IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ආසියාන් හවුලේ බලයට චීනය, ඇමරිකාව පොරකති

ආසියාන් නමින් හැඳින්වෙන අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ 45 වැනි නායක හමුව පසුගිය සිකුරාදා කාම්බෝජයේ නොම්පෙන් නගරයේදී අවසන් වූයේ සම්ප‍්‍රදායිකව නිකුත් කරන ඒකාබද්ධ ප‍්‍රකාශනය නිකුත් කිරීමකින් තොරවය. ආසියාන් ඉතිහාසයේ ප‍්‍රථමවරට එවැනි සිදුවීමක් වාර්තා වූයේ අවසන් ප‍්‍රකාශනය පිළිබඳව සාමාජික රටවල් අතර එකඟතාවක් නොවීම නිසාය දකුණු දිග චීන මුහුදේ මානව වාසයකින් තොර එහෙත් ඛනිජතෙල් සම්පත් ඇතැයි සැලකෙන කුඩා දුපත් රැසක අයිතිය පිළිබඳව අග්නි දිග ආසියානු රටවල් කීපයක් හා චීනය අතර මතභේද පවතින අතර ඒ පිළිබඳව සඳහනක් අවසාන ප‍්‍රකාශනයට ඇතුළු කළ යුතුයැයි පිලිපීනය යෝජනා කළ ද සමුළුවේ සභාපති තනතුර දැරු කාම්බෝජය ඊට එකඟවූයේ නැත. මෙම දුපත්වලට අයිතිවාසිකම් කියන වියට්නාමයද එවැනි සඳහනක් ඇතුළත් විය යුතු බව පැවසුවත් සියලූ රටවල එකඟතාවක් නොමැති නිසා ප‍්‍රකාශනයක් නිකුත් නොකොට සමුළුව අවසන් කිරීමට කාම්බෝජය තීරණය කළේය. මෙම තීරණය ගැන සිය නොසතුට පළ කළ කලාපයේ තවත් ප‍්‍රබල රාජ්‍යයක් වන ඉන්දුනීසියාව මෙය ඇදහිය නොහැකි තත්ත්වයක් යැයි සඳහන් කළේය. දකුණු දිග චීන මුහුදේ ඇති ස්ප‍්‍රැට්ල් දුපත්වල අයිතිය පිළිබඳව වියට්නාමය මැලේසියාව, පිලිපීනය හා තායිවානය අයිතිවාසිකම් කීම දිගු කලක සිට පවතින ගැටලූවක් වුව ද එය අර්බුදකාරී තත්ත්වයකට වර්ධනය වුයේ පසුගිය වසර තුන හතරක කාලයේදීය. ඊට මූලික හේතුව වූයේ මෙම ප‍්‍රදේශයේ නාවික බලය තහවුරු කර ගනිමින් සිටින ඇමරිකා එක්සත් ජනපදය චීනය ආරවුලට මැදිව සිටින රටවලට සිය සහයෝගය ලබා දීමට ඉදිරිපත් වීම සහ මෙම ප‍්‍රදේශයේ නාවික ගමනාගමනය පිළිබඳව තමන්ට ද හිමිකමක් ඇතැයි පැවසීම නිසාය. ඇමරිකා එක්සත් ජනපදයේ නව ආරක්‍ෂක වැඩ පිළිවෙළ එළි දක්වමින් කතා කළ ජනාධිපති බරක් ඔබාමා විසි එක්වන සියවසේ ඇමරිකාවේ අවධානය යොමු වන්නේ පැසිපික් සාගර කලාපයට බව අවධාරණය කළේය. ඒ අනුව 2020 වන විට ඇමරිකාවේ නාවික ශක්තියෙන් සියයට 60 ක් රඳවා තබන්නේ පැසිපික් කලාපයේය. ඒ සඳහා අවශ්‍ය කෙරෙන ගිවිසුම් හා සන්ධාන සිංගප්පූරුව, පිලිපීනය,  ඕස්ටේ‍්‍රලියාව, දකුණු කොරියාව සමග අත්සන් කර ඇත. ඔස්ටේ‍්‍රලියාවේ ඩාර්වින් වරාය ආශ‍්‍රිතව එක්සත් ජනපද නාවික හමුදා මධ්‍යස්ථානයක් ඉදි කිරීමේ කටයුතු නිම වෙමින් පවතී. ඒකාධිපති පාලක මාර්කෝස් පළවා හැරීමත් සමඟ පිලිපීනයේ සුබික් බොක්කේ පවත්වාගෙන ආ නාවික හමුදා මධ්‍යස්ථාන ඉවත්කර ගත් නමුත් එක්සත් ජනපදය දැන් නැවතත් එම පහසුකම් ගොඩ නගමින් සිටී. මේ තත්ත්වය ලොව දෙවන විශාල ආර්ථික බලවතා වන චීනය දකින්නේ තම ආරක්‍ෂාවට හා නාවික ගමනාගමනයට එල්ලවන තර්ජනයක් ලෙසිනි. සිය ආර්ථිකයට අවශ්‍ය කෙරෙන අමු ද්‍රව්‍ය හා ඉන්ධන ලබා ගැනීමට මෙන්ම සිය අපනයන බාධාවකින් තොරව පවත්වා ගැනීමට චීනයට, දකුණු චීන මුහුද විශේෂයෙන් වැදගත්ය. සිංගප්පූරුව අසල මැලක්කා සමුද්‍රසන්ධිය වසා දැමුවහොත් චීනයේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම අඩාල කිරීමට හැකියාවක් පවතී. සිංගප්පූරුවේ නවතා ඇති ඇමරිකානු නාවික හමුදා ඒකකවලට මැලක්කා සමුද්‍ර සන්ධිය වසා දැමීම කිසිම අපහසුවකින් තොරව කළ හැක. මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා චීනය මියන්මාරයේ රකීන් ප‍්‍රදේශයේ සිට චීනයේ යුනාන් ප‍්‍රාන්තය දක්වා තෙල් නළ මාර්ගයක් හා මහා මාර්ගයක් ඉදි කිරීමට සැලසුම් කළ ද මියන්මාරයේ දැනට සිදුවෙමින් පවතින දේශපාලන වෙනස්වීම් සමඟ එය ද සාර්ථක පිළිතුරක් විය නොහැකිය. වත්මන් මියන්මාර් රජයේ දේශපාලන ලිහිල්කරණ ප‍්‍රතිපත්තිය සමඟ එක්සත් ජනපදය නැවතත් වෙළඳ හා ආර්ථික කටයුතු ආරම්භ කිරීමටත් පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමටත් සූදානම්ය. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය මියන්මාරයේ සංචාරයක යෙදුන අතර දෙරට අතර සම්බන්ධතා තර කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළාය. මෙවැනි පසුබිමක් යටතේ දකුණු චීන මුහුදේ සිය නාවික ගමන් මාර්ග සුරක්‍ෂිත කර ගැනීමට චීනය වඩාත් උනන්දුවීම තේරුම් ගත හැක. දකුණු චීන මුහුදේ සිය හමුදා බලය තර කර ගනිමින් සිටින එක්සත් ජනපදය පැරණි සතුරු වූ වියට්නාමය සමඟ ද නාවික කටයුතු පිළිබඳ ගිවිසුම් කීපයකට එළඹෙමින් සිටී. මීට මාස කීපයකට පෙර ආසියානු සංචාරයක යෙදුන එක්සත් ජනපද ආරක්‍ෂක ලේකම් ලියොන් පනේටා සිංගප්පුරුවේ සිට වියට්නාමයට ගියේ සිය ආරක්‍ෂක වැඩ පිළිවෙළ අනුවය. වියට්නාම යුද සමයේ ඇමරිකානු නාවික මධ්‍යස්ථානයක් වූ කාමරාන් බොක්කේ වරාය පහසුකම් නිරීක්‍ෂණය කළ ඔහු ඉදිරියේදී ඇමරිකානු නාවික හමුදාවට අයත් යාත‍්‍රා වැඩියෙන් එම වරාය යොදාගනු ඇතැයි කීවේය. මේ සියලූ සැලසුම්වලින් පැහැදිලි වන්නේ එක්සත් ජනපදය ආසියානු පැසිපික් කලාපයේ සිට නාවික හමුදා ශක්තිය වැඩිකර ගනිමින් සිටීමය. ඊට අමතරව මෙම සාගර කලාපයේ නාවික ගමනාගමනය නිදහස්ව පැවතිය යුතුයැයි එක්සත් ජනපදය අවධාරණය කරන අතර චීනය දකින්නේ එය තම නාවික බලයට කරන අභියෝගයක් සේය. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ස්ප‍්‍රැට්ල් දුපත්වල අයිතිය ගැන වියට්නාමය වඩාත් දැඩි පියවර ගැනීමට සූදානම්ය. පසුගියදා  වියට්නාමය ස්ප‍්‍රැට්ල් දුපත අසල මුහුදේ තෙල් ගවේෂණ කටයුතු සඳහා ඉන්දියානු සමාගමක් සමඟ ගිවිසුමක් අත්සන් තැබිණ. ඊට විරෝධය දක්වන චීනය සිය ස්වෛරීත්වය රැක ගැනීමට අවශ්‍ය  ඕනෑම පියවරක් ගැනීමට පසුබට නොවන බව ප‍්‍රකාශ කරයි. ඉන්දියානු සමාගම සිදු කරන තෙල් ගවේෂණ කටයුතු තාවකාලික අත්හිටුවා ඇති නමුත් එය නැවතත් පටන් ගන්නා බව වියට්නාමය අවධාරණය කරයි. ඒ සමගම පිලිපීනය ද ස්ප‍්‍රැට්ල් දුපත්වල කොටසක් වන ස්කාර්බරෝ වැලිකන්ද ප‍්‍රදේශයේ ධීවර කටයුතු පවත්වාගෙන යෑම සඳහා පහසුකම් එම දුපත්වල විවෘත කිරීමට සූදානම්ය. පිලිපීනයට අවශ්‍ය  ඕනෑම අවස්ථාවක සිය නාවික හමුදා ශක්තිය ලබාදීමට එක්සත් ජනපදය සූදානම් නිසා පිලිපීන ජනාධිපති ඇක්විනෝ මෙම කාර්යය ඉක්මන් කිරීමට සූදානම්ය. චීනය ඊට පිළිතුරු වශයෙන් සිය යුද නැව් කීපයක්ම සාකාර්බරෝ ප‍්‍රදේශයට යවා ඇත. උද්ගත තත්ත්වය යටතේ චීන ප‍්‍රදේශයේ අවි ගැටුමක් ඇතිවීමේ දැඩි අනතුරක් පවතින බව ද වාර්තා වේ. කාම්බෝජයේ නොම්පෙන් නගරයේ පැවති ආසියාන් සංවිධානයේ නායක හමුව අවසන් ප‍්‍රකාශයක් නිකුත් කිරීමකින් තොරව අවසන්වීම තේරුම් ගත යුත්තේ මෙවැනි පසුබිමකය. චීනය ස්ප‍්‍රැට්ල් දුපත්වල අයිතිය හා ඒ අවට මුහුදේ ඇතැයි සැලකෙන තෙල් සම්පත්වල අයිතිය පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡාවලට සූදානම්ය. එහෙත් මෙම ප‍්‍රදේශයේ තම ජාතික වුවමනාවක් පවතින බව අවධාරණය කරන එක්සත් ජනපදය ආසියාන් සංවිධානය මෙවැනි ගැටලූවලදී අනුගමනය කරන පොදු චර්යා පද්ධතියක් සම්මත කර ගත යුතුයැයි යෝජනා කරයි. නොම්පෙන් නගරයේ පැවති නායක හමුවේදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ක්ලින්ටන් මහත්මිය අවධාරණය කළේ එයයි. ඇය පවසන ආකාරයට දකුණු චීන මුහුදු කලාපයේ නාවික ගමනාගමනය එක්සත් ජනපදයට ද වැදගත් වන නිසා ස්ප‍්‍රැට්ලි දුපත්වල අයිතිය පිළිබඳව පැවැත්වෙන සාකච්ඡාවලට එක්සත් ජනපදයට ද අවස්ථාවක් හිමි විය යුතුය. එහෙත් චීනය එවැන්නකට කිසිසේත් සූදානම් නැත. පැසිපික් කලාපයේ ඇමරිකානු නාවික හමුදා ශක්තිය තර කිරීම මෙන්ම එල්ල විය හැකි තර්ජනයක්සේ දකින චීනය ඊට මුහුණ දීමට සිය නාවික හමුදා ශක්තිය වැඩිකර ගනිමින් සිටි එවැනි තත්ත්වයක් තුළ ස්ප‍්‍රැට්ල් දුපත්වල උපාය මාර්ගික වැදගත්කම නොසලකා සිටීමට චීනයට හැකියාවක් නැත. මෙම ගැටලූවේ ආර්ථික පැත්තක් පවතින බව ද අමතක කළ යුතු නොවේ චීනය ආසියාන් හවුලේ ප‍්‍රධානතම වෙළඳ ගනුදෙනුකරුවා බවට පත් වෙමින් සිටින නිසා එම රටවලට චීනය නොතකා ක‍්‍රියා කළ නොහැක. එක්සත් ජනපදයේ ආර්ථිකය දුර්වල වෙමින් පවතින තත්ත්වය යටතේ ආසියාන් හවුලට වැඩි වශයෙන් යැපී සිටීමට සිදු වන්නේ චීනය කෙරේය. පිලිපීනයට පැමිණෙන විදේශීය සංචාරකයන්ගෙන් බහුතරයක් චීන ජාතිකයෝය. ස්කාර්බරෝ අර්බුදය උත්සන්න වීමත් සමඟ චීන සංචාරකයන්ගේ පැමිණීම පහත වැටීම පිලිපීන සංචාරක කර්මාන්තයට දැඩිලෙස බලපා ඇති බව ද වාර්තාවේ. යුරෝපා සංගමයේ පවතින ආර්ථික පසුබෑම නිසා තවමත් ඉහළ ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන එන චීනය ආසියාන් හවුලට ඇති හොඳම වෙළඳපොළයි. අනෙක් අතට එක්සත් ජනපදයට සිය ආර්ථික  හා දේශපාලන අධිකාරි බලය පවත්වා ගැනීමට ආසියාන් හවුලේ සහයෝගය පවත්වාගැනීම තීරණාත්මකය. ඒ සඳහා චීනය උපාය මාර්ගිකව දුර්වල කිරීම අත්‍යවශ්‍ය පියවරකි. ඊට ආසියාත් හවුල තම ස්ථාවරයට දිනා ගැනීම ප‍්‍රමුඛතාවකි. එම නිසා නොම්පෙන්හිදී මඳ පසුබෑමක් වුවද එක්සත් ජනපදය සිය වැඩ පිළිවෙළ අත්හරිනු ඇතැයි සිතිය නොහැකිය.

සටහන  - මහින්ද හත්තක
කාම්භෝජ අගමැති ආසියාන් සංගමයේ විදේශ ඇමැතිවරුන්ගේ සම්මේලනය පිලිපීන ජනතාව චීනයට විරෝධය පළකරමින් ආසියාන් සංගමයේ විදේශ ඇමැතිවරු හිලරි ක්ලින්ටන්



අදහස් (0)

ආසියාන් හවුලේ බලයට චීනය, ඇමරිකාව පොරකති

කලන Saturday, 21 July 2012 11:16 AM

මොනවා වුනත් චීනය තමයි වර්තමාන ලෝක බලවතා. ඒක අමතක කරන්න හොඳ නෑ. (ස.වි)

:       0       0

ශාන් Friday, 20 July 2012 10:09 PM

වැරදි ඔක්කොම ඇමරිකාව පිට පටවල බලන් ඉන්න එපා...... (ස.වි)

:       0       0

සහන් Friday, 20 July 2012 10:09 PM

ඇමරිකාව හදන්නේ ලෝකෙට සාමය උදා කරන්න....දෙවෙනි ලෝක යුද්දේ කාලේ වගේ... (ස.වි)

:       0       0

සමන් Saturday, 21 July 2012 07:17 AM

බලවත් රටවල් ඔහොම තමයි...! (නු)

:       0       0

ජයනාත Saturday, 21 July 2012 07:17 AM

ඔව් ඉතිං ඔහොම තමයි බලවතුන්...(නු)

:       0       0

අනුරාධ Saturday, 21 July 2012 07:31 PM

ඔය නම් වැඩිය හොදකට නෙවෙයි (දී)

:       0       0

madu Friday, 20 July 2012 04:24 PM

ඇමෙරිකාවට ඔනේ නැති දෙයක් නෑ. හොඳ දේටයි වැරැදී දේටයි දෙකටම ඔළුව දානවා. ඒ අතින් ඊශ්‍රායලට හරි බුද්ධිමත්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 971 1

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


චීනය ඇමෙරිකන් ගුවන් යානා එපා කියයි
2025 අප්‍රේල් මස 17 609 0

චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.


කොංගෝ බෝට්ටුවක් ගිනිගෙන ගිලී 50 ක් මරුට
2025 අප්‍රේල් මස 17 143 0

අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.


ඇමෙරිකන් තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක්
2025 අප්‍රේල් මස 17 8425 7

ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම


චීන ජනපති මැලේසියාවේ
2025 අප්‍රේල් මස 16 161 0

ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි


හාවඩ් විශ්ව විද්‍යාලයට ජනපති ට්‍රම්ප්ගෙන් තර්ජන
2025 අප්‍රේල් මස 16 244 0

ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site