අවුරුදු 40 කට වැඩි කාලයක් තම පුතා කූඩුවක දමා හිර කර ගෙන ඇති මවක් චීනයේ හෙනාන් ප‍්‍රාන්තයේ සිටියි. ඇය පෙන්ග් වෙයිමෙයි නැමත්තියකි. ඇයගේ පුතු පෙන්ග් වෙයිකින් (48)වේ.
ඔහුට අවුරුදු 6 වනවාත් සමගම ඉතා දරුණු උණක් සෑදුණි. එයින් ඔහුගේ මොළයට හානි සිදු විය. පසුව ඔහු කරන කියන සෑම දෙයක්ම වෙනස් විය. තමා පාලනය කර ගැනීමට හැකියාවක් නොවීය. ඔහු සුළු නිදහසක් හෝ ලද විට එය බරපතල තුවාලයක් කර ගැනීමට ඔහු අවස්ථාවක් කර ගත්තේය.
මේ නිසා වෙයිමෙයි සහ ඔහුගේ ස්වාමිපුරුෂයා වෙයිකින් කූඩුවක දමා ආරක්ෂා කරන්නට වුහආහාර පාන පමණක් නොව ඔහුගේ ශරීර කාර්යයන් පවා සිදු වන්නේ මෙම කූඩුවේය. වයසින් වැඩි වන විට ඔහුට අවශ්‍ය පරිදි කූඩුව විශාල කරන ලදි.
මව අඳුරන නමුත් ‘අම්මා’ යන්නෙහි තේරුමවත් ඔහු නොදනියි. ඇය ජීවත් වන තුරු වෙයිකින්ව රැක ගත්තත් ඇය නැති කලක තම පුතාට සිදු වන දෙය මතක් වන විට බය සිතෙන බව වෙයිමෙයි අඬමින් සඳහන් කරයි.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආදරේට පුතා කූඩු කරයි
සුජී Wednesday, 18 December 2013 08:39 PM
ආදරයේ උල්පත වූ අම්මා ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවන පතා එන්නෙමි සුලගිල්ලේ එල්ලී (අ)
නාරද Friday, 20 December 2013 08:35 AM
ළමයා ගැන තව හිතලා සමාජයට හුරු කරවන්න බැලුවේ නැද්ද? (නදී)
ලාල් කැන්ඩි Thursday, 19 December 2013 02:53 AM
අම්මේ නුඹේ ඇස් පිය උන කාලෙක කව්රුද මට පැන් උගුරක් දෙන්නේ අම්මේ නුඹ ලොව නැති උන කාලෙක කවුරුද මගේ දුක සැප විමසන්නේ..../(ගුණදාස කපුගේ ) .(නදී)
පිටබැද්දර ජයා Thursday, 19 December 2013 03:34 PM
ඉන්දු මාත් ඔය එක්ක එකඟයි. ඔයා පන්සල් ගියාම කරණිය මෙත්ත සුත්‍රය කියවල මේ දරුවට ආශිර්වාද කරන්න.(නදී)
මිලින්ද Thursday, 19 December 2013 08:43 AM
වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක් දෙවොලක් වගේ දුක් ඇහු කෙනෙක් කුඹුරක් වගේ බත් දුන් කෙනෙක් වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මේ... සයුරක් වගේ කිරි දුන් කෙනෙක් වෙරළක් වගේ පණ දුන් කෙනෙක් ඔරුවක් වගේ අත දුන් කෙනෙක් වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මේ... කඳුලක් වෙලා දුක් වූ කෙනෙක් පියුමක් වෙලා තුටු වූ කෙනෙක් ගඟුලක් වෙලා පැන් දුන් කෙනෙක් වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මේ... පද: පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි.(නදී)
නැනි Thursday, 19 December 2013 09:24 AM
මුදු මල් කැකුලක් අකලට පිපිලා ගසකට වෙයිද බරක් දරුමල් කැකුලක් මෑණියනේ සිතකට වෙයිද බරක්.(නදී)
කුමාර් Thursday, 19 December 2013 09:45 AM
සසරේ හැටි ඔහොම තමයි.(නදී)
බොතේජු -සෞදිඅරබිය Thursday, 19 December 2013 09:49 AM
අම්මේ ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නදී)
ගජබා Wednesday, 18 December 2013 03:54 PM
මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා. අහස් ගඟෙන් මරු කතරට වහින වැස්ස අම්මා.(නදී)
ලකාපුත්‍ර Wednesday, 18 December 2013 04:14 PM
පිංතුරේ මා දකින්නේ මවකගේ සෙනෙහස පමණි. 48 වසරක් රැකුණු එය අතිශය ආනන්ද ජනකයි.(නදී0
මෙන්ඩිස් Wednesday, 18 December 2013 04:15 PM
මව් සෙනෙහසට සමකල හැකි තවත් සෙනෙහසක් ලොව කොහිද? (නදී)
සෑම් Wednesday, 18 December 2013 04:32 PM
නෙතට කඳුලු එනවා බැලුවම (අ)
මහේෂ් Thursday, 19 December 2013 08:52 PM
ඔබට නිවන් සුව ලැබේවා අම්මේ.(නදී)
සුමංගල ඇල්පිටිය Wednesday, 18 December 2013 05:55 PM
උනහපුලු පැටියෙක් උනත් උගේ අම්මට වටිනවාලු. (නදී)
ඉන්දු මෙල්බෙර්න් Thursday, 19 December 2013 12:15 PM
මේ අම්ම ගැන දුකයි. ඒත් මට හිතෙනවා, ඒ රෝග තත්වයෙන් පසු දරුවා පුනරුත්ථාපනය කර ස්වාධීන අයකු බවට පත් කිරීමේ යුතුකම මගහැරී තිබෙනවා නොදැනුවත් කම නිසා සහ අසීමිත ආදරය නිසා. ඔබ දෙදෙනාටම කිසිඳු දුකක් නොවේවා ! (නදී)
ලාල් මහනුවර Friday, 20 December 2013 02:56 AM
මහේෂ් ඒ අම්ම තවම ඉන්නවා .(අ)