ඕස්ටේ‍්‍රලියාව සහ ඇමෙරිකාව අතර හැට වසරක සිට පවතින ආරක්ෂක ගිවිසුම අලූත් කිරීම සඳහා ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ඊයේ (16) ඕස්ටේ‍්‍රලියාවට පැමිණියේය.
ආර්ථික බලවතකු ලෙස චීනයේ පිබිඳීමත් සමඟ ආසියාව සම්බන්ධයෙන් සිය විදේශ ප‍්‍රතිපත්ති වර්තමානයට ගැලපෙන අයුරින් වෙනස් කිරීමට ඔබාමාගේ ඕස්ටේ‍්‍රලියා සංචාරයේ එක් අරමුණක් වේ.
තම ජන්ම භූමිය වන හවායි දූපතේ පැවැති ‘ඇපෙක්’ සමුළුවට සහභාගී වීමෙන් පසු ඔබාමා ඕස්ටේ‍්‍රලියා සංචාරය ආරම්භ කළ අතර ඔහු රැගත් එයාර් ෆෝස් වන් ගුවන් යානය ඊයේ උදෑසන ස්ටේ‍්‍රලියාවේ කැන්බරා අගනුවරට ගොඩබෑවේය.
ඇමෙරිකා හමුදා ඉරාකයෙන් සහ ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමෙන් පසු ආසියානු ආරක්ෂක ප‍්‍රතිපත්ති සංශෝධනය කර ඕස්ටේ‍්‍රලියාව සමඟ ආරක්ෂක සහ ආර්ථික සම්බන්ධතා තර කර ගැනීමට ද ඔබාමා සූදානමින් සිටින බව ඇමෙරිකානු ජාතික ආරක්ෂක නියෝජ්‍ය උපදේශක බෙන් රෝඩ්ස් පවසා තිබේ. ඔහු ද ජනාධිපති ඔබාමා සමඟ කැන්බරා නුවරට පැමිණි අතර ඔහු එම අදහස් මාධ්‍යවෙත ලබා දුන්නේ එයාර් ෆෝස් වන් ගුවන් යානයේ සිටය.
අද දිනයේ (17) ජනාධිපති ඔබාමා, ඕස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තුව ඇමැතීමට නියමිතය. ඊට පෙර ඔහු ඕස්ටේ‍්‍රලියා අගමැතිනී ජුලියා ගිලාඞ් හමුවීමටත් දෙදෙනා එක් වී මාධ්‍ය හමුවක් පැවැත්වීමටත් නියමිතය.
ඕස්ටේ‍්‍රලියා සංචාරයෙන් පසු ඔබාමා අනිද්දා (සෙනසුරාදා 19) ඉන්දුනීසියාවේ සංචාරයකට සහභාගී වීමට නියමිතව. ජනාධිපති ඔබාමා ඉන්දුනීසියාවේ පැවැත්වෙන ‘පෙරදිග ආසියානු සමුළුවට ද සහගාවී වනු ඇත. එම සමුළුවට ඇමෙරිකාවත් රුසියාවත් මෙවර සහභාගී වන්නේ ප‍්‍රථම වතාවටය.
ඕස්ටේ‍්‍රලියා අගමැතිනි ගිලාඞ් (වමේ) ඔබමා පිලිගනිමින්
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආරක්ෂක ගිවිසුම අලූත් කරන්න ජනපති ඔබාමා ඕස්ටේ‍්‍රලියා යයි