ඇමෙරිකා ජනාපධිති ජෝ බයිඩන් රජය, යුක්රේනයට ලබා දීමට සූදානම් වන හදිසි මුදල් ආධාර පැකේජය, එරට පාරිලිමේන්තුවේදී (කොංග්රස් මණ්ඩලය) සම්මත නොවීම සම්බන්ධයෙන්, රුසියන් පාරිලිමේන්තුව (ක්‍රෙම්ලීනයේ) සතුට පළ කර තිබේ.
බයිඩන් රජය, කොංග්රස් මණ්ඩලයට ඉදිරිපත් කර කිබුණේ, රුසියන් ආක්‍රමණය හමුවේ පීඩාවට පත් යුක්රේනයටත්, හමාස් සංවිධානය සමඟ යුද වදින ඊශ්‍රායලයටත් හදිසි ආධාර පැකේජයක් ලෙස ඇමෙරිකන් ඩොලර් බිලියන 106 ක මුදලක් ලබා දීමටය.
එම යෝජනාවට අදාල පනත් කෙටුම්පත කොංග්රස් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සියලු දෙනා ඊට විරෝධය දැක්වීය. කොංග්රස් මණ්ඩලයේ බහුතරය ඇත්තේ, බයිඩන්ගේ ඩිමොක්‍රටික්වරුන් සතුව නොව, ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සතුවය. රිපබ්ලිකන්වරුන් පනතට විරෝධය දැක්වූයේ දිනෙන් දින මෙක්සිකෝව හරහා ඇමෙරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන් මර්දනය කිරීමට බයිඩන් පරිපාලනය අපොහාසත් වී ඇති බව පෙන්වා දෙමිනි.
රිපබ්ලිකන්වරුන් ඉල්ලා ඇත්තේ ඇමෙරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු බවය.
යුක්රේනයට ලබා දීමට සූදානම් එම මුදල් ආධාර නැවැත්වීමට කොංග්‍රසය ගත් තීරණයෙන් පෙනී යන්නේ, කොංග්රස් සාමාජිකයන් අතර නිවැරදි තීන්දු තිරණ ගැනීමට හැකි ඇමෙරිකානුවන් සිටින බව යැයි රුසියන් පාරිලිමේන්තුව හෙවත් ක්‍රෙම්ලීනය වෙනුවෙන් එහි ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් මාධ්‍ය හමුවකදී පවසා තිබේ.
(ඒ.එෆ්.පී.)
ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි
හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු
ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරය අතහැර, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය ජාත්‍යන්තර අපරාධ අ
බටහිර තරුණියන්ගේ පමණක් නොව, මෙරට තරුණියන්ගේ ද හදවත් සොරාගත්, ’වන් ඩිරෙක්ෂන්’ One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයකු ද වන පොප් ගායක ලියෑම් පේන් දිවියෙන්
ඊශ්‍රායල ලෙබනන යුද ගැටුම් හේතුවෙන්, ලෙබනනයේ කුඩා දරුවන් ලක්ෂ 4 කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ගෙවී ගිය සතියක කාලයේ, උතුරු කොරියානුවන් මිලියන 1.4 ක් එරට හමුදාවට එක් වී ඇතැයි දකුණු කොරියාවු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඇමෙරිකන් කොංග්‍රසයට ක්‍රෙම්ලීනයේ පැසැසුම්