IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


අවිගත්තෝ අවියෙන්ම නැසෙති

ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර තේපැන් හලකට ඇතුළුවූ  තුවක්කුකරු මරා දමා ප්‍රාණ ඇපයේ සිටි අය බේරා ගැනීමට  ඕස්ටේ‍්‍රලියා පොලිසිය සමත්විය.

20 දෙනෙක් පමණ පැය 16 කට ආසන්න කාලයක් තේපැන් හලේ සිරව සිටියහ.

 ඕස්ටේ‍්‍රලියා මාධ්‍ය වාර්තා කර තිබෙන ආකාරයට තුවක්කුකරු නිදා වැටෙනු දැක එම පුද්ගලයින් අතරින් කිහිපදෙනෙකු පැන යෑමට උත්සාහ කර ඇති අතර ඒහාම අවදිවූ තුවක්කුකරු ඔවුන්ට වෙඩි තබා ඇත.වෙඩි හඩ ඇසුණු සැණෙන් පිටත රැකවල්ලා ගෙන සිටි පොලිසියද තුවක්කුකරු එල්ල කර වෙඩි පහර එල්ල කිරීම ආරම්භ කර ඇත.

අවසානයේ පොලිස් වෙඩි පහරකට ලක්ව තුවක්කුකරු මියයෑමෙන් ගැටුම නිමාවී තිබේ.

තුවක්කුකරුගේ වෙඩි පහරට ලක්වූ පුද්ගලයා මියගොස් ඇති බවත් තුවාළ ලැබූ තවත් කාන්තාවක් රෝහලේදී මිය ගිය බවත් සඳහන්ය.

කිහිපදෙනෙක් සුළු තුවාළ ලබා රෝහල් ගතකර ඇත.

පුද්ගලයින් පිරිස ප‍්‍රාණ ඇපයට ගෙන මද වේලාවකින් කොන්දේසි ඉදිරිපත් කළ තුවක්කුකරු පවසා සිටියේ අයිඑස් සංවිධානයේ කොඩියක් තේපැන් හල වෙත ගෙනවිත් දෙන තෙක් හා තමන්ට  ඕස්ටේ‍්‍රලියා අගමැති ටෝනි ඇබට් සමග මුහුණට මුහුණ සාකච්ඡුාවක් පැවැත්වීමට අවස්ථාව සළසා දෙන තෙක් පුද්ගලයින් මුදා නොහරින බවයි.

මෙම පුද්ගලයා පිළිබඳ දැනට අනාවරණයව ඇති තොරතුරු වලට අනුව හැරන් මෝනිස් නම් වූ මොහු තමන් ඉස්ලාමික පූජකවරයෙකුයැයි හඳුන්වාදෙන්නෙකි.ඔහුට එරෙහිව මිනීමැරුම්, පහරදීම් ආදී චෝදනා රැසක්ම නැගී තිබෙන බවද මේ පුද්ගලයා 1996 වසරේදී සරණාගතයෙකු ලෙස  ඕස්ටේ‍්‍රලියාවට පැමිණියෙකු බවද හෙළිව තිබේ.

පසුගිය සමයේ  ඕස්ටේ‍්‍රලියාවේ නොයෙක් පෙදෙස් වලින් වාර්තා වූ අන්තවාදී කි‍්‍රයා හා මේ සිදුවීම අතර සෘජු සම්බන්ධයක් ඇති බව කියන විචාරකයෝ ඉක්මන් පියවර නොගතහොත් ප‍්‍රතිවිපාක දරුණු විය හැකි බවට අනතුරු අඟවති.

අන්තවාදීන්  ඕස්ටේ‍්‍රලියාව ලෙහෙසි ඉලක්කයක් ලෙස සළකන බවට මිීට පෙර තොරතුරු වාර්තාවී තිබුණි.එවන් තත්ත්වයක් රටෙහි සැබෑවටම ඇතිව තිබෙන්නේ නම් එය වහාම සොයාබැලිය යුතුව ඇතැයි ඔවුහු වැඩිදුරටත් පවසති.

2411F75100000578-0-image-a-63_1418657253429 241218C800000578-2873855-image-a-4_1418662468497 1418601847601 2412115700000578-2873855-image-a-2_1418661880270 2412131100000578-2873855-image-a-7_1418664587526



අදහස් (0)

අවිගත්තෝ අවියෙන්ම නැසෙති

දුමිදු Wednesday, 17 December 2014 11:36 AM

සියලුම අන්තවාදීන් රටින් පිටමන් කරන්න හොඳ කාලය තමා දැන් (නදී)

:       0       0

ශිරන්ති Wednesday, 17 December 2014 12:13 PM

චමින්ද හරියටම හරි. මේ ගොල්ලෝ හොඳට මට්ටු වෙන්න ඕනෑ. (නදී)

:       0       0

කුමාර Thursday, 18 December 2014 06:12 AM

ලංකාවෙත් මේ දේවල් වෙන්න පුළුවන්.(හේ)

:       0       0

ලීල් සිරිවර්ධන Thursday, 18 December 2014 06:19 AM

ත්‍රස්තවාදය කියන්නේ ව්‍යාපාරයක් වගෙයි. ඔවුන් ත්‍රස්තවාදය ඇතිකරනවා. නැති කරන්න ඔවුන්ගේ ආයුධ විකුණනවා. මේක ලෝකය තේරුම් ගන්නාතුරු ව්‍යාපාරය කෙරෙනවා. (නි)

:       0       0

රවී Wednesday, 17 December 2014 12:38 PM

චමින්ද මීට කලින් පුවතේදී මේ සම්බන්ධව නිලංග කියන කෙනා ලියපු දෙය හෝල් සේල් කොපි කරලා වචන ටිකක් එහෙට මෙහෙට කරලා ලියලා. බොරු නම් කට්ටිය බලන්න. (නදී)

:       0       0

සශි Wednesday, 17 December 2014 12:39 PM

දැනට ඇතුලට භාර ගත්ත සමහර අයගේ හැටියට මේවා පුදුමයක් නෙවෙයි. (නදී)

:       0       0

මලික් Wednesday, 17 December 2014 12:46 PM

මට පේන්නේ චමින්ද මේ කලබගෑනිය සම්බන්ධ කලින් පුවතේ වෙනින් කවුදෝ ලියපු දෙයක් එහෙමම මෙතන ලියලා. ඉතින් කොහොමද අපි ඔයා ලියන දේවල් පිළිගන්නේ චමින්ද ? (නදී)

:       0       0

රාජු Wednesday, 17 December 2014 12:53 PM

චමින්ද ඔයා මාරයිනේ. මාත් බැලුවා. ඇත්තම තමයි. ඔයා නේද අර පෙරටුගාමී පක්ෂය ප්‍රවර්ධනය කලේ ? (නදී)

:       0       0

හෙට්ටිගේ Wednesday, 17 December 2014 05:12 AM

සහතික ඇත්ත (නදී)

:       0       0

පාලිත Wednesday, 17 December 2014 01:29 PM

රවී හරි. මට පේන හැටියට චමින්දත් අර ලංකාවේ ඉන්න ගමන් පිටරට ඉන්නවා කියල පෙන්නන්න හදන කෙනෙක්ද කොහෙද ? (නදී)

:       0       0

නුවන් Saturday, 20 December 2014 05:13 AM

ඔස්ට්‍රේලියාවට අපි සහයෝගය ලබා දිය යුතුයි ත්‍රස්තවාදය පරදවන්න.(හේ)ෙ

:       0       0

කෝලිත Tuesday, 16 December 2014 09:06 PM

දැන්නම් මේක ලෝකෙටම ඇති වෙලා තියෙන්නේ. එක්කෝ ඔය ඉරාකයයි සිරියාවයි ලෙබනනයයි ඔය කව්දෝ කට්ටියට දීලා නිකන් ඉන්න තියෙන්නේ. දැන් ඕකට කොච්චර මැරුණද දෙවියනේ. (නදී)

:       0       0

චමින්ද Tuesday, 16 December 2014 09:31 PM

සරණාගතයන් යැයි කියා ගන්නා පුද්ගලයන් රට ඇතුළට ගෙන ඕස්ට්‍රේලියානු රජය ඉල්ලාගෙන කනවා. ස්ථීර පදිංචිය සඳහා එන සුදුසුකම් ඇති අයගේ හත්මුතු පරම්පරාවේම විස්තර හොයනවා. හොරු,මිනීමරුවෝ, මංකොල්ලකාරයෝ සරණාගත ලේබලය යටතේ කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ඇතුළට අරගෙන ස්ථිර පදිංචිය ලබාදෙනවා.මෙවැනි කරදර ඇතිවෙයි කියලා හිතන්න තිබුනේ බොහෝ කාලයකට පෙරයි.දැන් නම් ගොඩක් ප්‍රමාදයි. (නි)

:       0       0

තිලක් Tuesday, 16 December 2014 10:19 PM

අපේ රටට විරුද්ධව කොටින්ට රැකවරණ දුන්නෙත් මේ වගේනෙ. අද එයින් ඔවුන්ම විඳවනවා. (නි)

:       0       0

නිසා Saturday, 20 December 2014 07:37 AM

පකිස්ථානයේ කට්ටිය මෙහාට එන එකත් ඉක්මනට නවත්තන්න වෙයි.නැතිනම් දෙවියන්ගේ පිහිට තමයි සිංහලයට. අපි හැම තීරණයක්ම ගන්න ඕනේ තව අවුරුදු 100 ක් වත් ඉස්සරහ ගැන හිතලා.මොකද ඉන්න කට්ටිය දැන් හොදටම ඇති . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 88 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 94 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 41 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 56 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 316 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 247 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 575 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 786 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2183 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site