ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට ඊයේ (18) පැමිණි මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කීට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කර තිබුණේ ඇයට වීරවරියකගේ පිළිගැනීමක් හිමිවුණු බවය. සූ කී ඇමෙරිකාවට පැමිණෙන්නේ දශක දෙකකට පසුව වීම ද සුවිශේෂත්වයකි.
අවසන් වරට ඇය ඇමෙරිකාවට පැමිණියේ 1990 වසරේ ඇගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලීගය පක්ෂය මියන්මාර මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට පෙරය.
එවකට මියන්මාරය පාලනය කළ හමුදා ජුන්ටාව, සූ කී වසර 20 කට වැඩි කලක් නිවාස අඩස්සියට පත් කර තැබුවේ ද එම මහ මැතිවරණයෙන් ජය ගැනීමෙන් පසුවය.
ඇමෙරිකාවේ සිටිද්දී සූ කී 1969 වසරේ සිට 1971 තෙක් කාලයේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ රාජකාරි කළාය.
මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ඉටු කරන මෙහෙවර ඇමෙරිකාවේ පැසැසුමට ලක් වූයේ ඇය නිවාස අඩස්සියට පත් කළ දා සිටය. එවකට මියන්මාරයේ පැවැති හමුදා පාලනයට විරෝධය පළ කරමින් ඇමෙරිකාව ආර්ථික, වෙළෙඳ සහ දේශපාලන සම්බාධක පැනැවූයේ ද එහෙයිනි.
හමුදා පාලනය අවසන් වීමෙන් පසු මියන්මාරයේ දැන් පවතින්නේ සිවිල් පාලනයකි. සිවිල් රජය නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී කි‍්‍රයාත්මක කිරීම නිසා අතුරු මැතිවරණයකින් ජයග‍්‍රහණය කළ සූ කී පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක ද වෙයි.
විදෙස් සම්බාධකවලින් මිදී රට ඉදිරියට ගෙන යෑමට මියන්මාර සිවිල් රජයේ ජනපති ත්වෙන් ස්වෙන් සූදානමින් සිටින අතර ඒ සඳහා ප‍්‍රජාතන්ත‍්‍ර නායිකාව මෙන්ම විපක්ෂ නායිකාව ද වන සූ කීගේ සහාය මියන්මාර රජයට ඉතා වැදගත් වේ.
සූ කී ඇමෙරිකාවට පැමිණෙද්දී තවත් දේශපාලන සිරකරුවන් 500 දෙනකු නිදහස් කිරීමටද මියන්මාර රජය කටයුතු කළේය.
එම සිරකරුවන් නිදහස් කිරීම සිදු වුණේ මියන්මාර රජය තවත් දේශපාලන ප‍්‍රතිසංස්කරණ කිහිපයක් කි‍්‍රයාවට නැංවීමේ ප‍්‍රතිපලයක් වශයෙනි.
මියන්මාර ජනපති ත්වෙන් ස්වෙන් ද ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල පැසැසුමට ලක් වී සිටින අතර ඔහු ද තව දෙසතියකින් ඇමෙරිකා සංචාරයකට පැමිණෙනු ඇත. ඔහු ඇමෙරිකාවට පැමිණෙන්නේ ඇමෙරිකා රජයේ ආරාධනාවකටය.
සූ කී ජනපති ඔබාමාගේ ඩිමොක‍්‍රටික් පක්ෂයේ පමණක් නොව ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයේ ද කැපී පෙනෙන තාරකාවක් වී ඇත. ඔබාමාගේ ප‍්‍රතිවාදියකු වන රිපබ්ලිකන් සෙනෙට් මන්තී‍්‍ර මිච් මැකොනෙල් ඇයට ආරාධනා කර ඇත්තේ කෙන්ටකි ප‍්‍රාන්තයට පැමිණ රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ ඡුන්ද රැුස්වීමක දේශනයක් පවත්වන ලෙසටය.
වොෂින්ටන් අගනුවර සංචාරයෙන් පසු ඇය නිව්යෝක්, බොස්ටන්, ඉන්දියානා, සැන් ෆ‍්‍රැන්සිස්කෝ සහ ලොස් ඇන්ජලීස් යන නගරවල ද සංචාරය කිරීමට නියමිතය.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමෙරිකා ගිය සූ කීට උණුසුම් පිළිගැනීමක්
සිල්වා Wednesday, 19 September 2012 12:25 PM
ආසියාවේ රටකට තවත් බටහිර ගැතියෙක්...(ස)
ඩියෝ Wednesday, 19 September 2012 07:00 PM
ලංකාවටත් එන්නකෝ. (නි)
සේනානායක Wednesday, 19 September 2012 01:39 PM
සැබැවින්ම වීරවරිවක්..(ස)
සමන්ත Wednesday, 19 September 2012 02:09 PM
ඒ ගොල්ලෝ නියම පාරේ අපි මඩ පාරේ ..(ස)
සල්ස් Wednesday, 19 September 2012 03:38 PM
මේවා රඟපෑම් කියලයි මට හිතෙන්නේ (ස)