IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා යානයක යළි රණ්ඩු

එඩ්මන් ඇලෙක්සැන්ඩ්රි නමැති 61 හැවිරිදි මගියකු මියාමි සිට පැරිස් දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක කලබල කිරීම හේතුවෙන් යානය බොස්ටන් වෙත ගොඩබැස්සවිමට සිදුවූ බව ඇමෙරිකා ගුවන් සේවය පවසයි. මීට දින කිහිපයකට පෙර ද මෙලෙසම මගීන් දෙදෙනකුගේ ආරවුලක් සංසිදුවීමට ඇමෙරිකා යානයක් හදිසියේ ම ගොඩබස්වනු ලැබීය.

ප්‍රංශ ජාතිකයෙක්වු ඇලෙක්සැන්ඩ්රේ නොනවත්වාම ගුවන් යානය තුල කලබල කිරීමට පටන් ගත් හෙයින් ගුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් ඔහුව අස්වැසීමට මෙම මගියාගේ අත අල්ලා ගෙන  උත්සාහ ගෙන තිබේ. නමුත් ඇලෙක්සැන්ඩ්රේ දිගටම කෝපයෙන් කටයුතු කිරීම හේතුවෙන් ගුවන් යානයේ වෙස්වලාගෙන සිටි ෆෙඩරල් ගුවන් නිලධාරීන් විසින් කලබළ කළ ගුවන් මගියාගේ දෙඅත් වලට මාංචු දමා ඇතැයි ඇමරිකානු නීතිපති කාර්යාලය කියයි.

පසුව මෙම ගුවන් යානය බොස්ටන් වෙත හදිසියේ ගොඩබැස්වු පසු මැසචුසෙට්ස් ප්‍රාන්ත පොලිසිය විසින් ඇලෙක්සැන්ඩ්රි අත් අඩංගුවට ගෙන තිබේ.

පස්දරු පියෙකුවු ඇලෙක්සැන්ඩ්‍රි හයිටිවල දී තම පවුලේ සාමාජිකයන් බැහැදැකිමෙන් පසු නැවත සිය රටට යන අතර තුරදි මෙම ගැටළුවට ඇතිකරගෙන තිබේ. පසුව මොහුට කලක සිට වැළදි  තිබු රෝග වලට ප්‍රතිකාර කිරීටම රෝහලට ගෙන ගොස් ඇත. ෆෙඩරල් නීති නිළධාරින් පවසන්නේ මෙම මගියාට අධිරුධිර පිඩනය සහ දියවැඩියාව වැනි රෝග තිබු  බවයි.

මෙම ප්‍රතිකාර වලින් අනතුරුව ඇලෙක්සැන්ඩ්‍රේට ගුවන් කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා පැමිණවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවිය. ඇලෙක්සැන්ඩ්‍රේගේ නිතිඥයා අධිකරණයට පවසා ඇත්තේ අඩි හයක් පමණ උසැති තමසේවාදායකයාට ඉදිරිපස ආසනය දිගහැරීම හේතුවෙන් තම දෙකකුල් දිගහැරීමට අපහසුවි ඇති බවයි. ඒ හේතුවෙන් ඉදිරිපස ආසනය ඉදිරියට ගන්නා ලෙස ඉල්ලාසිටියද එම මගි කාන්තාව එසේ නොකල හෙයින් මෙම ආරවුල හටගත් බවයි. පසුව විනිශ්චයකාරයා විසින් ඇලෙක්සැන්ඩ්‍රේ පෞද්ගලික ඇප පිට මුදා හරින ලදි. නඩු විභාගය දෙසැම්බර් දක්වා කල් තැබිණි.

ඇමරිකන් ගුවන් සේවයේ ප්‍රකාශක මිචෙල් මෝහාර් පැවසුවේ අනෙක් ගුවන් මගීන් එම ගුවන් යානයෙන්ම පැරිස් දක්වා යැවු බවයි.

මෙවැනිම කලබලයක් හේතුවෙන් මීට දින කිපයකට පෙර ඇමරිකන් ගුවන් සමාගමට අයත් යානයක් හදිසියේ චිකාගෝ වලට ගොඩ බැස්වුයේය.

AA 2  AA 3 AA 5



අදහස් (0)

ඇමෙරිකා යානයක යළි රණ්ඩු

සෑම් Saturday, 30 August 2014 02:44 AM

ගිය සතියේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සිට කවුරා කියන නගරයට යාමට 80 වියැති මගියෙකු රැගෙන ගිය කුලී ගුවන් යානයේ එන්ජිම මගියා විසින් නවතා දැමීම නිසා අනතුරකට ලක් උනා. නියමුවා මගියාට පහරදීලා අඩපන කරලා ගොවි පලකට යානය බැස්සුවා. පසුව සොයා බලන විට එම මගියාත් වසර 40 කට වඩා පළපුරුදු නියමුවෙක්. ඩිමෙන්ශියා රෝගය උත්සන්න වී මේ දේ කල බවයි කියවුනේ. (අ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 31 August 2014 12:12 AM

දම්ම, කියලා වැඩක් නැහැ නේද ? (නි)

:       0       0

ධම්ම Saturday, 30 August 2014 08:23 AM

මෙයාට පහසු ආසනයක් දුන්නා නම් ඉවරයිනේ. (අ)

:       0       0

අම්පාරේ දුමිත Monday, 01 September 2014 03:14 PM

උඩුගුවනෙත් රණ්ඩු නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 10 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 10 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 4 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 4 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 306 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 244 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 774 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2166 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site