ඇමෙරිකාවත් පාකිස්තානයත් අතර පළුදු වූ මිතුදම් ශක්තිමත් කර ගැනීමේ අදහසින් ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකා හමුදා ආඥාපති ජනරාල් ජෝන් ඇලන් සහ පාකිස්තාන හමුදාපති ජනරාල් අෂ්ෆාක් කයානී අතර විශේෂ සාකච්ඡුාවක් පෙරේදා (12) පැවැත්විණි. ඇමෙරිකාව සහ පාකිස්තානය අතර මිතුදම් පළුදු වූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී, ඇමෙරිකා හමුදා නියමුවන් රහිත ඩ්‍රෝන යානාවක් යොදා ගනිමින් එල්ල කළ මිසයිල ප‍්‍රහාරයකදී පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකු මියයෑමේ සිද්ධියෙන් පසුවය. එම සිද්ධියෙන් පසුව පාකිස්තාන රජය ඇමෙරිකාව සම්බන්ධයෙන් දැඩි කි‍්‍රයා මාර්ග ගත් අතර, ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාව හරහා ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකන් හමුදාවලට භාණ්ඩ සැපැයෙන සැපැයුම් මාර්ග වසා දැමුණි. මාස 6 ක් ගතවී ඇතත් තවමත් එම සැපැයුම් මාර්ග විවෘත කර නැත. ඊට අමතරව ඇෆ්ගන් දේශසීමාව අසල පාකිස්තානයේ පිහිටුවා තිබූ ඇමෙරිකන් ගුවන් හමුදා කඳවුරක් වහා ඉවත් කර ගන්නා ලෙස ද පාකිස්තාන රජය ඇමෙරිකා හමුදාවලට දැනුම් දුන්නේය. පාකිස්තාන හමුදා සෙබළුන් මරා දැමීම සම්බන්ධයෙන් සමාව ඉල්ලන්නැයි ද පාකිස්තාන රජය ඇමෙරිකාවට බල කළේය. ඇෆ්ගනිස්තානයේ ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව ගෙන යන සටනේදී ඇමෙරිකන් සෙබළුන්ට අවශ්‍ය බඩු බාහිරාදිය ඇෆ්ගනිස්තානයට ගෙන යන්නේ පාකිස්තානයේ කරච්චි නුවර සිට පාකිස්තාන දේශසීමා හරහාය. එම නිසා එම සැපැයුම් මාර්ග විවෘත කිරීම ඉතා වැදගත් වේ. එම සැපැයුම් මාර්ග පවත්වාගෙන යෑම වෙනුවෙන් ඇමෙරිකා රජය පාකිස්තාන රජයට මුදල් ආධාර ලබා දෙයි. එහෙත් සැපැයුම් මාර්ග වසා දැමීමෙන් පසු එම ආධාර සීමා කිරීමට ද ඇමෙරිකා රජය පියවර ගත්තේය. සැපැයුම් මාර්ග විවෘත කරන්නැයි පාකිස්තාන රජයට කිසිදු ආකාරයක බලපෑමක් එල්ල නොකරන බවත්, සාකච්ඡා මාර්ගයෙන් දෙරට අතර හොඳ හිත වර්ධනය කර ගැනීමට කටයුතු කළ බවත් ඇමෙරිකා හමුදා ආඥාපති ජනරාල් ජෝන් ඇලන් ප‍්‍රකාශ කළේය. හමුදා ප‍්‍රධානීන් අතර තවත් සාකච්ඡා වටයක් ඉදිරි දින කිහිපයේදී පැවැත්වීමට ද නියමිත යැයි ඇමෙරිකාව පවසයි.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමෙරිකා - පාකිස්තාන හමුදාපතිවරුන් අතර හමුවක්
අලිබබා Monday, 14 May 2012 11:16 PM
ඔවි අහිංසක මිනිසුන්ව සමුල ඝාතනය කොරන්න, රටවල් වලට සමිබාධක පනවන්න, ආයුධ ටික විකුණා ගන්න, තෙල් ටික හොරකමි කොරන්න තමයි මේ හැම පියවරක්ම ගන්නේ. සාකචිචා මාර්ගයෙක් ගියොත් මිසක් බලපෑමි කරලා බැරිබව දැන් තේරිලා තියෙන්නේ. ඕව වැඩිකල් යන්නෑ. මෙවැනි රටවල්වලට විරුද්ධව ජාත්‍යන්තර රටවල් පෙලගැසෙන කාලය ඉතා ලගයි. පොඩි රටවල් වලින් තමයි ලොකු රටවල්වලට පාඩමි ඉගෙන ගන්න වෙන්නේ. එවිට මෙවැනි දුසිතයන්ට තමන් කොරපු පාප කර්මයන්ට මනස්ථාපනය වෙන්නටවත් කාලයක් නොමැති බව කවුරුත් දැනගනිත්වා. සත්‍යය කවදා හෝ ජයගන්නේය.එයයි සත්‍යය.