IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ඇමෙරිකාවට එරෙහිව තීරණයක් ගන්න ජර්මන් පාර්ලිමේන්තුව රැස්වෙයි

ඇමෙරිකා රජය එරට එන්.ඒ.එස්. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සිය හරහා ජාත්‍යන්තර නීති උල්ලංගනය කරමින්, සිදු කරන ඔත්තු බැලීමේ කටයුතුවලට එරෙහිව තීරණයක් ගැනීමට ජර්මන් පාර්ලිමේන්තුව ඊයේ (29) රැස්විය.

ජර්මන් පාර්ලිමේන්තුව එම හදිසි සැසිවාරය පැවැත් වූයේ, ඇමෙරිකන් රජය, ජර්මන් චාන්සල්වරියගේ දුරකතන සංවාද හොරෙන් අසා සිටි බවට විස්තර ඇතුළත් රහස් වාර්තාවක් ප‍්‍රසිද්ධියට පත් වීම මුල්කොට ගනිමිනි.

එම ඔත්තු බැලීම් ගැන ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මාකෙල් ඇමෙරිකාවට දොස් පවරා ඇත. එම අවස්ථාවේ, ඇමෙරිකන් ජනපති ඔබාමා ඇයට දුරකතන ඇමතුමක් දී කියා සිටියේ, ඔහු එම ඔත්තු බැලීම් ගැන දැන නොසිටි බවය.

එම සිද්ධිය මුල්කොට ගනිමින්, ජර්මන් බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් මේ වනවිට ඇමෙරිකාවට ගොස් ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය සමඟත් එන්.ඒ.එස්. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සිය සමඟත් සාකච්ඡුා පැවැත්වූ බව ද වාර්තා වේ.

ඇමෙරිකා රජය, අන්තර් ජාතික නීති උල්ලංගනය කරමින්, එරට ජාතික ආරක්ෂාවට වෙනුවෙන් යැයි පවසා, ලෝක නායකයන් ගැන සිදු කරන ඔත්තු බැලීම් වහා නැවැත්විය යුතු යැයි බල කරමින් ජර්මන් චාන්සල්වරිය, එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඇමෙරිකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමටද සූදානම් වී සිටින්නීය.

ඇමෙරිකාව තම රටවල් සම්බන්ධයෙන් සිදුකරන ඔත්තු බැලීම් කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, එම ඔත්තු බැලීමේ සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ පොදු එකඟතාවක් ඇතිකර ගත යුතු බවත්, ජර්මන් චාන්සල්වරිය පවසා ඇත.

ජර්මනිය සහ බ‍්‍රසීලය වැඩි දුරටත් පවසා ඇත්තේ, තමන් ඇමෙරිකාවේ සමීපතම මිතුරක් බවත්, එසේ තිබියදී ඇමෙරිකාව තමන් ගැන ඔත්තු බැලීම ගැන තමන් දැඩි ලෙස කනස්සල්ලට පත් වී සිටින බවත්ය.

ඇමෙරිකාව සිදුකරවන ඔත්තු බැලීම් සම්බන්ධයෙන් රහස් වාර්තා දහස් ගණනින් මාධ්‍ය ආයතනවලට ලබා දී ඇත්තේ, එන්.එස්.ඒ. ඒජන්සියේ හිටපු කොන්ත‍්‍රාත්කරුවකු වන එඞ්වඞ් ස්නෝව්ඩන්ය.

ස්නෝව්ඩන් ලබා දුන් එම වාර්තා, බි‍්‍රතාන්‍යයේ ‘ගාඩියන්’, ප‍්‍රංශයේ ‘ලා මොන්ද්’ සහ ජර්මනියේ ප‍්‍රධාන පෙළේ පුවත්පත් රැසක් මේ වනවිට ප‍්‍රසිද්ධියට පත් කර ඇත.

ඇමෙරිකාවේ අත්අඩංගුවෙන් බේරී ස්නෝව්ඩන්, මේ වනවිට ජීවත් වන්නේ රුසියාවේය. ඒ, රුසියානු රජයේ රැකවල් යටතේය. ස්නෝව්ඩන්ට රුසියාවෙන් පිටවී යෑමට නොහැකිය. ඔහු එසේ කළහොත් ඔහු අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකාව සූදානමින් සිටී.

ඇමෙරිකන් රජය සහ සී.අයි.ඒ. බුද්ධි අංශය, ජාතික ආරක්ෂක ඒජන්සිය හරහා  ජර්මන් චාන්සලර් මාකෙල්ගේ පමණක් නොව, තවත් රාජ්‍ය නායකයන් 35 දෙනකුගේ දුරකතක සංවාද සහ ඊ මේල් පණිවුඩවලට හොරෙන් කන් දෙමින් ඔත්තු බැලීම් සිදුකර ඇතැයි නවතම වාර්තාවල දැක්වෙයි.
 

ජර්මන් චාන්සල්වරිය

 



අදහස් (0)

ඇමෙරිකාවට එරෙහිව තීරණයක් ගන්න ජර්මන් පාර්ලිමේන්තුව රැස්වෙයි

ප්‍රදීප් Wednesday, 30 October 2013 10:08 PM

ඇමෙරිකාවට කළකම් පල දෙන කාලය ඇවිල්ලා දැන්. යුරෝපය දැන් ටික ටික ඇමෙරිකාවේ කපටිකම් තේරුම් ගනීවි. ඉන්දියාවටත් ළගදීම හොද වැඩක් වෙයි (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 30 October 2013 03:18 PM

පුදුමය කියන්නේ සමහර රටවල් මෙවැනි දේවල් කරන අතරේ අපොයි අපි ඔය වගේ දේවල් කරන්නේ නැහැ කියන එකත්, ඇමෙරිකාව ඒක කරපු බව පිළිගන්න එකත්. අනික ඕස්ට්‍රේලියාවත් බළල් අතක් එහෙනම්. මට නම් කිසි දෙයක් තේරෙන්නේ නැහැ. (ස)

:       0       0

ආරියසේන Wednesday, 30 October 2013 10:59 PM

ලෝක පොලිස්කාරයන්ගෙන් ඉල්ලාගෙන කන්නයි යන්නේ (නි)

:       0       0

ඉන්දික බහරේන් Wednesday, 30 October 2013 10:28 AM

මේක හොඳ අවස්ථාවක්. ඇමෙරිකාවට එරෙහි වෙන්න. ලෝක පොලීස්කාරයව හැම රටක්ම එකතු වෙලා දණ ගස්වන්න ඕනි. (ස)

:       0       0

බමුණු Wednesday, 30 October 2013 04:32 PM

අපට පක්ෂව ඡන්දය දීමත් ඇමෙරිකාවට විරුද්ධ වීමක්. එම නිසා අපට පකෂව ඡන්දය දෙන්න නියම වෙලාවට (ස)

:       0       0

රොනල්ඩ් රේගන් Wednesday, 30 October 2013 10:49 AM

කුම්බලා මාලු කෑවා නම් විදවාපන් කිව්වලු.. (ස)

:       0       0

චමත් [ලංකාව] Wednesday, 30 October 2013 11:24 AM

මම මීට සතියකට විතර කලින් මෙම ඔත්තු බැලීම සම්බන්ධයෙන් සටහනක් පල කරා සමහරුන්ට මතක ඇති. ඒවා නැවත කියන එක තේරුමක් නැහැ. වෙනත් විස්තර ටිකක් කියන්නම්. මේ දුරකථන වලට සවන් දීමෙන් කරන ඔත්තු බැලීම ඇමරිකාව විතරක් නොවේ ලෝකයේ ධනවත්, බලවත් සෑම රටක්ම කරන දෙයක්.ලංකාවේ ඇති දුරකථන වලටත් මොවුන් මේ ආකාරයෙන්ම සවන් දෙනවා. මෙතනදී ඇමරිකාවට වැරදුනේ ලෝකයේ බලවත්ම කාන්තාවගේ දුරකතනයට සවන් දීම හා ඇගේ විද්‍යුත් ලිපි කියවීමයි. අනිත් කරුණ වන්නේ ජර්මනියේ හොඳම හිත මිතුරාද ඇමරිකාව වීමයි. බැරක් ඔබාමා කියනවා ඔහු මේ ඔත්තු බැලීම පිලිබඳව කිසිවක් දැන නොසිටි බව.ඒවා නම් විහිලු කතා. ඕස්ට්‍රේලියාවෙත් තියෙනවා මෙවැනි ඔත්තු බැලීමේ මධ්‍යස්ථානයක් .ඔවුන්ගේ රාජකාරිය දකුණු ආසියානු රටවල ඔත්තු බලා ඒ විස්තර ඇමරිකාවට දැනුන් දීමයි. මේ විස්තර පිලිබඳව මා දැනුවත් වුයේ පුවත්පත් කියවීමෙන් හා ගුවන් විදුලියට සවන් දීමෙනුයි. (ස)

:       0       0

කෙනත් Wednesday, 30 October 2013 11:26 AM

ඒ වැඩෙත් අහුවුණා එහෙනම් ! (නි)

:       0       0

ඩෑන් Wednesday, 30 October 2013 11:31 AM

ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් රකින අන්දම මෙන්න... (නි)

:       0       0

ෆීනා Wednesday, 30 October 2013 11:56 AM

විස්තර කිරීම වෙනුවෙන් ස්තූති චමත්. (ස)

:       0       0

චමත් [ලංකාව] Wednesday, 30 October 2013 05:56 PM

ලුම්බිණි , ඇමරිකාව මේ කළ දෙය කැමැත්තකින් පිළිගත්තා නොවෙයි. යුරෝපාකරයේ තිබෙන මිතුරු රටවලින් ආ දෝෂාරෝපනය නිසා ඒගොල්ලන්ට පිළිගන්න සිද්ධ වුණා. (නි)

:       0       0

සම් Wednesday, 30 October 2013 12:07 PM

චමත්, සමහරවිට මේ මම කියන සිදුවීම වෙනකොට ඔබ ඔස්ට්‍රේලියාවට ඇවිත් නැතුව ඇති. මීට අවුරුදු 20 කට පමණ පෙර කැන්බරා නගරයේ චීන එම්බසිය හදන කොට ඒකෙ බිත්ති ඇතුලට පුංචි සවන් දීමේ උපකරණ සවි කරලා අහු උනා. ඊට පසුව මුළු ගොඩනැගිල්ලම කඩා ඉවත් කර විශේෂ ආරක්ෂාව යටතේ නැවත ඉදිකළා. (ස)

:       0       0

රන්ජි Wednesday, 30 October 2013 06:08 PM

යන්තමට ඇති යුරෝපා රට වල ඇස් ඇරුණා. ජර්මනියට ස්තූතියි! ජය වේවා දුප්පත් රට වලට (නි)

:       0       0

චමත් [ලංකාව] Wednesday, 30 October 2013 12:53 PM

සම්, මම ඕස්ට්‍රේලියාවේ ජීවත් වන කෙනෙක් නොවෙයි. මම ජීවත් වන්නේ ලංකාවෙයි. පොත පත ඇසුරින් දැනගත් කරුණුයි මම කියන්නේ. (ස)

:       0       0

ඉන්දු - මෙල්බන් Wednesday, 30 October 2013 12:55 PM

හොඳ වැඩේ, මෙයාල පුංචි රටවලට අරියාදු කරන්නේ එකතු වෙලානේ. ස්නොව්ඩන්ව ආරක්ෂා කරන්න දෙවියනේ. (ස)

:       0       0

සෙනරත් Wednesday, 30 October 2013 01:37 PM

ඉන්දියාව ගොඩක් ලොක්කො මොබයිල් භාවිතා කරන්නේ නෑ නේ.ලංකාව්ත් ලොක්කෝ මොබයිල් නවතන්න කාලේ ඇවිත්. (ස)

:       0       0

සම් Wednesday, 30 October 2013 02:36 PM

චමත් , මට සමාවෙන්න. මම හිතුවේ මේ තරම් හොඳට ඕස්ට්‍රේලියාවේ වෙන දේවල් ලියුවේ ඔබ මෙහේ ජීවත් වන කෙනෙක් කියලා. ඕස්ට්‍රේලියාවේ තියන සැටර් ලයිට් ට්‍රැකින් ස්ථාන මඟින් කලාපයේම ඔත්තු බැලුවට ඕස්ට්‍රේලියාවට එම ඔත්තු දැන ගැනීමට ලැබෙන්නේ නැහැ.ඒවා කෙලින්ම ඇමෙරිකාවට ලබාගන්නවා. ඇමෙරිකවට ‍කැමති දේවල් විතරක් පසුව ඕස්ට්‍රේලියාවට දෙනවා. ඕස්ට්‍රේලියාව බළල් අතක් හැටියට තමා පාවිච්චි කරන්නේ. (ස)

:       0       0

අමිල - කටුණායක Wednesday, 30 October 2013 02:51 PM

යන එන කරන දේවල් හිටන් එයාලා යතුරු හිලෙන් වගේ බලනවා. (ස)

:       0       0

ඉන්දික බහ්රින් සිට Wednesday, 30 October 2013 03:07 PM

චමත් ගේ කතාව ඇත්ත,මම කටාර් වල ඉන්නකොට මට මුණ ගැහුනා පකිස්තානු ජාතිකයෙක් ,එයාගේ ජොබ් එකත් සියලුම දුරකථන ඇමතුම් පටිගත කරන එක,මගේ යාළුවා පකිස්තානු ජාතිකයෙක්,එයාගේ යාළුකමට මටත් අවවාද කලා කටාර් රජය ගැන කිසිම දෙයක් කතා කරන්න එපා කියලා.(නදී),

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 155 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 128 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 303 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 55 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 69 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 479 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2110 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site