක්ෂයක් මැරුවාද ? එතකොට ඒ කෙරුමට ගහන්න ඉරාකය වටේම ඉන්න අයට ඕනා උනා. ගහන්න කව්රුවත් නැහැ. ඇමෙරිකාව මොන හේතුවකට හරි සදාම්ට ගහනකොට හිත යටින් සතුටු වුනා. ඊට පස්සේ ඇමෙරිකන් කාරයට දෙස් තියනවා. බින් ලාඩන් ලත් ඇමෙරිකාවට ගිහින් පුරුදු වුනේ පස්සේ ගෙදර ඇවිත් ඔය අන්තවාදය කරගහගන්නම තමයි. කොටි ත්‍රස්තයොත් ඉන්දියාවට ගිහින් පුහුණු වුනේ ඉන්දියාවට තියන ආදරේට නෙමෙයි. උන්ගේ අන්තවාදය නිසා. ප්‍රභාකරන්ට වෙච්ච දේ දැකලා පාඩමකට ගත්තොත් හොඳා. (නදී)

:       0       0

නුවන් Wednesday, 05 November 2014 07:35 AM

ෆස්රුල් ගෆූර්, ඇත්ත කතාකරන එක ජාතිවාදයක් වෙන්නේ නැහැ (නි)

:       0       0

සමන් පැරිස් Wednesday, 05 November 2014 08:31 PM

කුමාරන්ට හීනයක් පෙනිලා වගේ. පරිගණකයෙන් හැදුවා නම් අහක බලාගෙන ඉන්න එකක් හදන්නෙ නැහැ. විවිධ රටවල් වල අය ආශ්‍රය කරලා අවබෝධයෙන් කියන්නේ, මේ මිනිසුන්ගේ මොළ කුණුවෙලායි තියෙන්නේ. ඒ නිසා මේ මිනිසුන්ට ම්ලේච්ඡ වැඩ හරිම සුළු දේවල්. මොන රටේ හිටියත් මෙයාලා ඔක්කොම හිතන්නේ එහෙම තමා. ඒක තමා ඇත්ත. (නි)

:       0       0

ගයාන් Tuesday, 04 November 2014 03:38 AM

මේ මිනිස්සු ඔතරම් දරුණු තත්වයට පත්කළේ ඇමරිකන් දුෂ්ඨයන්ගේ අමානුෂික ප්‍රතිපත්ති. අපට වින කරන්න දැන් අපේ රටේ මානව හිමිකම් ගැන කතා කරනවා.(නදී)

:       0       0

විසාකා Saturday, 08 November 2014 04:47 PM

දකිනකොටත් ඇඟ කිළිපොලා යනවා (නි)

:       0       0

මධු Tuesday, 04 November 2014 04:02 AM

ජාති,ආගම බේද නොසලකා, පුද්ගලික අන්තවාදී මතවාදයන්ගෙන් බැහැර වු සදාචාර සම්පන්න මානව සමාජයක් උදෙසා පළමු කොට අවශ්‍ය වන්නේ පුද්ගලයා තුල ස්වයන් පාලනයි .(හේ)

:       0       0

අකිල Tuesday, 04 November 2014 04:04 AM

තිරිසන් මිනිස්සු.(හේ)

:       0       0

සමරේ - ගාල්ල Monday, 03 November 2014 02:56 PM

මේ ගොල්ල අදහන්නේ කාගේ ධර්මයද? (ර)

:       0       0

චන්ද්‍රා කොට්ටව්චි Monday, 03 November 2014 02:58 PM

මේ ටිකම තමා ඇමරිකන් හමුදා සෙබළුන් කරෙත් ඉරාකයේ සහ ඇෆ්ගනිස්තාන් වල සහ අතීතයේ වියට්නාම් වලදී, ඒවා පල වීම ඔවුන් වලක්වා නීති පැනෙව්වත්, සමහර පින්තූර පිට වුවා, අයි එස් එස් ත්‍රස්තයන් බිහි කලේද ඇමරිකාව සහ බටහිර යුරෝපය විසින්. (ර)

:       0       0

මොහමඩ් ෆාරුක් Monday, 03 November 2014 03:00 PM

කියුබාවේ පිහිටි ගුවන්තනාමෝ ඇමරිකන් සිර කදවුරේද මෙයම තමා වන්නේ, ඒවා එලි දක්වන්ට බොහෝ මාධ්‍යයන් බිය ගතියක් දක්වනවා. (ර)

:       0       0

රුචිර Tuesday, 04 November 2014 04:32 AM

ඒ අයට මනුස්සකම නෑ.(හේ)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 08 November 2014 08:25 AM

කසුන් - මාගේ අදහස් පළවුණේ නැහැ. එහි මාගේ පිළිතුරු සපයා ඇත්තෙමි. ඕනෙම තර්ක වලට මම සූදානම් එසැන පුවත් සුදානම්ද යනවග දැනගන්න කැමති. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 47 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 59 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 22 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 24 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 311 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 245 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 574 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 778 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2174 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site