සාගින්න සහ මන්දපෝෂණය තුරන් කිරීමේ අරමුණින්, ඉන්දීය කොංග‍්‍රස් පක්ෂ රජය ඉදිරිපත් කළ ආහාර සුරක්ෂිතතා පනත් කෙටුම්පත එරට පහළ මන්තී‍්‍ර මණ්ඩලයේදී පෙරේදා (26) අනුමත විය.
වාද විවාද මැද එම ආහාර සුරක්ෂිතතා පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට කොංග‍්‍රස් පක්ෂ රජය සමත් වීම මෑත ඉතිහාසයේදී එම පක්ෂය ලැබූ විශිෂ්ඨ ජයග‍්‍රහණයක් යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ආහාර සුරක්ෂිතතා පනත් කෙටුම්පත මීට පෙර ඉහළ මන්තී‍්‍ර මණ්ඩලට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී ද එය අනුමත විය.
සම්මත වූ නව පනත යටතේ කි‍්‍රයාත්මක වන ආහාර සහන වැඩපිළිවෙළ හරහා ඉන්දීය ජනගහනයෙන් තුනෙන් දෙකකට එනම්, කෝටි 80 ක් දිළිඳු ජනතාවට ආහාර සැපැයෙනු ඇත. එක් පුද්ගලයකුට මසකට ධාන්‍ය කිලෝ ග‍්‍රෑම් 5 බැගින් නොමිලේ ලැබෙයි.
මේ සඳහා අවශ්‍ය නීතිමය පසුබිම මේ වනවිට සකස් වී අවසන් අතර, ලබන මාසයේ සිට මෙම ආහාර සහන සේවා වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වෙයි.
කොංග‍්‍රස් රජය ‘ආහාර සුරක්ෂිතතා පනත’ කෙටුම්පත් කළේත් සම්මත කර ගත්තේත් ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් යැයි භාරතීය ජනතා පක්ෂය ප‍්‍රමුඛ ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා කරති.
දුෂණ වංචා චෝදනා හේතුවෙන් ඉන්දීය ජනතාවගේ අප‍්‍රසාදයට පත්ව සිටින අගමැති මන්මෝහන් සිං සහ සෝනියා ගාන්ධිගේ කොංග‍්‍රස් පක්ෂය ඡුන්ද වාසි ගැනීමට සැරැසෙන බවට ද භාරතීය ජනතා පක්ෂය චෝදනා කර ඇත.
සාගින්න සහ මන්දපෝෂණය ඉන්දියාවෙන් තුරන් කිරීමේ අරමුණින් පනත සකස් කළේ යැයි පෙරේදා ලොක් සභාව අමතමින් කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි කියා සිටියාය. පැය 9 ක් තිස්සේ පනත සම්බන්ධයෙන් විවාදයක් පැවැති අතර ඡන්ද විමසුම පැවැත්වුණේ ඉන්පසුවය.
කෙසේ නමුත් ඡන්ද විමසුම සිදුවෙද්දී, සෝනියා ගාන්ධි සභා ගර්භයේ නොසිටියාය. ඊට හේතුව හදිසියේ රෝගී වීම නිසා ඇය රෝහල් ගත වීමය.
සෝනියා ගාන්ධි රෝහලට ගියේ පුතු රාහුල් සහ සමාජ සාධාරණත්වය සහ බලගැන්වීම පිළිබඳ ඇමැතිනී කුමාරි සෙල්ජා ද සමඟය.
සෝනියා ගාන්ධි පැය 5 ක් රෝහලේ සිටි බවත් ඊයේ (27) රෝහලෙන් පිටව ගිය බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.
67 හැවිරිදි සෝනියා ගාන්ධි පසුගිය දින දෙක තිස්සේ උණ රෝගයකින් පෙළුණු බවත් ඇය රෝහල්ගත කිරීමෙන් පසු පරීක්ෂණ කිහියකට යොමු කරන ලද බවත් කොංග‍්‍රස් පක්ෂය පැවැසීය.
සෝනියා ගාන්ධි ඇමැතිනී කුමාරි සෙල්ජා ද සමඟ රෝහලට ගිය අවස්ථාව |
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආහාර සුරක්ෂිතතා පනතට ඉන්දීය පාර්ලිමේන්තුවේ අනුමැතිය
ධම්ම Wednesday, 28 August 2013 03:34 PM
ඉන්දියානු රුපියල අපේ රුපියල ළඟටම ඇවිල්ලා. ඇට කිලෝ පහ නිකන් දෙන්න ගියාම අපටත් පහලින් ඉඳීවි. (ස)
දසුනි Wednesday, 28 August 2013 09:59 PM
සාගින්න,මන්දපෝෂණය ඔය වචන අපේ රටේ නම් ඇහෙන්නෙත් නැති තරම්. අපි දැන් කතා කරන්නේ,අධිවේගී,ගුවන් පාලම්,ගුවන් තොටුපොළවල්, වරායන්,සංවර්ධනය ගැන විතරමයි.පුදුමයි නේද?.(නදී)
වරුණ Wednesday, 28 August 2013 11:21 AM
අපෙත් ඔහොම පනතක් ගෙනාවොත් අමත්‍යංශ කීයක් සුද්ද කරන්න වේවිද මන්දා? (නි)