ඇෆ්ගනිස්ථානයේ දකුණු කොටසේ හෙල්මන්ඩ් පළාතේ පිහිටි ප්‍රධාන හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයේ ස්ථානගත කර තිබු ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා සේනාංකත් ඒවාට අයත් ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා සඳුදා ඉවත් කර ගත් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඇෆ්ගනිස්ථානයේ තිබු විශාලම ජාත්‍යන්තර යුධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් වූ මෙකී හමුදා කඳවුර තලෙයිබාන් ත්‍රස්ත ක්‍රියාකාරකම් මර්ධනය කිරීමට විශාල ලෙස දායක වී ඇත. ජාත්‍යන්තර යුද කඳවුර ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කෙරුණේ නැවත නැගී සිටින තලිබාන් සටන් කාමින් සමග සටන් කිරීමට ඇෆ්ගන් හමුදා නේටෝව විසින් මැතකදි පුහුණු කිරීමෙන් අනතුරුවය.
මෙලෙස ඉවත්කැර ඇත්තේ සමුද්‍රීය එම්.එම්.එච්. 366 හැමර්හෙඩ්ස් හෙලිකොප්ටර් බලඝනය 2011 දී ඉරාකයේ සටන් වදිමින් සිට එරටින් ද ඉවත් කැරිණි.
නේටෝව විසින් විවිධ ජාතීන් 50 කින් හෙබි 140,000 ක යුධ හමුදා සාමාජිකයන් පිරිසක් හෙල්මන්ඩ් හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයේ 2010 සිට ස්ථාපිත කර තිබිණි.
ජනවාරි 01 වෙනිදා තෙක් ඇෆ්ගනිස්ථානයේ විදේශිය හමුදා සාමාජිකයන් රැඳි සිටින්නේ 12,500 ක් වන අතර එයින් 9,800 ක් ඇමෙරිකා ජාතිකයෝය. එම හමුදා කණ්ඩායම් හමුදාවට උපදෙස් දීම හා ඔවුන් පුහුණු කිරීම සිදුකරයි.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වෙයි
චන්ද්‍රා Tuesday, 28 October 2014 06:44 PM
මෙපමණ කාලයක් ඇමරිකාව සහ බටහිර රටවල් ඇෆ්ගනිස්ථානයේ සිට කළ දෙයක් තිබේද? අහිංසක වැසියන්, කුඩා ළමයින්, අහිංසකයින් ද්රෝන් ප්‍රහාර වලින් මැරුවා මිසක , කළ තොවිලයකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ වගේ තමයි (නි)
ධම්ම Thursday, 30 October 2014 11:09 AM
මේවාට කියන්නේ පරිප්පු කනවා කියලා. රුසියාව අවුරුදු දහයක් මේ පරිප්පුව කාලා බැරි තැන අතහැරලා දාලා ගියා. තලේබාන්වරු අනුන්ගේ රටවල් අල්ලන්න ගියේ නැහැ. ඔවුන් සටන් කරන්නේ ඔවුන්ගේ රට වෙනුවෙනුයි. (නි)
උපාලි Wednesday, 29 October 2014 05:03 AM
තලේබාන් වගේ පිරිසකට මුහුණ දෙන්න කවුරුහරි ඉන්න ඕනෑ තමයි. (නි)
ධම්ම Tuesday, 28 October 2014 04:30 AM
"ගිනිගෙඩිය නෙටෝවට දී ඇමෙරිකාව මාරු" කියලා මේ ප්‍රවෘත්තියට ශීර්ෂ පාඨය දැම්මා නම් තමා හොඳ. (ස)
ඉසුරන්දි Saturday, 01 November 2014 08:00 AM
එදාපාර මේ මොන හෙන ගෙඩියක්ද දන්නේ නැහැ නේද?((හේ)
රෝයි Tuesday, 28 October 2014 05:46 PM
මෙම සංග්‍රාමය පිළිබඳ ධම්මගේ දැනීම අඩුබව සනාථ වෙනවා (නි)