අල්ලා ගෙන සිටි යේමන හමුදා සෙබළුන් 73 දෙනකු නිදහස් කිරීමට යේමනයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානය ඊයේ (30) පියවර ගත්තේය. යේමන රජය ඔවුන්ට එරෙහිව සටන් වදින්නේ ඇමෙරිකා හමුදාවේ සහ සී.අයි.ඒ. බුද්ධි අංශවල සහාය ඇතිවය. මුදා හරින ලද එම හමුදා සෙබළුන් සටන්කාමීන් විසින් අල්ලා ගනු ලැබ ඇත්තේ දකුණුදිග යේමනයේ අබ්යාන් පළාතේ පැවැති සටන්වලදී යැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. යේමන රජය පවසා සිටියේ හමුදා සෙබළුන් 185 දෙනකු අල් කයිඩා සටන්කාමීන්ගේ ග‍්‍රහණයේ සිටි බවය. සෙසු පිරිස සටන්කාමීන් අතින් ඝාතනයට ලක් වන්නට ඇතැයි අනුමාන කෙරේ. ඔසාමා බින් ලාඩන් මරා දැමීමෙන් පසු අල් කයිඩාව දුර්වල තත්ත්වයකට ඇද වැටී ඇති නමුත් යේමනයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන් දිනෙන් දින ශක්තිමත් වන බව ඇමෙරිකා එෆ්.බී.අයි. ආයතනයේ ප‍්‍රධානී රොබට් මුලර් පවසයි.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අල් කයිඩා සටන්කාමීහු යේමන සෙබළුන් 73 දෙනකු මුදා හරිති