IMG-LOGO

2024 ජුලි මස 07 වන ඉරිදා


අවුරුදු 51,200 ක් පැරණි ලෙන් චිත්‍ර ඉන්දුනීසියාවෙන්

වසර 51,200 ක් පැරණි, ලෙන් චිත්‍රයක් ඉන්දුනීසියාවෙන් හමුවී ඇත.

පුරාවිද්‍යාඥ කණ්ඩායමකට මෙම චිත්‍රය හමුවි ඇත්තේ ඉන්දුනීසියාවට අයත් දකුණු සුලවේසී දූපතේ පෙංග්කෙප් පළාතේ වනාන්තරයේ පිහිටි හුණුගල් ලෙනකිනි.

මෙම ලෙන හැඳින්වෙන්නේ ‘ලියං කරම්පුඅං’ යනුවෙනි.

ලෙන් චිත්‍රයේ වයස නිර්ණය කිරීම සිදුවූයේ එය පරීක්ෂණවලට යොමු කරමිනි. කාලයාගේ ඇවෑමෙන් විනාශ වී ඇති ලෙන් චිත්‍රයේ මිනිස් රූපයක් සහ වල් ඌරකුගේ රූපයක් දකින්න ලැබෙයි. 

මීට පෙර ද වසර දහස් ගණනක් පැරණි ලෙන් චිත්‍ර ඉන්දුනීසියාවේ වනාන්තරවලින් සොයා ගෙන ඇත.

කෙසේ නමුත් පුරා විද්‍යාඥයන් පවසන්නේ, ඔවුන්ට හමුවුණු පැරණිතම ලෙන් චිත්‍රය මෙය බවය.

 (එන්.ඩී.ටීවී.)



අදහස් (5)

අවුරුදු 51,200 ක් පැරණි ලෙන් චිත්‍ර ඉන්දුනීසියාවෙන්

සෙනෙවිරත්න Thursday, 04 July 2024 12:11 PM

මේක තමයි යථාර්ථය , ඒ කාලෙ මිනිහට තිබිය හැකි ලොකුම සම්පත් තමයි ඌරන් මුවන් වගේ ආහාරයට ගතහැකි වන සතුන්, අමතරව ගොලුබෙල්ලන්,තලගොයි, වගේ සතුන්. ඒකයි ඕව චිත්‍රයට නගල ඇත්තෙ.මනුෂ්‍ය ඉතිහාසය ගත්තම වසර පනස් දහස ලොකු කාලයක් නෙවෙයි , මිනිහ දැන් ඉන්න ශිෂ්ඨත්වයට පත්වෙලා වසර හයදාහක් ඇති, ඒක මනුෂ්‍ය ඉතිහාසය එක්ක ගත්තම අසුරු සැනක්. ආගමික විශ්වාස , පුනරුප්පතිය , දේව සංකල්ප සේරම ඔය වසර හයදාහ තුළ තමයි. එතකොට වැටහෙනව ඇති ආගමික විශ්වාස සහ, දෙවියන් සම්බන්ධ අපි කලබල විය යුතු නැති බව, විශේෂයෙන් කර්මය පුනරුප්පත්තිය, සේරම එක එක්කෙනාගෙ මනෝ ලෝකවලින් බිහිවෙච්ච අපගේ දියුණුවට බාධාවන සංකල්ප බව සියල්ලටම පෙනෙනු ඇත.මේ ජීවිතයෙදි හෘද සාක්ෂියට එකඟව විසීම තමයි කලයුත්තෙ.

:       7       7

ලසන්ත Thursday, 04 July 2024 02:10 PM

එතකොට සෙනෙවිරත්නගේ දියුණුව වල් ඌරෝ මුවෝ දඩයම් කරං කන එකද?.

:       9       2

සෙනෙවිරත්න Thursday, 04 July 2024 07:16 PM

එහෙමනම් ලසන්ත දියුණුව කියන්නේ ආගමික විශ්වාස වල එන හැටියට කොන්ක්‍රීට් පිළිම, ගස් වන්දනාවද? අන්තර් ජාලයෙන් රාහුකාලය බලලා වැඩකරන එකද? ආගමික විශ්වාස තමයි අපේ පසුගාමිත්වයට ප්‍රධානම හේතුව...

:       3       2

ලසන්ත Friday, 05 July 2024 09:46 AM

ආගම මිනිසා ශීලාචාර කරයි. නමුත් ශීලාචාර වීමට ආගමක් අවශ්‍යම නොවේ. ලෝකයේ කිසිදු ආගමක් නොඅදහන ශීලාචාර මිනිසුන් ඕනෑතරම් මට හමුවී තිබේ. ඔවුන් නීතිගරුක, උගත්, සමාජය පිළිබඳ අවබෝධය ඇති, අනෙකාගේ සතුටින් ජීවත්වීමේ අයිතිය පිළිගන්නා ගුණවත් පුද්ගලයින් මිසක මස්වැද්දන් නොවේ. ගස්, පිළිම සංකේත පමණි.

:       0       0

Ishan Saturday, 06 July 2024 08:40 AM

අපේ මහා සම්මත මනු රජ මීට වඩා පරණයිලුනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ලැරීට ප්‍රතිවාදියෙක් !
2024 ජුලි මස 06 2917 2

මැතිවරණ ජයෙන් පසු කියෙර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඩවුනිං වීදියේ අංක 10 බලා පැමිණියේය. පසුගිය කාලය පුරාවට, අගමැතිවරුන් ආවා ගියත


ඉරානයේ නව ජනපති මසූද් පෙසෙෂ්කියන්
2024 ජුලි මස 06 2245 3

ඉරාන ජනාධිපතිවරණයේ අවසන් දෙවැනි වටය ජයගත්, හෘද ශල්‍ය වෛද්‍යවරයකු වූ මසූද් පෙසෙෂ්කියන් ජයග්‍රහණය කළේය. ඉරාන ජනාධිපතිවරණය පැවැත්වූයේ පළමු වටයෙන් වැඩි


මෝදි වෙනුවෙන් භෝජන සංග්‍රහයක්
2024 ජුලි මස 06 207 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් සැලැසුම් කර ඇත. ඒ, අනිද්දා (8) දිනයේය.


’පක්ෂයට පෙර රට’
2024 ජුලි මස 06 2009 7

මැතිවරණය ජය ගනිමින්, බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා බවට පත් වුණු කම්කරු පක්ෂ නායක කියේර් ස්ටාර්මර් බිරිඳ වික්ටෝරියා ද සමඟ, අංක 10 ඩවුනිං වීදියේ පිහිට


අනවසර සංක්‍රමණිකයන් 89 ක් ගිලී නසිති
2024 ජුලි මස 05 1200 0

අප්‍රිකාවට අයත් මොරිටානියාවට ඔබ්බෙන් මුහුදේ අනවසර සංක්‍රමණිකන් පටවා ගත් බෝට්ටුවක් ගිලී යෑමෙන් 89 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.


මැල්සියා ගුවන්තොටුපොළේ ගෑස් කාන්දුවක්
2024 ජුලි මස 05 769 0

මැලේසියාවේ ක්වාලාලාම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගෑස් කාන්දුවක් සිදුවී, 39 දෙනකු රෝහල්ගත කළ බව පැවැසෙයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 734 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1686 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3578 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site