ඕස්ට්‍රේලියාවේ සංචාරය කරමින් සිටිද්දී, ඇමෙරිකන් යූ ටියුබ් නිවේදිකාවක (Influencer) කළ නොමනා ක්‍රියාවක් හේතුවෙන් ඕස්ට්‍රේලියා රජයෙන් ඇයට දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර, ඇයට යළි කිසිදු දිනක ඕස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි බව ද ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා ඇත.
සෑම් ජෝන් නමැති මෙම තැනැත්තිය, ඕස්ට්‍රේලියාවේ වනගත ප්‍රදේශයක යමින් සිටිද්දී, මාර්ග අසල වොම්බැට් මවක සහ පැටවකු සිටිනු දැක වහා දිවගොස් වොම්බැට් පැටියා ඔසවාගෙන ඇය ගමන් කරමින් සිටි මෝටර් රථය වෙත පැමිණෙයි.
රූගත කළ මෙම සිද්ධිය, සෑම් ජෝන් ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබුණ ද ඕස්ට්‍රේලියා රජයෙන් එල්ල වුණු විරෝධය හේතුවෙන්, එම වීඩියෝව පසුව මකා දැමුණි.
ඕසේට්‍ර්ලියාවට පමණක් ආවේණික සත්වයකු වන වොම්බැට්, ආරක්ෂිත සත්වයෙකු ලෙස ද සැලකෙයි. කුඩා වොම්බැට් පැටවු
සැමවිටම මවට සමීපයෙන් මවගේ රැකවරණ යටතේ පසුවෙති. වොම්බැට් පැටවා මවගෙන් වෙන් කිරීම බරපතල වරදක් ලෙස ඕස්ට්‍රේලියානුවන්ගේ විශ්වාසයයි. වොම්බැට් යනු කුඩා කෝලා වලසකු තරම් සත්වයෙකි. කෝලා ද වොම්බැට් සේම, ඕස්ට්‍රේලියාවට ආවේණික සත්වයෙකි.
ඕස්ට්‍රේලියා රජයෙන් රජයෙන් එල්ල වුණු විරෝධය සම්බන්ධයෙන් යළි ඇමෙරිකනාව බලා පැමිණ සිටින සෑම් ජෝන්ස් සිය දැඩි කනගාටුව පළ කර ඇති අතර, ඇය ඇගේ ක්‍රියාව සම්බන්ධයෙන් දැඩි ලෙස පසුතැවෙන බව ද පවසා ඇත.
තමන් පාර අයිනේ සිටි පැටවා වඩා ගෙන ආවේ එම පැටවාට අනතුරක් සිදුවී ඇතැයි අනුමාන කළ බැවින් බවත් තමන්ගේ ක්‍රියාව වරදක් බව තමන් පිළිගන්නා බවත් ජෝන්ස් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
(සී.එන්. එන්.)
උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග
බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ඇමෙරිකන් තරුණිය ඕස්ට්‍රේලියාවේ උදහසට