IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඇමෙරිකාවටත් පහරදිය හැකි මිසයිල අපට තිබෙනවා

ඇමෙරිකාවට පහරදිය හැකි නවීනතම මිසයිල තමන් සතු බව උතුරු කොරියා රජය ඊයේ(9) විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. ඇමෙරිකාවේ හිතවතකු වන දකුණු කොරියාව සිය මිසයිල ආරක්ෂණ පද්ධතිය සවිමත් කිරීමට ගනු ලැබූ පියවරට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස උතුරු කොරියා ජාතික ආරක්ෂක කොමිසම මෙසේ සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් තමන්ට න්‍යෂ්ටික හෝ මිසයිල ප‍්‍රහාරයක් එල්ල වූවහොත් තමන් ඊට ප‍්‍රතිප‍්‍රහාර දීමට නොපැකිලෙන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. ‘උපක‍්‍රමශීලී රොකට් බලකායක්’ තමන් සතු බව පවසන උතුරු කොරියා රජය එම රොකට්ටුවලට ඇමෙරිකාවේ සහ දකුණු කොරියාවේ ඉලක්ක වෙත පහසුවෙන් ප‍්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බව ද අවධාරණය කර කියා සිටී. මීට දින දෙකකට පෙර දකුණු කොරියා මිසයිල ආරක්ෂණ පද්ධතියේ ආවරණ කලාපය තුන්ගුණයකින් වැඩිකිරීමට අදාළ ගිවිසුමකට ඇමෙරිකාව සිය එකඟතාවය පළ කළේය. ඒ උතුරු කොරියාවෙන් එල්ල විය හැකි මිසයිල ප‍්‍රහාරයකින් ආරක්ෂාවීම සඳහා බව පවසමිනි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දකුණු කොරියා යුද විශ්ලේෂකයන් පවසන්නේ කිලෝමීටර් දහස් ගණනක් එපිටින් පිහිටි ඉලක්කවලට ප‍්‍රහාර එල්ල කිරීමේ හැකියාවෙන් යුත් අන්තර් මහද්වීපික බැලස්ටික මිසයිල උතුරු කොරියාව සතුව පවතින බවට සාධක නොමැති බවයි. ඉකුත් අපේ‍්‍රල් මාසයේදී උතුරු කොරියා රොකට් වැඩසටහන අසාර්ථකවීමෙන් එරටට මෙවැනි ප‍්‍රහාරක හැකියාවෙන් යුතු මිසයිල නිපදවීමේ හැකියාවක් නොමැති බව පෙන්නුම් කරන  බව ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ. ටේපොඩොං 2 නමැති අන්තර් මහද්වීපික බැලස්ටික මිසයිල උතුරු කොරියාව සතු බවට මාධ්‍ය වාර්තා පළ වූවද එය මෙතෙක් අත්හදාබලා නොමැති බව වාර්තා වේ. අසාර්ථක වූ රොකට් වැඩසටහන මිසයිල අත්හදා බැලීමක් බව අමෙරිකාව සඳහන් කළ ද උතුරු කොරියාව පැවසුවේ එය චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට තමන් ගත් උත්සාහයක් බවයි.



අදහස් (0)

ඇමෙරිකාවටත් පහරදිය හැකි මිසයිල අපට තිබෙනවා

අශෝක Wednesday, 10 October 2012 11:57 AM

මෙයාලට වෙන වැඩ නැද්ද මන්දා (ස)

:       0       0

ලසාන් Thursday, 11 October 2012 09:53 PM

රටේ ඉන්න උන්ට කන්න නෑ තාම යන්නෙ කරත්තවල ඒවුනාට මිසයිල නම් තියෙනව (අ)

:       0       0

ක්‍රිෂාන් Wednesday, 10 October 2012 12:11 PM

ඇමරිකාවට ගහන්න කලින් තමන්ගේ රටේ මිනිස්සුන්ට බඩ කට පිරෙන්න කන්න දෙන්න විදියක් කල්පනා කරන්න (ස)

:       0       0

වෙනුර Thursday, 11 October 2012 10:31 PM

කවුරු කොහොම මොනවා කිවුවත් ඇමෙරිකාව තරම් වෙනත් රට වලට අසාධාරණකම් කරන වෙනත් රටක් නැහැ. (නි)

:       0       0

කමල් Wednesday, 10 October 2012 12:37 PM

ඇමරිකාවට එක පරමාණු බෝම්බයක් දැම්මනම් ලෝකයේ අන් රටවල් වලට සාමය ලඟාකරගන්න පුළුවන්.(ස)

:       0       0

සෙනෙරත් Wednesday, 10 October 2012 12:39 PM

මේ හැම දෙනාටම තේරෙනවා යුද්ධය විසඳුමක් නොවෙන බව , ඒත් ආයුධ එක් රැස් කරනවා (ස)

:       0       0

සුනිල් Wednesday, 10 October 2012 06:28 PM

කමල් මෝඩයි. (නි)

:       0       0

කුමාර Wednesday, 10 October 2012 12:57 PM

පව් කාරයන්ගේ අවසානය වැඩි ඈතක නොවේ (ස)

:       0       0

වසන්ත Thursday, 11 October 2012 04:57 PM

සමහර අය ඇමරිකාවට ගහන්න කතා කරන්නේ... නමුත් වීසා දෙනවානම් ඇමරිකාවට බඩ ගාගෙන යයි.. අපේ සමහර මිනිසුන් ඉන්නවා මේ වගේ...!(නු)

:       0       0

ශ්‍රිරාස් Wednesday, 10 October 2012 01:20 PM

කමල් ඔබ හරියටම හරි (ස)

:       0       0

බමුණුගම Thursday, 11 October 2012 09:36 AM

උතුරු කොරියාවට මගේ සුබ පැතුම් ලෝකෙම විනාස උනත් කමක් නෑ ඇමරිකාව විනාස වෙලා (ස)

:       0       0

ලාල් Thursday, 11 October 2012 05:52 PM

මම ඇමෙරිකාව සමගයි. (නි)

:       0       0

නසාර් Wednesday, 10 October 2012 07:28 PM

ඇමරිකාවට අපි ගිහින් හදමුද ? (ස)

:       0       0

මනෝජ් Wednesday, 10 October 2012 02:16 PM

මෙහෙමත් ලෝකයක් (ස)

:       0       0

තනූජා Wednesday, 10 October 2012 02:19 PM

මෙයාලා සැරසෙන්නේ ලෝකය විනාශ කරන්න වගේ (ස)

:       0       0

ජයී තිසර Wednesday, 10 October 2012 02:25 PM

න්‍යෂ්ටික බලය ලද්දෝ හිනහෙනවා තව සමහරෙක් ඒ බලයට දඟලනවා නොසිතූ දෙයත් සමහර විට සිදුවෙනවා අවි ගැටුමක ලකුණු වැඩිවීගෙන එනවා (ස)

:       0       0

නිලන්ත Wednesday, 10 October 2012 02:35 PM

කමල් මමත් ඔබ සමඟ එකඟයි (ස)

:       0       0

සහන් Wednesday, 10 October 2012 08:42 PM

ඇමෙරිකාවය ගහන්න හිතන්නේ ඇමෙරිකාවේ බලය ගැන දන්නේ නැතුව වෙන්න ඇති. (නි)

:       0       0

ලලිත් Wednesday, 10 October 2012 08:46 PM

ඇමෙරිකාව මට්ටු වෙන්නේ ඉරානයෙන්. (නි)

:       0       0

බමුණුආරච්චි Thursday, 11 October 2012 07:21 PM

වියට්නාමයට ගහගන්න බැරිවුණ ඇමරිකාවට තව මොන දෙයක්ද? උතුරැ කොරියානුවනේ ඇමරිකාවට ගහමුද?(නු)

:       0       0

ෂෙරීෆ් Wednesday, 10 October 2012 09:50 PM

ඇමෙරිකාව ඕවට බය නැහැ. (නි)

:       0       0

බමුණුආරච්චි Thursday, 11 October 2012 07:22 PM

කොරියානුවනේ ඔය මිසයිල වල ලියන්න “කොරියා සිට ආදරයෙන්“ කියලා...

:       0       0

සමීර Wednesday, 10 October 2012 03:58 PM

කමල් හරි (ස)

:       0       0

ශිෆාන් Wednesday, 10 October 2012 04:43 PM

මොකද කියන්නේ කමල් වැඩේට බහිමුද ? (ස)

:       0       0

බන්ඩාර Thursday, 11 October 2012 02:58 AM

උතුරු කොරියාව ලඟදිම කනවා , කමල් ඔයාටත් කන්න ඕනි වෙලා වගේ .....(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 269 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 455 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 106 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 96 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 110 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2813 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 723 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2024 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site