ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී විසින් ඉදිරිපත් කරන ලද සටන් විරාම යෝජනා ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට්ටුව විසින් ප්‍රතික්ෂේපකැර තිබේ.
කෙරීගේ යෝජනාවලින් ඉල්ලා ඇත්තේ හමාස් සටන්කාමීන් අතර දින 18ක සටන් විරාමයක් ඇතිකරන ලෙසිනි. මේ වනවිට පලස්තීනුවන් 800ක් හා ඊශ්‍රායල ජාතිකයන් 36 දෙනකු ගැටුම් ආරම්භයේ සිට මියගොස් ඇතැයි පැවසේ.
හමාස් සංවිධානය තවමත් යෝජිත සටන් විරාමයට ප්‍රතිචාර දක්වා නොමැත. එම සංවිධානයේ නායකයා පවසා ඇත්තේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ අවහිර කිරීම් අවසන්කරන තුරු මේ කිසිදු සටන් විරාමයකට තමන් එකඟ නොවන බවයි.
විදෙස් වාර්තා පවසන්නේ දරුවෙක් බිහිකළ මවක්ද ගුවන් ප්‍රහාර වලින් මියගිය බවයි.
ඊශ්‍රායලය සිකුරාදා සිට ගුවන් ප්‍රහාර වැඩි කර තිබේ. ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව පවසන්නේ ඔවුන් විසින් ජිහාඩ් ඉස්ලාම් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් මරා දැමු බවයි.
අයන් ඩෝම් ආරක්ෂක වැඩ පිළිවෙල හේතුවෙන් හමාස් රොකට් ප්‍රහාර මැඩ පැවැත්වීමට හැකි වූ බව ද ඔවුහු කියති. ජූලි අට වැනිදා ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර ආරම්භ කළ පසු ඊශ්‍රාලයට ඇතුලුවීමට සටන් කාමින් හාරා ඇති උමං විනාශ කිරිමට ද කටයුතු කැර ඇත.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමෙරිකා සටන් විරාම තැත වරදී
සිරී Saturday, 26 July 2014 10:09 AM
රත්නායක පලස්තීනුවන් ඉල්ලා සිටිනේ තමන්ට එරෙහිව ඊශ්‍රායලය විසින් පනවා ඇති සම්බාදක ඉවත්කරන්න ලෙසයි. ඊශ්‍රායලය තමන්ට හිතන හිතන වෙලාවට පලස්තීනුවන්ගේ ගෙවල් ඩෝසර් කරනවා. ඒ මදිවට පලස්තිනෙය් පාරවල් ,අහස , මුහුද ඔක්කොම පාලනය කරන්නේ ඊශ්‍රායලයියි. තමන්ට ඕන දේවල් පිටරටවල් වලින් ගේන්න ගැනීමට පවා පලස්තීනුවන්ට බැරිවී තිබේ. ඒ නිසා ඔවුන් කැමති නැහැ තමන්ගේ මේ ඉල්ලීම් ඉටු නොවී සටන් විරාමයකට යනවට (නදී)
මිළය Saturday, 26 July 2014 10:18 AM
රත්නායක ඔයාට ඉතිහාසය දන්නේ නැහැ. (නදී)
මහී Saturday, 26 July 2014 01:22 PM
මම ඊශ්‍රායලයට ආදරෙයි (නදී)
සිල්වා Monday, 28 July 2014 03:51 PM
මමත් ඊශ්‍රායලයට ආදරෙයි. අපි ඊශ්‍රායලයට වෙනුවෙන් යුද්ද කරන්නත් කැමති (දී)
නුවන් Saturday, 26 July 2014 06:11 AM
ඇමරිකාව අනුන්ගේ කුණු හොයා හොයා යනකොට තමුන්ගේ රට ඇතුලින් විනාශ වෙනවා පේන්නේ නැහැ (නදී)
රත්නායක Saturday, 26 July 2014 07:56 AM
ඊශ්‍රායලය මිනිස්සුන්ට ජීවත් වීමට ඇති එකම රට. ඒ අය මොන විදිහෙන් හරි රැකගත යුතුයි. පලස්තීන මිනිස්සුන්ට මෙය විසදා ගත හැකි මාර්ග තිබුනත් මුස්ලිම් මිනිස්සුන්ට ඕන වෙලා තියෙන්නේ මුළු රටම අල්ල ගන්න. මම නම් හිතන්නේ ඒක ලේසියෙන් කරන්න පුළුවන් කියලා. (නදී)