ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශයේ නිලධාරියකු ලෙස කටයුතු කරමින්, සෞදියේ සිට ඇමෙරිකාව බලා පියාසර කරන මගී ගුවන් යානයක් පුපුරුවා හැරීමට සැලැසුම් කළ, යේමන අල් කයිඩා ඒජන්තවරයකු අල්ලා ගැනීමට ඇමෙරිකා ආරක්ෂක අංශ නිලධාරීහු පෙරේදා (8) සමත් වූහ. එම අල් කයිඩා ඒජන්තවරයා, සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන්ගේ විශ්වාසය දිනා ගෙන, සී.අයි.ඒ. නිලධාරියකු ලෙස වසර ගණනක් තිස්සේ සේවය කළ අයකු බව ද පැවැසේ. ඔහු සෞදියේ පිහිටි සී.අයි.ඒ. කාර්යාංශයට සම්බන්ධ නිලධාරියකු පමණක් නොව සෞදි බුද්ධි අංශ නිලධාරියෙක් ද වෙයි. අල් කයිඩා ඒජන්තවරයාගේ අනන්‍යතාව ආරක්ෂක හේතූන් මත මෙතෙක් අනාවරණය කර නැත. ඔහු සැලැසුම් කර ඇත්තේ යට කලිසමට යටින්, කලවාවල පුපුරන ද්‍රව්‍ය රඳවා ගනිමින් ඇමෙරිකන් ගුවන් යානයට ගොඩ වී, එය ඇමෙරිකාවට ළඟා වෙද්දී පුපුරුවා මහා විනාශයක් සිදු කිරීමට යැයි ඇමෙරිකා ආරක්ෂක අංශ පවසයි. ඔහු අල්ලා ගැනීමට හැකි වී ඇත්තේ සටන් කාමීන්ගේ පණිවුඩ හුවමාරුවකට කන් දීමෙන් යැයිද විදෙස් පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කරයි. මීට පෙර, 2009 වසරේ නත්තල් දා මේ අයුරින්ම කලවා ප‍්‍රදේශයේ පුපුරන ද්‍රව්‍ය දවටා ගනිමින් ඇමෙරිකන් මගී ගුවන් යානයක් පුපුරුවා හැරීමට උත්සාහ කළ නයිජීරියා ජාතික තරුණයකු අල්ලා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය. 2010 වසරේදී ද ඇමෙරිකාව බලා පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක භාණ්ඩ ප‍්‍රවාහන කුටියේ අටවා තිබූ බෝම්බයක් නිෂ්කී‍්‍රය කිරීමට ද ඇමෙරිකානු ආරක්ෂක අංශ නිලධාරීහු සමත් වූහ.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමෙරිකා ගුවන් යානයක් පුපුරුවන්න හැදූ යේමන අල් කයිඩා සාමාජිකයා අසුවෙයි