ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ අවසන් වී දින තුනක් ගත වුවද නිල වශයෙන් ජයග්‍රහයකු ප්‍රකාශයට පත් කිරීමට නොහැකි තත්ත්වයක් අද (5) උද්ගතව තිබිණි.
තමන් ජයග්‍රහකයා යැයි කියන ජනාධිපති ට්‍රම්ප් ප්‍රමුඛ ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ කණ්ඩායම සහ රිපබ්ලිකන් පක්ෂයේ සැලකිය යුතු පිරිසක් ඡන්දය ගණනය කිරීම නවත්වන්නැයි ඉල්ලා අද (5) නඩු පවරා තිබිණි.
ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය තීරණය කරන තීරණාත්මක ප්‍රාන්තයක් බවට පත්ව තිබෙන පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ඡන්දය ගණනය කිරීම නවත්වන්නැයි ඉල්ලමින් ට්‍රම්ප්ගේ කණ්ඩායම නඩුවක් පවරා තිබිණි. ඡන්දය ගණනය නවත්වන්නැයි ට්‍රම්ප් කලින් ප්‍රකාශ කළ ද එය ප්‍රතික්ෂේප කරමින් ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය නිලධාරීන්ට ඡන්දය කිරීමට අවසර දුන්නේ ය. එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය තවත් නඩුවක් පැවැරීය.
මැතිවරණ දිනට පසු පැමිණ ඡන්ද ගණනය කිරීම නවත්වන්නැයි ට්‍රම්ප් මුලින් ඉල්ලීමක් කළේය.
මේ වනවිට ඇමෙරිකාවේ වත්මන් ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ කණ්ඩායම ඡන්දය ගණනය කිරීම නවත්වන්නැයි ඉල්ලමින් නඩු කිහිපයක්ම පවර ඇත.
ජයග්‍රහකයකු ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වීම හා ඡන්ද තවදුරටත් ගණනය කිරීම මැතිවරණ වංචාවක් නොවන බවත් ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් එල්ල කරන චෝදනාවලට කිසිදු පදනමක් නොමැති බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ නීති විශාරදයෝ හා මැතිවරණ විශේෂඥයෝ පෙන්වාදුන්හ.
‘‘ඡන්ද ගණනය කිරීම වරදක් නෙමෙයි. මැතිවරණවලදී අපි කරන්නේ එයයි. අපි ඡන්දය ගණනය කරනවා’’ යැයි නිව් මෙක්සිකෝ සිටි විශ්ව විද්‍යාලයේ ඡන්දය ප්‍රකාශ කිරීම, මැතිවරණ සහ ප්‍රජාතන්ත්‍රවාදය අධ්‍යයනය කිරීමේ මධ්‍යස්ථානය ලෝනා ඇට්කෙසන් පැවැසුවාය.
‘‘මේකට ශ්‍රමය වැය වෙනවා. මේකට කාලය වැය වෙනවා. ජනතාව මේ ක්‍රමවේදයට ගෞරව කළ යුතුයි. ඒ වගේම ඉවසීමෙන් ඉන්න ඕනෑ’’ යැයි ද ඇය කීවාය.
මේ අතර ඇමෙරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය ජනපද පහකට සීමා වී ඇත. පෙන්සිල්වේනියා, නෙවාඩා, ජෝර්ජියා, උතුරු කැරෝලිනාව සහ ඇලස්කාව එම ජනපද පහ ය. එම ප්‍රාන්ත පහේම ඡන්දය ගණනය කිරීම නවත්වන්නැයි ඉල්ලමින් ට්‍රම්ප් සහ ට්‍රම්ප්ගේ මැතිවරණ කණ්ඩායම නඩු පවර ඇතැයි ඊයේ පස්වරු වනවිට වාර්තා විය.
මිචිගන් ප්‍රාන්තයේ බලය බයිඩන් ට හිමි ව තිබූ අතර එම ප්‍රාන්තය සම්බන්ධයෙන් ද අර්බුදයක් හටගෙන ඇත.
විස්කොන්සින් ප්‍රාන්තයේ ජය බයිඩන්ට ට හිමි වූ අතර එම ප්‍රාන්තයේ ඡන්දය නැවත ගණනය කරන්නැයි ට්‍රම්ප්ගේ මැතිවරණ කණ්ඩායම ඉල්ලීමක් කර තිබිණි.
මේ අතර නෛතිකව අභියෝග කළ ද මැතිවරණ ප්‍රතිඵලයට ඉන් බලපෑමක් එල්ල වන්නේ නැතැයි නීති විශාරදයන් උපුටා දක්වමින් ඇමෙරිකානු මාධ්‍ය ඊයේ වාර්තා කර තිබිණි.
ඒ.එෆ්.පී./රොයිටර්
055
මෙම 2024 වසරේ ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව ලබන 18 වැනිදා බ්‍රසීලයේ රියෝ දි ජිනයිරෝ නුවරදී පැවැත්වෙන අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ඊට සහභාගී වෙයි.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් බිරිඳ මෙලානියා ට්‍රම්ප්, ජනාධිපති ආර්යාව ලෙස ධවල මන්දිරයේ පදිංචියට පැමිණීම සැක සහිත යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් ජනාධිපති ධුරයට තේරීපත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින වත්මත් ජනාධිපති ජෝ බයිඩන්
ට්‍රම්ප් ඔහුගේ සමීපයකු මෙන්ම, රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන කොංග්‍රස් සාමාජිකයකු ද වන 42 හැවිරිදි මැට් ගේට්ස් ඇමෙරිකන් නීතිපති ධුරයට තෝරාගෙන ඇත. ඒ අනුව,
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමරිකානු ජනාධිපතිවරණය අවුලෙන් අවුලට
Prabha Thursday, 05 November 2020 02:54 PM
මෙ මනුස්සයා ලංකාවෙන් සෑහෙන දේවල් ඉගෙනගෙන වගේ..
Vipula Thursday, 05 November 2020 04:17 PM
අර පොම්පියො මෙහෙ ආවෙ අපේ අයගෙන් උපදෙස් ගන්න වෙන්න බැරිද?