ප‍්‍රාන්ත සභා සැසිවාරය අතරතුරේ ජංගම දුරකතනයක් ඔස්සේ අසැබි දසුන් නැරැුඹීම පිළිබඳ චෝදනා ලැබීමෙන් පෙරේදා (8) ඉල්ලා අස්වූ භාරතීය ජනතා පක්ෂ ඇමැතිවරුන් තිදෙනා ප‍්‍රාන්ත සභාවෙන් ද නෙරපා දමන්නැයි කර්ණාටක ප‍්‍රාන්ත වැසියෝ ඊයේ (9) වීදි බැස විරෝධතා පැවැත්වූහ.
එම විරෝධතා සංවිධානය කර තිබුණේ ජනතා දාල් පක්ෂය සහ කොංග‍්‍රස් පක්ෂයයි. කර්ණාටක ප‍්‍රාන්තයේ බලය රැඳී ඇත්තේ භාරතීය ජනතා පක්ෂය සතුවය.
ධුරවලින් ඉල්ලා අස්වූයේ සමූපකාර කෘෂිකාර්මීක අලෙවි ඇමැති ලක්ෂ්මන් සෙවාදී, කාන්තා හා ළමා සංවර්ධන ඇමැති සී.සී. පටිල් සහ පරිසර ඇමැති කි‍්‍රෂ්ණා පලේමාර්ය.
කර්ණාටක ප‍්‍රාන්ත සභාව පෙරේදා පැවැත්වෙද්දී ඇමැති සෙවාදී සහ පටිල් ජංගම දුරකතනයකින් අසැබි දසුන් නරඹමින් සිටි අයුරු ප‍්‍රාන්ත සභා සැසිවාරයේ කටයුතු වාර්තා කිරීමට එහි ගොස් සිටි රූපවාහිනී කණ්ඩායමක් සජීවීව ප‍්‍රවෘත්ති නාළිකා ඔස්සේ විකාශය කළහ.
එම ප‍්‍රාන්ත සභා සැසිවාරය පැවැත්වුණේ ඉකුත් ජනවාරි පළමු වැනිදා කර්ණාටක ප‍්‍රාන්තයේ උතුරු දිගින් පිහිටි සින්දගී නගරයේ හින්දුවරුන් පිරිසක් පාකිස්තාන ධජයක් එසවීම සම්බන්ධයෙන් සෑම දෙනාගේම අවධානය යොමු කිරීමේ යෝජනාවලියක් ප‍්‍රාන්ත සභාවට ගෙන ඒම පිණිසය.
සෙවාදී සහ පටිල් අසැබි දසුන් නරඹමින් සිටියේ පරිසර ඇමැති පලේමාර්ගේ ජංගම දුරකතනයෙනි. ඇමැතිවරුන් තිදෙනාගේ කි‍්‍රයා කලාපය මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය වීමත් සමඟ භාරතීය ජනතා පක්ෂයට, ප‍්‍රාන්ත මහ ඇමැති ඞී.වී. සදානන්ද ගොව්ඩාට සහ ආණ්ඩුකාරවරයා වන එච්.ආර්. බරාවාජීට කර්ණාටක ප‍්‍රාන්ත වැසියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වන්න විය.
එම අවස්ථාවේදී ඇමැතිවරුන් තිදෙනා කැමැත්තෙන්ම සිය ධුරවලින් ඉල්ලා අස්වූ බවත් ඉල්ලා අස්වීමේ ලිපි තමන් වෙත බාර දුන් බවත් කර්ණාටක ප‍්‍රාන්ත මහ ඇමැති සදානන්ද ගොව්ඩා පවසයි. එම ඇමැතිවරුන් තිදෙනාගේ කි‍්‍රයා කලාපය ගැන විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බව ද මහ ඇමැති සදානන්ද පවසා ඇත.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අසැබි දසුන් නැරඹූ කර්නාටක ඇමැති තිදෙනාට ජනතා විරෝධය