IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ඇමෙරිකන් දිගු දුර මිසයිල ජර්මනියට

ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පැවැත්වුණු ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ 75 වැනි සමුළුවේදී, දිගු දුර මිසයිල ජර්මනියට ලබා දීමට ඇමෙරිකාව ගත් තීරණයට රුසියාවේ දැඩි විරෝධය එල්ල වී ඇත.

ඇමෙරිකාව පවසා ඇත්තේ තමන් දිගු දුර ‘ටොමාහෝක්’ වර්ගයේ කෲස් මිසයිල යුරෝපයේ ස්ථානපත කරන්නේ ආරක්ෂිත පියවරක් ලෙස බවය. ජර්මනිය යුරෝපා රාජ්‍යයකි. 

ඇමෙරිකාව දිගු දුර මිසයිල ජර්මනියේ ස්ථානගත කිරීම සම්බන්ධයෙන් ජර්මන් චාන්සල්වරයා සිය සතුට පළ කර තිබේ. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඇමෙරිකාවේ තීරණයට දැඩි ලෙස විරෝධය පළ කර ඇති අතර, පුටින් පවසා ඇත්තේ ලෝකය යළිත් වරක් නිරවි යුද්ධයකට යොමු වුණු බවය.

‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය පිහිටුවීමේ අරමුණ රුසියවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමය. රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කර ඇත්තේ යුක්රේනය නේටෝ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. ඇමෙරිකාවේ පැවැත්වුණු ‘නේටෝ’ මහ සමුළුවට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද සහභාගී විය.

සමුළුවේ දී ප්‍රධාන වශයෙන් සාකච්ඡා වූයේ රුසියන් යුක්රේන ගැටුම සහ චීනයෙන් එල්ල වන තර්ජන පිළිබඳවය. ඇමෙරිකාව, නෙදර්ලන්තය සහ ජර්මනිය, යුක්රේන ගුවන් හමුදාවට ‘එෆ්16’ ප්‍රහාරක යානා කඩිනමින් ලබා දීමට තීරණය කළේය. 

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ යුක්රේන ජනාධිපති සෙලෙස්කී හමුවී සාකච්ඡා කිරීමෙන් පසු ඇමෙරිකාවෙන් යුක්රේනයට ගුවන් ආරක්ෂක පද්ධති ලබා දීමට එකඟත්වයක් ඇති කර ගැනුණි. ඒ අනුව ඉදිරියේ දී රුසියන් හමුදා එල්ල කරන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර ව්‍යර්ථ කිරීමට යුක්රේනයට හැකි වෙයි.

යුක්රේනය අපේක්ෂා කරන අන්දමට, යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දීම සිදු නොවන නමුත්, යුක්රේනයට නේටෝ රටවල පූර්ණ සහාය හිමිවනු ඇති බවත් සමුළුවේ දී අවධාරණය කෙරුණි. යුරෝපා රටවල් යූරෝ බිලියන 40 ක ආධාර පැකේජයක් ද යුක්රේනයට ලබා දීමට එකඟ විය. 



අදහස් (0)

ඇමෙරිකන් දිගු දුර මිසයිල ජර්මනියට

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

නව වෙළෙඳ ගිවිසුමක්: ඉන්දු ඇමෙරිකා සාකච්ඡා
2025 අප්‍රේල් මස 22 28 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.


මීළග පාප්තුමා ගැන ඉගියක්
2025 අප්‍රේල් මස 22 52 0

ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 464 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 996 1

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


චීනය ඇමෙරිකන් ගුවන් යානා එපා කියයි
2025 අප්‍රේල් මස 17 661 0

චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.


කොංගෝ බෝට්ටුවක් ගිනිගෙන ගිලී 50 ක් මරුට
2025 අප්‍රේල් මස 17 148 0

අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 568 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site