වසර 10500 කට පෙර සිටි දඩයක්කරුවෙකුට අයත් යැයි සැළකෙන පාසටහන් දෙකක් සොයාගැනීමට ඇමරිකාවේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ පුරාවිදයාඥයන් පිරිසක් සමත්ව ඇත.
මෙම පාසටහන් යුගළය උතුරු ඇමරිකාවෙන් මෙතෙක් හමුවී ඇති ආදිතම පාසටහන් යුගළය බව සදහන්ය.
1961 වසරේදී මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක් ඉදිකරමින් සිටියදී හමුව ඇති මෙම පාසටහන් යුගළය එය සටහන්ව තිබූ පස් කොටස් සමගම ඉවත් කර මේ දක්වා තැන්පත් කර තිබී ඇත්තේ ප‍්‍රදේශයේ වූ කෞතුකාගාරයකය.
එය තමන් භාරයට ගෙන ඇති ඩර්හැම් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥයන් පර්යේෂණ කටයුතු වලින් පසුව එය වසර 10500 කට පමණ පෙර කාලයකදී පස මත සටහන් වූවක් බව සොයාගෙන ඇත.
එම සමයේ ප‍්‍රදේශයේ ජීවත්වී ඇත්තේ රතු ඉන්දියානු සම්භවයක් ඇති දඩයක්කරුවන් බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබී ඇති අතර මෙම පාසටහනත් එවන් දඩයක්කරුවෙකුට අයත් වන්නට ඇතැයි පර්යේෂණ කටයුතු මෙහෙයවූ විද්‍යාඥ පිරිස සැක කරයි.
මෙතෙක් ලොව හමුවී ඇති පැරණිම පාසටහන් යුගළය ලෙස සැළකෙන්නේ චිලීයෙන් හමුවූවකි . එය වසර 13000 ක් පමණ පැරණි බව පර්යේෂණ වලින් සොයාගෙන ඇත.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආදීම දඩයක්කරුවකුගේ පිය සටහන්
ඉන්දික Thursday, 12 December 2013 03:11 PM
රිස්වාන් ඩුබායි, පටලවා ගන්න එපා. මම කතා කරන්නේ පාරක් හදන කොට අවුරුදු 10500 පැරණි මතුපිටක තියෙන පිය සටහන් ගැන. නැතුව කළුගල් වගේ දෙයකින් හදල ඇස් දෙකට පේන්න තියෙන දෙයක් ගැන නෙවේ. අනිත් එක එච්චර කාලයක් මතුපිට පොලොව කොච්චර දුවිලි තට්ටු වලින් වැහෙන්න ඕනෙද? කුරුගල නම් ඇස දෙකටම පේන්න තියෙනවා නේද??? (ස)
අමිල - කටුනායක Thursday, 12 December 2013 03:29 PM
ඔතන වැඩ කල හාදයෙක්ගෙ වෙන්න ඇති. කොහොමත් එය වසර 50කට වඩා පැරණියි. (ස)
අලිහාජ් Thursday, 12 December 2013 03:40 PM
රිස්වාන්ට මොකක් හරි හිතේ අමාරුවක්. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. (නදී)
සුමේධ Friday, 13 December 2013 12:49 AM
මල් රේණුත් වසර දහස් ගණනක් පාෂාණිභූත වෙනවා කියලා මම අහලා තිබෙනවා (නි)
දිකේෂ් Thursday, 12 December 2013 04:10 PM
රිස්වාන්, කුරගල ගැන අපි බලා ගන්නම්. ඔයා සෞදිය ගැන බලාගන්න. (නදී)
ගයාන් කොස්වත්ත Thursday, 12 December 2013 05:29 PM
ඒකේ තියෙන්නේ පිය සටහන පාෂණීභූත වෙලා කියලානේ. ඒ කියන්නේ පස් ඉවත් කරනකොට මතුවූ ගලක් විදියට නේද දැන් තියෙන්නේ? (නි)
ගයාන් කොස්වත්ත Thursday, 12 December 2013 05:31 PM
රිස්වාන්, කුරගල විතරක් නෙමෙයි මුලු ලංකාව පුරාම නටඹුන් තියෙනවා. ඔයා කලබල වෙන්න එපා.
ඉසුරු Friday, 13 December 2013 05:44 PM
සුළං තදින් හමන්නේ නැද්ද ඔය කියන රටේ? (නි)
සරා Friday, 13 December 2013 08:24 AM
රිස්වාන්, ඔබ ගැන මට කණාගටුයි (නි)
රිස්වාන් ඩුබායි Thursday, 12 December 2013 12:56 PM
ඉන්දික, මේ වගේ දෙයක් ලංකාවෙන් හොයා ගත්තොත් ඇත්ත වෙන්න පුළුවන් නේද? මම කියන්නේ කූරගල පැත්තෙන්. (ස)